අරුණි ශපීරෝ‍ වෙතින්

කෑම බීම විතරක් මදි විනෝදයත් ඕනෑ

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 22, 2014

IMG_2067

ආහාර පාන ලොව බහුල යුගයක අපි ජීවත්වෙමු. නන් දෙසින් ලැබෙන ආහාර බුදින්නට හැකියාව ලැබෙන වර්තමාන ලෝකයේ යම් කෑමක් බීමක් හොයාගන්නට නැත්තේ එයට ආණ්ඩුවක් මැදිහත්වෙනවා නම් පමණකි. “සාගතෙන් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව්” කියා උද්ඝෝෂණ පවත්වන්නට ජනතාව එකතු කරන උත්සාහයක් ලොව කොතැනකවත් අද දකින්නට නොහැකියි. දැන් ඇත්තේ බලයේ ඉන්න අයට වැඩියෙන් හරියට බෙදන්නට අපි දන්නවා යැයි කියන උද්ඝෝෂණ පමණයි.

ඒත්, තමන් කන බොන දේවල් හිඟ නම් ඒ තත්වය ඇති වූයේ ආණ්ඩුව මැදිහත් වූ නිසා බව අද “සාගතෙන් පෙළෙනවුන්” වටහා ගෙන නැත.

ගංවතුර, ඉඩෝර, ලැව් ගිනි, බෝග වලට හැදෙන රෝග නිසා බඩගින්නේ පෙළෙන ජනතාවක් අද ලොව කොතැනකවත් සොයාගන්නට නැත. ලෝකයේ කිසිම ආණ්ඩුවක් ආහාර නිෂ්පාදනය කරන්න නොදන්නා බව ඔප්පු වූ පසු ඒ මහා පරිමාණ මැදිහත්වීම් වලින් ඔවුන්ට අයින් වෙන්නට සිද්ධ වූහ. ඒත් ආණ්ඩු ආහාර නිෂ්පාදනයට කරන මැදිහත්වීම් අත්හැර දමා නැත. තමන් කැමති ආහාර මේසයට ගෙන්වා ගන්නට ඉඩ ලැබෙන්නේ ආණ්ඩුව මැදිහත් වෙන නිසා යැයි සිතන තාක් කල් තමන් කැමති ආහාර කෑම මේසයේ දකින්නට ලැබීම අඩු බව බහුතර වැසියන් වටහා නොගත්තකි.

අද ලෝකවැසියන් බහුතරය ආහාරපාන බුදින්නේ බඩගිනි නිවාගන්නට පමණක් නොවේ. බඩගින්න පමණක් නොව, දිව පිනවීම පමණක් නොව, ඇස් පිනවීමත් කෑම මේසයෙන් බලාපොරොත්තු වීම සංවර්ධිත රටවල සාමාන්‍යයක් ද, දුප්පත් රටවල පාලන පංතියට සීමා වූවක් ද වේ. ඒ කෑම බීම පමණක් මදි ඒවායෙන් සප්පාම් වෙද්දී විනෝදයත් ඕනෑ යැයි පුරාතනයේ දී කියන්නට ලැබුන රජුන් ඇතුළු ප්‍රභූ පංතිය අනුගමනයෙන් දුප්පත් රටවල පාලන පංතිය තවමත් හැසිරෙන නිසයි.

ආහාර බුදින රජු ඇතුළු ප්‍රභූන්ට විනෝදය සපයන්න වෙහෙසුණ සුපිරි අරක්කැමියෙක් ගැන අනගි චිත්‍රපටියක් රසවිඳින්නට ලැබෙන්නේ Vatel (2000) හි.

ආණ්ඩු මැදිහත්වීම් අඩු රටවල සාමාන්‍ය ජනතාවටත් ආහාර ගනිද්දී විනෝද රසාස්වාදයක් සපයන විවිධ වෙළඳ උත්සාහයන් දකින්නට පුළුවනි.

කන බොන ගමන් රංගන නරඹන භෝජන සංග්‍රහ යටත්විජිත සමයේ යටත්විජිත පාලකයන්ට ලැබුන බව ඉතිහාසය දක්වයි. වර්තමානයේ දී ද, එවැනි අවස්ථා දකින්නට ඇත්තේ ආරාධනා ලද ඉහළ සමාජයේ අයගේ සහභාගීත්වයෙන් සිද්ධ වෙද්දී පමණකි. සමහර විට සාමාන්‍ය ලාංකිකයා ආහාර වේලක් සමඟ කලාත්මක රසාස්වාදයක් ලබන්නට මිලක් ගෙවන්නට අකමැති ඇති.

කන බොන අයට විනෝදයක් සපයන්නට කියා හිටිවන කවියන්ට, ආධුනික නළු නිළියන්ට, ආධුනික ගායකයන්ට, ආධුනික සංගීතඥයන්ට එහෙමත් නැත්නම් ආධුනික විහිළුකාරයන්ට නොමිලේ ඉඩ ප්‍රස්ථාවක් ලබාදෙන්නට ලංකාවේ සංචාරක මට්ටමේ නොවන අවන්හලක් ඉදිරිපත් වේවිද?

ඒත් එහෙම උත්සාහයක් කවුරු හරි ගත්තොත්, පුද්ගලික අයිතිය සහ මහජන දේපල භාවිතය කෙසේදැයි නොදන්නා අය තවම රටේ වැඩි නිසා සමහර අය එතෙන්ට ඇවිත් කන්න බොන්න අවන්හලට එන එකත් පාරිභෝගිකයාට එපා කරාවි ද?

සිනමා ශාලාවක දී රාත්‍රී ආහාරය ගනිමින් චිත්‍රපටියක් නැරඹූ සටහන මෙතැනින්.

අවන්හලක දී රාත්‍රී ආහාරය ගනිමින් සහභාගී වූ ප්‍රශ්නෝත්තර වැඩ සටහන මෙතැනින්.

පසුගිය දිනෙක අපේ ගමේ අවන්හලක දී කෑම බීම ගන්න ගමන් විනෝදයට අබිරහස් මරණයක් විසඳන නාට්‍ය රංගනයක් නරඹන්නට අවස්ථාව ලැබුණි.

අවන්හලට ඇතුල්වෙද්දී නාට්‍යයේ චරිතයක් රඟපාන්න කැමති නම් ඒ චරිතය සඳහා තිරපිටපත සහ චරිතයට හරියන සරල ඇඳුමක් ආයිත්තමක් ඔවුන් සූදානම් කර තිබුණහ. අකමැති අයට අනිත් අය රඟපාන හැටි බලමින් ආහාර අනුභවයේ යෙදෙන්නට හැකිවිය. කෑම බීම හා රංගනය අවසානයේ දී කවුද වැරදිකරුවා යැයි තීරණයට හැමෝටම අවස්ථාවත්, එයින් නිවැරදි උත්තර අතරින් තෝරාගත් අයට අවන්හලෙන් ඩොලර් 25 ක තෑග්ගක් ප්‍රදානය කෙරැණි.

බඩගිනි ජනතාව ලොව අඩුවෙන ප්‍රවණතාවයක් 2014 දී දකින්න ලැබෙනවා කියන්නෙ ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයයි. 1990 සිට සංවර්ධනය වෙන රටවල බඩගිනි තත්වය 39% කින් පහත වැටිලාලු. හැබැයි දත්ත මැනිපියුලේට් කරන රටවල් බොහොමයක් නිසා මේ වාර්තා නිසි අවබෝධයට සුවිශේෂ දැනුමක් අවශ්‍යයයි.

IMG_2056 IMG_2058 IMG_2059 IMG_2062

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. wicharaka විචාරක said, on ඔක්තෝබර් 22, 2014 at 11:57 පෙ.ව.

    මමනම් බොහෝවිට ටීවී එකේ ප්‍රවෘත්ති බලන ගමන් තමයි විශේෂයෙන් රාත්‍රී කෑම ගන්නේ. අම්මෝ………..ඒ වෙලාවට අපේ දේශපාලනඥයො සපයන විනෝදය කොච්චරද කියනවානම්, අපේ නෝනා හැමවිටම මගේ ලඟින් ඉන්නවා කෑම පිට උගුරේ ගියාම මගේ පිටට තට්ටු කරන්න.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: