අරුණි ශපීරෝ‍ වෙතින්

අල්ලගත්ත කකුළුවන් උයාගත්ත හැටි

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 2, 2015

IMG_0798

මේ විදියට කකුළුවන් උයන රෙසිපිය ලැබුනේ අපිව කකුළුවන් අල්ලන්න එක්කන් ගිය යාළුවාගෙන්ම තමයි. මේ පින්තූරයත් එයා උයපු, අපි අල්ලපු කකුළුවන්ගෙ තමයි.

ඇපල් සයිඩර් විනාකිරි කොටස් තුනකට, බාල වර්ගයක බියර් හෝ වතුර කොටසක් එකතු කරලා ස්ටීමර් භාජනයක පහළ කොටසේ උතුරවන්න ඕන. කකුළුවන් තියන්න ඕන ස්ටීමර් එකේ උඩ කොටසේ. යහමින් ඕල්ඩ් බේ කකුළුවන් උඩට දාලා ස්ටීමර් එකේ පියන වහලා එය උතුරන පහළ කොටස මතින් තියන්න ඕන.

මිනිත්තු විස්සක් හුමාලයෙන් උයාගෙන, උඩ කොටසේ පියන අයින් කරලා මිනිත්තු විස්සක් විතර නිවෙන්න තියන්න. ඊට පස්සේ කකුළුවන් අරගෙන කට්ට උඩට ආයෙත් යහමින් ඕල්ඩ් බේ ඉහලා කන්න ගන්න.

මේ කකුළුවන්ට දාන Old Bay නම් කුළුබඩු මිශ්‍රණය නිෂ්පාදනය වෙන්නෙත් මේරිලැන්ඩ් ප්‍රාන්තයේ චෙසපීක් බොක්ක ආශ්‍රිතවම තමයි. මුලින්ම එය නිර්මාණය කරලා තියෙන්නේ 1939 දී ගස්ටාව් බෘන් (Gustav Brunn) නැමති ජර්මන් සංක්‍රමණිකයෙක්. මේ මිශ්‍රණයට අබ, පප්රිකා මිරිස්, සෙලරි ලුණු, බේ කොල, ගම්මිරිස්, කෑලි රතු මිරිස්, කරාබු නැටි, එනසාල්, සාදික්කා යනාදි කුළුබඩු රාශියක් ඇතුලත් වෙනව. කකුළුවන් උයද්දී දාන්න හදපු එකක්. අදත් හදන්නේ එය නිර්මාණයේ දී හැදුනු ආකාරයටමයි.

කුළුබඩු මිශ්‍රණයට මුලින් දාල තියෙන නම “ඉස්සන් හා කකුළුවන් සඳහා රසැති සන්නම් නාමය”. රසට ආස වුනාට නමට කවුරැත් ආස වෙලා නැහැ.

Old Bay නම වැටිල තියෙන්නේ 1900 ගණන් වල දී මේ පැත්තෙන් මගී ප්‍රවාහනයට දාපු හුමාලයෙන් දුවපු නැව් මාර්ගයක නමෙන්, එනම් Old Bay Line වලින්. නාට්සි ජර්මනියෙන් පලා ඇවිත් කොළ පාට ටින් එකක මේ කුළුබඩු මිශ්‍රණය අසුරලා විකුණන ව්‍යාපාරය පටන් ගනිද්දී ගස්ටාව් තමන්ගේ උත්සාහයට දාපු නම තමයි ඕල්ඩ් බේ කොම්පැණිය.

1990 දී ඕල්ඩ් බේ මිශ්‍රණය විකුණලා දානව මැක්කෝර්මික් කොම්පැණියට. දැන් විසල් සමාගම් විසින් පුංචි ව්‍යාපාරයක් ගිලිනවා කියල කෑ ගහන අය පරල වෙන්න ඉස්සර මතක් කරන්න ඕනෑ 25 වියැති විලබි එම් මැක්කෝර්මික් 1889 දී එය ඇරඹුවේ එක කාමරයක් සහ සෙලර් (cellar) එකක කියල. ගෙයින් ගෙයට බඩු විකුණල තමයි එයා දියුණු වෙන්නෙ. මැක්කෝර්මික් කොම්පැණියත් පහුගිය වසරේ දී මෙරිලන්ඩ් වල නීති රෙගුලාසි වැඩියි කියල වෙන ප්‍රාන්තයක් බලා යන්න ලැහැස්ති වුණා.

9 Responses

Subscribe to comments with RSS.

  1. විචාරක Wicharaka said, on අගෝස්තු 3, 2015 at 2:12 පෙ.ව.

    අම්මෝ………………..කකුළුවෝ නම් ඉතින් වග කියන්නම් සෑහෙන ගණනකට. මම මෙතෙක් දැක තිබෙන රසවත්ම සහ විශාලතම කකුළුවෝ, කෝකිලායි කලපුවෙන් අල්ලගත්ත එවුන්.

  2. indranathathenuwara said, on අගෝස්තු 3, 2015 at 6:07 පෙ.ව.

    කකුළුවන් උයාගෙන කෑවා වගේ ම රස දැනුනා නෙව…!!

  3. Transylvania said, on අගෝස්තු 3, 2015 at 8:10 පෙ.ව.

    මම කකුළු සුප් වලට ආසයි , ඒ වගේම වරක් ට්‍රී ඔෆ් ලයිෆ් හෝටලයේ කකුළුවන් බේක් කර දුන්නා කකුළු කට්ට පවා ක්‍රිස්පි කන්න පුලුවන් ලෙස​. නමුත් කකුළුවන් පණ පිටින් ඉන්නකොට මිලට ගන්න හිතෙන්නේ නැහැ.

    • arunishapiro said, on අගෝස්තු 9, 2015 at 7:54 පෙ.ව.

      Transylvania,

      කට්ට ඇතුළු සම්පූර්ණ කකුළුවා කන්න පුළුවන් ක්‍රිස්පි විදියට ගැඹුරැ තෙලෙන් බදින්නේ අර පරණ කට්ට (exoskeleton) ළඟක දී අත්හැරලා දාලා (molted) ගිය කකුළුවන්ව අල්ල ගත්තම. මේ වර්ගයේම නිල් කකුළුවන් එහෙම ආහාරයට පිළියෙල කළාම කියන්නේ soft-shell crab කියල. (බර්ගර්) බනිස් එකක් මැදට දාලා සැන්විච් විදියට විකුණනවා. එකක් කෑවම ආයේ මුකුත් කන්න බඩේ ඉඩ නැහැ.

  4. Pra Jay said, on අගෝස්තු 4, 2015 at 1:45 පෙ.ව.

    //ඊට පස්සේ කකුළුවන් අරගෙන කට්ට උඩට ආයෙත් යහමින් ඕල්ඩ් බේ ඉහලා කන්න ගන්න.//

    කට්ට උඩ විතරයිද? කටු ක්‍රැක් කරන්නෙ වත්, හොද්දක් වගේවත් නැති නිසා කුලුබඩු රස දැනෙනවද?

    • arunishapiro said, on අගෝස්තු 9, 2015 at 8:09 පෙ.ව.

      Pra Jay,

      ඔව් කට්ට උඩ තමයි. ස්ටීම් කරද්දී ඇතුලට කොහොමින් හරි යන හරියේ රස ඇති. අනික, කකුළු මස් අරගනිද්දී අතේ ඇඟිලි වල ගෑවෙන ඕල්ඩ් බේ ප්‍රමාණයත් ඇති ඒ කුළුබඩු රස දැනෙන්න.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: