අරුණි ශපීරෝ‍ වෙතින්

2015 වසරට ආසිරි!

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 31, 2014

මිනිස් සත්වයාට තම වැරදි හදාගත හැකියි. ඒත් ඒ හැකියාව භාවිතා කරන්නේ මිනිස් සත්වයන් අතරින් උතුම් අතලොස්සකි. බහුතරය හැමදාම කළින් කළ වැරදි, වැරදි බව දැක දැකත්, ඒවායේම නියැළෙන්නට තවත් නිදහසට හේතුවක් සොයා ගනිති.

2015 වසරේ දී තමන්ගේ වැරදි වලට එරෙහිව තමනට යුද්ධ කරන්නට පුළුවන් යැයි අමතක නොකරන්න. ජීවත්වෙන හැම වසරක දී ම හදා ගන්නට තරම් වැරදි ගොන්නක් අපිට තිබීම මිනිස් ස්වභාවයයි. එය අපේ වැරැද්ද නොවේ, අපේ වැරැද්ද ඒවා හදාගන්නට හැකියාව තිබිය දී නොකර සිටීමයි. අපේ වැරැදි නොදැක දකින ඕනෑම වැරැද්දක් පටවන්නට වෙන කවුරැ හෝ සෙවීමයි.

උදාහරණයක් හැටියට තම කතාබහ කෙසේ හසුරැවන්නේ ද යන්න තමන්ගේ කාර්ය භාරයයි. යොදාගත්තාට වඩා වැඩියෙන් සුදුසු වචනයක් ඇත්ද? ආචාරශීලීත්වයෙන් අඩු නම් එය වැඩි කරගන්නේ කෙසේද? නොදන්නා දේ ගැන දන්නා ලෙසින් කියන හුරැවක් ඇත්නම් එය අඩුකරගන්නේ කෙසේද? කියන්නට පෙර සිතා බැලීම අඩු නම් වදන් පිට කරන්නට පෙර ඒවා ගැන තමන් විසින්ම විචාරයක යෙදෙන්නේ කෙසේද? නිහඬතාවය රැක නොසිට අනෙකාගේ යහපත උදෙසා කියා කුමක් හෝ බින්නයක් ඇද බාන්නට අවශ්‍ය ද? මෙයාකාරයෙන් විමසා බලා අයෙකුට තම වාග් කෞශල්‍යයේ වැරදි හදා ගත හැකියි.

අද අපි ලෝකය පුරා වාසය කරනවුන් සමඟ දිනපතා පාහේ අනේක විධ අසල්වැසිකම් පවත්වමු. දවල්ට ගිල දැමූ ආහාර පිඟානේ පින්තූරය හරි හැටියකට නොදන්නා අය සමඟත් බෙදා ගනිමින් සිටිමු. ඊට කළින් නොදැන සිටියෙක් එය දැක රස වෙන්නැති සිතා රෙසිපිය ඉල්ලා ගෙන ලොව අනික් කොනේ දී එයින් සප්පයාම් වෙන්නට ද සමත් වෙයි. සමහර විට එය හදන යම් ද්‍රව්‍යයක් නොමැති නම් ඊට සුදුසු ආදේශකයක් ඉදිරිපත් කරන්නට ලොව තවත් පැත්තක සිටින්නෙක් ඉදිරිපත් වෙයි.

අසල්වැසියන් සමඟ සාමයෙන් ජීවත්වෙන්නට හැකි ක්‍රමවේදයන් අප ළඟ දැනටමත් බොහොමයකි.

හැම අවුරැද්දක දී ම, පසුගිය අවුරැද්දේ සිටියාට වඩා හොඳ මිනිසෙක් වෙන්නට හැකියාව ඇති මිනිසා එය භාවිතයට නොගන්නේ ඇයි? අනුන් ලවා තමන් අකමැති දේවල් වළක්වන්නට රෙගුලාසි ගෙනෙන කැමැත්ත මිනිසා තුල පැළපදියම් වී තිබීම හේතුවෙනි. එයින් ගැලවෙන හැකියාව මිනිසාට ඇත.

ඔබට යමකට අකමැත්තේ ද, එය නොකරන්න. ඔබේ වැරදි ක්‍රියාවන් ඇත්නම් ඒවා නිවරද කරගත යුත්තේ ඔබයි. අනුන්ට නීති දමා ඔවුන්ව හදන්නට නොයා මේ නව වසරේ ඔබට ඔබේ එක වැරැද්දක් හදාගන්නට හැකියාව ඇත්දැයි උත්සාහයක් ගෙන බලන්න. ඔබ විසින් ඔබවම පුදුමයට පත් කරාවි!!!

Be at war with your vices, at peace with your neighbors, and let every new year find you a better man,” -Benjamin Franklin

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on දෙසැම්බර් 31, 2014 at 1:48 ප.ව.

    අරුණිසපීරෝ ඔබේ ආදරනීයයන් සැමටමත් සුබ නවසරක් වේවා!

  2. Ravi Weerasinghe said, on දෙසැම්බර් 31, 2014 at 4:15 ප.ව.

    අරුණිට, සුද්දාට සහ ටිකිරිට ……2015 සුබ නව වසරක්!!!

  3. විචාරක Wicharaka said, on දෙසැම්බර් 31, 2014 at 10:36 ප.ව.

    //හැම අවුරැද්දක දී ම, පසුගිය අවුරැද්දේ සිටියාට වඩා හොඳ මිනිසෙක් වෙන්නට හැකියාව ඇති මිනිසා එය භාවිතයට නොගන්නේ ඇයි?//

    මෙන්න මේක මටත් ටිකක් හොඳින් තේරුම් ගියේ විශ්‍රාම ජීවිතය ආරම්භ කලාට පස්සෙයි. හැම මිනිහාටම නිදහසේ හිතන්නට පුරුදු කරපු තරමට තමයි හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ. නමුත් පවුලෙන්, සමාජයෙන්, පාසලෙන්, දේශපාලනයෙන්, ආගමෙන්, ඔය ඔක්කොගෙන්ම අපිට බොහෝවිට ලැබෙන්නේ, කලින් සැලසුම්කල චින්තනයකට යොමු කිරීමයි.

    ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක වේවා!

  4. රාජ් -රාජ්ගෙ නවාතැන- said, on දෙසැම්බර් 31, 2014 at 11:16 ප.ව.

    අරුණිටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

  5. Niroshinie Fernando (@niroshinie) said, on ජනවාරි 2, 2015 at 1:30 පෙ.ව.

    //නොදන්නා දේ ගැන දන්නා ලෙසින් කියන හුරැවක් ඇත්නම් එය අඩුකරගන්නේ කෙසේද?//
    දන්නා දේ ගැන නොදන්නා ලෙසින් කියන හුරැව අඩුකරගන්න එක තමයි මගේ අරමුණ !
    අරුණිටත් සුබ 2015 වේවා!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: