අරුණි ශපීරෝ‍ වෙතින්

බර්ට් ෂැවිට්ස්ගේ මී මැස්සෝ

Posted in Uncategorized by arunishapiro on ජූලි 27, 2015

presents_burt-s-buzz-ch1-meet-burt

“පවතින්නේ ලුහුබැඳ යන අය සහ ලුහුබැඳ යෑමයි, ලැබෙන්නේ කාර්යබහුලත්වය සහ වෙහෙස පමණයි.” එෆ්. ස්කොට් ෆිට්ස්ජෙරල්ඩ් එසේ ලියන්නේ ශ්‍රේෂ්ඨ ගැට්ස්බි පොතේ. සබැඳියෙන් මම ගැට්ස්බි පොත සහ ෆිට්ස්ජෙරල්ඩ් ගැන කළින් ලියූ සටහනක් කියවත හැකියි. ඉහත උපුටා දක්වන වගන්තිය වෙන්න ඕනෑ, සිංහලට පරිවර්තනය වෙලා තියෙනව දැක්ක මෙහෙම: “අන්තිමේ දී අපි හඹාගෙන ගිහින් තියෙන්නේ එකම දෙයයි. ඒ කාර්යබහුලත්වය සහ වෙහෙස පමණයි.”

ලුහුබැඳ යන්න සුදුසු අන්න අහවලා යැයි තීරණය කරන උදවිය ඉන්නව. නමුත් මිනිස් ස්වභාවය විවිධ විෂම වූ නිසා, ලුහුබැඳ යන්න තරම් වැදගත් කිසිවෙක් නැහැ යැයි තීරණය කරන උදවියත් මේ ලෝකයේ ඉන්නව.

ඉතින් අර සිංහලට පරිවර්තනය වෙච්ච පින්තූරය දැකල මම මෙහෙම ලිව්ව:
ඕනෑම වේලාවක දී අයෙකුට කාර්යබහුලත්වයෙන් සහ වෙහෙසෙන් සමුගන්න පුළුවන්. හැබැයි එයින් ලැබෙන ප්‍රතිඵල වලටත් සමුදෙන්න වෙනව. අනෙක් සෑම තෝරාගැනීමක දී වගේම එකක් තෝරාගනිද්දී අනෙක් දේවල් අත්හරින්නත් වෙනව. මුදලට කෑදර යැයි බනින මිනිස්සු මුදල්ම තෝරා ගනිමින් බනින්නේ තමන් කරන ලද තෝරාගැනීමට නොව එහි ඵලවිපාකයන්ටයි.

නිව්යෝර්ක් නගරයේ ජීවත්වෙච්ච බර්ට් ෂැවිට්ස් මේ මාසේ මුල දී වයස 80 දී මිය ගියා. එයා කිසිවෙක් හඹා නොගිය, ඒ වගේම කාර්යබහුලත්වය ප්‍රතික්ෂේප කළ, ජීවිතයේ වෙහෙසට පත් නොවූ අයෙක්.

එයා නිව්යෝර්ක් නගරයේ උපන් කෙනෙක්. එහි ඡායාරෑප ශිල්පියෙක් හැටියට රැකියාව කරන්නේ 1960 ගණන් වල දී. පොත් ටිකකුයි අශ්ව කෙස් වලින් හදපු මෙට්ටෙකුයි පටවාගෙන වාසය කළ හැකි වෑන් එකකින් උතුරැ පළාත බලා යන්නේ නගරයේ ජීවිතය තව දුරටත් නීරස යැයි දැනෙද්දී.

මේන් ප්‍රාන්තයට එද්දී වැටක මී මැස්සෝ පොරකන හැටි බර්ට් දකිනව. කවුදෝ යාළුවෙක් දුන්නු මී මැසි පෙට්ටියක්, අත්වැසුම්, මූණ ආවරණයක් සහ දුම් ගහන භාණ්ඩයක් ඔහු සතුව තිබුණ. ඒ යාළුවම කියා දුන්නු මී මැසි පාලනය මතකයේ තිබ්බ. ඉතින් මෙයා ඒ කැලෑව අසල මී මැසි පාලනය පටන් ගන්නේ කැලෑවේ හිටපු ඒ මී මැස්සන් ගෙන්.

මී පැණි බෝතල් හදලා ගිම්හාන කාලයේ සංචාරයට යන අයට පාර අයිනේ දී විකුණලා තමයි බර්ට් අවුරැද්දේ ඉතිරි කාලය ගෙවන්න වියදම හොයාගන්නෙ.

1984 දී බර්ට් පාර අයිනේ ඉඳලා නඟ්ග ගත්තු රොක්සෑන් කුවිම්බි කියන හිපි කාන්තාවක්ව එයාගේ කහ පාට කබල් පිකප් රථයෙන් ගිහින් ඇරලුවා. දෙන්නාගේ ඇසුර පටන් ගන්නේ එතැන් පටන්. බර්ට් පදිංචි වෙලා හිටියේ අඩි විස්සයි විස්සේ ලී ගෙයක. එතැන ඉඩ තිබ්බෙ නැහැ දෙන්නෙක්ට පදිංචි වෙන්න. ඒ නිසා දෙන්න යාළුකමක් පටන් ගත්තට එක ගෙදරක වාසය කළෙත් නැහැ.

හැබැයි බර්ට් ළඟ මී ඉටි රාත්තල් දෙසීයක් ගොඩ ගැහිලා තියෙනව දැකලා රොක්සෑන්ට අදහසක් පහළ වෙනවා ඒවයෙන් මොනව හරි කරන්න ඕන කියල. එයා ඉටිපන්දම් හදනව. නත්තල් ගස්වල එල්ලන මෝස්තර හදනව. ලී බඩු පොලිෂ් හැදුවට ඒ වෑයම හරි ගියේ නෑ. අත් වලට ගාන්න ක්‍රීම් එක්ක වැඩියෙන්ම සුප්‍රසිද්ධ වෙන නිෂ්පාදනය තමයි තොල් වලට ගාන බාම් කූර.

ඒවා අරන් මේන් ප්‍රාන්තයේ තියන ස්වයං නිෂ්පාදන පොළක් තියෙන තැන් හොයාගෙන ඒවයේ බඩු විකුණන්න යන්නේ රොක්සෑන්.

1991 වෙද්දී දෙන්න එක්ක එකතු වෙලා Burt’s Bees කියල කොම්පැණියක් පටන් ගන්නව. “බර්ට්ගේ මී මැස්සෝ” තමයි අර කැලෑවේ මී මැස්සෝ හදන්න පෙට්ටි දාද්දී අනික් අය හොරකම් කරගෙන යයි කියල තමන්ගේ අයිතිය පෙන්වන්නට ලියපු නම.

2000 වෙද්දී බර්ට්ගේ මී මැසි කොම්පැණියේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 23 ක්.

රොක්සෑන් ඒ වෙද්දී දකුණු කැරලයිනාව පැත්තේ කම්හලක් පටන් ගෙන. මේන් ප්‍රාන්තයට වඩා බදු අඩු නිසා, වෘත්තිය සමිති බලය අඩු නිසා!!! රොක්සෑන් එක්ක එහෙ ගියාට බර්ට් කැමති නැහැ වානිජ ලෝකයක් ජයගන්න වෙහෙසෙන්න. ප්‍රසිද්ධියට එච්චර ආශාවක් දක්වපු අයෙකුත් නෙමෙයි. එයාට යන්න කිව්වම තායිවානයේ බර්ට්ගේ මී මැසි නිෂ්පාදන ප්‍රචාරය කරන්න එයා ගිහින් වැඩේ කරලා එනව. ඒත් වැඩියෙන්ම ආස මේන් ප්‍රාන්තයේ තමන්ගෙ කැලෑවේ කාලය ගෙවන්න. දකුණු කැරලයිනාවත්, කම්හලත් ඒ වගේම රොක්සෑන්වත් දාලා බර්ට් ආපහු යනවා, තනියම, මේන් ප්‍රාන්තයට.

2003 දී කොම්පැණියේ වටිනාකම තක්සේරැ වෙන්නේ මිලියන 77 කට. එයාට තුනෙන් එකක කොටසක් අයිතිය තියෙද්දී ඒ අයිතිය එක් ලක්ෂ තිස්දාහක ඉඩමක් ගන්න මාරැ කරගන්නව. ඒ හැරෙන්නට මිලියන හතරක් මුදල් ලැබෙනව.

2007 දී ක්ලෝරොක්ස් කොම්පැණිය බර්ට්ගේ මී මැස්සෝ මිල දී ගන්නව ඩොලර් මිලියන 925 කට. ඒත් එයා ඒ ගැන වැඩිය උනන්දුවක් දක්වන්නේ නැහැ. එයාට අවශ්‍ය තමන්ගෙ ඉඩමේ නිදහසේ අතපය දිග හැරලා තමන්ට ඕන විදියට ජීවත්වෙන්නට.

රොක්සෑන් කුවිම්බි මේන් ප්‍රාන්තයේ අක්කර ලක්ෂයක් වනාන්තර මිලට ගෙන එය වනාන්තර හැටියටම තියන්න කටයුතු කළ අයෙක්.

Burt’s Buzz (2014) මේ කතාව අනුසාරයෙන් හදන ලද වාර්තාකරණයක්.

ඩේසිලා පස්සෙ හඹා යන ගැට්ස්බිලා හිටියට බර්ට් වැනි අයටත් ඇමෙරිකාවේ ඉඩ තියෙනවා කියන්නයි මේ සටහන දැම්මෙ.

2 Responses

Subscribe to comments with RSS.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: