අරුණි ශපීරෝ‍ වෙතින්

යුදෙව්වන් යෙදෙන්නේ හිට්ලර් වැනි ෆැසිස්ට්වාදයක ද?

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 9, 2014

ඊශ්‍රායෙල්-ගාසා ගැටුම් දිගටම ඇවිලෙයි. ඒ අස්සේ තුර්කි මායිම අසලබඩ මවුන්ට් සින්ජාර් හි කොටු වූ 300 ක් යසීඩි ඇතුළු තවත් සුළු ජාතිකයන් ඉස්ලාම් වැළඳ නොගත්තොත් ඝාතනය කරනවා යැයි ඉස්ලාමීය දේශයක් හදන්නට සැරසෙන ත්‍රස්තවාදීන් තර්ජනය කරති. ලෙබනනයේ පළ වූ The Daily Star වාර්තාවට අනුව ඊශ්‍රායෙල් මෙහෙයවන ගාසා ප්‍රහාර “හිට්ලර්-වැනි ෆැසිස්ට්වාදයකට” සමාන කරන්නේ තුර්කියේ අගමැති (හෙට අනිද්දා ජනාධිපති වෙන) රිජෙප් තයියිප් අර්දොවන් ය. ඉස්ලාමීය දේශයක් හදන්නට යන ත්‍රස්තවාදීන් තමන්ගේම මායිම අසලබඩ ඔවුන්ගෙ පාඩුවේ ජීවත්වන සුළු ජාතිකයන්ව ආගමට හරවා ගැනීමේ තර්ජනයෙන් කරන ඝාතනය ගැන ඔහු මෙසේ කියයි:

කිසිවෙක් අපේක්ෂා කළ යුතු නැහැ මම ISIS කුලප්පු කරාවි කියල.

ෆැසිස්ට්වාදය කුමක්දැයි නොදැන එය හෙළා දකින්නේ කොහොම ද? හිට්ලර් රතු සහෝදරයන්ව පළවා හරින්නට කටයුතු කළ නිසා මාක්ස්වාදය නොදැන එයට කැමති අය තවමත් පැටලී ඉන්නේ ෆැසිස්ට්වාදය යනු ධනේශ්වර ක්‍රමයක් කියායි. ඉතින් එවැනි මාක්ස්වාදීන්ට මේ දිනවල හිට්ලර් පමණක් මතක් වෙති.

තවත් පිරිසක් ඉස්ලාමීය දේශය හදන්නට යද්දී අවතැන් වූවන්ට බරක් ඔබාමා මගේ බදු මුදලින් සහනාධාර සැපයීම ඉතා අගයති!!!! අනුන්ගේ මුදල් වලින් තවත් අයට තෑගි දීම ගැන පරිගණක යතුරු පුවරු කොටමින් අගයත හැකි තරම් වෙනත් උතුම් පුන්‍ය කටයුත්තක් මොවුන් දන්නේ නැත!!!!!

තවත් පිරිසක් මේ අස්සේ ඊශ්‍රායෙලයට බැන වදින ගමන් සියළු මුස්ලිම් ලෝකවාසීන්ට පොදු හතුරා ලේබලය අලවන්නට ද නොමඳව වෙහෙසෙති.

ලොව දුර්වලම හමුදාව ඇති ඉරාකයට සහ අරාජික තත්වයකට පත් සිරියාවට බලහත්කාරයෙන් වැදී අනතුරුව යුද හමුදා නැති සුළු ජාතික කොටස් ඝාතනය කරන 7,000 -20,000 සමන්විත වූව මහා බලවේගයක් හැටියට පෙන්වන්නට යද්දී, ලොව 15 වැනි තැනේ ඉන්නා 2013 දී ඩොලර් බිලියන 18.2 ක් වැයෙන් ක්‍රියාශීලී 662.719 කින් සමන්විත තුර්කි හමුදාව නිහඬව තබාගැනීම කරන අර්දොවන් කෙතරම් ආචාර ධාර්මික ද?

මෙහෙමත් අනාගැනිලි ඇත්තේ, දැනුම ලබන්නට මොහොතෙන් මොහොත නව තොරතුරු එකතු වෙන විකිපීඩියාව භාවිතා නොකර, වසර විසි තිස් ගණන් පරණ ඉතිහාස පොත් හැදෑරීම විධිමත් අධ්‍යාපනය යැයි කියාගත් නිසාදැයි සිතේ!!!!

හදිසි ආධාර බෙදන්නට කියා ඔබාමා ආණ්ඩුව යළි ඉරකායට ඇතුල් වූයේ ඊ ළඟට අත්‍යාවශ්‍ය පහරදීම් සඳහාත් අවසරයක් තමන්ටම සම්මත කරගෙනයි.

කෝ ගාසා ගැන හඬා වැලපුන එක්සත් ජාතීන්ගේ ක්‍රිස් ගනන්?!!!!

එක්සත් ජාතීන් ඉස්ලාමීය දේශයේ ත්‍රස්තවාදී ක්‍රියාවන් තරයේ හෙළා දකින බවට නිවේදනයක් නිකුත් කරනවා. ත්‍රස්තවාදීන් බයවෙලා ඇති. අනික, යුද්ධෙ ඉවර වෙන්න එපැයි යුද අපරාධ විමර්ශනය කරන්න.

ඊශ්‍රායෙල් ආණ්ඩුව විසින් අහසින් කරන පහර දීම් වලට කළින් ගාසා වැසියන් දැනුවත් කරන්න ඕනෑ. ඒක ජාතීන්ගේ එකතුවෙ නියමයක් අනුව පටන් ගෙන දැන් එක්සත් ජාතීන්ගේ නීතියක්. එම නීතිය කඩ කළොත් එවිට ඊශ්‍රායෙල් යුද අපරාධ කළා යැයි සැලකේ.

තම රටේ වැසියන් ඝාතනයට එන උමං හමුවෙද්දී කළින් දැනුම් දීලා බෝම්බ හෙළීම සහ තමන්ගෙ ආගමට හැරැනෙ නැත්නම් ඝාතනය කරනවා යැයි දැනුම් දීම අතර වෙනස දන්නේ කවුද?

පත්‍රිකා මඟින් සහ දුරකතන ඇමතුම් වලින් අනතුරු අඟවනවාට අමතරව ගාසා එයාර් ස්ට්‍රයික් සඳහා වූ මොබයිල් ඇප් එකක් iRon Dome -Israel Rocket Alerts නමින් ඇත. මෙය 19 හැවිරිදි ටෙල් අවිව් හි ඉපිද ජර්මනියේ වසන Arik Sosman ගේ නිර්මාණයකි. එය ලොව පුරා යුදෙව්වන් සහ යුදෙව් හිතවාදීන් විසින් ඊශ්‍රායෙල් පහර දීම් කොපමණක් සිද්ධ වෙනවාදැයි දැනගන්නට භාවිතා කරති.

නමුත් ගාසා හි වැසියන්ට හැංගෙන්නට තැනක් ගාසා හි නැත. ගාසා වලින් නීත්‍යානුකූලව පිටවෙන්නට හැකි නිල මායිම් ඇත්තේ ඊශ්‍රායෙල් සහ ඊජිප්තුව යන රටවල. ඒ මායිම් පාලන කටයුතු වලට මැදිහත් වීමට ගාසාවට ඉඩ නොලැබේ. 2006 දී හමාස් ගාසා හි බලයට පත්වීමත් සමඟ මානුෂීය හේතු සහ වෛද්‍ය ප්‍රතිකාර හැරෙන්නට වෙන කිසිවක් සඳහා මායිමෙන් පිටවෙන්නට ගාසා වැසියන්ට ඊශ්‍රායෙල් ඉඩ නොදේ.

වර්තමාන සටන් පටන් ගනිද්දී විදේශ ගමන් බලපත් සතු සිය ගණනකට එතැනින් පිටවී යන්නට ඊශ්‍රායෙල් ඉඩ දුනි. ඊශ්‍රායෙල් දේශයට ඇතුල් වන්නේ කවුදැයි තීරණයට හමාස් සංවිධානයට කිසිත් බලයක් නැත. හමාස්ට හැකියාව ඇත්තේ ගාසා මායිමේ ඔවුන්ගේ පැත්තේ අයව ආපහු හරවා යන්නට පමණි. පසුගිය ජුලි 15 දා ගාසා පැත්තෙන් මායිම හමාස් විසින් වසා දමන ලදි. එදා බෝම්බ කිසිවක් ඇද වැටුනේ නැතත් ඔවුන් කියා සිටියේ “ඊශ්‍රායෙල් ෂෙල් පහර දෙන නිසා” මායිම වසා ඇති බවයි.

ඊජිප්තුව පැත්තෙන් ඇති රාෆා යනු ගාසා මායිමෙන් පිටවිය හැකි තවත් ස්ථානයකි. මොහමඩ් මෝර්සි පරාජයෙන් පසුව ජනතාව සහ බඩු ප්‍රවාහනය යන දෙකටම නොහැකි වන සේ නව ඊජිප්තු රජය මායිම වසා දැමූහ.

ගාසා වැසියන්ට වතුරෙන් පළා යා නොහැකියි. නාවුක මයිල 6 කට වඩා ඈතකට පලස්තීන බෝට්ටු වලට යෑම තහනම් කර ඇත්තේ ඊශ්‍රාලයයි. 2010 දී තුර්කියෙන් නැව් හයක් පුරවා සහනාධාර එද්දී මුහුදු තීරයට ඇතුල් වෙන්නට ඉඩ නුදුන්නේ ඊශ්‍රායෙල් විසිනි.

1998 දී යස අර්ෆට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත වූවත්, ඊශ්‍රායෙල් විසින් 2000 දී එය වසා දැමූහ. අද එය පරිහානියට පත් වූවකි.

(ඉහත සමහරතොරතුරු මෙම ඉංග්‍රීසි ලිපියෙන්.)

ඉතින් ඇමෙරිකාවේ රොන් පෝල් පමණක්ම ලොව තනිවම, නොබියව, අපක්ෂපාතීව ඊශ්‍රායෙල්-ගාසා අර්බූදය ගැන අදහස් ප්‍රකාශ කරයි.

ඔහුගේ පහත විඩියෝව ඇමෙරිකන් සමාජය ඉලක්ක කරගත්තකි. ඒ නිසා, ඊශ්‍රායෙල් දේශයට තම ආරක්ෂාව සලසා ගැනීමට අයිතියක් ඇතැයි ඔහු තරයේ විශ්වාස කරන බව කිය යුතු නොවේ.

නමුත්, ඉස්ලාමීය දේශයක් හදන්නට යන අයට ඇමෙරිකන් ආයුධ සිරියාව පැත්තෙන් ලැබුනා සේ, ඊශ්‍රායෙල් විසින් ගාසා හි හළන ලේ ගැන ඇමෙරිකාව ද යම් දුරකට ආචාර ධාර්මික වගකීමක් ගත යුතු බව ඔහු පමණක්ම මේ දිනවල තනි හඬක් නඟයි.

පලස්තීනයෙන් ලක්ෂ ගණනක් රොකට් ප්‍රහාර එල්ල වුවත් ඒවායෙන් ඊශ්‍රායෙල් දේශයට දැඩි හානියක් නැත. ඒ ඊශ්‍රායෙල් හමුදා තම වැසියන් ඒවා වැටෙන පැති වලින් අහක් කරන ලද හෙයිනි.

ඉතින් පලස්තීන වැසියන්ට ඔවුන්ගේ ආරක්ෂාවට අයිතියක් නැත්දැයි නොබියව විමසන එකම ඇමෙරිකන් දේශපාලනඥයා රොන් පෝල් ය.

තම රටේ ආරක්ෂාව පිණිස ගාසා යළිත් අධිවාසයට? (occupy) ගන්න අවශ්‍ය යැයි බෙන්ජමින් නතන්යාහු කියයි. ඉතින්, ගාසා වැසියන්ට ඔවුන්ගේම මැද්දේ ගෙනැත් සඟවන මිසයිල වලින් ආරක්ෂා කරන්නට ඉන්නේ යුදෙව්වන් පමණක් දැයි ගැටළුවක් දැන් ඇතිවේ.

අපේ බදු මුදල් මහත් ප්‍රමාණයක් ඊශ්‍රාලයට යවන්නේ අපේ කැමැත්ත අකමැත්ත විමසන්නේ නැතිවයි. මෙහි දී රොන් පෝල් ඉදිරිපත් කරන ආචාර ධාර්මික කාරණය ඉතා වැදගත්. ඇමෙරිකාවේ වාසය කරන පලස්තීන හිතවාදියාගෙන් උදුරා ගන්නා බදු මුදල් ද යැවෙන්නේ වැඩියෙන් ඊශ්‍රාලයට.

කළු සුදු කියා දෙකක් නැහැ ඇත්තේ අළු පාටයි යැයි කියා ගන්නා අයට මේ අවුල් තෝරා බේරාගන්නට නොහැකියි.

ඊශ්‍රාලයට උදව් සැපයීම ආණ්ඩුව මාර්ගයෙන් නොව පුරවැසියන් අතරින් ලැබිය යුතුයි. එය කළ හැක්කේ ආණ්ඩුව මාර්ගයෙන් වෙන රටවල් වලට මුදල් තෑගි කිරීම නවතා දැමීමෙනි. ඊශ්‍රාලයටත් පලස්තීනයටත් දෙකටම තෑගි දෙන මුදල් නැවතීමෙනි.

ඉස්ලාමීය දේශයක් හදන්නට කියා කරන මිනිස් ඝාතනය නැවතීම ඇමෙරිකාව ජනතාවගේ බදු මුදල් කොල්ලයෙන් කළ යුත්තක් ද නොවේ. එය ඉස්ලාමීය ජනතාව විසින් ප්‍රමුඛත්වය ගෙන ධනකුවේරයන් වාසය කරන අරාබි රටවල් වලින් සහ ඉස්ලාමීය දේශයකට අකැමති මුස්ලිම් ජනතාව ඇතුළු සියළු ලෝක වාසීන්ගේ වෙහෙසින් හා ධනයෙන් දියත් විය යුතු වෑයමකි.

Advertisements

5 Responses

Subscribe to comments with RSS.

  1. Theekshana Nuwan said, on අගෝස්තු 11, 2014 at 9:19 පෙ.ව.

    //තම රටේ වැසියන් ඝාතනයට එන උමං හමුවෙද්දී කළින් දැනුම් දීලා බෝම්බ හෙළීම සහ තමන්ගෙ ආගමට හැරැනෙ නැත්නම් ඝාතනය කරනවා යැයි දැනුම් දීම අතර වෙනස දන්නේ කවුද?ලොකය පුරා ත්‍රස්තවාදය වපුරන මුසල්මනුවන් ගෑන පේන්නෑ කාටවත්// .ලොකය පුරා ත්‍රස්තවාදය වපුරන මුසල්මනුවන් ගෑන පේන්නෑ කාටවත් .:(

    • arunishapiro said, on අගෝස්තු 12, 2014 at 7:25 ප.ව.

      Theekshana Nuwan,

      // ..// උපුටා දැක්වීම සඳහා පාවිච්චි කරන්නේ නම්, තම මතය ද එකතු කර උපුටනයක් ලෙස පෙන්විය නොහැකියි.

      ලංකාවේ බොදු බල සේනාව සහ මියන්මාරයේ 969 සංවිධානය අනුමත නොකරනවා සේ අනුමත නොකළ යුත්තේ ඇල් කයිඩා සහ කලීෆා දේශය හදන්නට යන වැනි ත්‍රස්තවාදී සංවිධාන.

      එදා යසර් අර්ෆට් කරපු විගඩම් වලට සියලු පලස්තීන වැසියන් දායක නැහැ. අද හමාස් කරන විගඩම් වලට සියලු පලස්තීන වැසියන් දායක නැහැ. බොදු බල සේනාව කරන විගඩම් වලට සියලු බෞද්ධයන් දායක නැහැ. බොදුබල සේනාවට බයේ කිසිත් නොකියන අය ලංකාව වැනි රටක ඉන්නවා නම් පවුල් පිටින් මරා දමන PLO සහ හමාස් ත්‍රස්තවාදීන්ට බය අය ඒ රටවල ද සිටිනවා යන්න පිළිගන්නට ඕනෑ.

      සියලු මුස්ලිම් අය ලෝකය පුරා තස්ත්‍රවාදය වපුරනවා යැයි කීම ඒ නිසා වැරදියි.

      එහෙම වැරදියට හිතන්න පුරුදු වුනාම යම් පිරිසක් අන්තවාදී නිසා ඒ ආගම විතරක් නෙමෙයි සියලු ආගම් අබින් කියන හැදියාවෙන් ආගම් එපා කියල ඒත් තමන්ව පාලනය කරන්න රාජ්‍ය නායකයන් හොයන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ.

  2. Theekshana Nuwan said, on අගෝස්තු 17, 2014 at 8:55 පෙ.ව.

    අහ් සමාවෙන්න අරුනි අක්ක // ..// අතරට මට වෑරදිල මම කියන්න ගිය 1ත් දාල


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: