අරුණි ශපීරෝ‍ වෙතින්

ඉන්ස්ටග්‍රෑම්, ඌබර් සහ අබ්රා

Posted in Uncategorized by arunishapiro on ජූනි 24, 2015

connected-world-shutterstock

ක්ෂණික කැමරාව (ඉන්ස්ටන්ට් කැමරා) සහ ටෙලිග්‍රෑම් යන වදන් වලින් හැදෙන ඉන්ස්ටග්‍රෑම් යනු අන්තර්ජාලයෙන් ඡායාරෑප සහ විඩියෝ යනාදිය බෙදාගත හැකි අඩවියකි. කෙවින් සිස්ට්‍රොම් සහ මයික් ක්‍රිගර් යන දෙදෙනා එහි නිර්මාතෘන් වූහ. 2010 දී ගාස්තුවක් අය නොකර දුන් මොබයිල් ඇප් එකක් හැටියට නිකුත් කරන ලද එය 2012 අප්‍රේල් වෙද්දී මිලියන 100 කට වඩා පිරිසක් අතින් නිතර භාවිතා වීමෙන් ජනප්‍රිය විය.

ඉන්ස්ටග්‍රෑම් සේවය 2012 අප්‍රේල් වල දී ඇමෙරිකන් ඩොලර් බිලියනයකට මිල දී ගත්තේ ෆේස්බුක් විසිනි. කාලයට අනුව හැඩ ගැසෙන්නට නොහැකි වූ නිසා කොඩැක් කොම්පැණිය නීතිමය බංකොළොත් ආරක්ෂාව පැතුවේ ද මේ වසරේ දී ම ය.

නිදහස් වෙළඳපොලක් ඇමෙරිකාවෙත් නැහැයි කියන අය මෙවැනි නිදහස් වෙළඳපොලක්, මැදිහත්වීම් නොමඳව පවතින වාතාවරණය තුලින්ම සොයාගැනීමේ උත්සාහයන් බොහොමයක් රටේ ඇතිබව නොදකිති. ඒවායෙන් බ්‍රසීලයේ සිට මෙහෙට ඉගෙන ගන්නට ආ මයික් ක්‍රිගර් වැනි අයටත් මහා ධන සම්පත් උත්පාදනය වෙන ආකාරය නොදනිති. සම්පත් නාස්ති කරන ව්‍යාපාර රාජ්‍ය සහනාධාර මතින් පෝෂණය ලබනවා වෙනුවට නාස්තිය වැළකෙන හෝ සම්පත් ආරක්ෂා වෙන ආකාරයට ව්‍යාපාර වෙනස් වෙන හැටි නොදනිති.

ඌබර් යනු එකම ටැක්සියකට හෝ හිමිකමක් නොමැති ටැක්සි සේවාව සපයන කොම්පැණියකි. ඔවුන් සපයන්නේ ටැක්සියක් හොයන්නෙකුට ටැක්සියක් හොයාදෙන මොබයිල් ඇප් සේවාවකි. එයින් වැඩියෙන්ම කුපිත වී ඇත්තේ වෘත්තීමය ටැක්සි රියැදුරන් නොවන අයගේ සේවය මුදල් ගෙවා ලබාගන්නා පාරිභෝගිකයන් නොවේ. ඌබර් නිසා වැඩියෙන්ම කුපිත වී ඇත්තේ වෙළඳපොල නිදහස අවුරා රාජ්‍ය බලය යොදාගනිමින් මිල අධික සහ සේවය බාල ලෙසින් සපයන්නට ටැක්සි සේවකයන්ව වහල්ලු කරගත් රෙගුලාසිකරණයේ බලය තමන් වෙතින් ගිලිහී යන හැටි දකින අයයි.

දේශපාලනඥයන් සහ ඔවුන්ට කඹුරන අයත් දිගින් දිගටම වැඩවසම් යුගයේ පැවති චින්තනයේ හිර වී සිටිද්දී, නිදහස් ලෝකයක, නිදහස් ලෙසින් සිතන්නට හැකියාව ඇති මිනිසුන් නිදහස් වෙළඳපොලකට ඉඩකඩ තිබෙන තැන් සොයාගෙන ගොස් ඒ තැන් වලින් තම ධන සම්පත් පාදා ගනිති. ඒ අය නිසා, ඈත පිටිසර ගම්මානයක සිටින, මෙහෙම වෙන්නේ කුමක්දැයි කියා හාංකාවිසියක් නොදන්නා දුප්පතෙකුගේ ද ජීවිතය යහපත් වේ.

බ්ලොක්චේන් තාක්ෂණය තුලින් ඩිජිටල් ලෙජරයක යම් පුද්ගලයෙක් විසින් කරන සියළු ආර්ථික ගණුදෙනු සටහන් කරත හැකියි. බ්ලොක්චේන් තාක්ෂණයෙන් මුල්‍ය ගණුදෙනු විනිවිදතාවයෙන් ද, කාර්යක්ෂමව ද සහ ආරක්ෂිතව ඉදිරිපත් කරන්නට දිනෙන් දිනම වෙහෙසන අය වැඩිවෙමින් පවතී. මෙය බිට්කොයින් සඳහා නිර්මාණය වූවකි. එහෙත් එයින් ගතහැකි වෙනත් සේවයන් ගැන අවධානය දැන් යොමු වී තිබේ.

වෙහෙස වැය කර උපයන තම මුදලෙන් කොටසක් තවත් කෙනෙකුට යවන්නට උත්සාහ කරද්දී එයින් හැකි තරමක් ඩැහැගන්නට බලාගෙන සිටින්නේ ලෝකයේ බැංකු පමණක් නොවේ. බැංකු අතරමැදියන් හැටියට කටයුතු කරන වෙස්ටර්න් යුනියන් වැනි අයත් ගාස්තුවක් සහ විදේශ විනිමය අනුපාතික වෙනස්කම් අනුව මුදල් උපයන අය වෙති.

ගෝලීය සම්ප්‍රේෂණ (මුදල් යවන) වෙළඳපොල ඩොලර් බිලියන 550 ක් පමණ යැයි සැලකේ.

මේ මුදල් යවන වෙළඳපොලට පිවිසෙන අලුත් පන්නයේ තරඟකරැවා නම් අබ්රා නම් කොම්පැණියකි. ඔවුන් ලෝකයේ පළමු ඩිජිටල් සල්ලි මුදල්, එක් අයෙකු වෙතින් තව අයෙකු වෙතට යවන කොම්පැණිය වෙති. අබ්රා ඇප් එකක් ලෝකයේ කොතැනක හෝ පාවිච්චි කරන අයෙක් වෙන්නට, එනම් පාරිභෝගිකයන් ජාලයකට එකතු වී සල්ලි තැන්පතු කරන හා සල්ලි නිකුත් කරන ටෙලර් කෙනෙකු වෙන්නට තමන්ට ද ලියාපදිංචි විය හැකියි.

අබ්රා තුලින් අපේ අරමුණ වෙන්නේ සෑම ස්මාට් ෆෝන් එකක්ම ටෙලර් එනම් මුදල් ගණුදෙනු කරත හැකි තැනක් බවට හරවන්නට යැයි 2014 දී සිලිකොන් මිටියාවතේ පටන් ගත් මේ කොම්පැණියේ CEO වන බිල් බාහයිඩ්ට් පවසයි.

ටෙලර් හැටියට කටයුතු කරන්නෙක් හමු වී ගිනුමක් අරඹන්නට හැකියි. එහෙම නැත්නම් බැංකු කාඩ් පතකින් තමන්ගේ ගිනුම අරඹා අනතුරැව තමන් දන්නා හඳුනන පවුලේ අයට තමන් විසින්ම බැංකු කාඩ්පත භාවිතා නොකර ගිනුමක් අරඹා දිය හැකියි. ගිනුමට මුදල් එකතු කළ පසු ක්ෂණයෙන් ඒ මුදල් ලෝකයේ වෙන ඕනෑම තැනක සිටින අයෙකුට යැවිය හැකියි. එය ඩිජිටල් මුදල් හැටියට භාවිතය හෝ රටේ භාවිත මුදල් හැටියට ටෙලර් කෙනෙකු වෙතින් මාරැ කරගත හැකියි.

මුදල් යැවීම සිද්ධ වෙන්නේ බ්ලොක්චේන් තාක්ෂණය නොහොත් බිට්කොයින් සඳහා යොදා ගන්නා තාක්ෂණයේ උපකාරයෙනි. ටෙලර් හැටියට කටයුතු කරන්නා ගානක් අය කර නොගන්නේ ද, අබ්රා කොම්පැණිය ද ගානක් අය කර නොගනියි. හිතවතුන් අතර සහ පවුලේ උදවිය අතර, විශේෂයෙන්ම විදෙස් හි සේවය කර දුරැ රටවල පවුල් රකින අයට මෙය පහසුවෙන් මුදල් යැවිය හැකි සහ ගාස්තු වලට කැපී නොයා මුදල් ඉතිරි කරගත හැකි අගනා මෙවලමක් වනුයේ ලෑන්ඩ්ලයින් ලැබෙන තෙක් පෝලිම්වල බලා නොසිට මොබයිල් ෆෝන් ගන්නට ගිය ජනතාව මෙන් කාසි හා නෝට්ටු අතහැර පවතින මුදල් ක්‍රමයෙන්ම එහෙත් එය ඩිජිටල් මුදල් වලින් පරිහරණයට කොතරම් ඉක්මණින් ලෝක ජනතාව හුරැවේවි ද අනුවයි.

මෙහි දී සඳහන් කරන අබ්රා කොම්පැණිය විසින් නොවුන ද, මේ දිනවල බහුලව පටන් ගැනෙනවා දකින්නට හැකි මෙවැනි නිදහස් වෙළඳපොල උත්සාහයන් තුලින් තවත් දියුණු තියුණු වී නුදුරැ අනාගතයේ දවසක අද පවතින බැංකු ක්‍රමය මහත් වෙනසකට ලක් කරනු ඇත.

ඒ හැරෙන්නට, තොරතුරැ “වළාකුලක” තැන්පත් කරන තාක්ෂණය (Distributed Cloud Storage) නොහොත් කිසිම කෙනෙකුගේ පරිගණකයක හෝ ඩ්‍රයිව් එකක නොවී තබාගැනීමේ හැකියාව මෙයින් දියුණු වූවකි. ඉතා කුඩා බිට්කොයින් ප්‍රමාණයක් යැවීමේ දී ඒ තොරතුරු යුනිකෝඩ ෆෝමැට් එකකට පරිවර්තනය කරගත හැකියාව ඔවුන් වැඩි දියුණු කරන ලදි. මේ නිසා එවැනි ගණුදෙනුවක් මාර්ගයෙන් පින්තූරයක් යවත හැකියාව ද පාදා ගෙන ඇත.

ඉතින් අයෙකුට මුදල් හෝ වෙනත් තොරතුරක් යවද්දී මෙන්න එයාගෙ පින්තූරය, මෙන්න ඔප්පුව, මෙන්න අවසර පත්‍රය, යනාදී වශයෙන් ඒ තොරතුරැ වෙනත් කිසිම තැනක භෞතික ලෙසින් නොතිබෙද්දී සහ කොතරම් කල් ගියා ද නැත්නම් කොතරම් සැනෙකින් දැයි නොසලකා හුවමාරැ කරගත හැකියි. ගණුදෙනුවට විනිවිදතාවයක් පමණක් නොව තොරතුරැවල සුරක්ෂිතබවත් එයින් ලැබේ.

මෙය තාක්ෂණයට සමත් අයගේ විනෝදාංශයක් පමණකට සීමා නොවී එයින් එදිනෙදා ජීවිතයේ පහසුවට යොදාගැනෙන ආකාරයෙන් අංගෝපාංග නිර්මාණය වෙන්නේ එවැන්නක් ගොඩනඟන්නට දන්නා කියාගත් පුරෝගාමී නායකත්වයක් නැතිකම නිසාමයි!!!!! තවත් විදියකින් කිව්වොත්, ලෝකය පුරා ඉන්නා ඒකීය පුද්ගලයන් විසින් සිය දැනුම හා කුතුහලය තම ආශාවන් සපුරා ගන්නට වෙහෙසීමෙන් ලැබෙන අතුරැඵලයන් හැටියට මේ දැනුම වැඩි දියුණු වීම සැලකිය හැකියි.

Storj නමින් හැඳින්වෙන්නේ බ්ලොක්චේන් තාක්ෂණයෙන් ගබඩා කරන තොරතුරැ ආරක්ෂාව දියුණුවට බිහි වූවකි. ඒවා භාවිතා කරන අයට තමන්ට වැඩිපුර තිබෙන ගබඩා ඉඩකඩ Airbnb ආකාරයෙන් අනෙකුත් අයට කුලියට දෙන්නටත් හැකියාව පෑදෙන්නේ නව වෙළඳපොල ස්ථානයන් විවෘත කරමිනි.

ඩිජිටල් මුදල් පරිහරණය වැඩිවෙද්දී, ඔප්පු සහ අන්තිම කැමති පත්‍රය වැනි දේවල් “වළාකුලක” රක්ෂිත වෙද්දී ආරක්ෂාව පතා බැංකුවේ පෙට්ටියකට දමන්නේ මොනවා ද?

ඒ හැරෙන්නට, ගිවිසුම් වැඩියෙන් කාර්යක්ෂම වීමත් මෙම තාක්ෂණයේ පිහිටෙන් පෑදෙන්නකි. දෙදෙනෙක් අතර ගිවිසුමක දී ආරවුලක් පැන නැඟුනොත් නීතිමය තුන්වැන්නෙක් අවශ්‍ය වීමත් මෙයින් මගහැරී යයි. “ස්මාට් දේපල” නමින් හැඳින්වෙන මෙහි දී නොකැඩිය හැකි කෝඩ් හුවමාරැවෙන් අයිතිය වෙන කෙනෙකුට පවරන ගණුදෙනුවක් තුලින් යමෙකුට පහසුවෙන් කැඩිය නොහැකි ගිවිසුම් ක්‍රමයක් ද බිහි වෙයි. දැනටමත් විවාහ ගිවිසුම් වැනි සාමාන්‍ය දේවල් කෝඩ් වලින් සටහන් කර තබන්නට පටන් ගෙන ඇත.

ඒ හැරෙන්නට, බ්ලොක්චේන් තාක්ෂණයෙන් නීතිමය සේවා සපයන කොම්පැණි ද බිහි වී ඇත. ගබඩා පහසුකම් සපයන තමන්ට ද කියවන්නට නොහැකි සේ අනුන් එවන තොරතුරු ඒවායේ රහසිගත ආකාරයෙන්ම (encrypted information) ගබඩා කරති. ඔප්පුව නැති වුනා, සාක්ෂි නැති වුනා, සහතිකේ කොහෙද කියල හොයා ගන්න නෑ යනාදියෙන් දෙදෙනෙක් අතර ගිවිසුමක දී අනෙකා ගිවිසුම කැඩුවා යැයි නඩුහබ කියන්නට එවිට ඉඩක් නැත.

Blockchain.info හි නික් කේරි කියා ඇති පරිදි, වර්තමානයේ දී මිනිස්සු “ගූගල් කරන්න,” කියනවා සේ නුදුරු අනාගතයේ දවසක “එය බ්ලොක්චේන් වලින් බලන්න,” යැයි කියනු ඇත.

7 Responses

Subscribe to comments with RSS.

  1. Chanaka Munasinghe said, on ජූනි 24, 2015 at 7:58 පෙ.ව.

    වර්තමානයේ පාවිච්චි වෙන්නෙ නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයනෙ. තාක්ෂණය භාවිතා කරල පරිපූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් ස්ථාපිත කරමුද ?

  2. Gunasekare said, on ජූනි 24, 2015 at 9:35 ප.ව.

    Kalak sita obage lipi email magin kiyawa rasa windimi. Wisheshayin mema lipiyehi maatha kalaye siduwuna wadagath technological paradigm shifts saha new forms of intermediation gana oba danwa athi adahas ithamath kuthuhalajanakaya.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: