අරුණි ශපීරෝ‍ වෙතින්

හොලිවුඩ් දේශපාලනයේ යුදෙව් නැඹුරුව

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 16, 2014

Berleberman

රුසියන් අධිරාජ්‍යයෙහි උපන් පසුව ඇමෙරිකන් යුදෙව්වෙක් වූ ඩේවිඩ් සාර්නොෆ් ඇමෙරිකන් රේඩියෝ සහ රූපවාහිනි පුරෝගාමියෙකි. පත්තර විකුණමින් සල්ලි හොයාගත් ඒ සංක්‍රමණිකයා පසුව රේඩියෝ කෝපරේශන් ඔෆ් ඇමෙරිකාහි සභාපති සහ NBC නිර්මාතෘ වූ ඔහු ඒ දෙකම ලෝකයේ දැවැන්තම කොම්පැණි අතරට ගෙන යන්නට සමත් වූවෙකි.

එසේම සාර්නොෆ්ගේ නීතිය, එනම් වැඩියෙන්ම සිටින නරඹන්නන් සංඛ්‍යාවට අනුව මාධ්‍ය ජාලයේ අගය තීරණය කිරීම ඔහු විසින් ඉදිරිපත් කරන ලද්දකි.

ගෝලීය කොමියුනිස්ට්වාදය අහෝසියට සහ සාම්ප්‍රදායික ඇමෙරිකන් සදාචාර ඇගයුම් සඳහා සාර්නොෆ් පෙනී සිටියේය. ධනවාදයෙන් ජීවිතය ජයගත් ඔහු ඒ ගැන අතිශයෙන් පැසසුමට නොබියව ඉදිරිපත් වූවෙකි.

සාර්නොෆ් හා තරඟ කළේ යුක්රේන් යුදෙව් පියෙකුට දාව උපදින විලියම් එස්. පේලි නැමැත්තායි. ඔහුගේ යුක්රේනයෙන් පැමිණි සංක්‍රමණික පියා සුරුට්ටු කොම්පැණියකින් කෝටිපතියෙක් වූවෙකි. එස්. යන මැද අකුර හේ පාසැල් අයැදුම් පතක පුරවන්නේ සිය නමට වැදගත්කමක් එකතු කරගන්නටයි!!!!

සාර්නොෆ් ප්‍රසිද්ධියේම ධනවාදය වෙනුවෙන් පෙනී සිටිය දී, CBS ආයතනය දැවැන්ත කරන්නට සමත් වෙන පේලි සිය දේශපාලන නැඹුරුව කුමක්දැයි වසන් කළේය. රිපබ්ලිකන් සෙනෙට් සභික ජෝසෆ් මැකාර්ති පරාජය කරන්නට සමත් වූයේ තම CBS ආයතනය යැයි ඔහු ප්‍රසිද්ධියේ කීය. අනිත් පැත්තෙන් ඔහු තම ආයතනයේ සේවය කරන ලද්දවුන් ලවා ඔවුන් කිසිදා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලබා නොතිබුණ බව දිව්රවා ගත්තෙකි!!!!

ABC ආයතනයේ සභාපති වූයේ ලෙනාර්ඩ් ගෝල්ඩන්සන් නම් යුදෙව්වායි. ඔහු ධනවාදී සාර්නොෆ් සහ දේශපාලන නැඹුරුව කුමක්දැයි නොපෙන්වූ පේලි මෙන් නොව මැද පංතියේ වාමාංශික පවුලකින් පැමිණි, හාවඩ් නීති විද්‍යාලයෙන් උපාධිය ලබන්නට සමත් වූ යුදෙව්වන් අතරින් එකෙක් වූයේය. මැකාර්ති නඩුව යද්දී ලක්ෂ හයක වැයකින් පැය 187 ක් ඔහු නඩුවට ප්‍රසිද්ධිය සැපයීය. ප්‍රවෘත්ති බෙදා හැරීම නොව පාක්ෂික නැඹුරුව අනුව මත දැක්ම ප්‍රවෘත්ති වලින් ඉදිරිපත් කිරීම එතැන් පටන් ඇමෙරිකන් රූපවාහිනියේ පටන් ගැනිණ.

රූපවාහිනියේ රන්මය යුගයේ දී වාමාංශික අදහස් දැරූ යුදෙව්වන් ගහණ විය. ප්‍රථම ඇමෙරිකන් රූපවාහිනි තරුව සේ සැලකෙන්නේ යුදෙව්වෙකි. සටහනේ පින්තූරයෙන් දැක්වෙන මිල්ටන් බර්ලි නරඹන්නට 1947 දී රූපවාහිනි ප්‍රේක්ෂකයන් අතරින් 87% ක් කැමති වූහ. යුදෙව්වන් තිර රචනයට දක්ෂ වූහ. රඟපාන්නට දක්ෂ වූහ. අධ්‍යක්ෂණයට සහ නිෂ්පාදනයට දක්ෂ වූහ.

නිව් යෝර්ක් වලින් සජීවි ප්‍රකාශන වැඩ සටහන් වෙනුවට ක්‍රමයෙන් රට පුරා කුඩා ආයතන වලින් පටිගත කරන වැඩ සටහන් නිර්මාණය පටන් ගැණුනි. විධායක අංශය නිව් යෝර්ක් සිටිය දී නිෂ්පාදනයේ යෙදෙන වුන් රටේ බටහිර පැත්තට සංක්‍රමණය පටන් ගති. එවක දී හොලිවුඩ් එතරම් සැලකිල්ලට පාත්‍ර නොවූයේ ලොව මුල්‍යමය කේන්ද්‍රය සහ රටේ සංස්කෘතික කේන්ද්‍රය ලෙස නිව් යෝර්ක් නගරය නම් දරා සිටි බැවිනි.

නිව් යෝර්ක් විසූ විධායක අංශය බුර්ජුවාසියේ සූරා කන්නන් ලෙස සැලකෙද්දී රටේ බටහිර පැත්තට ඇදෙන නිෂ්පාදන අංශයේ අය මහජනතාවගේ ඉල්ලීම් ඉටුකරන අය යැයි සැලකුනහ. විධායකයන්ට උවමනා නූගත් මහජනතාවට බාල වැඩ සටහන් සපයන්නට යැයි නිෂ්පාදකයන් නෝක්කඩු කීහ. නිෂ්පාදකයන්ට උවමනා ප්‍රයිම් ටයිම් (වැඩියෙන්ම නරඹන කාල වේලාවේ දී) හි මහජනතාවට ශේක්ස්පියර් ප්‍රදානය කරන්නට යැයි විධායකයන් නෝක්කඩු කීහ.

ෆ්‍රෙඩ් සිල්වර්මන් CBS හි දහවල් කාලයේ ප්‍රචාරය කරන වැඩ සටහන් වල උප සභාපති ලෙස කටයුතු කළ යුදෙව්වෙකි. ප්‍රේක්ෂක ජනප්‍රියත්වයේ සංඛ්‍යා දත්ත දිහා නොබලා ඔහු 1969 සිට 1972 දක්වා “ග්‍රාම්‍ය ශුද්ධ කිරීම්” වල මූලිකත්වය ගති. අනතුරුව සමාජය හදන්නට යන වාමාංශික මත දැක්ම අනුව ඔහු මාධ්‍යයෙන් පිළිගන්වන්නේ පිරිමියෙක් අනවශ්‍ය රස්සාවක් ඇති කාන්තාව වූ මේරි ටයිලර් මුවර් ෂෝ සහ Roots වැනි වැඩ සටහන්.

Grey’s Anatomy (2005) නිර්මාණය කළ ෂොන්ඩා රයිම්ස් තම නිර්මාණයේ දී කිසිම අවස්ථාවක මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ, ගණිකා වෘත්තියේ යෙදෙන, හෝ ගණිකාවන් සපයන පිම්ප් අයෙක් හැටියට, කළු ඇමෙරිකන් අයව නිරූපනය නොකරන බවට නීතියක් ක්‍රියාත්මක කළාය. එහෙත් එහි ලෙස්බියන් ලිංගිකත්වය අනුමතය, ගබ්සාව අනුමතය, ගැටවර ලිංගිකත්වය අනුමතය නොමඳම සිදුවේ. ඒ වාමාංශිකයන් විසින් සැබෑ සමාජය නිරෑපනය කරපු ආකාරයයි!!!!

ලංකාවේ තහනම් සවුත් පාර්ක් විහිළු කාටූන් වැඩ සටහන ජනප්‍රිය වූයේ නත්තල් කාලයේ කොමඩි සෙන්ට්‍රල් නාලිකාවේ ජේසු සහ නත්තල් සීයා ගැන ඔවුන් නිර්මාණය කළ වැඩ සටහනකින්. එහෙත් 2006 අප්‍රේල් මාසයේ දී ඔවුන් මොහම්ඩ් නබි ගැන හදන ලද වැඩ සටහන ප්‍රචාරයට මහජනතාව කුලප්පු වේ යැයි කියා ඉඩක් නොලැබුණි.

24 (2001) හි මුස්ලිම් ත්‍රස්තවාදීන් නිරූපනය හේතුවෙන් ඇමෙරිකන් මුස්ලිම් අය ගැන මෙහි රටවැසියන්ට බයස් එකක් ඇතිවේ යැයි කියමින් ඇමෙරිකන් ඉස්ලාමික් සබඳතා කවුන්සිලය විසින් එය ප්‍රචාරයට පෙර එහි ප්‍රධාන නළු ජැක් බවර් චරිතය රඟපාන කීෆර් සදර්ලන්ඩ් ලවා මුස්ලිම් ඇමෙරිකන් අය සියළු ත්‍රස්තවාදී ක්‍රියා ප්‍රතික්ෂේප කරන බවට නිවේදනයක් නිකුත් කළේය.

සමාජය හැඩ ගසන ආකාරය දන්නවා කියන වාමාංශික දැක්ම ප්‍රමුඛත්වයෙන් ආණ්ඩුවේ බෙදන බලය අල්ලා ගත් අය හොලිවුඩ් පෝෂණයට බදු මුදල් බෙදා දුන්හ. මෑතක සම්මත වූ සෞඛ්‍ය රක්ෂණය රටවැසියන් මිල දී නොගනිද්දී ඒ ගැන සිනමාව තුලින් කතා කරන්නටත් ජනතාවගේ බදු මුදල් බෙදා දුන්හ.

හොලිවුඩ් නළු නිළියන් අතර ධනවාදයට පක්ෂපාතී යැයි පෙන්වන අය කැපී යන නිසා ඔවුන් නිහඬව සිටියහ.

මර්ෆි බ්‍රවුන් 247 ක් එපිසෝඩ් තිරගත වූ ටෙලි නාට්‍යයකි. එහි තනිව දරුවා හදන මර්ෆි බ්‍රවුන් සමාජයට වැරදි පණිවුඩයක් යවන බවට 1992 දී උප ජනාධිපති තරඟකරු වූ ඩෑන් කුවේල් කියා සිටියේය. 2002 වෙද්දී රූපවාහිනිය අනුගමනයෙන් තනිව දරුවන් හදන්නට ගිය කාන්තාවන් වැඩේ දුෂ්කරබව වැටහී අප්‍රසාදයට පත් වූ කාලයයි. මර්ෆි බ්‍රවුන් රඟපෑ කැන්ඩස් බර්ගන් තමන්ගේ ටෙලිනාට්‍ය පණිවුඩයේ අහිතකර ඵලවිපාක පසුව පිළිගත්තාය.

මැදිහත්වීමේ සහ බෙදන පිළිවෙත් අසාර්ථක බව ඇස් පනා පිට පෙනෙන්නට පටන් ගනිද්දී හොලිවුඩ් දේශපාලනය ගැන ප්‍රසිද්ධියේ කතාබහ වරින් වර පටන් ගැනිණ. රිපබ්ලිකන් යුදෙව් යන සුලුතරයට අයිති බෙන්ජමින් ශපීරෝ ප්‍රයිම් ටයිම් ප්‍රොපගැන්ඩා යැයි පොතක් පළ කළේය.

මෑතක දී රිපබ්ලිකන් පක්ෂ මහාරැලියක යුදෙව් නොවන ක්ලින්ට් ඊස්ට්වුඩ් සභාව ඇමතුවේ ඔබාමා ඉලක්ක කරගෙන.

Firefly (2002) විද්‍යා ප්‍රබන්ධ ටෙලිනාට්‍ය සහ Serenity (2005) චිත්‍රපටියේ ජේන්ගේ චරිතය රඟපාන යුදෙව් නොවන ඇඩම් බෝල්ඩ්වින් ප්‍රසිද්ධියේ රිපබ්ලිකන් පක්ෂයට සහාය දෙන්නෙකි.

යුදෙව් නොවන වෑන්ස් වෝන් තමන් රොන් පෝල්ට සහාය දෙන ලිබටේරියන් අයෙක් යැයි ප්‍රසිද්ධියේ කියයි.

එහෙත් ඇඩම් සැන්ඩ්ලර් යුදෙව්වා රිපබ්ලිකන් පක්ෂයට ප්‍රසිද්ධියේ සහාය දැක්වීම අනිත් කිසිවෙකුට වඩා වාමාංශිකයන්ගේ හිත් පාරන්නට සමත් වී ඇත.

ප්‍රධාන හොලිවුඩ් සිනමා ආයතන සියල්ලේම ප්‍රධානීන් අතර තවමත් යුදෙව්වන් සිටිති. හොලිවුඩ් හි යුදෙව්වන් වැඩියෙන් සිටිනවා සේ ම, ඇමෙරිකන් නීතීඥයන් අතර සහ වෛද්‍ය වෘත්තියේ ද වැඩියෙන් යුදෙව්වන් දකින්නට ලැබේ. නමුත් ඔවුන් යුදෙව් නැඹුරුවෙන් ශෛල්‍ය කර්ම නොකරනවා සේ ම, යුදෙව් නැඹුරුවකින් යුතු සිනමාවක් හදන්නේ ද නැත.

හොලිවුඩ් දේශපාලනයේ පවතින්නේ යුදෙව් නැඹුරුවකට වඩා වාමාංශික නැඹුරුවකි. ඇමෙරිකන් යුදෙව්වන් බහුතරය ඇමෙරිකන් දේශපාලනය තුල වාමාංශික නැඹුරුවකින් සිටින නිසා ඉතින් හොලිවුඩ් දේශපාලනයේ යුදෙව් නැඹුරුව ද වාමාංශික වූවකි. දක්ෂිණාංශ යුදෙව්වෙක් ව්‍යතිරේකයකි. සාමාන්‍ය අගයන අයට ව්‍යතිරේකයක් රුස්සන්නේම නැත.

Advertisements

One Response

Subscribe to comments with RSS.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: