අරුණි ශපීරෝ‍ වෙතින්

කිසිවක් නොදී යමක් ලබාගැනීමට කරන උත්සාහය

Posted in Uncategorized by arunishapiro on මැයි 20, 2015

IMG_7241

මෙය පරිවර්තනයේ හයවැනි කොටසයි. මුල් කොටස් කියැවීමෙන් පසු කියවන්නේ නම් වටහා ගැනීම පහසු විය හැකියි.

හෘදය සාක්ෂියේ ව්‍යාධිජනක ඵලවිපාක

හෘදය සාක්ෂියේ පිහිට පැතීම නිසා ඇතිවන දීර්ඝ කාලීන අයහපත් විපාකයන් පමණක් එය ප්‍රතික්ෂේප කරන්නට ප්‍රමාණවත් විය යුතුයි. එහෙත් මෙහි වැදගත් කෙටි කාලීන අයහපත් විපාකයන් ද පවතී. පොදු බවෙන් ප්‍රයෝජන ගන්නා මිනිසෙකු වෙතින් එයින් වැළකී සිටින්න යැයි අපි “හෘදය සාක්ෂියේ නාමයෙන්” ඉල්ලා සිටියොත්, අපි ඔහුට කියන්නේ කුමක් ද? ඔහුට ඇහෙන්නේ කුමක් ද? – ඒ මොහොතේ දී පමණක් නොව, බාගෙට නිදන මැදියම් රාත්‍රියේ දී පවා, ඔහුගේ මතකයේ ඇත්තේ අපි යොදාගත් වචන පමණක් නොව අපි නොදැනුවත්වම ඔහු හා බෙදාගත් වචන වලින් නොවූ ඉඟියන් ද වෙති. වැඩි දිනක් යන්නට මත්තෙන්, දැනුවත්වම හෝ නොදැනුවත්වම, ඔහුට හැඟෙන්නේ එකිනෙකට පරස්පර පණිවිඩ දෙකක් ලැබුණු බවකි: (i) (අරමුණ වූ පණිවිඩය) “අප ඉල්ලා සිටින්න ඔබ කළේ නැත්නම්, ඔබ වගකීමෙන් කටයුතු කරන පුරවැසියෙක් නොව ඊට නුසුදුස්සෙක් යැයි හෙළි කරන්නෙමු.” (ii) (අරමුණු නොකළ පණිවිඩය) “අපි ඉල්ලා සිටින්න ඔබ ඉටු කරන්නේ ද, එවිට සෙසු අපිට පොදු බවෙන් ප්‍රයෝජනය ගන්නට ඉඩහැර ලැජ්ජාවෙන් පැත්තකට වී සිටින නිවට නුසුදුස්සෙක් යැයි අපි රහසිගතව කියා සිටිමු.”

එවිට සෑම මිනිසෙක්ම බේට්සන් විසින් “ද්විත්ව බන්ධනය” නමින් හැඳින්වූවේ පැටලී සිටියි. භින්නෝන්මාදයේ ප්‍රභවයට හේතු පාදක වූ වැදගත් සාධකයක් විය හැකියාව ඇති සැටියෙන් ද්විත්ව බන්ධනය නිරෑපනය කරන්නට බේට්සන් සහ ඔහු සමඟ පර්යේෂණ පැවැත් වූ අය සමත් වී සිටිති. ද්විත්ව බන්ධනය සැමවිටම හානිකර නොවූවත්, එයට හසුවෙන අයගේ මානසික සෞඛ්‍යය සෑම විටම අවදානමකට ගොදුරැ වේ. “නරක හෘදය සාක්ෂිය එක්තරා ආකාරය රෝගයක්” යැයි නීට්ෂේ කීවේය.

නීතිමය සීමාව ඉක්මවා තම පාලනය විහිදුවන්නට පතන ඕනෑම අයෙක්ට, අනෙකුත් අයගේ හෘදය සාක්ෂිය මවා පාන්නට දැඩි ආශාවක් පහළ වේ. ඉහළම මට්ටම්වල ඉන්නා නායකයන් මේ දැඩි ආශාවට ගොදුරැ වෙති. වැඩි පඩි ඉල්ලා සිටින වෘත්තීය සමිති වලට කැමැත්තෙන්ම ඒ ඉල්ලීම් අඩු කරන්නට යැයි කියා ඉල්ලා නොසිටි යම් ජනාධිපතිවරයෙක් පසුගිය පරම්පරාවල දී දකින්නට ලැබෙනවා ද? ස්වේච්ඡාවෙන්ම තමන් කියන පිළිවෙත අනුව මිල තීරණයට ඉදිරිපත් වෙන්න යැයි වානේ කොම්පැණි වලින් ඉල්ලා නොසිටි ජනාධිපතිවරයෙක් සිටිනවා ද? මගේ මතකයේ එවැන්නෙක් නැත. මෙවැනි අවස්ථාවල දී භාවිතයට ගන්නා වාග්ලංකාරය සකස් වී ඇත්තේ සහයෝගය නොදෙන්නා තුල තමන් වරදක් කරන ලදැයි හැඟීමක් උපදවන්නටයි.

තමන් වරදක් කරන ලදැයි හැඟීම යනු ශිෂ්ඨ ජීවිතයට අගනා වූ ද, සමහර විට නැතිවම බැරි වූ ද, අංගයක් හැටියට ශතක ගණනාවක් පුරා කිසිත් සාක්ෂි නොමැතිව අභ්‍යුපගමනය විය. දැන්, මේ ෆ්‍රොයිඩ්ට පසු යුගයේ දී අපි ඒ ගැන සැක කරමු.

“තමන් වරදක් කරන ලදැයි හැඟීමෙන් කිසිත් හොඳක් කිසිවිටෙක ඇති වෙන්නේ නැත. එයින් බුද්ධියක්, ප්‍රතිපත්තියක් හෝ කරැණා දයාවක් බිහිනොවේ. වරදක් කරන ලදැයි සිතමින් සිටින්නා ඒ වරදට සිත යොමු නොකරයි. තමන් ගැන පමණක් සිතයි. එසේ කරන්නේ නම් යම් ආකාරයකින් තේරැම්ගත හැකි වූ සිය කැමැත්තන් ගැන පවා අවධානයක් නොදෙන ඔවුන්ගේ අවධානය යොමුව ඇත්තේ ඔවුන්ගේ කැළඹි සිත ගැන පමණකි,” යැයි පෝල් ගුඩ්මන් කියන්නේ නූතන දැක්මකිනි.

කැළඹි සිතක (සාංකාවෙන් පිරි) ඵලවිපාක දැකීමට අයෙක් වෘත්තියෙන් මනෝචිකිත්සකවරයෙක් වීමට අවශ්‍ය නොවේ. බටහිර රටවල වාසය කරන අපි සියවස් දෙකක් පුරා, මත්පැන් තහනම් නීති වලින් යම් ප්‍රමාණයකට පවත්වාගෙන ගිය, එහෙමත් නැත්නම් වැඩි කාර්යක්ෂමතාවයකින් සාංකාව ජනිත කරවන අධ්‍යාපන යාන්ත්‍රණයට ගොදුරැ වූ නිසා පවත්වාගෙන යන්නට සමත් වූ, මූලික අවශ්‍යතා තෘප්තිමත් කිරීමේ ආශයන් හැටියට පෙනෙන ජීවිතය ආරක්ෂා කරන සහජයන් වලින් දැන් ගොඩ එමින් සිටිමු.

සාක්කි පෙන්වීම දුෂ්කර නිසා, සමහර අවස්ථාවල දී, යම් දැක්මකට අනුව, කැළඹි සිතකින් හටගන්නා ප්‍රතිඵල බාරගත යුතු හොඳ ඒවා යැයි පිළිගන්නට පවා අපි පෙළඹෙමු. ඒත් අපි විමසිය යුත්තේ වෙනත් ලොකු ප්‍රශ්නයකි. මනෝවිද්‍යාත්මකව ව්‍යාධිජනක වූ ප්‍රවේදයක් භාවිතා කිරීමේ හැදියාව (එය අරමුණ නොවන්නේ නම්) කිසිම විටෙක දිරිමත් කළ යුතුදැයි කියා අප ප්‍රතිපත්තියක් හැටියට ඇසිය යුතුයි. වගකිව යුතු දෙමව්පියන් ගැන මේ දිනවල අපිට බොහෝ කතාබහ ඇසේ. වගකීම සහ දෙමව්පියන් යන්න යුගල වදන් හැටියට ගෙන උපත් පාලනයට වෙහෙසෙන සංවිධාන විසින් ප්‍රොපගැන්ඩා මෙහෙයුම් වල සිරස්තල හැටියට යොදා ගැනේ. ජාතියේ (නැත්නම් ලෝකයේ) දරැවන් බිහිකරන්නන් සඳහා වගකීමක් ස්ථාපනය කරන්නට දැවැන්ත ප්‍රොපගැන්ඩා මෙහෙයුම් සමහර අය යෝජනා කරති. එහෙත් මේ සංදර්භයේ දී ලෝක වගකීම යන්නේ අර්ථය කුමක් ද? එය ලෝක හෘදය සාක්ෂියට කියන තවත් යෙදුමක් නොවේ ද? ප්‍රමාණවත් ලෙසකින් බාධක නොමැතිව වගකීම යන වචනය භාවිතයේ දී අපි උත්සාහ කරන්නේ පොදු බවෙන් ප්‍රයෝජන නොගන්න කියා නිදහස් මිනිසෙකුව ඔහුගේ කැමැත්තට එරෙහිව කටයුතු කරවන්නට අයුතු බලපෑමක් කිරීම නොවේ ද? එහි දී වගකීම යනුවෙන් කියැවෙන්නේ, ප්‍රමාණවත් ලෙසකින් “යමක් වෙනුවට තවත් දෙයක්” යන්නට යොදාගත් කූටානුකරණයකි. එය කිසිවක් නොදී යමක් ලබාගැනීමට කරන උත්සාහයකි.

වගකීම යන වචනය භාවිතා කළ යුතු නම්, මම යෝජනා කරන්නේ එය චාල්ස් ෆ්‍රැන්කෙල් භාවිතා කළ අර්ථයෙන් යොදා ගන්න කියායි. ” නිශ්චිත සමාජ පිළිවෙත් තුලින් ලැබෙන ඵලය යනු වගකීම” යැයි මේ දාර්ශනිකයා කීවේය. ෆ්‍රැන්කෙල් ඉල්ලා සිටින්නේ සමාජ පිළිවෙත් මිසෙක ප්‍රොපගැන්ඩා නොවන බවට අවධානය යොමු කරන්න.

පොදුවේ එකඟ වූ පොදු බලහත්කාරකම

වගකීම ප්‍රතිඵලය වූ සමාජ පිළිවෙත් යනු යම් විදියකින් බලාත්කාරය නිර්මාණයයි. බැංකු කොල්ලකෑම සලකන්න. බැංකු වලින් මුදල් කොල්ලකන්නා බැංකුව සලකන්නේ පොදු තැනක් හැටියටයි. එවැනි ක්‍රියාවක් අප නවත්වන්නේ කෙසේද? ඔහුගේ හැදියාව වෙනස් කරන්නට ඔහුට වගකීම යන හැඟීමට සවන් දෙන්න යැයි වාචිකව කියන ඉල්ලීමකින් නොවේ. ප්‍රොපගැන්ඩා මත විශ්වාසය තබනවා වෙනුවට අපි ෆ්‍රැන්කෙල්ගේ මග පෙන්වීම අනුගමනය කරමින් බැංකුවක් පොදු තැනක් නොවේ යැයි තරයේ කියමු. එය පොදු තැනක් නොවී තබාගන්නට නිශ්චිත සමාජ පිළිවෙත් සොයා යමු. එයාකාරයෙන් අපි මංකොල්ලාකන්නට එන අයගේ නිදහස කප්පාදු කිරීම ගැන පසුතැවිලි වෙන්නේ නැත. එසේම ඔවුන්ගේ නිදහස කප්පාදු නොකරනවා යැයි කියන්නේ ද නැත.

මේ කටයුත්තේ දී අපි සම්පූර්ණ තහනම පිළිගන්නා නිසා අපිට බැංකු මංකොල්ලයක ඇති ආචාර ධාර්මිකත්වය පහසුවෙන් හඳුනාගත හැකියි. ව්‍යතිරේකයන් ඉදිරිපත් නොකර “බැංකු මංකොල්ලය නොකළ යුතුයි,” යැයි අපි කැමැත්තෙන්ම කියමු. එහෙත් මතට තිතත් බලාත්කාරයෙන් නිර්මාණය කළ හැකියි. බදු පැනවීම හොඳ බලාත්කාරයේ අවියකි. සාප්පු යන පාරිභෝගිකයන්ගේ වාහන නැවතුම් පොළ භාවිතය අඩු කරන්නට අපි කෙටි කාලීන බාධක හැටියට නැවතුම්පොල සඳහා මීටර් හඳුන්වා දෙමු. දිගු කාලීනව ගමනාගමන දඩ පනවමු. කැමැති කාලයක් රථය නවතා තැබීම ඇත්තෙන්ම තහනම් කළ යුතු නැත. අපි කළ යුත්තේ ඊට නොහැකි වන පරිදි මිල වැඩි වැඩියෙන් ඉහළ යැවීම පමණයි. තහනම නොව අපි එහි දී ඔහුට පිරිනමන්නේ සකසුරැවමින් හදාගත් මතිග්‍රාහී තෝරාගැනීම් වෙති. මැඩිසන් වීදියේ ජීවත්වෙන්නෙක් මෙය නම්වා ගැනීම යැයි හඳුන්වන්නට පිළිවන. මම කැමැත්තේ ඊට බලාත්කාරය යන වැඩියෙන් නිර්ව්‍යාජ වූ වචනය යොදන්නටයි.

අවසන් කොටස ඊ ළඟට …

One Response

Subscribe to comments with RSS.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: