අරුණි ශපීරෝ‍ වෙතින්

ධනවස්තු නිෂ්පාදනයේ පාලනය යනු මිනිස් ජීවිත පාලනයයි

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 19, 2015

vz00250-

පුද්ගලික ජීවිතයට කරන මැදිහත්වීම් වලින් සැලසුම් හදන නායකයන් අපට කියන්නේ ඒ ආඥාදායක නීතීන් බලපාන්නේ ආර්ථික කටයුතු වලට කියා පමණකි.

සමාජයේ වැසියන් බොන “මතට තිත” තබන්නට මැදිහත්වීම් රිසි වූවන් ගෙන එන්නේ මත් හි ඵලවිපාක අවබෝධයට කැමැත්තෙන් සහභාගී විය හැකි වූ වැඩ සටහන් නොවේ. මත්පැන් භාවිතය මෙයින් අඩු කරත හැකි යැයි කියමින් ගෙනෙන ඔවුන්ගේ අසාර්ථක ආර්ථික ප්‍රතිපත්තියයි.

සිගරට් බීම නවත්තන්නටය කියා සිගරට් බීමෙන් ලැබෙන දුර්විපාක රැගත් ඡායාරෑප පල කිරීම ගැන ඔස්ට්‍රේලියාවේ වැසියන්ගේ කැමැත්ත නොබෝදා 28% ක සිට 49% ක් දක්වා වැඩි විය. මැදිහත්වීමේ නීතිය කඩ නොකිරීමේ තහනම ඔස්ට්‍රේලියන් රජයට පනවත හැක්කේ සිගරට් පැකට් එක හදන කොම්පැණියටයි. වෙනත් නිෂ්පාදකයන් විසින් දුර්විපාක ඡායාරෑප රැගත් සිගරට් පැකට් එක නොදැක ඉන්නට හැදූ ඒවා ඉතා සීඝ්‍රයෙන් අලෙවි වූහ.

මිනිසා යනු අපූරැ සතෙකි.

“මිනිසා ජීවත්ව සිටින තාක් කල්, ඔහුගේ හද පතුලෙන් නැඟෙන නැතිවම බැරි සාරයට (élan vital) සවන් නොදී සිටීමට ඔහුට නොහැකිය. ජීවිතය පවත්වා ගැනීමට හා ශක්තිමත් කර ගැනීමට මාර්ග සෙවීම ඔහුගේ සහජ ගතියයි. පවතින තත්වයක් ඔහුගේ කැමැත්ත අනුව අසම්පූර්ණ වූ විට ඉන් ඇතිවන නොසන්සුන් බවෙන් ගැලවෙන්නට ඔහු සතුට යැයි කියන්න සොයා යන්නට ඔහු පෙළඹේ.”-ලුඩ්විග් වොන් මීසස් සිය මිනිස් ක්‍රියාකාරකම් පොතෙන් මෙය මනාව පැහැදිලි කර දුන්නේය.

මිනිස් කැමැත්ත හසුරැවන්නට මැදිහත්වීම්කරැවන් ගන්නා වෑයම් මොනවා වුවත්, ඒ ඒ මිනිසා සොයා යන්නේ තම තම කැමැත්ත ඉටු කරගන්නට මාර්ගයකි. වෙළඳපොල යනු තම කැමැත්ත සොයා යන මිනිසා වෙතින්ම නිර්මාණයක් වූවක් බව බැහැරලකට දා මැදිහත්වීම් නීති පැනවීමෙන් මිනිස් හැදියාව වෙනස් කර නොහැකියි.

දුර්විපාක සිහිකරන ඡායාරෑප සිගරට් පැකට් වලට සිගරට් නිෂ්පාදකයන් ලවා දම්මවන්නට ඔස්ට්‍රේලියන් ජනතාවගේ කැමැත්ත ඉහළ ගියේ ඒ මැදිහත්වීමෙන් සත්‍යයෙන්ම සිගරට් බීමෙන් අනිවාර්යෙන්ම රෝගාබාධ වලට ගොදුරැ වෙන අයව බේරාගැනීමට හැකිවෙනවා යන විශ්වාසය නිසයි.

වෙළඳපොල සඳහා සිගරට් හැදීම සහමුලින් තහනම් කළ නොහැකියි. මිනිස් ඉතිහාසයේ සෑම අස්සක් මුල්ලකින්ම කුමන විලාසයකින් හෝ එන ‘හයි’ එකක් ලැබෙන්නක් උරා බොන්නට මිනිසුන් අතර පිරිසක් කටයුතු කරන ලද බැව් පෙනේ. සිගරට් නිෂ්පාදනය සහමුලින් තහනම් කළ හොත් ඒ කර්මාන්තයේ කළුකඩකාරයන් රජයනු ඇත.

මිනිස් සිරැරට අහිතකර වූවක් නිපදවන්නට ලාබ උපයන කොම්පැණි වලට ඉඩදීම අනුන් ජීවත්විය යුත්තේ කෙසේදැයි තීරණය කරන මැදිහත්වීම් රිසි වූවන්ගේ සිත් කරදරයට පත් කරයි. එවැනි කොම්පැණි ලබන ලාබ වලින් බදු ගැනීම ගැන ද මොවුන්ගේ සිත් කරදරයට පත් වේ. ඉතින් මේ අනුන් ජීවත්විය යුත්තේ කෙසේදැයි තීරණය කරන මැදිහත්වීම් රිසි වූවන් ඔවුන්ගේ සිත් කරදරයෙන් නිදහස් කර ගැනීමට සිගරට් පැකට් වල දුර්විපාක පෙන්වන ඡායාරෑප සිගරට් කොම්පැණිය ලවාම දැම්මවීමෙන් යහපත් ප්‍රතිඵල ලැබේ යැයි දුර්තමය බහුතරයක් පක්ෂ වූ මහජන මතයක් හැටියට ගොඩ නඟති.

මැදිහත්වීම් රිසි වූවන් මෙවැනි අසාර්ථක වෑයම් ගණනාවක නියැළෙති. ඔවුන්ගේ ශක්තිය ලැබෙන්නේ මහජන මතයෙන්.

මහජන මතය විසින් ප්‍රතිපත්ති තීරණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයක වුවත් ඒකාධිපතිවාදයක වුවත් සිද්ධ වෙන්නේ එකම ලෙසින් යැයි පැහැදිලි කළේ න්‍යාය සහ ඉතිහාසය ලියූ ලුඩ්විග් වොන් මීසස් විසිනි.

දේශපාලනඥයෙකුට ජයග්‍රහණය කළ හැකියාව ලැබෙන්නේ ඔහුගේ සමයේ මතවාදයන්ට අනුව ඔහු හැඩගැසෙනවා නම් පමණකි. යම් අරමුණක් සාක්ෂාත් කරගැනීමට ඒ අයට ගමන් කරන්නට උවමනා මාර්ගයේ ඔවුන්ව දක්කා ගෙන යන්නට යමෙක් සූදානම් පමණක් එවැන්නෙක් නායකයෙක් වෙයි.

යම් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් මහජන මතයට විරැද්ධ වෙන්නේ නම් ඔහුට පැවැත්මක් නැත. එවැන්නා ප්‍රජාතන්ත්‍රවාදයක නිලධාරියෙක් දැයි කියා හෝ ඒකාධිපතියෙක් කියා හෝ වෙනසක් නැත. දේශපාලනඥයා මිනිසුන් ඉල්ලා සිටින්න දිය යුත්තෙකි.

හරියට ව්‍යාපාරිකයා විසින් පාරිභෝගිකයා ඉල්ලා සිටින්න දීම වගේමයි!!!!

දැන් හිතාගන්න පුළුවන් නේද ඕනෑම රටක අයහපත් ප්‍රතිපත්ති වලට මූලික වන හේතුව මොකක් ද කියා?

ඒ නිගමනයට එන්න බැරි අයට: බහුතර රටවැසියන් අයහපත් මතයන් අල්ලා ගෙන සිටීම නිසා අයහපත් ප්‍රතිපත්ති බිහි වේ!!!!

ඒ ආණ්ඩුවට බැනලා මේ ආණ්ඩුවට ගෙනාවට වැඩක් නැහැ. දූෂණය, භීෂණය, මංකොල්ලය යනාදිය සමාජයකින් තුරන් වෙන්නේ නැහැ ඒවා සත්‍යයෙන්ම මොනවාදැයි අවබෝධයක් ලැබෙන මහජන මතය වෙනස් වෙලා නැත්නම්.

ඒකාධිපතිවාදයක් එක්ක බැලුවම ප්‍රජාතන්ත්‍රවාදයක ඇති එකම වාසිය, අරමුණු කරගත්තා වූ දේශපාලන ප්‍රතිඵලය කරා යන්න සිද්ධ කරන ලේ වැගිරීම් අඩු වීම පමණයි.

ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරන්නෙ බහුතරයේ සැලැස්ම අනුව සම්පාදනය වෙන ආණ්ඩුවක්. පැහැදිලි බහුතරයක් ඇති වෙද්දී සුලුතරය යටත් වී සිටීමත්, පැහැදිලි බහුතරයක් නැති වුනාම හැමදාම අවුල් වියවුල් තියෙන රටක් වීමත් දකින්නට ලැබෙන්නෙ ඒකයි.

මිනිසා ස්වභවයෙන්ම කැමතියි ඒකාධිපතියෙකුට. ඒකාධිපතියා යන සංකල්පය හැමදාම මිනිසුන් අතර ජනප්‍රිය වූවක් බව මීසස් පැහැදිලි කරල තියෙනව. සාමාන්‍ය බුද්ධිය පැත්තකට දාලා අනුන්ගේ සිත් දිනාගන්නට සමත් පෞරැෂ සම්පන්න නායකයෙකු ගැන දැඩි විශ්වාසයක් තබා ගැනීම මිනිසාගේ සාමාන්‍ය හැදියාවක්.

සාමාන්‍ය බුද්ධිය වෙහෙසන්නට, බුද්ධිමය විචාරය සඳහා ඉඩ දෙන්නට නම් නිවැරදි අදහස් ගැන කතාබහක් සමාජයක පටන් ගැනෙන්න අවශ්‍යයයි. නිවැරදි අදහස් ගැන කතාබහ වැඩිවෙද්දී මහජන මතය ද නිවැරදි වෙලා එවිට රටක නිවැරදි ප්‍රතිපත්ති ද බිහිවෙයි.

තමන්ට ලැබී ඇත්තේ දූෂණ භීෂණ වලින් පිරි රටක් සහ ඒවායේ නිරත වෙන පාලකයන් නම් එය ඔවුන්ගේ වැරැද්ද නොව ඔබ ඉල්ලා සිටින්න ඔබට ලැබී ඇති සැටි පිළිබිඹු කරනවා පමණකි.

“ධනවස්තු නිෂ්පාදනයේ පාලනය යනු මිනිස් ජීවිතයේ පාලනයම වේ.” -හිලෙයාර් බෙලොක්

“The control of the production of wealth is the control of human life itself.” -Hilaire Belloc

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. krishramanayaka71 said, on පෙබරවාරි 27, 2015 at 9:04 ප.ව.

    80 ..90 ගනන් වලට පෙර ඉඳන් පැවති බස්ඇතුතෙ කෝච්චි ඇතුලෙ කල දුම්බීම..ක්‍රමයෙන් අඩුවී ගියේ රජය දුම්බීමට එරෙහි තහනම් නීති ගේන්න කලින්..ඒකීය මිනිසා නිදහසේ සීමා ක්‍රමයෙන් කැමැත්තෙන් ලකුණු කරගැනීමක් ඒක.නමුත් රජය මැදට පැනල තහනම් කරල කලේ ලකුණු දාගැනීමක් එක එක්කෙනා හයිලයිට් වීමක්..!! . එහිදී පුද්ගල නිදහස විනාශකිරීමේ බරපතල කම කාගෙවත් අවධානයට ලක්නොවීම කනගාටුවක්.රජයක් නැතුව නීති ැරගුලාසි නැතිව ශිස්ට විය නොහැකි යැයි තියෙන මිත්‍යාව කුඩු ගැහැව්වට එහා තියෙන චින්තමය ඇබ්බැහියක් කියල කුඩ්ඩන්ට බනින අය කවදාවත් තේරුම් ගන්නෙ නෑ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: