අරුණි ශපීරෝ‍ වෙතින්

වෙළඳපොලට මහජන භාණ්ඩ සැපයිය නොහැකි යැයි කීම

Posted in Uncategorized by arunishapiro on මාර්තු 29, 2015

bastiatbanner1

සිරස්තලයේ දුර්මතය අල්ලා ගත් අය සිතන්නේ මෙහෙමයි: මම ඇපල් ගෙඩියක් කද්දී, ඔබට කන්න නොහැකි නම්, එය තරඟයකි. එහෙත් මම චිත්‍රපටියක් ප්‍රදර්ශනය කරද්දී අනෙක් අය එය දකිනවාට මම අකමැති නම්, මට සිනමා ශාලාවක් හදා ගාස්තුවක් නොගෙවන අය එළියේ තියන්නට සිද්ධ වේ. තරඟයක් නැති හා අනිත් අයට පරිභෝජනයට නොලැබෙන්නට හදන සමහර භාණ්ඩ අධික වැයෙන් යුතුයි. ඒවා හදන්නට වෙළඳපොලට නොහැකියි. මොකද හැමෝටම උවමනා වෙන කෙනෙක් ඒවා හදන තුරු බලා සිටින්නටයි. මට එහි නිෂ්පාදනයේ වැය අධික නිසා එය නිර්මාණයට කිසිම දිරිදීමනාවක් ලැබෙන්නේ නැත. අනෙකා ද එය එසේම දකියි. එවැනි භාණ්ඩ නිර්මාණයට රජය ඉදිරිපත් විය යුතුයි. එලෙසකින් පමණක් ඒවා බිහිවේ. ආරක්ෂාව, නීති පද්ධතිය පමණක් නොව අධ්‍යාපනය, ප්‍රවාහන සේවා, සෞඛ්‍ය පහසුකම් සහ වෙනත් බොහෝ දේවල් මීට අයිතියි. ඒවා සපයන කාර්ය භාරය වෙළඳපොල ඉටු කරාවි යැයි විශ්වාසයක් තබන්නට නොහැකියි. මොකද ඒවායේ ගාස්තු නොගෙවෙන අය ඒවා පාවිච්චි කරන නිසයි. හැමෝම ගෙවන්නට අකමැති වෙන එහෙත් පාවිච්චියට කැමති අය නිසා මෙවැනි දේවල් සපයන්නට හැකියාව ඇත්තේ ආණ්ඩුවට පමණයි.

මහජන භාණ්ඩ රජය විසින් සැපයිය යුතුය යන්න බහුල වශයෙන්ම වැරදියට අල්ලා ගත්තා වූ අර්ථ ශාස්ත්‍රයේ තර්කයයි. භාණ්ඩ පරිභෝජනයට තරඟයක් ඇත් ද නැත් ද යන්න සෑම අවස්ථාවක දී ම භාණ්ඩයක නෛසර්ගික වූ ලක්ෂණයක් නොවේ. ඒත් පරිභෝජනය කරන සංඛ්‍යාව අනුව, පිහිනුම් තටාකයක දෙන්නෙක්ට පිහිනන්නට ලැබෙද්දීට වඩා එහි දෙසීයයක් පිහිනන්නට එද්දී එතැන දැඩි තරඟයක් ඇතිවේ. එසේම, බහිෂ්කරණය නොහොත් පිරිසකට පමණක් ඉඩ දී අනෙකුත් අයට ඉඩ නොදීම හැම විටම සෑම භාණ්ඩයකටම බලපාන ලක්ෂණයකි. මගේ ඇපල් ගෙඩි ඔබ කා දමාවි යැයි බියක් ඇත්නම් මම ඒවා ආරක්ෂා කරගත යුතුයි. පරිභෝජනයේ දී තරඟයක් නැති භාණ්ඩ (ඔබ ක්‍රිකට් මැච් එකක් නරඹන නිසා මටත් එය නරඹන්නට හැකියාව තිබීම) බිහි වෙන්නේ ව්‍යවසායකයන් විසින් ගාස්තුවක් නොගෙවන අයව ඉවත් කිරීමට ආයෝජනය කර ඇති හෙයිනි.

එයාකාරයෙන් භාණ්ඩ වල නෛසර්ගික ලක්ෂණයක් නොවන්නා සේ ම, මහජන යැයි සැලකෙන බොහෝ භාණ්ඩ වල ලක්ෂණය නම් ඒවා දේශපාලන තීරණ මත මිල පදනමක් නොමැතිව පිරිසකට පමණක් සීමා නොවෙන සේ පැවතීමයි. ඉතින් රජයක් “මහාමාර්ග” නිෂ්පාදනයේ යෙදෙන විට, පුද්ගලික ව්‍යවසායකුට “මහාමාර්ග” නිෂ්පාදනය කෙසේ කළ හැකි වටහා ගැනීම අසීරුයි. කිසිදු ගාස්තුවක් නොගෙවා යා හැකි පාරවල් සමඟ පුද්ගලික ව්‍යවසායකයා තරඟ කරන්නේ කෙසේදැයි පහදා ගැනීම අසීරු වෙයි. ඒත් මෙහි දී සැලකිල්ලට පාත්‍ර නොවන්නේ මහාමාර්ග යනු සත්‍යයෙන්ම නොමිලේ ලැබෙන්නක් නොවන බවයි. ඒවා බදු මගින් යැපෙන (බදු නොගෙවා සතුටුවීමේ කටුක බහිෂ්කරණය යනු සිරබන්ධනයයි) පද්ධතියකි. මිල ගණන් දකින්නට නොලැබීම යනු අකාර්යක්ෂම බවේ ප්‍රධාන හේතුව ද වේ. වාහන තදබදය යනු අත්‍යාවශයෙන්ම අගයක් වැඩි තැන්වලට නිසි සම්පත් බෙදා නොහැරීමයි. මිල ගණන් ගැන දැනුමක් ලැබෙන්නේ නැති කළ එය සිද්ධ කළ නොහැකියි. අලුතින් හටගත් ප්‍රවණතාවය වනුයේ ලෝකය පුරාම මහා මාර්ග වලට මිල ගණන් හැදීමයි. එහෙයින් මහාමාර්ග සඳහා රජය ප්‍රතිපාදන සැපයිය යුතුය යන මහජන භාණ්ඩ තර්කයට දැන් පහරක් එල්ල වී ඇත.

වෙළඳපොලට සැපයිය නොහැකි යැයි අවලාද කියන මහජන භාණ්ඩ රාශිය අතරට ප්‍රදීපාගාර සිට අධ්‍යාපනය දක්වාත් එසේම මහජන ප්‍රවාහන ප්‍රතිපත්තීන් ද හඟවන්නේ සාමාන්‍යයෙන් කියන මහජනත්වය යනු යුක්ති සහගත නොවූවක් නැත්නම් අනවශ්‍ය පමණින් වැදගත්කමක් දෙන ලද්දක් කියායි.

රාජ්‍ය මැදිහත්වීමෙන් පමණක් සමහර භාණ්ඩ නිපැදවීමට හැකි යැයි කියන තර්කයෙන්ම ලැබෙන තවත් තර්කයක් වෙන්නේ මිල ගණන් වලින් සිද්ධ නොවෙන “බාහිරව පවතින” ගණුදෙනු ඇති බවයි. මේ නිසා අධ්‍යාපනය ලබන අයට ඇති යහපතට වඩා වැඩියෙන් පැතිර පවතින යහපතක් අධ්‍යාපනය හැමටම විවෘත වීම පමණකින් ලැබේ යැයි විශ්වාසයක් ද ඇත. ඒ නිසා බදු වලින් අධ්‍යාපනයට වැය කරන මුදල් හැම විටම ඉහළ දමන්නට අවශ්‍ය යැයි පොදු ජනමතයක් බිහි වී ඇත.

එහෙත් අනෙක් අයට ලැබෙන යහපත වැඩියෙන් හෝ අඩුවෙන් වුවත්, අධ්‍යාපනයක් ලබන්නා එයින් ලැබෙන යහපත වෙනුවෙන් ඒ සඳහා අවශ්‍ය පමණින් ආයෝජනයක් ඊට කරන්නෙකි. වර්තමානයේ දත්ත පෙන්වන්නේ රජය විසින් ඒකාධිකාරයක් පිහිටුවාගෙන අධ්‍යාපනය සපයද්දී ඔවුන් ලබා දෙනවා කියන යහපත් අධ්‍යාපනය දුප්පතුන් අතර ඉන්නා ඉතාමත් දුප්පතුන්ට නොලැබෙන බවයි. ඒත් ඒ දුප්පතුන් ද තම තම හැකියාව පමණින් ඔවුන්ගෙ දිළිඳු වත්කම් වලින් සෑහෙන කොටසක් තම දරුවන්ගේ අධ්‍යාපනය පිණිස ආයෝජනය කරති. බාහිරව පවතින සාධක ඔවුන්ගේ දරැවන්ගේ අධ්‍යාපනයෙන් උත්පාදනය වුව ද, ඒ ගැන සිතමින් ඔවුන් තම දරුවන්ගේ අධ්‍යාපනයට ඔවුන්ගේ මුදල් වැය කිරීම නවත්වන්නේ නැත.

මහජන භාණ්ඩ නිෂ්පාදනය කාර්යක්ෂම ලෙසින් කරන්නට වෙළඳපොලට බැරි යැයි කියා ගෙනෙන තර්ක කිසිවක් ආණ්ඩුවට එය කාර්යක්ෂම ලෙසින් කරන්නට හැකි යැයි පෙන්නුම් කරන්නේ නැත. ඒ තර්ක වලින්ම වැඩියෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවට මහජන භාණ්ඩ කාර්යක්ෂම නිෂ්පාදනය බැරි බවයි.

අවම පාලනයකින් යුතු යුක්ති සහගත වූ පාලනයක් හොඳ මහජන සේවයකි. පුරවැසියන් අතර එවැනි පාලනයක් තුල දී වෙන පරිභෝජනය ප්‍රතිවිරෝධයෙන් තොර වීම නිසා යහපත සැලසේ. චන්දය නොදමන දරුවන් වැනි අයව එයින් ඉවත් කිරීම වැය අධික වන නිසා එවැන්නක වාසි සියල්ලන්ටම පරිභෝජනයට ඉඩ ලැබේ.

යුක්ති සහගත සහ කාර්යක්ෂම ආණ්ඩුවක් ගෙනෙන්නට චන්ද දායකයන්ට සහ දේශපාලනඥයන්ට ඇති හැකියාව ප්‍රශංසා කළ හැකි වූවක් නොවේ. විශේෂයෙන්ම ව්‍යවසායකයන් සහ පාරිභෝගිකයන් සහයෝගීතාවයෙන් මහජන භාණ්ඩ ගණුදෙනු කරන වෙළඳපොල හා සසඳා බලද්දී එය පැහැදිලිව දකින්නට ලැබේ.

එයින් කියැවෙන්නේ ආණ්ඩුවක් මහජන භාණ්ඩ නිෂ්පාදනයේ කිසිත් භූමිකාවක් කිසිදිනක නොගත යුතු යැයි කියා නොවේ. නමුත් පුරවැසියන් හැටියට ආණ්ඩුවට වැඩි වැඩියෙන් දිගින් දිගටම මහජන භාණ්ඩ නිෂ්පාදනයේ වගකීම බාර දීමෙන් වැළකිය යුතු කියායි. වැඩියෙන් වගකීම් රජයට බාර දෙනවිට එයට එය හරි හැටියට කරගෙන යෑමට හැකියාව අඩු වී යයි. විශේෂයෙන්ම දැනටමත් විශේෂ වරප්‍රසාදයක් හිමිකරගත්තා වූ රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව සැලසීම වැනි මහජන භාණ්ඩයක් කාර්යක්ෂමව නිෂ්පාදනය නිසි සේ කරගෙන යෑමට එහි දී රජයට අපහසු වෙයි.

මාර්තු 31 වැනිදා පෙව 11ට කොළඹ 5, ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිර ශාලාවේ දී පැවැත්වෙන “ධනවාදයේ සදාචාරාත්මක බව” දේශනයේ කථිකයා වන ටොම් ජී. පාමර් ලියූ “වෙළඳපොල මිථ්‍යාවන් විස්සක්,” යන ලිපිය ඇසුරිනි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: