අරුණි ශපීරෝ‍ වෙතින්

ස්ටාර්කන්බර්ගර් මාලිගාවේ බියර් තටාක

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 12, 2014

Screen Shot 2014-10-12 at 10.30.45 AM

බියර් වලට කැමති අයට බියර් වල බැහැලා ඉන්න හැකි තටාක ඇත්තේ ඔස්ට්‍රියාවේ ස්ටාර්කන්බර්ග් මාලිගාවේ නමින් බියර් හදන වසර සිය ගණනක් පැරණි ස්කාගාරයේ දී යි. ඔස්ට්‍රියන් (ජර්මන්) බසින් ඇති නිල අඩවියට ඔය සබැඳියෙන් යා හැකියි.

අඩි 13 ක් දිග උණුසුම් බියර් පිරුණු තටාක (pools) හතක් ඇත. එක තටාකයක් බියර් පයින්ට් 42,000 ක්; වතුර ලීටර් 12,000 කට බියර්ගෙලාගර් (Biergeläger) යීස්ට් වර්ගයෙන් ලීටර් 300 ක් එකතු කර හැදෙන්නකින් පුරවා ඇත.

ස්ටාර්කන්බර්ග් මාලිගාව වසර 700 ක් පැරණි ස්ථානයකි. එය ජරාවට යද්දී එහි පැරණි ඉස්කාගාරය ඔවුන් බියර් ස්පා එකකට හරවන ලදි. බහින තටාකයේ බියර් උණුසුම්ව තැබෙන නමුත් එහි බැස සිටිය දී බොන්නට සීතල බියර් ඇණුවම් කළ හැකියි.

අතීතයේ දී මෙන්ම එය වර්තමානයේ දී ද පවත්වාගෙන යන්නේ කාන්තාවන් වෙතිනි. මේ සබැඳියෙන් තව එහි ඇතුලත පින්තූර කිහිපයක් බලන්නට පුළුවනි. තුර්කි නාන කාමර විලාසිතා අනුගමනය කරමින් මෙහි ඇතුලත නිම කර ඇත. බටහිර යුරෝපීය රටවල, විශේෂයෙන්ම ජර්මනිය සහ ඔස්ට්‍රියාව රටවල දී ස්පා නිවාඩුවක් යෑම වෛද්‍යවරයෙක් විසින් අනුමත කරන්නේ ද එහි වැය සෞඛ්‍ය රක්ෂණයෙන් ගෙවනු ලබන්නකි. එම සබැඳියම පුරාතන ඊජිපත්තුවේ ක්ලියෝපැට්‍රා විසින් බියර් වලින් නෑවා යැයි ද එයින් පුනර්ජීවයක් ලැබෙනවා යැයි පැරැන්නන් විශ්වාස කළා යැයි ද සඳහන් කරයි. රූමත් ක්ලියෝපැට්‍රා නාපු දේවල් වල ලැයිස්තුවට මී පැණි, එළු කිරි, ඇඹුල් කිරි, කංකුම (saffron) යනාදිය ද ඇතුලත්ය.

එය ජනප්‍රිය ස්ථානයක් නිසා තටාකයක් එක පුද්ගලයෙකුට ඩොලර් 298 ක මුදලකටත්, අමතර පුද්ගලයෙක් සඳහා ඩොලර් 6.50 ක් බැගින් ද ගෙවා කළින් වෙන් කරවා ගත යුතුයි. පැය දෙකක් එහි බැස ඉන්නට ලැබෙද්දී කන්නට අමතර ගාස්තුවක් නැතිව බියර් ක්‍රැකර් ද, ඒවායේ තවරා කන්නට “ටයිරෝලියන් මස් ස්ප්‍රෙඩ්” එකක් ද ලැබේ. ගෙදර ගෙනියන්නට තමන් නාපු බියර් පෙණ ඇති බෝතලයක් ද එහි බැස සිටි සෑම පුද්ගලයාටම බැගින් ලැබේ.

තටාකයේ ඇති බියර් බීම අවදානම් සහිත යැයි අනතුරු අඟවති!!!

ඔස්ට්‍රියාවේ ෆ්‍රැන්කින්ග් හි දී Landhotel Moorhof නමින් ඇත්තේ බියර් බැරල් විදියට හදා ඇති බියර් වල දෙන්නෙකුට බැගින් බැස සිටින්නට හැකි සංචාරක ස්පා ස්ථානයකි.

ජර්මනියේ නුසෙල් හි දී Landhotel Kummerower නමින් ඇත්තේ නුසෙලර් ක්ලොස්ටර් බියර් ඉස්කාගාරයට නුදුරින් සුව පහසුවට බියර් බොමින් සිටිය හැකි, ස්පා පහසුකම් ලබාගත හැකි කුලියට ගන්නට පුළුවන් කාමර වෙති. නුසෙලර් ක්ලොස්ටර් ඉස්කාගාරය සුප්‍රසිද්ධ බිව්වාම වයසට නොයන බියර් වලටයි!!! එය වසර 400 ක් පැරණි ඉස්කාගාරයකි. 12 වැනි සියවසේ තාපසාරාමයක් පැවති ඉඩමක එය ඉදිකර ඇත. සෞඛ්‍ය හා ආයුෂ වැඩිකරනවා යැයි කියන දේවල් ඔවුන්ගේ බියර් වලට දමා ඇතැයි කියැවේ. නාන්නට ගැනීම පිණිස විශේෂයෙන්ම හැදූ බියර් වර්ගයක් ඔවුන්ගේ බියර් ස්පා හි දී භාවිතයට හදා ඇතත් ස්ටාර්කන්බර්ග් මාලිගාවේ බියර් තටාක සේ කට්ටියකට ගිහින් බැස නාන්නට තටාක හැදූ තැනක් ලොව වෙන නැත.

අරක්කු බියර් බදු වැඩිකරපු නිසා ඒවායේ මිල ඉහළ ගිය ලද සති අන්තයක මෙම සටහන දැමීම ගැන මගේ බලවත් කණගාටුව!!!!! 🙂

ඒ අස්සේ අද රුසියාවේ පැවැත්වූ ප්‍රථම ග්‍රාන්ඩ් ප්‍රී තරඟයෙන් ජයගත් ලුවිස් හැමිල්ටන්ට ජයවේවා!!! ව්ලැඩමියර් පූටින් ද ඔහුට අතට දී සුබ පැතුම් පිරිනැමුවේය. රැසියාවේ ග්‍රාන්ඩ් ප්‍රී පටන් ගැනීමට හැකියාව ලැබුන අපූරැ වෙළඳපොල තවත් අගයමි, එහි ගුණ වයන්නට තවත් වෙහෙසෙමි. 🙂

Advertisements

One Response

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on ඔක්තෝබර් 12, 2014 at 11:00 පෙ.ව.

    මේ සටහන් පෙළ මෙහෙ පවතින් හිඟය නිසා බොහොම දෙනෙකු ප්‍රිය කරනවා නිසැකයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: