අරුණි ශපීරෝ‍ වෙතින්

අද ඇමෙරිකාවේ ජනාධිපතිවරැන්ගේ දිනයයි

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 16, 2015

Grover Cleveland.tif

පෙබරවාරි මාසයේ තුන්වැනි සඳුදා දිනයේ සැමරැම ජෝර්ජ් වොෂිංටන්ගේ උපන් දිනය, ඒබ්‍රහම් ලින්කන්ගේ උපන් දිනය නිමිති කරගත්තක් සේ ම, ඇමෙරිකාවේ සියළු ජනාධිපතිවරැන් සිහිකරන නිවාඩු දිනයකි.

යහපාලනය ගැන කතාබහ පටන් ගෙන ඇති ලංකාවේ අයට ඇමෙරිකාවේ නිදහස අගයන අයගේ* ජනාදරයට පත් වූ ජනාධිපතිවරැන් කවුදැයි හඳුන්වා දෙන්නට තබන සටහනකි මෙය.

කැල්වින් කූලිජ් නොහොත් “සයිලන්ට් කැල්” යැයි හැඳින්වෙන ජනාධිපති කළේ තමන්ට හිමි වූ මුල් පුටුවේ බලයෙන් ආණ්ඩුවේ බලය අඩු කිරීමයි. බදු වැඩි කරන හා වියදම් වැඩි කරන විසල් ආණ්ඩු සමයක කූලිජ් ඒවාට දායකත්වය නොදී සිටීම ඇමෙරිකන් ඉතිහාසයේ කැපී පෙනෙන ලක්ෂණයකි.

වොරන් හාඩින් මිය ගිය හෙයින් ජනාධිපති වූ කූලිජ් දිව්රුම් දුන්නේ මධ්‍යම රාත්‍රියේ දී සමාදාන විනිශ්චයකරැවෙක් වූ සිය පියා ඉදිරියේ දී ය. ඔහු දිව්රැම් දීමෙන් අනතුරුව නැවත නිදන්නට ගියේය.

කැල්වින් කූලිජ් වසර හයක් බලයේ සිටියේය. හාඩින්ගේ මරණයෙන් පත්වීම ඔහු තම ප්‍රථම නිල වාරය හැටියට සලකා දෙවැනි වාරයක් ජයගෙන එහෙත් තෙවැනි වාරයක් ඉල්ලන්නට නොගියේය. ඒ රටේ නීතියෙන් ජනාධිපතිවරයාට නිල වාර සීමාවක් සම්මත නොවූ යුගයක වීම අතිශය පැසසුමට ලක්විය යුත්තකි.

හේ තෙවතාවක් බදු ප්‍රමාණවත් ලෙසකින් පහළ දැම්මේය. ව්‍යාපාරිකයන්ට පාඩුවේ වැඩ කරගෙන යන්නට ඉඩ සැලසෙන පරිදි වැඩ කරන අයව ඒවාට ඇඟිලි ගසන ආණ්ඩුවේ ආයතන වලට පත් කළ අයෙකි. විදේශ වෙළඳපොල සමඟ ගණුදෙනු සඳහා League of Nations හා හවුල් නොවී ඇමෙරිකාව තනියම කටයුතු කළ යුතු යැයි ඔහු විශ්වාස කළේය.

කූලිජ් විසින් ගෙන ගිය පිළිවෙත් නිසා ෆෙඩරල් ආණ්ඩුවේ ණයබර හතරෙන් එකක් අඩු කරගන්නට හැකිවිණ. ඒ කාලයේ ප්‍රාන්ත ආණ්ඩු වල බජට් ෆෙඩරල් බජට් වලට වඩා ඉහළින් වැඩි වූ කාලයකි.

කූලිජ් විසින් ගොවියන්ට බෙදන සහනාධාර ප්‍රතික්ෂේප කළේය.

ගංවතුර පාලනයට ෆෙඩරල් ආණ්ඩුව මැදිහත්වීම හෙළා දැක්කේය.

කළු ඇමෙරිකන් අයගේ සහ කතෝලික භක්තිකයන්ගේ සිවිල් අයිතීන් ආරක්ෂාවට පක්ෂ වූ අතර විදේශීය යුද්ධ වලට හවුල් වීමෙන් වැළකී සිටියේය.

Seeing Calvin Coolidge in a Dream (1996) නමින් ප්‍රබන්ධයක් ලියන ජෝන් ඩාර්බිශර් එහි කතා නායකයා හැටියට යොදන්නේ උගත් චීන සංක්‍රමණිකයෙකි. මේ චීන සංක්‍රමණිකයා ඇමෙරිකන් වෙන්නට ඇමෙරිකන් ඉතිහාසය හදාරයි. එහි දී රටේ සාමය සහ සමෘද්ධිය අතිවිශිෂ්ඨ ලෙසකින් පැවතුනු, භෞතික සැප සම්පත් පමණක් නොව සංස්කෘතියෙන් ද දියුණු වූ සමය කැල්වින් කූලිජ්ගේ පාලන සමය බව ඔහු සොයා ගනියි. තමා හැදුනු වැඩුනු පරිසරය අනුව චීනා හිතන්නේ රටක සමෘද්ධිය එහි නායකයාගේ සද්ගුණය හා බැඳී තිබෙන්නක් කියායි. එම සාමය හා සමෘද්ධියට පාදක වෙන නායකයාගේ සද්ගුණය නම් පුරවැසියන්ගේ ජීවිතයට කරන ආණ්ඩුවේ මැදිහත්වීම් වලින් කොතරම් අයින් වීම ද යන්න ඇමෙරිකාවේ ද බහුතරයකට තවමත් වටහා ගැනීමට අසීරැ වූවකි. ඵෛතිහාසික ප්‍රබන්ධයක් තුල ඵෛතිහාසික තොරතුරු ඉතාමත් නිවැරදි ලෙසින් දක්වන්නට මෙහි කතුවරයා ගත් උත්සාහය අනගියි.

“දේශපාලන මනස යනු මහජන ජීවිත ගත කරන ලද මිනිසාගේ දෙවරක් පිළුණු වූ ප්‍රතිඵලයකි. වරක් ප්‍රශංසාවෙන් ද වරක් අවලාදයෙන් ද පිළුණු වී ඇත. ඔවුනට කිසිවක් ස්වභාවික නොවේ. සියල්ල කෘතිම ය.” -කැල්වින් කූලිජ්

හිටපු ජනාධිපති විලියම් හෙන්රි හැරිසන් බලයට පැමිණ මාසයක් ඇතුලත මිය ගිය නිසා බලයට පත් වූයේ ජෝන් ටයිලර් ය. “ඇක්ටින් ප්‍රසිඩන්ට්” යැයි හඳුන්වමින් ඔහුගේ මුල් පුටුවේ බලය හෑල්ලු කරන්නට ගිය අයට ඔහු හොඳ පාඩමක් ඉගැන්වීය. වසර හතරක පමණ නිල කාලය තුල තමන් සතු නිශේධන බලය ඔහු බහුල වශයෙන් භාවිතා කළේය. ඒ කොංග්‍රසය, සුපිරි උසාවිය සහ ජනාධිපති අතර බලය බෙදී පවතින බව පසක් වෙන සේ කටයුතු කිරීමෙනි.

සෙමිනෝල් ස්වදේශී ඇමෙරිකන් ජනතාවට ඔවුන්ගේ සම්භවය තිබි ෆ්ලෝරීඩා ප්‍රාන්තයේම වාසයට ඉඩ දී එතෙක් ඇමෙරිකන් ඉතිහාසයේ වැඩිම වැයක් ගිය සහ දරැණුතම ලේ වැගිරුණ යුද්ධය සේ සැලකෙනදෙවැනි සෙමිනෝල් යුද්ධය නිමා කළේය. ඔහු ඩෝ කැරැල්ලට ෆෙඩරල් හමුදාව යැව්වේ නැත. එහෙත් ඔහු ටෙක්සාස් එකතු කිරීම නිසා පසු කාලයක දී මෙක්සිකන්-ඇමෙරිකන් යුද්ධ හටගති.

ව්‍යාපාර සඳහා සහනාධාර බෙදීමේ උත්සාහය ඔහු වැළැක්වීය.

අත්සන් කරන්නට ගෙනා නව පනත් වලින් බහුතරය ප්‍රතික්ෂේප කර දමන්නට සමත් වූවෙකි. මීට කළින් ලියූ සටහනේ එන නීතියේ රීතිය ආරක්ෂා කිරීම ගැන මෙය කදිම උදාහරණයකි. හැබැයි යල්පැන ගිය නීති පද්ධතියක එල්ලී සිටීම නොව ඇමෙරිකන් ව්‍යවස්ථාව සහ අයිතීන්ගේ පනත වැනි විධිමත් නීති පද්ධතියක් ඇත්නම් පමණි මෙය සාර්ථක වෙන්නේ යැයි ද කිව යුතුයි!!!!

ප්‍රාන්ත ෆෙඩරල් ආණ්ඩුවේ මුදලින් යැපෙන්නට සලසන මධ්‍යම බැංකුවක් හදන්නට ගිය උත්සාහයන් හේ ව්‍යර්ථ කළේය. එයින් රටේ එක් පිරිසක් පරදුවට තබා තවත් පිරිසකට විශේෂ වැදගත්කම් දෙන අයට භාණ්ඩාගාරය විවෘත කර තබන්නට ඔහු ඉඩ නුදුන්නේය.

මුදල් ප්‍රසාරණයට හේ කැමැත්ත නොදැක්වීය.

ජේම්ස් ගාර්ෆීල්ඩ්ට ජනාධිපති පුටුවට එන්න උවමනාවක් නොතිබිණ. සිවිල් යුද්ධයේ ජනරාල්වරයෙක් වූ හෙතෙම නිලවාර 9 ක් කොංග්‍රස් සභාවේ නියෝජිතයෙක් වූවෙකි.

කළු ඇමෙරිකන් අයට සිවිල් අයිතීන් තහවුරැ කරන්නටත්, තම පක්ෂයෙන්ම ගෙනා සමහර කර්මාන්ත ආරක්ෂාව පිණිස තීරැ බදු ඉහළ යැවීම ප්‍රතික්ෂේප කරන්නටත් ගාර්ෆීල්ඩ් සමත් විය.

ආණ්ඩුවේ රැකියා සොයා, ආණ්ඩුවෙන් උදව් ඉල්ලා එන අයගේ නිමාවක් නැති බව දැකි ගාර්ෆීල්ඩ් “මගෙ දෙයියනේ! මෙතැන මොකක්ද තියෙන්නෙ මිනිසෙකුට ඊට එකතු වෙන්නට උවමනා වූවක්?” යැයි විමසීය.

ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ් නිල වාරයක් අවසන් වීමේ දී යළි තෝරා ගැනීම නිසා නොවන දෙවරක් බලයට පත් වූ එකම ජනාධිපතිවරා වෙයි. එසේම මැදිහත්වීම් වලින් අඩු ආණ්ඩුවක් වෙනුවෙන් කැප වූ ඩෙමොක්‍රැටික් පක්ෂයෙන් පත්වෙන අන්තිම ජනාධිපතිවරයා ද වෙයි.

ක්ලීව්ලන්ඩ් යුද්ධ නොකළේය. ඔහු කරන ලද මැදිහත් වීම් වලට වඩා ඔහුව ඇගයෙන්නේ අනුන් ගෙනා මැදිහත්වීම් මහත් රාශියක් වළක්වන්නට සමත්වීම නිසයි.

ආණ්ඩුවේ සේවකයන් සංඛ්‍යාව අඩු කරන්නට සමත් විය.

“ජනතාව ආණ්ඩුවට සහාය දුන්නාට, ආණ්ඩුව ජනතාවට සහාය දිය නොයුතුයි,” කියන අයෙක් වර්තමානයේ කුමන හෝ රටක ජනාධිපතිවරයෙක් වේවි ද?!!!!!!!

මෑත කාලයක දී රටවැසියන්ගේ ණයබර ඉහළ යාමට නොව රට සංවර්ධනයට පාදක වූ ජනාධිපතිවරයෙක් හැටියට ඉන්නේ රොනල්ඩ් රේගන්ය. ඔහු සිය මුල් පුටුවේ බලයෙන් කොංග්‍රස් සභාවේ මැදිහත්වීම් අඩු කරන්නට රටවැසියා සමඟ එකතු විය. එහෙත් ඔහු ආණ්ඩුවේ සමහර විසල් සැලසුම් සඳහා (උදා: මත්ද්‍රව්‍යට එරෙහි යුද්ධය) කැමැත්ත දැක්වීය. ඔහුගේ කාලය තුල ලිවියතන් රාක්ෂයා වර්ධනය වීමේ වේගය මඳක් බාල වූවා පමණි. රේගන් පාදක කරගත් රහස් පරීක්ෂක ප්‍රබන්ධයේ මා කළ සිංහල පරිවර්තනය “ඇමෙරිකන් බදු අබිරහස” මෙතැනින් කියැවිය හැකියි.

*Three Great Presidents You Don’t Know, by Lawrence Reed

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on පෙබරවාරි 17, 2015 at 1:20 පෙ.ව.

    ලංකාවේ යහපාලනය ගැන කතා බහ කරනවා යන්න වැරදියි. යහපාලනය අණ බෙරගහමින් ප්‍රචාරයත් කරනවා යනුවෙන් නිවැරදි කළා නම් හොඳයි. යහපාලනය කියන්නේ කුමක්ද ? එහි අංග මොනවා ද? ඒ පිළිබඳ විවිධ විද්වතුන්ගේ නිර්වචන පිළිබඳ හඳුන්වා දෙන නිර්වචන ආදිය පවා පාලිතයන්ට කියලාත් දෙනවා


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: