අරුණි ශපීරෝ‍ වෙතින්

අපි උපරිම කළ යුත්තේ කුමක් ද?

Posted in Uncategorized by arunishapiro on මැයි 12, 2015

Galaxy-class_replicator

මෙහි පළමු කොටස මෙතැන. මෙය දැනුම සොයන්නට කැමති එහෙත් හරබර අදහස් සිංහලෙන් කියවන්නට නොදත් අය සඳහා වූ පරිවර්තනයකි. මෙතෙක් ලොව පහළ වී ඇති අගනා නිර්මාණයන් නොදැනීමෙන් කතාබහේ දී හැමදාම එකතැනම හිර වී සිටිය ද එතැනින් එහාට සංවාදය ගෙන යන්නට කැමති අය වෙනුවෙන් මෙසේ මගේ වටිනා කාලය වැය කරමි.

=====

ජනගහණය, මැල්තස් කීවේය, ස්වභාවයෙන්ම වර්ධනය වෙන්නේ “ජ්‍යාමිතීය” ආකාරයකිනි. දැන් එයට අපි කියන්නේ, ඝාතීය (exponentially) ආකාරයෙන් කියායි. පරිමිත ලෝකයක දී මෙයින් අදහස් වෙන්නේ ලොව පවතින භාණ්ඩයන්හි ඒක පුද්ගල කොටස ක්‍රමයෙන් අඩු වී යා යුතු බවයි. අපේ ලෝකය පරිමිත ද?

ලොව අපරිමිත යැයි දැක්ම වෙනුවෙන්, නැත්නම් එය එසේදැයි අප නොදන්නා බව ගැන, සාධාරණ සටනක යෙදිය හැකියි. එහෙත් නුදුරැ අනාගතයේ ඇතිවෙන තාක්ෂණය සමඟින් ඊ ළඟ පරම්පරා කිහිපයේ දී අප මුහුණ දිය යුතු ප්‍රායෝගික ගැටළු අනුව, නුදුරැ අනාගතයේ දී පෘතුවියේ සිටින මිනිස් ජනගහණයට ඇති ලෝකය පරිමිත යැයි අභ්‍යුපගමනය කළේ නැත්නම් අප විසින් මිනිස් දුක්ඛිතබව මහත් ලෙසකින් වැඩි වර්ධනය කරනු ඇත. “අභ්‍යවකාශය” පලා යා හැකි තැනක් නොවේ.

සීමිත ලෝකයට උසුලාගෙන සිටිය හැක්කේ සීමිත ජනගහණයක් පමණි. ඒ නිසා ජනගහණය වර්ධනය අවසානයේ දී බිංදුව විය යුතුයි. (බිංදුවට ඉහළින් ඇති මහත් සෙයින් ඉහළ පහළ යන නොවැදගත් විචල්‍ය ගැන කතා කරන්නට අවශ්‍ය නැත.) මේ කොන්දේසිය මුණ ගැසුනාම, එවිට මිනිස් වර්ගයාගේ තත්වය කුමක් වේ ද? විශේෂයෙන්ම, බෙන්තම් කියූ, “වැඩිම සංඛ්‍යාවකට වැඩිම යහපත,” සලසන්නට හැකිවේවි ද?

බැහැ,-ඒ හේතු දෙකක් නිසා, එකක් එයින්ම ප්‍රමාණවත්. පළමුවැනි හේතුව න්‍යායවාදීයි. එකම අවස්ථාවක දී විචල්‍යයන් දෙකකට (හෝ ඊට වැඩි ගණනකට) උපරිමය කරන්නට (maximize) ගණිතමය ලෙසින් නොහැකියි. මෙය පැහැදිලි ලෙසින් පෙන්වා දුන්නේ නියුමන් සහ මෝර්ගන්ස්ටර්න් විසිනි. එහෙත් මූලධර්මය අධ්‍යාහෘත (ඇතුලත් වී පවතින්නේ) අඩුම වශයෙන් ඩ’ලෙම්බර්ට් (1717-1783) තරම් අතීතයකට දුවන අංශික අවකලන සමීකරණ න්‍යායේය.

දෙවැනි හේතුව ඍජුවම පැන නඟින්නේ ජීවවිද්‍යාත්මක පරිසිද්ධි වලිනි. ජීවත්වෙන්නට නම්, ඕනෑම ජීවියෙක්ට ශක්තිය සපයන මූලාශයක් අවශ්‍යයයි. (ආහාර ඊට උදාහරණයකි). මේ ශක්තිය අරමුණු දෙකක් සඳහා යොදා ගැනෙයි: පවත්වා ගැනීමට සහ කාර්යය ඉටු කරන්නට. ජීවිතය පවත්වා ගැනීමට දවසකට කිලෝකැලරි (maintenance calories) 1600 ක් මිනිසාට අවශ්‍ය වෙයි. ජීවිතය පවත්වා ගන්නවාට වැඩියෙන් කරන සෑම කටයුත්තක්ම කාර්යයක නියැළෙන සේ නිර්වචනය කරමු. එහි දී ඔහු ගන්නා කාර්ය කැලරි (work calories) වැය කිරීමට අවශ්‍ය වේ. අපි සාමාන්‍ය කතාබහේ දී වැඩ යැයි හැඳින්වෙන්නට පමණක් නොව මේ කාර්ය කැලරි අවශ්‍ය වෙන්නේ සියළු ආකාරයන්ගේ රසවින්ඳනයන් ලබා ගැනීම සඳහායි. පිහිනන්නට, කාර් රේස්, සංගීතය වාදනයට සහ කවි පද ලියන්නටත් ඒවා අවශ්‍යයයි. අපේ අරමුණ ජනගහණය උපරිම කරන්නට නම්, අප කළ යුත්තේ කුමක්දැයි පැහැදිලියි: එක පුද්ගලයෙක්ට බැගින් අවශ්‍ය කාර්ය කැලරි හැකි තරම් බිංදුව දක්වා ගෙන යා යුතුයි. රස ආහාර, නිවාඩු ගමන්, ක්‍රීඩා තරඟ, සංගීතය, සාහිත්‍ය, කලාවන් එවිට නැත. … වාදයක් හෝ සාක්කි නැතිව, ජනගහණය උපරිමය කිරීමෙන් භාණ්ඩ උපරිමය කිරීමක් සිද්ධ නොවෙනවා යන්නට සියල්ලන්ම එකඟ වෙනු ඇතැයි මට සිතේ.

මේ නිගමනයට පිවිසෙද්දී, මම නිතර කෙරෙන අභ්‍යුපගමනය, එනම් ගැටළුව වනාහි ශක්තිය අත්පත්කර ගැනීම ගැන ගැටළුවක් යැයි සැලකීමි. පරමාණු බලය බිහිවීමත් සමඟ මේ සැලකිල්ල ප්‍රශ්න කරන්නට සමහර අය පටන් ගෙන ඇත. කෙසේවෙතත්, අපරිමිත ශක්ති මූලාශ්‍රයක් තුල පවා ජනගහණය වර්ධනය ගැලවී යා නොහැකි ගැටළුවක් මතු කරයි. ජේ. එච්. ෆ්‍රෙම්ලින් විදග්ධ ලෙසින් පෙන්වා දී ඇති පරිදි, ශක්තිය අත්පත්කර ගැනීමේ ගැටළුව වෙනුවට එය විසුරැවා හරින ගැටළුව ඇතිවේ. විශ්ලේෂණයේ අංක ගණිතමය සංඥා ආපිට හැරැනත්, බෙන්තම්ගේ අරමුණ එහෙත් අත්පත් කරගත නොහැකියි.

වැඩියෙන්ම හොඳ නැතහොත් ප්‍රශස්ත ජනගහණය යනු එවිට උපරිමයට වඩා අඩු වූවකි. ප්‍රශස්තය (optimum) නිර්වචනය නිර්වචනය කිරීමේ දුෂ්කරත්වය දැවැන්තයි. මම දන්නා තරමින්, මේ ගැටළුව වැදගත් ලෙසකින් සලකා බලන්නට ඉදිරිපත් වූවෙක් නැත. පිළිගැනීමට හැකි සහ චිරස්ථායී විසඳුමක් කරා යෑමට ඒ නිසා එක පරම්පරාවක දැඩි විශේෂණ කාර්ය භාරය සහ වැඩියෙන් නම්මවා ගැනීම පමණක් ප්‍රමාණවත් නැත.

අපිට උවමනා සෑම පුද්ගලයෙක්ට බැගින්ම වැඩිම යහපත සලසන්නයි; ඒත් යහපත යනු කුමක් ද? එක් අයෙකුට එය වනාන්නතරයයි. අනෙක් අයෙකුට එය දහස් ගණනකට පාවිච්චි කරත හැකි හිම ක්‍රීඩා සඳහා ලැගුම් ගන්නා නිවහන් වෙති. අයෙකුට එය දඩයමේ යන අයට වෙඩි තබන්නට හැකි තාරාවන් පෝෂණය කරනු සඳහා ගංඟා නදී යනාදියේ මෝය ආශ්‍රිත ප්‍රදේශයන් වෙති. තවත් අයෙකුට ඒවා කම්හල් බිම් වෙති. එක යහපතක් තවත් යහපතක් හා සංසන්දනය කිරීම කොහෙත්ම කළ නොහැකි යැයි අපි සාමාන්‍යයෙන් කියමු. භාණ්ඩ අසම්මේය වෙති. අසම්මේය දේවල් සංසන්දනය කළ නොහැකියි.

න්‍යායාත්මකව මෙය සත්‍යය විය හැකියි. එහෙත් සත්‍ය ලෝකයේ දී අසම්මේය දේවල් සම්මේය වේ. අවශ්‍ය වනුයේ විනිශ්චය කරන ක්‍රමවේදයක් සහ මැන බැලිය හැකි පද්ධතියක් පමණි. ස්වභාවික ලෝකයේ දී ක්‍රමවේදය ජීවිතය ආරක්ෂා කරගැනීමයි. කුඩා සිරැරකින් සැඟවෙන්නට හැකියාව තිබීම ද නැත්නම් විශාල වී ශක්තිමත් වීම ද වර්ග විශේෂයකට වැඩියෙන් හොඳ? ස්වභාවික වරණය විසින් අසම්මේය සම්මේය කරයි. විචල්‍යයන්හි අගැයුම් ස්වභාවිකව මැන බැලීමෙන් සමථයක් සාක්ෂාත් වෙයි.

මිනිසා විසින් මේ ක්‍රියාවලිය අනුකරණය කළ යුතුයි. ඔහු දැනටමත් එසේ කරන බවට සැකයක් නැත. එහෙත් ඔහු එසේ කරන්නේ දැනගෙන නොවේ. සැඟවී ඇති තීරණ සුප්‍රකට වෙද්දී වාද පටන් ගැනේ. පිළිගැනෙන මිනුම් න්‍යායක් සකස් කරගැනීම අනාගත වසර වල දී මුහුණ පාන්නට සිද්ධ වෙන ගැටළුවකි. සහක්‍රියාවාදී ඵලවිපාක, අරේඛීය විචල්‍යයන්, සහ අනාගතය නොසැලකීමේ දුෂ්කරතා යනාදිය මෙම විද්වත් ගැටළුව දුෂ්කර කරයි. එහෙත් (සිද්ධාන්තයක් හැටියට) විසඳිය නොහැකි වූවක් නොවේ.

එකම සංස්කෘතික කණ්ඩායමක් හෝ මේ ප්‍රායෝගික ගැටළුව වර්තමානයේ දී, ප්‍රතිභාන මට්ටමකින් හෝ, විසඳාගෙන ඇත් ද? කිසිවෙක් සමත් වී නැතැයි ඔප්පු කරන්නේ එක සරල පරිසිද්ධියකි: වර්ධන මට්ටම බිංදුවකින් තිබෙන, හෝ යම් කාලයක දී තිබුණ, සමෘද්ධිමත් ජනගහණයක් අද ලෝකයේ කිසිම තැනක නැත. ප්‍රතිභාන මට්ටමකින් එහි ප්‍රශස්තය මෙයැයි හඳුනාගත් යම් ජනගහණයක් වෙත් ද ඔවුන් ඉක්මණින් එයට පිවිසෙති. ඉන්පසුව එහි වර්ධන මට්ටම බිංදුව වී එතැන පවතී.

සැබැවින්ම, ජනගහණය ප්‍රශස්ත බැවින් පහළ සිටිනවා යැයි පෙන්වන සාක්ෂියක් හැටියට ධනාත්මක වර්ධන මට්ටමක් කියන්නට ගැනෙනු ඇත. එහෙත් පිළිගත හැකි ඕනෑම මට්ටමකට අනුව, අද ලෝකයේ (සාමාන්‍යයෙන්) වැඩිම වේගයකින් වර්ධනය වෙන ජනගහණයන් තමයි වඩාත්ම දොම්නස් බැවින් ඉන්නේ. මෙම සම්බන්ධය (එය අවිචල්‍යයක් විය යුතු නැත) සර්වශුභවාදී අභ්‍යුපගමනයක් ගැන, එනම්, ධනාත්මක ජනගහණ වර්ධන මට්ටම යනු එය තවමත් ප්‍රශස්ත තත්වය කරා පැමිණ නැතැයි පෙන්වන සාක්ෂියක් යැයි කීම ගැන සැක උපදවයි.

ප්‍රශස්ත ජනගහණ ප්‍රමාණය කරා යන වැඩ කටයුතු වල යාන්තම් ප්‍රගතියක් අපට සිද්ධ කළ හැකිවෙන්නේ, ප්‍රායෝගික ජනවිකාශය ක්ෂේත්‍රයේ ඇඩම් ස්මිත්ගේ භූතයාව පැහැදිලිවම පන්නා දමන තෙක් පමණි. ආර්ථික කටයුතු තුල, ජාතීන්ගේ ධනය කෘතිය (1776) විසින් “අදිසි හස්තය” ජනප්‍රිය කරන ලදි. එනම්, ඒකීය පුද්ගලයෙක් “තම වාසිය පමණක් අරමුණු කරගෙන,” යෙදෙන කටයුතු වල දී “අදිසි හස්තයකින් මඟ පෙන්වීමක් ලැබෙන්නේ මහජන යහපත ප්‍රවර්ධනයටයි,” යන්නයි. මෙය අනිවාර්යෙන්ම සත්‍යය වෙනවා යැයි ඇඩම් ස්මිත් තහවුරැ නොකළේය. ඔහුගේ අනුගාමිකයන් ද සමහර විට එසේ නොකරනවා විය හැකියි. එහෙත් ඔහු දායකත්වය සැපයීය. එහෙත්, විචාර බුද්ධියෙන් කෙරෙන විශ්ලේෂණය මත පදනම් වූ ධනාත්මක ක්‍රියාවන්ට එරෙහි ලෙසින්, එතැන් සිට අද දක්වා පවතින ප්‍රමුඛ චින්තනකයට ඔහු එයින් දායකත්වය සැපයීය. එය මෙසේයි: ඒකීය පුද්ගලයෙක් ලෙසින් ගන්නා තීරණයක් යනු සමස්ත සමාජයටම වැඩියෙන්ම හොඳම තීරණ බවට පත්වනු ඇතැයි හිතන්නට හුරැවක් පටන් ගැනීමයි. මේ අභ්‍යුපගමනය නිවැරදි නම්, අපේ පාඩුවේ ප්‍රජනනය කරගෙන යන අපේ වර්තමාන ප්‍රතිපත්තිය තව දුරටත් එසේම පවත්වාගෙන යෑම එයින් යුක්ති සහගත කෙරෙයි. එය නිවැරදි නම්, මිනිසා විසින් සිය ඒකීය දරැඵල සාරවත් බව පාලනය කරගෙන ප්‍රශස්ති ජනගහණයක් නිෂ්පාදනය කරනු ඇතැයි අපට අභ්‍යුපගමනය කළ හැකියි. මේ අභ්‍යුපගමනය නිවැරදි නොවේ නම්, අපි අපේ ඒකීය නිදහස් තත්වයන් නැවත විභාග කර ඒවායෙන් කුමන ඒවා ආරක්ෂා කරගත යුතු දැයි සොයාගත යුතු වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: