අරුණි ශපීරෝ‍ වෙතින්

පරිසර දූෂණය සහ මතට තිත

Posted in Uncategorized by arunishapiro on මැයි 17, 2015

absolute vodka

පළමු කොටස මෙතැනින්. දෙවැනි කොටස මෙතැනින්. තෙවැනි කොටස මෙතැනින්.

මෙය කණපිට හැරැනාම, පරිසර දූෂණය පිළිබඳ ගැටලු වල දී පොදු බවේ ශෝකාන්තය යළි දිස්වේ. එහි දී පොදු තැනෙන් යමක් එළියට ගැනීම නොව ප්‍රශ්නය එයට යමක් එකතුවයි. එනම් මළපහ, රසායන, විකිරණශ්‍රීලී, සහ පරිසරයට එකතු කරන අපවිත්‍ර උෂ්ණයන් නිසා වායුවට විෂ සහ අනතුරැදායක වායූ එකතු වීමත් සහ අපුල දර්ශන ඇස ගැසීමයි. ප්‍රයෝජනවත්කම ගණන් හදා බැලීම කළින් සේ ම සිද්ධ වේ. පිරිසිදු කර පිටකරන්නට ගෙවන වැයට වඩා, පොදු තැනට ඔහු විසුරැවා හරින අපවිත්‍ර දැය නිසා ඔහුට දරන්නට සිද්ධ වෙන පිරිවැය කොටස අඩු යැයි විචාර බුද්ධියෙන් බලන අයෙකුට පෙනී යයි. මෙය සෑම අයෙකුටම එකම සේ සත්‍යයක් වෙන බැවින්, නිදහස්, විචාර බුද්ධිය භාවිතා කරන, නිදහස් ව්‍යවසායකත්වයක කටයුතු කරන අපි හිර වී ඉන්නේ “අපේම කූඩුව කුණු වලින් පුරවා ගන්නා” ක්‍රමයකයි.

පුද්ගලික දේපල අයිතියට, නැත්නම් ඒ හා සමාන වූවකට යෑමෙන් ආහාර නිෂ්පාදනයට එල්ල වන පොදු බවේ ශෝකාන්තය මගහරවා ගන්නට හැකියි. එහෙත් අප අවට ඇති වායුව සහ වතුර වැටක් ගසා වෙන් කිරීම පහසු නැත. ඉතින් පොදු බවේ ශෝකාන්තය වැසිකිළි වලක් සේ ඉදිරිපත් වීම වළක්වා ගන්නට නම් අපිට වෙනත් ක්‍රම සොයාගන්නට සිද්ධ වේ. ඒ සඳහා අවශ්‍ය බලාත්කාරකම් කරන නීති, පිරිසිදු නොකර පිට කරනවාට වඩා අපිරිසිදුව පිට කරද්දී වැඩියෙන් බදු පැනවීම යනාදියයි. මේ ප්‍රශ්නයට අවශ්‍ය විසඳුම සොයා ගැනීමට අපි පළමු ප්‍රශ්නය තරම් ඉදිරියට ගොස් නැත. ඇත්ත වශයෙන්ම, පුද්ගලික දේපල ගැන අපට තිබෙන විශේෂ සංකල්පය පෘතුවියේ ධනාත්මක සම්පත් ක්ෂය කරදැමීම වළක්වාලයි. එය පරිසර දූෂණයට පක්ෂපාතී වෙයි. ගඟක් අසලබඩ කම්හලක අයිතිකරැවාට -ගඟ මැද්දට ඔහුගේ දේපල අයිතිය දිවෙද්දී- ඔහුගේ දොර ඉක්මවා යන පෙදෙසේ වතුර නරක් කිරීම ඔහුගේ ස්වභාවික අයිතියක් නොවන බව වටහා ගැනීම බොහෝ සෙයින් අපහසු වූවකි. නීතිය, සෑම විටෙකම වර්තමානය පිටිපස්සෙන් හඹා එන්නකි. ඒ නිසා පොදු බවේ මේ ප්‍රත්‍යක්ෂ කරගත් නව දෘෂ්ටිය දකින්නට හැකිවන සේ නීතිය විස්තර සහිතව මනාකොට හැඩගස්වා ගත යුතුයි.

පරිසර දූෂණ ප්‍රශ්නය ජනගහණයේ ප්‍රතිඵලයක් ලෙසින් හටගන්නකි. හුදකලා ඇමෙරිකන් පුරෝගාමියෙක් තම පරිසර අපවිත්‍ර කරගත්තේ කෙසේද යන්න එතරම් වැදගත් නොවූවකි. මගේ සීයා කියූ ලෙසින්, “හැම හැතැප්ම දහයක දී ම ගලන වතුර විසින්ම වතුර පිරිසිදු කරගන්නවා,” යන්න ඔහු කුඩා කාලයේ ඇත්තකට සමාන වෙන තරමේ බොරැවකි. මන්ද එකල එතරම් ජනතාවක් නොසිටියහ. එහෙත් ජනගහණ ඝනත්වය වැඩිවෙද්දී, ස්වභාවික රසායන සහ ජීවවිද්‍යාත්මක ප්‍රතිචක්‍රකරණ ක්‍රියාවලියන්ට බර වැඩියෙන් පැටවිණ. එහි දී දේපල අයිතිය නැවත නිර්වචනය කරන්නට අවශ්‍යතාවයක් ඇතිවේ.

මතට තිත සඳහා නීති සම්පාදනය කරනුයේ කෙසේද?

ජනගහණ ඝනත්වයේ ක්‍රියාකලාපයන් හේතුවෙන් පරිසර දූෂණයේ ගැටළුව විශ්ලේෂණය කිරිමේ දී හමුවෙන්නේ පොදුවේ හඳුනා නොගත් ආචාර ධාර්මිකත්වයේ මූලධර්මයකි. එය මෙසේයි: යම් ක්‍රියාවක ඇති ආචාර ධාර්මික බව යනු එම ක්‍රියාව සිද්ධ වෙද්දී රටේ පවතින ක්‍රමයේ කෘත්‍යය වෙයි. පොදු ස්ථාන වැසිකිළි ගොඩගැහෙන තැන් හැටියට භාවිතය වීම නිසා ප්‍රත්‍යන්ත වාසයේ තිබි කොන්දේසි යටතේ (පුද්ගලික දේපල අයිතියෙන් යුතු ගම්බද වාසී) පොදු ජනතාවට හානියක් පැමිණියේ නැත. ඒ එදා මහජනයා යැයි කොටසක් නොසිටි බැවිනි. එහෙත් නගරාශ්‍රිතව සිද්ධ වෙන එවැනි හැදියාවන් ඉවසාගත නොහැකියි.

වසර 150 කට පෙර තැනිතලා පෙදෙස් වාසස්ථානය කරගත් වැසියෙක්ට ඇමෙරිකන් බයිසන් සත්වෙයක් මරා උගේ දිව පමණක් ආහාරයට ගෙන ඉතිරිය විසි කර දමන හැකියාව තිබුණි. වැදගත් වෙන කිසිදු ආකාරයකින් ඔහු නාස්තිකාරයෙක් වූයේ නැත. එහෙත් බයිසන් දහස් ගණනක් පමණක් ඉතිරිව තිබිය දී, අපි එවැනි හැදියාවක් පිළිකුල් සහගත දොම්නස් බවකින් දකිමු.

එසේම ඡායාරෑපයකින් දැක යම් ක්‍රියාවක ආචාර ධාර්මික බව ගැන තීරණය කළ නොහැකි යැයි ද සඳහන් කළ යුතුයි. ඒ අයගේ ක්‍රියාව දිස්වන සම්පූර්ණ සමාජ ක්‍රමය කුමක්දැයි දැනගන්නා තෙක් අලියෙක් මරන හෝ තණබිමක් ගිනි තබන අයෙක් අනුන්ට හානියක් කරන්නේ ද යන්න දැනගත නොහැකියි. “එක පින්තූරයක් වචන දහසක් වටින්නේ ය,” යන්න පැරණි චීන කියමනකි; එහෙත් එය වලංගු කරන්නට වචන දහ දාහක් අවශ්‍ය වෙනු ඇත. ඡායාරෑපයකින් ගන්නා කෙටි මාර්ගයකින්, අනුන්ව කැමති කරවා ගන්නට ප්‍රතිසංස්කරණවාදීන්ට මෙන්ම පරිසරවේදීන්ටත් උවමනාවක් ඇතිවේ. නමුත් මේ තර්කයේ හරය ඡායාරෑපයකින් දැක්විය නොහැකියි: එය විචාර බුද්ධියෙන් -එනම් වචන වලින් ඉදිරිපත් කළ යුතුයි.

ඒ ආචාර ධාර්මිකත්වය යනු ක්‍රම-සංවේදී වූ අතීත සද්ගුණයන්හි බොහෝ සහග්‍රහාක වල අවධානයෙන් මගහැරී යන ලද්දකි. “ඔබ නොකළ යුත්තේ ….” යනුවෙන් දස පනතේ සාම්ප්‍රදායික හුරැවෙන් ලැබෙන ආචාර ධාර්මික ආඥාවන් විශේෂ අවස්ථාවකට ඉඩප්‍රස්ථාවක් සලසන්නේ නැත. වෙනස්වන, ජනතාව පිරී සිටින, සංකීර්ණ ලෝකයක් ආණ්ඩු කරන්නට, දුර්වල ආකාරයක් ප්‍රදානය කර ඇති, පැරණි සදාචාර රටාව අනුගමනය කරමින් අද පවතින අප සමාජයේ නීතී, සෑහෙන්නේ නැත. අපේ උපචක්‍රාකාර විසඳුම කරන්නේ ව්‍යවස්ථාපිත නීති වලට පරිපාලන නීති එකතු කරමින් නීති වැඩි කිරීමයි. ගෙවත්ත පිටිපස්සේ අපවිත්‍ර දෑ ගිනි තියන්නට, එහෙමත් නැත්නම් අහිතකර වායූ එකතු නොකර වාහනයක් ප්‍රවාහනය කරන්නට, වැඩියෙන්ම සුදුසු කොන්දේසි මොනවාදැයි කියා පැහැදිලිව පියවරෙන් පියවර දැක්වීම ප්‍රායෝගිකව කළ නොහැකි බැවින්, මේවායේ සුළු කාරණා වල සවිස්තර සැලසුම හදන කොටස අපි ආයතන වලට පවරා ඇත්තෙමු. එහි ඵලවිපාකය පරිපාලන නීතියයි. වෙන හේතුවක් නිසා එය නිවැරදිව බිය විය යුත්තකි. එම හේතුව නම් “කවුද මුරකරැවන්ව මුරකරන්නේ?” යන්නයි. අපිට අවශ්‍ය “නීති වලින් ක්‍රියාත්මක වන ආණ්ඩුවක් මිසෙක මිනිසුන් කරන ආණ්ඩුවක් නොවේ,” යැයි ජෝන් ඇඩම්ස් කීවේය. සම්පූර්ණ ක්‍රමයක් තුල සිද්ධ වෙන ක්‍රියා කටයතු වල සදාචාරත්වය අගයන්නට උත්සාහ ගන්නා පරිපාලන නිලධාරීන්, නීති වලින් ක්‍රියාත්මක ආණ්ඩුවක් වෙනුවට මිනිසුන් කරන ආණ්ඩුවක් බිහිකරමින් ඔවුන්ගේම අක්‍රමිකතා වලට වගකිය යුත්තෝ වෙති.

අනුගමනය බලාත්මක කල නොහැකි වූවාට, තහංචි පැනවීම නීති සම්පාදනයෙන් පහසුවෙන් කළ හැකියි. ඒත් අපි මතට සඳහා නීති සම්පාදනය කරනුයේ කෙසේද? පරිපාලන නීතියේ මැදිහත්වීමෙන් එය වැඩියෙන්ම හොඳින් කරන්නට හැකි යැයි අපි අත්දැකීමෙන් දකිමු. මුරකරැවන්ගේ මතය අපට පරිපාලන නීතිය භාවිතයට ඉඩ නොදෙන්නේ යන හැඟීමට අපි ඉඩ දුන්නොත් අපට කළ හැකි දේවල් සියල්ල අප අනවශ්‍ය ලෙසකින් සීමා කරගන්නෙමු. ඒ වාක්‍යය අපි ළඟ තබා ගත යුත්තේ, අපිට වළක්වා ගන්නට බැරි භයානක අනතුරු අපිට නිරතුරුව මතක් කරන්නක් හැටියටයි. බාරකරැවන්ව අවංක සේ තබාගැනීමට අවශ්‍ය, වැරදි නිවැරදිකරන ප්‍රතිචාර නවෝත්පාදනය කරන්නේ කෙසේද යන්න දැන් අප හමුවේ පවතින දැවැන්ත අභියෝගයයි. බාරකරැවන් වෙනුවෙන් සහ වැරදි නිවැරදි කරන ප්‍රතිචාර ලබාගැනීමටත් අවශ්‍ය අධිකාරිය නීත්‍යානුකූලව කරන්නේ කෙසේදැයි යන්න අප සොයාගත යුතු වේ.

One Response

Subscribe to comments with RSS.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: