අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකන් දේශපාලනයේ යුදෙව් නැඹුරුව

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 15, 2014

හොලිවුඩ් දේශපාලනය ගැන කතාබහට පෙර ඇමෙරිකන් දේශපාලනයේ යුදෙව් නැඹුරුව ගැන දැනුමක් අවශ්‍යයයි. ඇමෙරිකන් යුදෙව්වන්ට මැද පෙරදිග සබඳතාවන් හි දී ඇමෙරිකාවේ භූමිකාව කෙසේදැයි මෙන්ම ඇමෙරිකාව සහ ඊශ්‍රායෙල් අතර සබඳතාවය කෙසේදැයි යන්නත් විශේෂයෙන් වැදගත් වූවකි.

මැද පෙරදිග ගැටුම් වල දී ඇමෙරිකාව කුමක් කරන්නේ දැයි මෙන්ම ඇමෙරිකන් යුදෙව්වන් සැලකිල්ලට ගන්නේ යුදෙව් නොවන අය තමන්ගේ භූමිකාව කෙසේ දකින්නේ දැයි යන්නත් ය. ඒ නිසා රටේ දේශපාලන නායකයන් කුමක් කරන්නේ ද කියා විමසීමේ දී රටේ යුදෙව් දේශපාලන නායකයන් කුමක් කරන්නේ ද කියා අමතර විමසීමක් ද සිද්ධ වේ.

ඇමෙරිකන් දේශපාලනයේ යුදෙව් නියෝජනය, ඇමෙරිකන් නිදහස් අරගලයට මුල්‍යාධාර සැපයූ හයිම් සොලමන් වැනි අය වෙතින් රට ආරම්භයේ පටන් පැවත එන්නකි. ෆ්ලෝරන්ස් ප්‍රාග් කාන් 1925 සිට 1937 දක්වා නියෝජිත සභාවේ (House) නියෝජිතයෙක් වූයේ ෆෙඩරල් මට්ටමෙන් පත් වූ ප්‍රථම යුදෙව් කාන්තාව හැටියට.

ඒත් වසර සියයකට පෙර පටන් වර්තමානය දක්වා අනෙක් ක්ෂේත්‍ර වල දී මෙන් සෙසු මහා ජනගහණයට සාපේක්ෂ්ව යුදෙව්වන් සිටියේ සුළු ජනගහණයක් වශයෙන් වුවත්, ඔවුන් වැඩියෙන් දස්කම් පා ඉහළ තලයක කැපී පෙනෙන ගතිය දේශපාලනයේ හෝ මහජන සේවයේ යෙදෙන යුදෙව්වන් අතරින් වැඩි වශයෙන් දකින්නට නොලැබුණි.

ජෝ ලිබර්මන් යුදෙව්වා 2000 වසරේ දී ඇල් ගෝර් සමඟ රටේ උප ජනාධිපති පුටුවට තරඟ කළේය. නියෝජිත සභාවේ බහුතර පක්ෂයේ නායකයා ලෙසින් කොංග්‍රසයේ යුදෙව්වෙකුට ලැබි ඉහළම තනතුරට පත් වූ ද, ඔබාමා ආණ්ඩුවේ යුදෙව් රිපබ්ලිකන් පක්ෂ නියෝජිතයෙක්ව සිටි, එරික් කැන්ටර් මෑතක දී මුල් නිලවරණයේ දී පරාජයට පත් වූ නිසා මැතිවරණයට පෙර ඔහුට ඉල්ලා අස්වෙන්නට සිද්ධ විය.

සමාජයට වගකිව යුතු සාමාජිකයෙක් ලෙසින් ජීවත්වීම යුදෙව් ආගමේ නිර්දේශයකි. මුල් කාලීන ඇමෙරිකාවේ බහුතරයක් වගකීමෙන් ජීවිතය ගෙවන පුද්ගලයන් යැයි සැලකුවේ ඒ ඒ පුද්ගලයා තම තම වගකීමෙන් සමාජයේ ජීවත්වෙනවා නම් ය. වර්තමානයේ දී ඇමෙරිකන් බහුතරයක් පමණක් නොව ලොව බහුතරය ද, වගකීමෙන් ජීවත්වෙන අය හැටියට සලකන්නේ ඒ ඒ තැනැත්තා කොතරම් ‘සමාජ සේවයක්’ කරනවා ද යන්න අනුවයි. ඉතින්, අද සමාජ ක්‍රියාකාරියා (community activist) යන්න වෘත්තියක් බවට පත් වී ඇත!!!

1930 ගණන් වල දී ෆ්‍රෑන්ක්ලින් රූසවෙල්ට්ගේ නිව් ඩීල් ප්‍රතිපත්ති වලින් යුදෙව්වන්ට දේශපාලන වශයෙන් බලවත් වෙන්නට අවස්ථාවක් ප්‍රථම වතාවට පෑදුණි. සමාජ ආයතන වලට සහ හාවඩ්, කොලොම්බියා, ඩාට්මත් හා ප්‍රින්ස්ටන් වැනි එලීටිස්ට් විශ්ව විද්‍යාල වලට වැඩියෙන් ඇතුල් වන්නට හැකි සේ රටේ නීති සැකසුණි.

ඉතින් පුදුමයක් ද, 1930 ගණන් පටන්, පළාත්, ප්‍රාන්ත හා ෆෙඩරල් මැතිවරණ සියල්ලේ දී ම ඇමෙරිකාවේ යුදෙව් ජනගහණය වැඩියෙන්ම චන්දය දෙන්නේ ඩෙමොක්‍රැටික් පක්ෂයට. ඇමෙරිකන් යුදෙව් ජනගහණය ජනාධිපතිවරණයන් හි දී වැඩියෙන් චන්දය ප්‍රකාශ කර ඇත්තේ ද ඩෙමොක්‍රැටික් පක්ෂයටයි. ඇමෙරිකාවේ යුදෙව් දේශපාලනඥයන් සියල්ලන්ම වාගේ ඩෙමොක්‍රැටික් පක්ෂයේ අය වීම ඒ නිසා පුදුමයට කාරණාවක් නොවේ.

ග්‍රවුචෝ මාක්ස් නම් යුදෙව් විකට නළුවා “මම ඉල්ලා අස්වෙනවා, මට සාමාජිකත්වය දෙන ක්ලබ් එකකට බැඳෙන්නට මට උවමනාවක් නැහැ,” යන විහිළුව හැදුවේ ඒ නිසාදැයි සිතේ!!!!

බෙදන්න දන්නවා යැයි කියාගන්නා පිරිසකට බෙදන බලය ලැබෙද්දී, බෙදන්න දන්නවා යැයි කියාගන්නා පිරිසට අයත් වෙන්නට දැඩි තරඟයක් ඇති වේ. ඩෙමොක්‍රැටික් පක්ෂය හා තරඟයට රිපබ්ලිකන් පක්ෂය ද 1930 ගණන් වලින් පසුව බෙදන පිළිවෙත් සඳහා වැඩි වැඩියෙන් සහාය දුන්නේ නැත්නම් මැතිවරණ ජයගන්නට නොහැකි නිසයි.

රිපබ්ලිකන් පක්ෂයෙන් පත් වී, රටේ ඉහළම මහජන සේවයේ තනතුරක සිටි යුදෙව්වා වූ එරික් කැන්ටර්ට මුල් නිලවරණය අහිමි වූයේ ඩෙමොක්‍රැටික් නියෝජිතයෙක් නිසා නොවේ. බෙදන්නට දන්නවා කියාගත්, වෝල් වීදියට විශේෂ බදු වරප්‍රසාද කරන්නට නොපැකිළෙන ඔහුව පරාජය කළේ රිපබ්ලිකන් පක්ෂයේම කිසිවෙක් වැඩිය නොදත් ඩේවිඩ් ඇලන් බ්‍රැට් නම් බෙදන පිළිවෙත් අගය නොකරන අර්ථ ශාස්ත්‍ර මහාචාර්යවරයෙකි.

“(එය සිද්ධ වේයැයි අපේක්ෂාවෙන්) හුස්ම අල්ලා ගෙන ඉන්න එපා,” යැයි ඇමෙරිකාවේ කියමනක් ඇත. මෙම ඉතිහාසගත වෙන පරාජය, බහුතර පක්ෂයේ නායකයෙක්ව පළවා හැරීම යනු කිසිසේත්ම ඇමෙරිකන් ජනතාව බෙදන පිළිවෙත් අතහැර යා යුතු නිවැරදි මාර්ගය දැන් හඳුනාගෙන ඇතැයි සිතා හුස්ම අල්ලාගෙන සිටිය යුතු අවස්ථාවක් නම් නොවේ.

1. ඊශ්‍රායෙල් සඳහා අවි සපයන, මුල්‍යාධාර දෙන ඇමෙරිකාවේ හැදියාව සැකසී ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයේ අය නිසා යැයි බහුතර ලෝකයේ මතයයි. එහෙත් ඇමෙරිකන් ඊශ්‍රායෙල් සබඳතා ගැන වැඩි උනන්දුවක් ඇති ඇමෙරිකන් එලීටිස්ට් යුදෙව්වන් සියල්ලම පාහේ චන්දය දෙන්නේ සහ නියෝජනය කරන්නේ ඩෙමොක්‍රැටික් පක්ෂයයි.

2. එසේම, යුදෙව්වන් ගැන කුමන ආකල්පයක් යුදෙව් නොවන අය දරනවා ද යන්න ගැන වැඩියෙන්ම කැක්කුමක් ඇත්තේ ද ඇමෙරිකන් යුදෙව්වන්ටයි.

ඉතින් 1 සහ 2 අතර ඔවුන්ට අවුල් ලිහාගත නොහැකි වූ ගැටුමක ඇමෙරිකන් යුදෙව්වන් පැටලී සිටිති. විවිධ දක්ෂතා කුසලතා ඇති අයට එකම තලයක තරඟයට ඉඩ දෙන්න යැයි කියද්දී, එකම තලයකට ඉඩ දීම වෙනුවට, මේ මේ අයට ඇති අඩුපාඩු මේ මේ ඒවා යැයි කියාගෙන ඒවායේ අඩුපාඩු පියවන්නට බෙදන්න දන්නා අය ඇතැයි කියාගත් අය සේ ම මොවුන් ද කටයුතු කරති.

හොලිවුඩ් දේශපාලනයට රිංගා ගෙන ඇත්තේ ද මේ ඇමෙරිකන් දේශපාලනයේ පවතින යුදෙව් නැඹුරුවමයි. ඊ ළඟ සටහන ඒ ගැන.

Advertisements

5 Responses

Subscribe to comments with RSS.

  1. indika27 said, on අගෝස්තු 15, 2014 at 11:30 ප.ව.

    ඔබේ වාක්‍ය දිග වැඩියි.. මීට වඩා වාක්‍ය කෙටි වුනානම් තේරුම් ගන්න ලේසියි..


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: