හොලිවුඩ් යුදෙව්වන්
ස්ටාර් ට්‍රෙක් දෙවැනි පරම්පරාවට එකතුවෙන ගයිනන් චරිතය වූපි ගෝල්ඩ්බර්ග් රඟපාන්නකි. ඇය කුඩා කාලයේ දී නිතර පඩින්න සමත් වූ නිසා, “වූපි කුශන්” යන නම ‘සුරතල් නම’ ඇයට ලැබී තිබුණි. කැරින් එලේන් ජොන්සන් වූ ඇය සිනමාව සඳහා මුල් නම වූපි යන්නත් වාසගම හැටියට ගෝල්ඩ්බර්ග් යන්නත් යොදාගන්නේ එහි යුදෙව් බව වැඩියෙන් ඇතැයි කියායි. තමා කතෝලික සහ යුදෙව් පරම්පරා වලින් පැවත එනවා යැයි වූපි ගෝඩ්ල්බර්ග් කිව්වත්, ඇය යුදෙව් කියා වර්තමානයේ දී කිසිවෙක් පිළිගන්නවාදැයි සැකයි.
වේදිකාව උදෙසා නම වෙනස් කරගත්තවුන් ලොව බොහොමයකි. දිවි ගලවා ගැනීම උදෙසා නම වෙනස් කරගත්තවුන් ලොව බොහොමය යුදෙව්වන් වෙති.
1928 දී ලැට්වියාවෙන් ජර්මනියේ බර්ලින් නගරයට පැමිණෙන අලුත බැඳපු ජෝඩුවක් සිංදු කියා ප්‍රසිද්ධ වෙන්නට අදිටන් කළහ. ජේකොබ් ලෙවින්සන් ඔපෙරා ගායකයෙක් වීමට යාෂා ලෙන්සන් යැයි නම වෙනස් කළේය. එහෙත් ඔහු යුදෙව්වෙක් බව හෙළිවීම නිසා ඔහුට රස්සාව අහිමි විය.
1934 දී ජේකොබ් සහ පෝලීන් තම මාස හයේ දියණියව ඡායාරූපයක් ගැනීමට රැගෙන ගියහ. එම ඡායාරූප ශිල්පියා නාට්සීන්ට හොඳ පාඩමක් උගන්වන්නම් කියා නාට්සි ප්‍රොපගැන්ඩා සඳහා ජර්මන් දරුවන්ගේ පින්තූර එවන්න යැයි ඉල්ලීමකට, මේ දෙදෙනාගේ මාස හයේ පියකරු දැරියගේ පින්තූරය යවන ලදි. ආර්ය ජාතියේ පිරිපුන් උදාහරණය පිළිබිඹු කරන්නට නාට්සි සඟරාව තෝරා ගන්නේ යුදෙව් දැරියගේ පින්තූරයයි!!
ඇමෙරිකන් රූපවාහිනි සහ සිනමා කර්මාන්තයේ සේවය කරන සංඛ්‍යාව මිලියන 2.5 ක් පමණ වේ. ඔවුනට වාර්ෂිකව ගෙවන මුළු ආදායම ඩොලර් බිලියන 140 ක් පමණ එනම් ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය (GDP) හා සමානයි. ඉතින් ඒ කාරණය හේතුවෙන් යුදෙව්වන්ට වැඩි බලයක් මේ කර්මාන්තයේ දී ලැබෙනවා ද යන්න නිරතුරුව විවාදයට තුඩු වූවකි.
වේදිකාවේ පමණක් නොව ඇශ්කෙනාසි යුදෙව් සම්භවයෙන් එන ශපීරෝ නම ඇති අයත් හැම අංශයකින්ම දස්කම් පෙන්වති!!!! ඉතින්, යුදෙව්වන් දක්ෂ කුමන අංශයටදැයි කීම පහසු නොවන්නකි.
ලෝකයේ ජනගහණයෙන් 0.2% ක් පමණකින් මුළු යුදෙව් ජනගහණය සමන්විතයි. එහෙත් ඔව්හු සෑම අංශයකින්ම පාහේ නොබෙල් තෑගි දිනාගනිති. මේ නිසා හොලිවුඩ් හි ‘යුදෙව් බයස් එකක්’ ඇතැයි කියන්නා සේ යුදෙව්වන්ට වැඩියෙන් නොබෙල් තෑගි ප්රදානය කරන හැදියාවක් ඇතැයි නොබෙල් පදනමට විරෝධතා එල්ල වේ.
ඇල්ෆ්‍රඩ් නොබෙල් යුදෙව්වෙක් යැයි දක්වන කාඩ් පතක් බර්ලිනයේ හොලොකොස්ට් කෞතුකාගාරයේ ඇතැයි කියැවේ. එහෙත් ඒ සඳහන නිසා පමණින්, (ඔහු යුදෙව් යැයි කියැවෙන එකම තැන එම කාඩ්පත පමණි) නොබෙල් නිර්මාතෘවරයා යුදෙව් යැයි කිව නොහැකියි. ජෙකොබ් සහ පෝලීන්ගේ දියණිය ජර්මන් ආර්ය බිළින්ඳෙක් ලෙසට නාට්සි සඟරාවක මුල් පිටුවක් සැරසුවා සේ ම ඇල්ෆ්‍රඩ් නොබෙල් යුදෙව් යැයි ඔවුන්ට වැරදුනා විය හැකියි!!!
සංවිධාන සහ කමිටු විසින් තීරණය කරන නොබෙල් තෑගි පැත්තකට දැමුවත්, ක්‍රීඩා ලෝකයේ දස්කම් ජය පරාජයෙන් මිසෙක කමිටු හා සංවිධාන වලින් තීරණය කෙරෙන ඒවා නොවෙයි.
Chariots of Fire (1981) අනගි සිනමා කෘතියට පාදක වෙන හැරල්ඩ් ඒබ්රහැම්ස් සිට වර්තමානය දක්වා විවිධ ක්‍රීඩාවන්හි ඉහළ තලයක තරඟ කරන යුදෙව්වන් ලොව බොහොමයකි.
අවුල් ලිහා ගන්නට කැමති අය දැනගත යුතු පසුබිම් තොරතුරු රුසකි. ඒවා සිංහලෙන් කියවන්නාට දැනගන්නට වෙනත් තැනක් නොමැති නිසා, හොලිවුඩ් යුදෙව්වන් ගැන එක සටහනකින් ලියා අවසන් කළ නොහැකි බව මට වැටහිණ. 😦 ඉතින් මේ ගැන තව සටහනක් දෙකක් බලාපොරොත්තු වෙන්න.
[…] හොලිවුඩ් යුදෙව්වන් […]
ඉතාම වැදගත් ඔබේ ඊ ළඟ ලිපිත් බලන්න අපි ආශාවෙන් ඉන්නවා