අරුණි ශපීරෝ‍ වෙතින්

කෝපීනය හඳුනාගත නොහැකි බ්‍රිතාන්‍ය තරුණියන්

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 8, 2014

කාන්තා ප්‍රජනන පද්ධතියේ රූප සටහනක් දිහා බලා කෝපීනය (වැජයිනා) ඇත්තේ කොතැනදැයි කියන්නට බ්‍රිතාන්‍යයේ ඒ සොයා බැලීමට සහභාගී වූ වයස 26 -35 අතර කාන්තාවන්ගෙන් හරි අඩක් නොදැන සිටි බව ඩේලි මේල් ප්‍රවෘත්තියකින් කියැවීමි.

පිළිකා සඳහා අරමුදල් එකතු කරන ‘ඒවාගේ ආයාචනය’ නොහොත් ‘ද ඊව් ඇපීල්‘ යන සංවිධානය විසින් මේ සොයා බැලීම කරන ලදැයි ඉහත සබැඳිය අමුණන ඒ ප්‍රවෘත්තියේ කියැවේ.

ඔව්හු ප්‍රශ්නාවලියට ලක් කරගත් වයස 26-35 අතර කාන්තාවන් නියෝජනය කළේ කුමන රටකින් සංක්‍රමණය වූ, කුමන ආගමික ඇදහීමකින් යුතු, කුමන සමාජ තරාතිරමක, යනාදිය ඒ සොයා බැලීමේ සඳහන් වී ඇත්දැයි ප්‍රවෘත්තිය කියන්නේ නැත. ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ද ඒ ගැන තොරතුරු සොයාගන්නට නොහැකි විය.

කෝපීනය ඇත්තේ කොතනදැයි කියා කාන්තා ප්‍රජනන පද්ධතියක රූප සටහනක් පෙන්වා කෙනෙක් මගෙන් ඇහැව්වා නම් මාත් නොදැන සිටිනු ඇත. මන්ද, ඊට කියන වැජයිනා යන ඉංග්‍රීසි වචනය දැන සිටියත් එය හඳුන්වන සිංහල වචනය හැටියට මෙය ලියන තෙක් මම දැන සිටියේ යෝනිය යන වචනය පමණයි.

බ්‍රිතාන්‍ය ජාතිකයන් අතර එය හඳුන්වන්නට ආචාරශීලී භාවිතයේ යොදා නොගැනෙන සහ ලැජ්ජාව නිසා භාවිතා කරන වෙනත් නම් රාශියකි.

එංගලන්තයේ සහ වේල්ස් හි මිලියන 3.7 ක පිරිසකගේ ප්‍රධාන භාෂාව ඉංග්‍රීසි නොවේ. එයින් 785,000 ක සංඛ්‍යාවක් එය යාන්තමෙන් දන්නා සහ කොහෙත්ම නොදන්නා අයයි. ඉතින් ඉංග්‍රීසි භාෂාව නොදන්නා සංක්‍රමණිකයන් මේ විමසුමේ සිටියා දැයි දැනගන්නට හැකියාවක් නැත.

නාරිවේදයේ පිළිකා රෝග පහ ගැන වඩා හොඳින් හඳුනාගැනීමටත් ඒ සඳහා දියුණු ප්‍රතිකාර සඳහාත් අරමුදල් එකතු කිරීම මෙය පවත්වන ලද සංවිධානයේ අරමුණකි. ඉතින් හිතාමතාම පර්යේෂණයට යොදා ගත්තේ මෙම වචනය නොදන්නවා යැයි පෙන්වීම සඳහා ඉලක්ක වු කණ්ඩයාමක් දැයි ද සොයාගන්නට ක්‍රමයක් ද නැත.

හරි අඩක් නොදැන සිටියා කියද්දී, සොයා බැලීමට සහභාගී වූ කාන්තාවන් මුළු සංඛ්‍යාව කොපමණක්දැයි සොයා ගන්නට ක්‍රමයක් ද නැත.

ඒ ප්‍රශ්න පැත්තකට දමා, මේ විමසුම බ්‍රිතාන්‍ය සමාජය මනාව නියෝජනය වෙන සේ සකස් කරන ලද්දක් යැයි අපි සලකා බලමු.

ජාතික සෞඛ්‍ය සේවයක් සපයන බ්‍රිතාන්‍යයේ 26% ක් වෛද්‍යවරු විදේශික සංක්‍රමණිකයන් වෙති. ඉතින් වැජයිනා යනුවෙන් හැඳින්වෙන්න ඇත්තේ කොතැනකදැයි නොදන්නා අය බ්‍රිතාන්‍ය කාන්තාවන් අතර මෙසේ හරි අඩක් සිටිය දී සෞඛ්‍ය සේවය සපයන්නට විදේශීය වෛද්‍යවරු ගෙන්වන්නට වීම පුදුමයක්දැයි කෙනෙක් එවිට අහන්නට පුළුවනි!!!!

බ්‍රිතාන්‍යයේ වයස 3-18 දක්වා දරුවන් අතර 93% පිරිසක් නොමිලේ අධ්‍යාපන ලබාගන්නේ රජයේ අරමුදල් වලින් යැපෙන අධ්‍යාපන ආයතන වලිනි. ආණ්ඩුවක් නොමිලේ දැනුම බෙදා දෙන්න දන්නවා යැයි කියන අය මේ ගැන එවිට බ්‍රිතාන්‍යයට බැරි වුනාට ලංකාවේ අපට පුළුවන් යැයි කියාවි ද?!!!

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. රාජ් -රාජ්ගෙ නවාතැන- said, on සැප්තැම්බර් 8, 2014 at 11:39 ප.ව.

    මට මතක් වෙන්නෙ අරූගෙ අඩවියෙදි අපේ බුරුබබා “ස්ත්‍රී නිමිත්ත” කියන්නෙ මොකක්ද කියල අහපු සිද්ධිය. 🙂

  2. Sudath Munasinghe said, on සැප්තැම්බර් 10, 2014 at 1:34 ප.ව.

    ඉතින් ඔය “කෝපීනය” සිංහල වචනයක් ද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: