අරුණි ශපීරෝ‍ වෙතින්

නිහඬ කළ පමණින් අදහස් වෙනස් වෙන්නේ නැහැ

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 23, 2014

“අදහස් ප්‍රකාශයට ඉඩක් නොදී අයෙක්ව නිහඬ කරන්නට සමත් වූ පමණින් ඔවුන්ගේ අදහස් වෙනස් වෙන්නේ නැහැ,” යැයි කීවේ ජෝන් මෝර්ලි විසිනි. හේ බ්‍රිතාන්‍ය ලිබරල්වාදී රාජතාන්ත්‍රිකයෙක් විය. ගත් කතුවරයෙක් සේ ම පුවත්පත් කතුවරයෙක් ද වූයේය.

ලංකාවේ උසස් ජාතික ගණාකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලා සුරැකීමේ උද්ඝෝෂණයේ යෙදී සිටි සිසුන්ට ඊයේ පොලීසිය විසින් කඳුළු ගෑස් ගසා බැටන් ප්‍රහාර දී නිහඬ කරන්නට යත්න දරන පින්තූර අන්තර්ජාල පුවත්පත් වලින් දකින්නට හැකිවිය. එහි දී මට සිහි වූයේ ජෝන් මෝර්ලි කරන ලද ඉහත ප්‍රකාශයයි.

ලංකාවේ නාය යෑම් හා ගංවතුර ගැන මේ දිනවල අහන්නට ලැබෙයි. ඒවායේ දී ගැහට විඳින ජනතාවට පිහිට වෙන්නට ආණ්ඩුව විසින් පොලීසිය හෝ හමුදාව යවන තුරැ බලාගෙන සිටින්නට තරම් රටවැසියන් අසරණ වී ඇත්තේ ඇයි? තන්තිරිමලේ බෝගොඩ ප්‍රදේශයේ ගංවතුරට අසු වී ආරක්ෂාවට ගසකට නැඟ දින දෙකක් සිටි පුද්ගලයන් නව දෙනෙකු නාවුක හමුදාව විසින් බේරාගන්නට යන තෙක් ඔවුන්ව බේරාගන්නට හැකියාව තිබූ වෙන කිසිවෙක් ඒ පැත්තේ සිටියේ නැත්තේ ඇයි?

වෙළඳපොලට නොහැකි සේවාවන් ආණ්ඩුවට සැපයීමට පුළුවන් යන්න බොහෝ පිරිසක් විචාරයෙන් තොරව වැළඳගෙන සිටින අදහසකි. පාරවල් හැදීම, ගුවන් හෝ නැව් තොටුපල හැදීම යනාදිය ආණ්ඩුව විසින් කළහොත් පමණක් පරිසරය ආරක්ෂා වීමත් රටවැසියා ණය නොවීමත් ඉටුවේවි යන්න විශ්වාස කරති. වෙළඳපොල මෙහෙයවන්නේ පාරිභෝගිකයා වූ තමන් යන්න අවබෝධයට ඉඩක් ලැබී නොමැති නිසා වෙළඳපොල යනු යම් ව්‍යාපාරික කල්ලියක් අතින් මෙහෙයවන්නක් ලෙස දිගින් දිගටම විශ්වාස කරති. එසේ ආණ්ඩුවකට හේත්තු වෙන ව්‍යාපාරික කල්ලියකට වාසි සිද්ධ වෙන ආකාරයට වෙළඳපොලට මැදිහත්වීම් කරන්නේ ජනතාවට සාධාරණයක් ඉටු කරන නාමයෙන් බලය අතට ගත් ආණ්ඩුව බව නොදකිති.

පොලිස් සේවය, එනම් සමාජයේ ආරක්ෂාව වෙළඳපොලට සැපයිය නොහැකි බවත් එය ආණ්ඩුවක් විසින් සැපයිය යුතු අත්‍යාවශ්‍ය සේවයක් යැයි සාමාන්‍ය මතයයි. ජනතාවට ආරක්ෂාව සැපයීමේ ඒකාධිකාරය ඒ නිසා ලෝකයේ ආණ්ඩු යටතේ පවතී. යම් සමාජ කොට්ඨාශයකට පුද්ගලික ආරක්ෂක සේවය සපයන ලද උදාහරණ ඒ නිසාම ලොව දුබලයි.

මිසූරි ප්‍රාන්තයේ ෆර්ගසන් නගරයේ පොලීසිය විසින් මෑතක දී සිට එහි ජනතාවට ආරක්ෂාව සැපයීමට නොහැකියාව ලොවට ප්‍රදර්ශනය කළහ. උද්ඝෝෂකයන් නගරයේ ව්‍යාපාරික ස්ථාන මංකොල්ලා කෑහ. ඒවාට ගිනි තැබූහ. මේ අවස්ථාවේ දී ජනතාවට ආරක්ෂාව සපයන්නට ඉදිරිපත් වූයේ ආණ්ඩුව නොව දිවුරැම් රකින්නන් (Oath Keepers) නම් පුද්ගලික සංවිධානයකි. ඔවුන් තුවක්කු අතැතිව ව්‍යාපාරික ස්ථාන වල වහලවල් උඩ නැඟ ඒ ස්ථාන මංකොල්ලයට එන, ගිනිබත් කරන්නට එන වන්ධ්‍යලයන්ගෙන් ආරක්ෂා කළහ. ආණ්ඩුව නොසලකා හැර සිටිය දී තමනට පුද්ගලික විසඳුමකට ඉඩ ලැබීම නිසා ව්‍යාපාරිකයන් සැනසුම් සුසුම් හෙළන ලද බව වාර්තා වේ.

මිචිගන් ප්‍රාන්තයේ ඩීට්‍රොයිට් නගරය ද ආර්ථික බංකොළොත් බැවින් කඩා වැටෙද්දී තර්ජන කළමනාකර කේන්ද්‍රය (Threat Management Center) විසින් “ලැම්බගිනි-ප්‍රමිතියේ” ආරක්ෂක සේවයක් ධනවතුන් විසූ පැති වලට සපයන ලදි. ඒ කොන්ත්‍රතාත්තු වලින් සොයාගත් ලාබ වලින් ඔවුන්ට පොලීසියේ සහාය කලාතුරකින් ලැබුණු දුප්පත් අය විසූ පැති වලට ද ආරක්ෂාව සපයන්නට හැකිවිය.

ආණ්ඩුවක් ආරක්ෂාව සපයන තෙක් බලා නොසිට ජනතාව විසින් තමන් දන්නා හඳුනන අසල්වැසියන්, හිත මිතුරන් සහ නෑඳෑයන්ගේ සහයෙන් තම තමනට ආරක්ෂාව සපයා ගැනීම පහසු කරවන නොමිලේ ලැබෙන ඇප් එකක් සාමය රකින්නා Peacekeeper නමින් ඇත. එයින් පොලීසිය සහායට එන්නට ගන්නා කාලයට පෙර ළඟ පාතක සිටින ඔබ දන්නා හඳුනන ඒ සඳහා කැමැත්තෙන් ඉදිරිපත් වූවෙක් ඔබේ සහායට එයි.

ආණ්ඩුවකට ජනතාවගේ ආරක්ෂාව සපයන්නට හැකි යැයි කිව්වාට නැවත නැවතත් ඔප්පු කරන්නේ ඊට අසමත් වෙන බවයි. මේ ආණ්ඩුවට බැරි වුනාට වෙන ආණ්ඩුවකට පුළුවන් යැයි සිතයි. පුද්ගලික උත්සාහයන් දිහා වපරැසින් බලන හුරැවෙන් යුතු අය පුද්ගලික උත්සාහයට ආරක්ෂාව සපයන්නට නොහැකි වූ එක අවස්ථාවක් මතු කර පෙන්වන්නේ ආණ්ඩුවක් විසින් දිනපතා අසමත් වෙන අවස්ථාවන් සියල්ල නොසලකා හරිමිනි.

Private Volunteers Step In Where Police Are AWOL,Julian Adorney, Mises Daily, December 23, 2014

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. කල්‍යාණ මිත්‍ර said, on දෙසැම්බර් 24, 2014 at 12:12 පෙ.ව.

    මේ ටික ලංකාවේ සාමාන්‍ය පුරවැසියෙකුට නිකං හරි කිව්වොත් මාව අංගොඩ දක්කනව ශුවර්.. හෙහ් හෙහ්.. අපි තවමත් ඔතනට ගොඩාක් දුරින් අරුණි..

  2. krishramanayaka71 said, on ජනවාරි 1, 2015 at 1:18 පෙ.ව.

    කල්‍යාණ මිත්‍ර කියනව වගේ අපි හුඟක් දුරයි..නම් .තමයි……නමුත් ….ඒ දුර ගමන යන්න ඕනැ….අමාරුවෙන් යන්න මමත් හිතාගත්ත…


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: