අරුණි ශපීරෝ‍ වෙතින්

සියල්ලන්ගේ සහායෙන් ට්‍රැෆික් ජයගැනීම

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 14, 2015

IMG_0117

“පොදු යහපත” උදෙසා සියල්ලන්ගේම සහාය ලබාගැනීමේ උත්සාහයක් පටන් ගත්තේ ඊශ්‍රායෙල් හි 2008 දී ආරම්භ කරන ලද WAZE ව්‍යාපාරයයි. ඔවුන් දියුණු කළ මොබයිල් ෆෝන් ඇප් එක යනු පාර සොයා ගැනීමට හැකිවන ක්‍රමයක් පමණක් නොවේ. එය ගමනාගමනයේ දී ඇතිවන අමතර ගැටළු බොහොමයක් විසඳා ගත හැකි වූවකි. ගූගල් විසින් මෙය ඇමෙරිකන් ඩොලර් බිලියන 1.3 කට මිල දී ගෙන තියෙන්නෙ 2013 දී.

ට්‍රැෆික් තදබදයක් ඇතිවෙලා නම් වහාම ඒ ගැන ඒ පාරේ යන අයට දැනුම් දෙන්න හැකි ආකාරයෙන් දියුණු කරන ලද මේ ඇප් එකෙන් ට්‍රැෆික් යාන්තම් වැඩි ද, ගොඩක් වැඩි ද නැත්නම් එකක් පස්සේ එකක් හිරවෙලා සිටින තරමට තදබදයක් ඇති වෙලා ද කියල ඒ පාරට එකතුවෙන්නට ඉන්නා අනිත් අයට දන්වන්න පුළුවන්. අනිත් අයට වාර්තා යවන්නෙ එය භාවිතා කරන අයමයි. එය භාවිතා කරන අය හැමෝම එකතු කරන වාර්තා ගැන සොයා බලන කොම්පැණියෙ සේවක පිරිසක් ද සිටිති. විකිපීඩියාව වගේ.

තොරතුරැ එකතු කරන්නට, ඇප් එක භාවිතා කරන අයට අවශ්‍ය එකම දේ GPS ලැබෙන අන්තර්ජාල පහසුකම තමන්ට තිබීම.

පොලිස් කටයුතු ඉදිරියේ සිද්ධ වෙනවා කියලා කඩිනමින් ආරංචිය බෙදා ගන්නෙ අපි අපිටයි. පහුගිය මාස කිහිපයේ දුර බැහැර ගමන් කිහිපයක් ගිය නිසා මේ ඇප් එක හොඳින් අත්හදා බලන්න අවස්ථා බොහොමයක් ලැබුණ. භාවිතා කරන අය ඔවුනොවුන් සමඟ ඇප් එක භාවිතයෙන් දැනුම් දීමක් වෙද්දී වැඩි දුරක් යන්න කළින් මාර්ග පොලීසිය කාව හරි නවත්තලා දඩ කොලයක් ලියනවා දකින්න ලැබෙනව. පොලීසිය හැංගිලා ද ඉන්නෙ නැත්නම් පෙනෙන්නට ඉන්නවා ද යන්නත් වාර්තා කරන්න පුළුවන් ඇප් එක පාවිච්චි කරන අනිත් අයට දැනගන්නට.

තමන්ගෙ වාහනයේ වෙන කවුරැත් නැත්නම් තමන් වාහනය පදවන ගමන් ඒවා වාර්තා කරන්න යන්නෙ නැතිව වාර්තාව පසුව (later) යවන්නත් පුළුවන්.

රිය අනතුරක් හෝ වාහනයක් මාර්ගයේ පැත්තක නවත්තලා දාලා ගිහින් නම් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න හැකියි. රිය අනතුරත් සුළු එකක් ද නැත්නම් බරපතල එකක් දැයි හැමෝටම දන්වන්න පුළුවන්. දැන් එතැන ඔක්කොම අස්පස් කරලා මාර්ගය යළි කරදරයක් නැතිව යා හැකි ලෙස විවෘතයි කියල දන්වන්න පසුව එන අයට හැකියි.

මෙහෙ දඩ කොළ දෙන්න පොලිස් නිලධාරීන් මදිවට කැමරා වලින් පිංතූර ගහලා ගෙදර ලිපිනයටත් එවන ක්‍රමයක් තියෙනවනෙ. ඉතින් මේ ඇප් එකෙන් අපිට කැමරා තියෙන තැන් වලින් යද්දී එහෙම ක්‍රියාකරන කැමරාවක් ඇත්නම් ඒ බව මතක් කරනවා.

පාර කියන සිතියමේ වැරැද්දක් ඇත්නම් වැරැද්ද අපිටම නිවැරදි කරන්නත් අවසරය තියෙනවා. පාරවල් හදන්න හෝ අලුත්වැඩියාවට ගිහින් වහලා දාලා තියෙන තැන් ගැන සහ සමහර ව්‍යාපාර ස්ථාන වැරදි පාරක සටහන් වෙලා ඇත්නම් ඒවා ක්ෂණයෙන් හදන්න අවසර තියෙනවා.

වැඩි වැඩියෙන් පාවිච්චියට ගනිද්දී වැඩි වැඩියෙන් දායකත්වය සපයන්න ද හැකියි.

ඔවුන් අනෙකුත් ව්‍යාපාර වලින් දැන්වීම් ලබාගන්නවා ඒ පැත්තෙන් යන අයට දකින්නට සලස්වන්න. ඒ දැන්වීම් ඇප් එකේ ප්‍රධාන කටයුත්ත වූ පාර කියා දෙන වැඩේට හිරිහැරයක් වෙන විදියට ලැබෙන්නෙ නැහැ.

ඇප් එක භාවිතා කරන අයට ඒක දාගෙන යන අනෙක් අය හා කතාබහටත් අවස්ථාව ලැබෙනව. කැමති නම් ෆේස්බුක් එකේ වගේ නොදන්න අයවත් යාළුවන් හැටියට එකතු කරගන්න පුළුවන්. එතකොට ඉතින් එකම පාරේ දුර ගමනක් යද්දී කතාබහ කර කර යන්න හෝ නවත්තලා තේකක් බොන්නත් සෙට් වෙන්න පුළුවන්.

ලංකාවට තවම ඇවිත් නැහැ ලැයිස්තුවේ විදියට. ඒත් ලංකාවට ගෙනැල්ලා සිංහලෙන් අහන්න ලැබෙන දවස් වැඩි ඈතක නැති වේවි!

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. indika27 said, on ජනවාරි 14, 2015 at 10:33 පෙ.ව.

    හපෝ ලංකාවෙදි නම් වෙන්නෙ ඕක මෙව්වා කරලා බලනව ලගපාත ඇන්ටියෙක් හරි කෑල්ලක් හරි ඉන්නවද වාහනේක යන කෙනෙක් කියලා..ඉන් පස්සෙ ඉතිං මොන ට්‍රැෆික් තිබුනත් අර කෑල්ල ටැකල් කරගන්න තමයි නේ අපේ අය උස්සාහ කරන්නෙ…

  2. විචාරක Wicharaka said, on ජනවාරි 14, 2015 at 11:15 පෙ.ව.

    වැදගත් කරුණු රැසක් දැනගත්තා. බොහොම ස්තුතියි.

    හම්මෝ පහුගිය කාලේ ලංකාවේ තිබුණ දේශපාලන ට්‍රැෆික් එක මගහරවාගෙන නියම පාර හොයාගන්න සෑහෙන්න මහන්සි වෙන්න වුණා.

  3. Shiroshan Randika said, on ජනවාරි 15, 2015 at 2:39 පෙ.ව.

    මේ තරමටම නැති වුනත් වාහන තදබදය අඩුකරන ඇප් එකක් මීට අවුරුද්දකට විතර කලින් ලංකාවෙත් හදල තිබුන road.lk කියල. Android App -https://play.google.com/store/apps/details?id=lk.road


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: