චීන ධනකුවේරන්ගේ දූ පුතුන් හෙවත් Fuerdai
1793 දී ජෝර්ජ් මැකාට්නි බෙයිජින් ගියේ කාර්මික විප්ලවයෙන් නැඟී එන නවීන ලෝකයේ සුව පහසුකම් වැඩි කරන තෑගි රාශියක් සමඟින් චීන මහා අධිරාජ්‍යයා බැහැ දකින්නටයි. බටහිර රටවල කම්හල් වලින් මහා ජන පිරිසකගේ පරිභෝජනය සහ රසවින්ඳනය පිණිස නිපදවන ලද දේවල් මේවා යැයි අධිරාජ්‍යයාටත්, රජ වාසල අයටත්, මහජනතාවටත් පෙන්වා, ලෝකයේ විශාලතම වෙළඳපොලට ඇතුල් වෙන අදහස ඇතුවයි.
Quianlong අධිරාජ්‍යයා ඒ නිෂ්පාදන වලට කැමැත්ත දැක්වීය. එහෙත් ඔහු ඒවා සැලකුවේ තමන්ට ගෞරව පුදන්නට ගෙනා තෑගි හැටියට පමණි. “අපි කිසි දවසක විචක්ෂණ භාණ්ඩ අගය කළේ නැත, ඔබේ රටේ නිපදවන කිසිම දැයක් අපට උවමනා නැත,” යැයි ඔහු දැනුම් දුනි.
ජන ජීවිතය හසුරැවන බලය මරණය තෙක් අල්ලාගෙන සිටි ඔහු සාහිත්‍ය සංවික්ෂණයන් නොහොත් පොතක පළ කරන සෑම අකුරක්ම සෑම වාක්‍යයක්ම පාලකයාගේ කැමැත්තට අනුව ලියැවුනක් ද යන්න විභාග කිරීම් 53 ක් පැවැත්විය. වරදට හසු වූවන්ගේ හිස් ගසා දැමිණ. මළසිරැරැ කපා කොටා දැමිණ. සමහර වරදකරැවන්ව මරණයට පත්වන තෙක් සෙමෙන් තීරැ තීරැ වලට කපා දමන ලදි. ඔහුට කළින් වූ ‘ම්ලේච්ඡ’ අධිරාජ්‍යයන්ට වඩා තමන් උසස් යැයි පෙන්වන්නට අලුත් පොත් කට්ටලයක් ලියා පැරණි පොත් එක් ලක්ෂ පනස් දහසක් පමණ පුච්චා දැමීම හෝ තහනම් කිරීම කරන ලදි.
එවැනි ඉතිහාසයක් දායද වූවාම කාර්මික විප්ලවයෙන් නැඟී ආ සශ්‍රීකත්වයේ මහිමයෙන් රටේ ඕනෑම වැසියෙකුට අධිරාජ්‍යයා විසින් පරිභෝජනය කරන දැයම මිල දී ගන්නට අවස්ථාව ලැබෙන හැටි අවබෝධ කරගන්නට නොහැකි වීම පුදුමයක් ද? ඉතින් ඔව්හු පස් අවුරැදු සැලැස්මවල් ගැන විශ්වාස තබමින් මාඕ සේතුං වැනි නායකයන්ට ජන ජීවිතය හසුරැවන බලය පවරන්නට සහාය වූහ.
චීන කොමියුනිස්ට් සමූහාණ්ඩුවේ සමාජවාදී ආර්ථික ක්‍රමයට අවුරුදු 25 ක් වෙද්දී, 1974 දී එක්සත් ජාතීන්ගේ සම්මේලනයට යන්න සූදානම් වූ Deng Xiaoping සමන්විත දූත පිරිසට ගමන යෑම අත්හැර දාන්න සිද්ධ වෙන තරමට චීන බැංකුවේ, එනම් චීන ආණ්ඩුවට අයිති සියලුම බැංකුවල, ඒ දූත පිරිසට ගුවන් ගමන් ටිකට් පත් ගන්නට වත් ප්‍රමාණවත් මුදලක් නොතිබිණ. 1978 වෙද්දී අන්තිමට චීනයේ මුදල් අමාත්‍යාංශය යටතේ ඉතිරි වූයේ ඔවුන්ගේ People’s Bank හෙවත් මහජන බැංකුව පමණි. එවැනි දැවැන්ත රටක එදා ඒ චීන මහජන බැංකුවේ වූයේ 80 ක් සේවකයන් පමණයි.
වර්තමානයේ දී ද, රජයේ තහනම් රෙගුලාසි බොහොමයක් පවතින චීනයේ බැංකු පද්ධතිය ගැන නිල වාර්තා වලින් සත්‍ය දත්ත පෙන්නුම් නොකරයි. ණය පියවන ගෙවීම් ලබාගත නොහැකි ණය (පක්ෂයේ හිතවතුන්ට දුන්) බොහොමයක් මේ කිසිත් ලැයිස්තුවක නොමැති කුඩා බැංකු මහත් රාශියක් තුලින් නිකුත් කර ඇත. 2014 දී ඒ නම් නැති බැංකු පද්ධතියේ වත්කම හැටියට දැක්වෙන ප්‍රමාණය ජපානයේ සියළුම බැංකු වත්කම් එකතුව හා ඇමෙරිකාවේ සියළුම බැංකු වත්කම් එකතුවෙන් භාගයක් හා සමාන වෙයි. මෙහි දී ‘වත්කම’ යන වචනයට රැවටෙන්න එපා. බැංකුවක් දුන් ණයක් හෝ නිකුත් කරන ලද බැඳුම්කර සැමවිටම වත්කමක් නොවන බව ග්‍රීසිය අද ඔප්පු කර ඇත!!! චීනයේ බැංකු වත්කම් කොතරම් අර්බූදයකට වැටී ඇත්දැයි කියා නිශ්චිතවම දන්නා අයෙක් චීනයේ ඇත්දැයි පවා සැකයකි.
එනමුත් Quianlong අධිරාජ්‍ය යුගයේ මෙන්ම වර්තමානයේ ද ඒ ගැන ප්‍රශ්න විමසන තම රටවැසියන්ව සිරබාරයට ගැනීමට සහ හිස් ගසා දැමීමට හැකියාව එරට පාලකයන් සතුව පවතී. ඇමෙරිකාවේ නීති විරෝධී තුවක්කුවක් පත්තුවෙද්දී නීත්‍යානුකූල තුවක්කු අයිතිය අහිමි කරන්න යැයි උද්ඝෝෂණය කරනවුන් පවා එවැන්නක් කරන චීන ආඥාදායකත්වයකට වරදක් කියන්නේ ඉතා කලාතුරකිනි.
කොමියුනිස්ට් ප්රතිපත්තිවල බංකොළොත් බැවින් මිදෙන්නට ඔවුන් හැරැනේ ඔවුන් ධනවාදය කියා විශ්වාස කරන්න වෙතටයි. කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ තනතුරැ දරන අයට, හිතවතුන්ට හා පාක්ෂිකයන්ට ලාබ උපයන්නට හැකි කර්මාන්ත අයිතියට විශේෂ වරප්‍රසාද පිරිනැමීම ධනවාදය යැයි ඔවුන් වරදවා ගත්හ.
පශ්චාත්-කොමියුනිස්ට් සමාජයන්හි පුද්ගලීකරණය සහ වෙළඳපොලකරණය දූෂණය දැක්කාම ධනවාදය කුමක්දැයි අවබෝධය නොලද්දා කියන්නේ වෙළඳපොල විසින් දූෂණය කැඳවන බවයි. නිදහසේ අර්ථ ශාස්ත්‍රය පොතේ ටොම් ජී. පාමර් මෙය පහදයි.
නව එලීට් පංතියක් එහි දී රටේ පාලන බලය අල්ලා ගනිති. ඊ ළඟට අපිට ඇහෙන්නේ වෙළඳපොල නිසා සංස්කෘතිය සහ කලාව නිවට කළා යැයි කියායි. Quianlong අධිරාජ්‍ය යුගයේ ක්‍රියාපටිපාටිය අහද්දී, මාඕ සේතුං කළ ක්‍රියාපටිපාටිය අහද්දී, මේවා හැමදාම කියන බයිලා පමණි!!!!
Fuerdai යනුවෙන් ලේබල් වෙන්නේ පශ්චාත්-කොමියුනිස්ට් චීනයේ නව එලීට් පංතියේ, දූ පුතුන් වෙති. ඩොලර් මිලියන 1.6 ක් පමණ වත්කම් ඇති මිලියන 1.9 ක පිරිසක් චීනයේ සිටිතැයි ද, ඩොලර් මිලියන 16 කට වැඩි වත්කම් ඇති ‘සුපර් රිච්’ අය 65,000 ක් ද, ඩොලර් බිලියන ඇති අය 213 ක් ද සිටින අතර Fuerdai නමින් හැඳින්වෙන්නේ මේ අයගේ දරැවන් වෙති. එනම් චීන ධනකුවේර දෙවැනි පරම්පරාවයි.
පුද්ගලික අයිතිය මත පදනම් වී ගොඩනැඟෙන වෙළඳපොල යනු කුමක්දැයි වටහා ගත නොහැකියාව නිසා මහ පාරේ කහ ඉරි මත මාසරාටි වාහනයක් නවතන ලද එක Fuerdai කෙල්ලක් කියා ඇත්තේ ඒ ගැන කෙනෙක් අමනාප වෙන්නේ ද්වේෂය නිසා පමණයි කියායි!!!!
ඩොලර් මිලියනයක් වැනි මුදලක් ආනයන තීරැ බදු හැටියට ගෙවන සුඛෝපභෝගී වාහන පදවා ගෙන එහා මෙහා යන මේ දරැවන් ගැන රටවැසියන් ඔරවන්නට පටන් ගෙන.
ඉතින් රටක් කොමියුනිස්ට් සමූහාණ්ඩුවක් වුනාම දුප්පතුන්ගේ අරගලයක් පටන් ගන්නේ කොතැනින් ද?!!!!
නව එලීට් පංතියේ දූ දරැවන්ට, ඔවුන්ගේ වස්තු සම්පත් එන්නේ කොහෙන්දැයි හිතන්නටත්, ඔවුන්ට දේශප්‍රේමීත්වය, නීති ගරැක වීම සහ වෙහෙස මහන්සියෙන් වැඩ කිරීම ගැන කියා දෙන්නටත් අවශ්‍ය යැයි චීන ජනාධිපතිවරයා රජයේ රැස්වීමක දී පසුගියදා පැවසීය.
එය මහජනතාව දැනගෙන සතියක් ගෙවී යද්දී, රාජ්‍ය මාධ්‍ය වර්තා කරන ලද්දේ සමෘද්ධිමත් වෙරළබඩක දී බිලියන් ගණනින් වත්කම් ඇති අයගේ දරැවන් 70 දෙනෙක් සඳහා “සාම්ප්‍රදායික චීන සංස්කෘතිය, සමාජ වගකීම සහ ව්‍යාපාර දැනුම” සපයන්නට වැඩ මුළුවක් පවත්වන ලද බවයි. ඊට පරක්කු වී පැමිණියහොත් ඔවුන්ට යුවාන් දාහක දඩයක් නියම කෙරැණි.
නීති විරෝධී ලෙස පදවන ලද වාහන අනතුරකින් මිනීමැරැමක් කර, ඩොලර් මිලියන දෙකක ඇප මුදල් ක්ෂණිකයෙන් ගෙවන්නටත්, ඇමෙරිකාවේ සිරගෙයකින් ආපහු තම රටට පිටුවහල් කරගන්නටත් හැකි චීන කොමියුනිස්ට් පාක්ෂික හිතවතුන් වූ ධනකුවේරයන්ට යුවාන් දාහක් මොන කරදරයක් ද?
සටහනට අමුණන ‘ද ඉකොනොමිස්ට්’ සඟරාවේ ලිපිය මුල මෙසේ කියයි: “චීනය නැවතත් ලෝකයේ දැවැන්ත ආර්ථිකය වෙද්දී, සියවස් ගණනාවකට පෙර තිබි ගෞරවය එය යළි සොයයි. ඒත් එය අත්පත් කරගන්නේ හෝ ඊට සුදුස්සෙක් වෙන්නේ කෙසේදැයි කියා ඔවුන් නොදනියි.” මෙහි දී මගේ මතය මෙසේයි: චීනයේ ජනතාව ලංකාවේ වැසියන් මෙන් නිවැරදි දැක්මට උරැමයක් කිව්වත් එය අහිමි වී අනාථ වූ අයයි. කොන්ෆියුසියස් දර්ශනය දායද වූවත්, එය අවබෝධයට ඔවුන්ට ඉඩක් නොලැබුණි. මිනිස් නිදහස සහ දේපල අයිතිය ගැන අවබෝධයක් නැති කළ ගෞරවයක් ලැබෙන ලෙසකින් ආචාර ධාර්මික හැසිරීමක් කෙනෙකු වෙතින් බලාපොරොත්තු විය නොහැකියි. ඒ ගැන අවබෝධය ඇති වෙද්දී ෆුඑදායි වුවත් ආචාර ධාර්මික ලෙස හැසිරීම අනිවාර්යෙන්ම සිද්ධ වේ.
පලවෙනි වතාවට ගොඩ වුනේ එල ද බ්‍රා ලිපියක්
sanjeewa mendis,
ස්තූතියි ගොඩ වුනාට, ඒ වගේම අලුත් පද වහරකුත් හඳුන්වා දුන්නට!! 😀
තමන්ගෙ රටේ දේවල් අගයන්න ඕන කියන එක විතරයි මට මේකෙ තේරුනේ………..:D
———————————————————
https://pivithurusithuvili.wordpress.com
sandaruwan,
කොච්චර පහදා දුන්නත් අවබෝධය ලබන්න හැකියාව ඇත්තේ තමන්ගේ මොළයෙන් පමණයි!!!
එල ද බ්‍රා…හෙක් හෙක්………………..