ආදරය සහ මිත්‍රත්වය පිටාර ගලන්නේ කෙසේද?
විමසිල්ලකින් සොයා බැලීමකින් තොරව සත්‍යය යැයි අල්ලා ගෙන සිටින තවත් දුර්මතයක් නම් වෙළඳපොල නිසා ගිජු බව සහ ආත්මාර්ථකාමය වර්ධනය වෙන බවයි. එය විශ්වාස කරනවුන් කියනුයේ වෙළඳපොලේ ගැවසෙන මිනිසා අඩුම මිලට පමණක් බඩු හොයනවා කියායි. නැත්නම් ඉහළම ලාභ උපයනවා කියායි. ඒ හෙයින් වෙළඳපොල ගණුදෙනු කරන අය ගිජු බව සහ ආත්මාර්ථකාමයෙන් පමණක් පෙළඹෙන අනිත් අය ගැන නොතකන අය බවයි.
නමුත් විමසා බලන්නෙකුට පෙනී යන්නේ වෙළඳපොල යනු පුද්ගලයාගේ ගිජු බව හෝ ආත්මාර්ථකාමය වර්ධනය කරන හෝ අවහිර කරන තැනක් නොවන බවයි. වෙළඳපොලක් යනු වඩාත්ම පරාර්ථකාමී වූව මෙන්ම වඩාත්ම ආත්මාර්ථකාමී වූවටද එක සේ ඉඩ ලබා දෙන සාමකාමී තැනක් පමණි.
අනුන්ට උපකාර වනු පිණිස ජීවිතය කැප කරන අයත් ඒ අරමුණ සාක්ෂාත් කරගන්නට වෙළඳපොල භාවිතා කරයි. ඒ අය සේ ම තම වත්කම් වැඩි කරගන්නට වෙහෙසෙන්නා ද වෙළඳපොල භාවිතා කරයි. සමහර අය තම වත්කම් වැඩි කරගන්නේ අනුන්ට උදව් පදව් කරත හැකියාව වැඩි වර්ධනය කරගන්නටයි. බිල් ගේට්ස් මෙන්ම ජෝර්ජ් සෝරෝස් ද වර්තමානයේ මේ දෙවැනි කොටස පෙන්වන නිදසුන් වෙති. ඔවුන් මහා ධනස්කන්ධයන් උපයා ගැනීමේ තවමත් නියැළෙන්නේ ඔවුන්ගේ දානමය කටයුතු වලින් අනුන් උපකාර කිරීම සඳහායි.
තෙරේසා මව්තුමිය වැන්නියකට අවශ්‍ය තමන්ගේ වත්කමෙන් වැඩි පිරිසක් වෙනුවෙන් ආහාර පාන, ඇඳුම් හා ඖෂධ සපයන්නටයි. ඇයගේ උදව් පතා එන අයට ඒවා අඩු මිලට ගත හැකියාව ඇයට පාදා දෙන්නේ වෙළඳපොලයි.
වෙළඳපොල නිසා වත්කම් නිර්මාණය වෙයි. අනතුරුව සමාජයක අවසානාවන්තයන්ට උදව් පදව් කරන හැකියාව වැඩි වර්ධනය කරන්නේ ද වෙළඳපොලයි. දානපතියන්ට දානමය කටයුත්තේ යෙදෙන්නට හැකියාව පාදා දෙන්නේ වෙළඳපොලයි.
සාමාන්‍යයෙන් කරන වැරැද්දක් නම් මිනිසුන්ගේ අරමුණු සමඟ ඔවුන්ගේ “ස්වාර්ථය” ඈඳාගෙන අනතුරුව එය “ආත්මාර්ථකාමය” සමඟ පටලවා ගැනීමයි. වෙළඳපොලක ගණුදෙනු කරන ජනතාවගේ අරමුණු ඔවුන් ගැනම වූවක් බව සැබෑය. එහෙත් මගේ අරමුණ යනු මගේ පවුලේ සාමාජිකයන්, මගේ යහළුවන්, මගේ අසල්වැසියන් ගැනත් සමහර විට කිසිදා දැක හමු වී නොමැති අයගේ යහපත ගැනත් ඇති තැකීමකින් හටගත්තා වෙන්නට හැකියි.
ඉතින්, වෙළඳපොල යනු මගේ, මම දන්නා හඳුනන අයගේ පමණක් නොව කොහෙත්ම නොදන්නා අයගේ උවමනාවන් ගැන පවා තැකීමක් කරන්නට හැකි ලෙස නිර්මාණය වී ඇති තැනකි.
මිනිස් සමාජයක් වෙනුවෙන් අඩිතාලම වැටෙන්නේ ආදරය සහ මිත්‍රත්වය මතින් නොවේ. ආදරය සහ මිත්‍රත්වය යනු එකිනෙකාගේ යහපත පිණිස කටයුතු කරගනිද්දී, ලොකු කුඩා සෑම කල්ලියක් තුලින් ම, හටගන්නා ඵලදාවයි. එහෙම අන්‍යෝන්‍ය ප්රතිලාභයන් නොමැති නම් සමාජයක් බිහිවෙන්නේ නැත.
එකිනෙකාට යහපතක් සිද්ධ නොවනවා නම්, A කරන හොඳ B ට සිද්ධ වන හානිය නම්, එවිට ඔවුන් කිසිදාක ගණුදෙනුවක් නොකරති. කිසිදාක එකමුතුව වැඩ කරන අය නොවෙති. කිසිදාක මිත්‍රත්වයක් ඇතිකර නොගනිති.
සහයෝගීතාව විශාල වශයෙන් ඉවැඩි කරන්නේ වෙළඳපොලයි. කවදාවත් පුද්ගලිකව නොදන්නා අය අතර පවා සහයෝගයට අවස්ථාවක් එයින් පාදා දෙයි. ඔවුන් එකම ආගම අදහන්නේ නැති වෙන්නට පුළුවනි. එකම භාෂාව කතා නොකරනවා විය හැකියි. කිසිදා මුණ ගැහෙන්නේ ද නැතිවනු ඇත.
කැමති නම් කියවන්න: මම පැන්සල
වෙළඳාමෙන් පුද්ගලයාගේ ජීවිතයට වැඩි වාසියක් ලැබීම මෙන්ම, පැහැදිලිව නිර්වචනය කරන ලද සහ නීත්‍යානුකූලව ආරක්ෂා වෙන දේපල අයිතීන් නිසා වෙළඳාමට පහසුදායක ප්‍රවේශයක් ද ලැබීමෙන් සිද්ධ වෙනුයේ නන්නාදුන අය අතර පවා පරිත්‍යාගශීලීත්වයට අවස්ථාව පෑදීමයි. ආදරය හා මිත්‍රතත්වය දේශ සීමාවන් සහ මායිම් වලට ඔබ්බෙන් පිටාර ගැලීමයි.
මාර්තු 31 වැනිදා පෙව 11ට කොළඹ 5, ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිර ශාලාවේ දී පැවැත්වෙන “ධනවාදයේ සදාචාරාත්මක බව” දේශනයේ කථිකයා වන ටොම් ජී. පාමර් ලියූ “වෙළඳපොල ගැන මිථ්‍යාවන් විස්සක්” යන ලිපිය ඇසුරිනි.
[…] […]