අරුණි ශපීරෝ‍ වෙතින්

නිදහසේ අර්ථ ශාස්ත්‍රය

Posted in Uncategorized by arunishapiro on ජූනි 13, 2015

bastiatbookcover

ශ්‍රී ලංකා බැස්ටියාට් සංගමය විසින් ප්‍රකාශනය කරන මුල්ම කෘතිය වූ “නිදහසේ අර්ථ ශාස්ත්‍රය” ලබන මාසයේ දී පොතක් හැටියට නිකුත් කරන්නට අපි ලහි ලහියේ සූදානම් වෙමු.

පොතේ නම “නිදහසේ අර්ථ ශාස්ත්‍රය” වෙයි.

නිදහස නොමැතිව දීර්ඝ කාලීන යහපතක් සාක්ෂාත් කරගනිමින් දියුණු වූ කිසිත් රටක් ලොව නැත. අප පෙනී සිටින සහ ආරක්ෂා කරගන්නට නිරතුරැ වෙහෙසෙන්නා වූ “නිදහස” යනු කුමක්දැයි නොදන්නා මුග්ධත්වය නිසාම ඊට “වල්බූරැ නිදහස” යැයි අවඥා කරන්නටත් ඔවුන්ට නිදහස ලැබෙන බවත් එසේ කරනවුන් නොදනිති. එවැන්නෝ මේ පොත් පරිශීලනයට වඩා රිසි වනුයේ අනුන් ජීවත්විය යුත්තේ කෙසේදැයි කියා අනුන්ට සැලසුම් ගැසීම පිණිස නොහොත් ඉටුවෙනවාය කියන අරමුණු කිසිත් ඉටු නොවන බව යළි යළිත් ඔප්පු කර ඇති සැලසුම් සඳහාම තව දුරටත් කාලය නාස්තියටයි. එබැවින් මේ පොත ඒ අය අරබයා පරිවර්තනය කරන ලද්දක් නොවේ. මෙය ඉලක්ක කරගන්නේ, අදට වඩා හොඳ හෙට දවසක් සොයන, එය සැබෑ කරගත යුතු අකාරය සොයන, ඒ සඳහා වෑයමක් ගන්නා නොහොත් තමන්ගේ සමෘද්ධිය සොයා යමින් ඒ නිසාම ලොව සියල්ලන්ගේම ජීවිත වලට සැබැවින්ම යහපත සලසන අය වෙනුවෙනි. තවත් විදියකට එය කිව්වොත්, මෙය වැඩ කරන ජනතාව අරබයා ලියන ලද්දකි.

උප සිරස්තලය “ඔබේ ආචාර්යවරැන් ඔබට කියා නොදෙන පාඩම” වෙයි. ඉංග්‍රීසි මුල් කෘතියේ “පාඩම” වෙනුවට යොදා තිබුනේ “කොටස” කියායි. ශ්‍රී ලංකා බැස්ටියාට් සංගමයේ සභාපති ඉෂාර ගමගේ විසින් එය “පාඩම” හැටියට වෙනස් කරන්න යැයි කරන ලද යෝජනාව අගනා වූවකි. ජීවිතයට අතිශය වැදගත් පාඩම කියා දිය යුතු වූවන් එය නොකර අනුන්ට සැලසුම් ගැසීම ජීවනෝපාය මාර්ගයක් කරගෙන සිටින බව ඉන් සිහිකරන බව මගේ මතයයි!!!

මීට පෙරවදනක් ලියා දුන් ඩබ්. ඒ. විජේවර්ධන විසින් ශ්‍රී ලාංකික උගතුන් පෙර දක්නා ලද සමාජ ව්‍යසනයක් අපට මතක් කර දෙයි:
” … 1959 වැනි ඈත වකවානුවක දී, අළුතින් පිහිටවූ විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ උපකුලපති පදවිය දැරෑ වැලිවිටියේ ශ්‍රී සෝරත නායක හිමියන් තම ශිෂ්‍ය ප්‍රජාවට උපදෙස් දුන්නේ “විශ්ව විද්‍යාල ශිෂ්‍යයා ගවේෂණශීලී විය යුතුය. විචාරශීලී විය යුතුය. විප්ලවකාරී විය යුතුය,” වශයෙනි. බැස්ටියාට් ගේ නිදහසේ අර්ථ ශාස්ත්‍රය පොත සිංහලෙන් ඉදිරිපත් කිරීමෙන් කරනුයේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ එම මහඟු ඔවදන තත්කාලයේදී යාන්ත්‍රිකයන් බවට පත්වෙමින් සිටින ශ්‍රී ලාංකිකයනයට යලිත් සිහිපත් කර දීමකි.”

ගෞතම බුදුන් දේශනා කළ ධර්මය සුනීත හා සෝපාකට ද අවබෝධය හැකිවිය. එහෙත් ඒ පාඩම කියා දෙනවා වෙනුවට අනාත්මවාදී වූ බුදු දහම අවබෝධයට හැකියාව ඔවුන්ට ලැබුනේ පෙර පින් නිසා බැව් අනුන්ගේ ජීවිත සැලසුම් කළ බමුණන් විසින් ප්‍රචලිත කළහ!!! බැස්ටියාට්ව වටහා ගැනීමට පෙර පින් අවශ්‍ය නොවේ. “නොබෙල් තෑග්ගක් ලද්දෙකුට, ටැක්සි රියැදුරෙකුට, සිසුවෙකුට, ව්‍යවසායකයෙකුට … නැත්නම් දේශපාලනඥයෙකුට පවා බැස්ටියාට්ව වටහා ගැනීමට හැකියාව ඇත!” යැයි ටොම් ජී. පාමර් මෙහි දී අපට මතක් කර දෙයි. හැකියාව තිබුණ ද එයින් ප්‍රයෝජන නොගෙන, වෙනසක් කියමින් ඉතිහාසයේ මේ දක්වා පැවතෙන ලද්දම තවත් කොපමණ කාලයක් දිගින් දිගටම ඉල්ලනවා දැයි තීරණය දැන් ඔබ සතුයි!!!!

බැස්ටියාට් රචනා වලට අමතරව එෆ්. ඒ. හයෙක් ලියූ පෙරදවදන සහ මැයි මාසයේ දී ලංකාවට පැමිණ ලංකාවේ ප්‍රථම ධනවාදී දේශනය පැවැත්වූ ටොම් ජී. පාමර් විසින් ලියන ලද “වෙළඳපොල පිළිබඳ මිථ්‍යා විස්සක්” යන්න ද මෙහි අන්තර්ගතය.

මෙය පොතක් හැටියට ප්‍රකාශනයෙන් පසුව ගාස්තුවක් අය නොකර බෙදා හරින්නේ ඇට්ලස් ජාලයේ අරමුදලකිනි. මුල් වරට මුද්‍රණය කරනුයේ පොත් දාහක සීමිත පිටපත් සංඛ්‍යාවකි.

සිංහලෙන් කියවන අයට මුද්‍රණයෙන් ප්‍රදානය වෙන ප්‍රථම ෆෙඩරික් බැස්ටියාට් කෘතිය පරිවර්තනය කිරීමේ අවස්ථාව ලැබීම මට මහත් සතුටක් ගෙන දුන්නකි.

4 Responses

Subscribe to comments with RSS.

  1. krishramanayaka71 said, on ජූනි 15, 2015 at 5:22 පෙ.ව.

    මෙම පොත ලංකාවේ සාස්ත්‍රීය වශයෙන් පමණක් නොව වෙනස් වෙන චින්තනයෙන් යුතුව නිදහස සොයා යන ගමනේ හැරවුම් ලක්ෂයක් වනු නොඅනුමානය….!! 2009 පටන් අවංක අදහසින් යුතුව හුදකලා අරගලයක නියැලමෙින් අරුණි ෂපීරෝ කල ඓතිහාසික මෙහෙය නිදහස්ව සිතන්නන්ට දීප්තිමත් ආලෝකයක් ජනනය කර ඇත.. ලැබූ ආලෝකයෙන් අනාගතය පාදා ගත යුත්තේ අපි විසින්මය. ……..!! එය තේරුම් ගන්නේ කෙතෙක් දුරටද ඊට ක්‍රියාත්මක වන්නේ තෙතෙක් දුරටද යන්න මත පමණක් . අන්ධකාරයෙන් මිදිය හැක….සුබ පැතුම් !!!!

  2. Chinthaka said, on සැප්තැම්බර් 3, 2015 at 2:21 පෙ.ව.

    කිසිවෙක් කිසිවිටක ජනේල කැඩුවේ නැත්නම් ජනේල අලුත්වැඩියා කරන්නාට කුමක් සිදුවේද?

    සැබවින්ම අනවශ්‍ය ලෙස විනාශකරන වස්තුන්හී අගය සමාජයට අහිමිවී යයි.

    එහෙත් සමාජයේ ප්‍රගමනය සිදුවී ඇත්තේ තමන්ගේ නිශ්පාදනයන් තුල ඇති අඩුපාඩු හා දුර්වලතාවයන් නිවරදි කරගැනීමට කටයුතු කිරීම හරහාය. ජනේලය හෝ වෙනත් එවැනි නිශ්පාදනයක් විනාශවිම තුලින් ඒය විනාශවීම වැලැක්වීමේ ක්‍රියාමාර්ගයන් සමාජය තුලට පැමිණේ. උදාහරණ ලෙස,

    1. ජනෙලය හෝ වෙනත් නිශ්පාදනයක් විනාශකිරීම යහපත් ක්‍රියාවක් නොවන බවත් එය වැලැක්විය හා පිටුදැකිය යුතුය යන මතයක් සමාජය තුල ඇතිවීම සහ එය තුලින් හික්මිමක් ඇති කිරීම (ආකල්ප)
    2. විනාශකාරී කටයුතු කරන්නන්ට එරෙහිව සමාජය විසින් යම් දඩුවමක් යොජනා කිරීම (නීතියයක්)
    3.භාණ්ඩයේ ගුණාත්මක භාවය ඉහල නැංවීම උදාහරණයක් ලෙස වීදුරුවල ශක්තිය ඉහල නංවා බිදිමට ඇති හැකියාව අඩු කිරීම (දැනුම)
    4. එම නිශ්පාදනය නැවත පිලිසකර කිරීම (ශ්‍රමය)

    කිසිවෙකු විසින් හෝ ජනේලය (නිශ්පාදනයක්) නොකැඩුවේනම් ඉහත ක්‍රියාකාරකම් 4ම සිදුනොවි පවතිනු ඇත යන්න මාගේ තර්කයය.

    ජනේලය යනු කුමක්ද?
    ජනේලය යනු ස්වභාවික ද්‍රව්‍ය කිහිපයක (වැලි SiO2,ඉන්ධන) හා ශ්‍රමයේ (කායික, මානසික)එකතුවකි. ශ්‍රමය භාවිතාකර ස්වභාවික ද්‍රව්‍ය කිහිපයක් එකතු කිරීම මගින් ජනේලය සදා ඇති අතර අදාල ශ්‍රමයට ගෙවනලද මිලෙහි එකතුවක් ලෙස ජනේලයේ මිල සැලකිය හැකිය.
    නැවත ජනේලය සැදිමට පැන්ස 6ක් (රුපියල් 1000) වියදම් කිරීම මගින් එම මුදල් ජනෙල් සාදන්නා අතටත් ඔහුගෙන් සපත්තු සාදන්නා අතටත් යා හැකි අතර ජනෙල් සාදන්නාද එම මුදල පොතක් ගැනීමට වියදම් කල හැකිය. එනම් ශ්‍රමයේ වෙනත් ස්වරූපයකට මිලක් ගෙවිය හැකිය.
    ජනේලය නොකැඩුනේනම් එම මුදල ජේම්ස් විසින් සපත්තු හෝ පොතක් මිලදි ගැනීමට වියදම්කර ශ්‍රමයේ වෙනත් ස්වරූපයකට මිලක් ගෙවිය හැකිය.
    ජනේලය කිසිදා විනාශ නොවන පරිදි සකස්කර ඇත්නම් ජනෙල් සාදන්නෙකු බිහි නොවන අතරම සෑම දිනකම ජනෙල් කැඩියන්නේනම් විශාල ජනෙල් සාදන්නන් ප්‍රමාණයක් බිහිවීමටද ඉඩ ඇත.

    සැබැවින්ම ජනෙලය විනාශ කිරීමතුලින් ජනේලය සකස් කිරීම වෙනුවෙන් වැයකල ද්‍රව්‍ය සහ ශ්‍රමය වෙනත් කාර්යයක් සදහා යෙදවිමට තිබු හැකියාව සමාජයට අහිමිකර ඇත. එහෙත් එය (ජනේලය බිද දැමිම) වෙනත් දෙයක් නිර්මාණය කර ඇත උදාහරණ ලෙස ඉහත දැක්වු ආකල්ප, නීතීය, දැනුම, ශ්‍රමය එම ක්‍රියාව තුලින් නිශ්පාදනයවේ..

    අවසානයේ මා හට කීමට ඇත්තේ

    කිසිවෙක් කිසිවිටක ජනේල කැඩුවේ නැත්නම් ජනේල අලුත්වැඩියා කරන්නෙකු නොමැති බවයි එමෙන්ම ජනේලයේ ජනේලය කැඩීම නිසා එහි ගුණාත්මකභාවය ඉහල නැංවීමට ඇතිකෙරෙන පෙළඹිමද නොමැතිවී යන බව සහ ඉහත 1 සිට 4ට දක්වා වු කරුණුවල අවශ්‍යතාවයද නැතිවී යයි.

    සැබවින්ම කිසිවෙක් කිසිවිටක කිසිවක් නොකඩනා සමාජයක් පැවතිය හැකිද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: