අරුණි ශපීරෝ‍ වෙතින්

දාස භාවයට යන පාරෙන් අයින් වෙමු ද?

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 15, 2015

හෙට අනිද්දා ලංකාවේ පැවැත්වෙන මහා මැතිවරණයෙන් වෙනසක් බලාපොරොත්තු වෙන අය ඉන්නව. රටවැසියන්ට යහපතක් උදාවෙන වෙනසක් ඇතිවෙන්නට නම් වැදගත් වෙනස්කම් රාශියක නියැළෙන්නට අවශ්‍ය රටවැසියා නියෝජනය කරන තම තමන්.

ඉතින් මොනව ද මේ තම තමන්ට නියැළෙන්නට හැකි වෙනස්කම්:

1. පුද්ගලික අයිතිය කුමක්දැයි තමන් හඳුනාගත යුතුයි. ඊට ගරු කරන්නට හැකියාව පෑදෙන්නේ එය කුමක්දැයි අවබෝධය ලද විටයි. පුද්ගලික අයිතිය හඳුනා නොගන්නේ ද, ඊට ගරැ කරන්නට නොදන්නේ ද, පුද්ගලයාගේ දියුණුව එතැනින් එහාට නොයන නිසා පුද්ගලයන් රාශියක එකතුවකින් හැදෙන රටේ දියුණුවක් ද ඇති නොවේ.

2. මහජන චන්දයෙන් තේරී පත්වෙන අයව ඒ තනතුරු වලින් ඉවත් කර ගෙදර යවන්නට හැකියාව තම චන්ද බලය නිසා තමනට ඇතැයි සිතන අය, තමන් විසින්ම පත්කරගත් ඒ අය වෙතින් “ලොකු උදව්” හෝ “පොඩි උදව්” ඉල්ලීමෙන් වැළකී සිටිය යුතුයි. මහජන සේවයේ තනතුරු දරන අය ඔවුන්ගේ පුද්ගලික වාසි තකා කටයුතු නොකළ යුතු යැයි තමන් පිළිගන්නේ නම් තමන්ගේ පුද්ගලික වාසියක් පිණිස ඒ අය වෙතින් උදව් බලාපොරොත්තු වෙන්නේ ඇයි?

3. සමාජ සාධාරණයක් සිද්ධ වෙන ආකාරයකින් බෙදන්න කිසිම ආණ්ඩුවක් දන්නේ නැහැ. හැම පක්ෂයකම ඉන්නෙ එහෙම දන්නවා කියාගත් අය වුනාට. මුළු මහත් මිනිස් ඉතිහාසය පුරා මහජනතාවගේ යහපත සලසා ඇත්තේ බෙදන්න දන්නවා කියාගත් දේශපාලනඥයන් විසින් නොව බෙදන්නට දේවල් නිර්මාණය කරන ලද පුද්ගලයන් විසින් යැයි අවබෝධ කරගත යුතුයි. ඒ අනුව බෙදන ක්‍රම හොඳයි ද නරකයි ද, බෙදන්නේ කොහොම ද යන කතාබහට කාලය වැඩියෙන් වැය නොකර බෙදන්නට හැකි දේවල් නිර්මාණයට කාලය වැඩියෙන් වැය කළ යුතුයි.

4. බහ තෝරන වයසේ පටන්, එනම් ‘මම’ යැයි සංකල්පයක හැඟීම් සහජයෙන් ඇතිවෙද්දී, මිනිස් සත්වයා යනු තරඟකාරී සත්වයෙකි යන සත්‍යය තමන් විමර්ශනය කළ යුතුයි. මිනිස් ස්වභාවයක් වූ තරඟකාරීත්වයට ඉඩ දී විශිෂ්ඨ ප්‍රතිලාභ භුක්ති විඳින්නට හැකියාව පෑදෙන්නේ එවිටයි.

5. අනිත් අය රටේ නීති කඩන නිසා තරඟය ජයගන්නට නම් තමන් ද නීති කැඩිය යුතුයි යන චින්තනයෙන් වහාම අයින් විය යුතුයි. මිනිස් මනස වනාහී අපූරු අංගයකි. නීති නොකඩා තරඟය ජයගන්නට මාර්ග සොයාගත හැකි මොළය පාවිච්චිය ගත යුතුයි. නව නිර්මාණ බිහිවෙන්නේ එවිටයි.

නමුත් මේ කිසිවක් නොකරන තෝරාගැනීම ද ඔබ හමුවේ පවතින්නකි. තව දුරටත් දාස භාවයට යන පාරේම ගමන් කරමින් සිටිය හැකි එය ද ඔබ සතු තෝරාගැනීමකි.

අයින් රෑන්ඩ් ලියූ පළමු නවකතාව “අපි ජීවත්වන්නෝ” නමින් 1936 දී ප්‍රකාශනය වූවයි. එය සිංහලට පරිවර්තනය කරමින් 2011 වසර පුරා මම මගේ සිංහල කෙටිකතා බ්ලොග් අඩවියේ එය සම්පූර්ණයෙන්ම පළ කරන ලද්දෙමි. එදා එය දිනපතා කොටස් වශයෙන් පළවෙද්දී කියවන්නට පැමිණි සියල්ලන්ටම ඉතාමත් ස්තූතියි. අද මෙය සම්පූර්ණ නවකතාව හැටියට PDF මාර්ගයෙන් ඔබට කියවන්නට පුළුවනි.

මේ කතාව රැසියාවේ 1922 සිට 1925 දක්වා කාල පරාසය පසුබිම් කරගත්තකි. එහෙත් එය එවක රැසියන් ඉතිහාසය ගැන නොවේ. එය රැසියන් අරගලය ගැන කතාවක් ද නොවේ.

එහෙත් එය ඕනෑම රටකට, ඕනෑම කාලයක දී උදා විය හැකි තත්වයකි.

ස්වභාවික නීති වලට පිටුපා මිනිසෙක් හෝ මිනිසුන් පිරිසක් විසින් සමාජයක් නිර්මාණයට දන්නවා යැයි උද්ධච්ච ලෙසින් විශ්වාස කරද්දී, අභිප්‍රාය හා හැදියාව කොපමණ උත්කෘෂ්ට වුවත් ඒවා සාර්ථක නොවන්නේ මන්දැයි අවබෝධයට ඉඟියක් ලබාදෙන්නකි. එය ආඥාදායකත්වයක් ගැන කතාවකි.

එහෙත් එය සමාජ දේශපාලන දර්ශනයක් ගැන කතාවක් නොවේ.

කීරා ආර්ගුනෝවා, ලියෝ කෙවොලැන්ස්කි සහ අන්ද්‍රෙ ටැගනොව් තිදෙනාගේ ආදර වෘත්තාන්තය දිග හැරෙන මේ කතාවෙන් අරීනා සහ සාෂා, වික්ටර් සහ මාර්ෂා, පවෙල් සහ සෝනියා යනාදීන්ගේ ජීවිත වලට එබී බලන්නට හැකියාව පෑදේ.

දුෂ්ට මිනිසුන් ඉහළම තැනට නැඟ ගන්නේ කෙසේදැයි අපිට මැනවින් පහදා දුන්නේ “දාස භාවයට යන පාර” ලියූ එෆ්. ඒ. හයෙක් විසිනි. අයින් රෑන්ඩ් ලියූ මේ පොත ඒ ප්‍රස්තුතය ප්‍රබන්ධයකින් පෙන්වයි.

දුෂ්ට මිනිසුන් ඉහළම තැන් වලට පත් නොවන එකම ක්‍රමය තමන් කැමති දේවල් ලබාගන්නට තමන් කැමති අය වෙතින් ගණුදෙනු කරන බලය තමන් සතුව තබාගැනීමයි. ඒ බලය වෙන අයෙකුට පවරන සෑම අවස්ථාවක දී ම දුෂ්ට මිනිසුන්ට ඉහළම තැන්වලට යන්න පාර කපා දෙන්නේ ඔබ විසින්මයි.

7 Responses

Subscribe to comments with RSS.

  1. Sharanga said, on අගෝස්තු 15, 2015 at 10:33 ප.ව.

    Hey Aruni

    Looks like your boyfriend Rand Paul is getting his butt kicked in the Republican primaries. lol. Look, objectivism is just plain dumb. American Libertarianism on the other hand can look cool on paper due to it’s simplistic nature, but in the end just completely moronic and ridiculously impractical. You know, when you’ve had human civilizations for at least 7000 years, and there has never been a proper libertarian state, you should realize that maybe this libertarian bullshit is really just that, bullshit. And now Rand Paul is getting his butt kicked by Donald Trump of all people. lol. For all your talk about being objective about everything, you people are the least objective people I know. You guys live in an imaginary world where it’s actually possible for you to win.

    As for applying this stuff to Sri Lanka, you know what, when you’re drowned in poverty and dying under a bridge, you care little for personal liberty. You might even prefer Lee Kwan Yew or Mahathir Mohamad over your super gay John Galt. They may be authoritarians, but they at least have a track record of lifting countries out of poverty within a generation. When’s the last time a country did that under an objectivist/libertarian leader? Oh wait, NEVER!!!. ROFL.

    And of course, demonstrating your intellectual honesty, you’ll censor this comment. lol.

    • arunishapiro said, on අගෝස්තු 16, 2015 at 7:20 පෙ.ව.

      Sharanga,

      බොරැ කියන එකත් නතර කළොත් හොඳයි නේද? හොරකම් නොකරනු: ආණ්ඩුව දැඩි ලෙසින්ම අකමැතියි තරඟයට

      • Sharanga said, on අගෝස්තු 17, 2015 at 5:49 පෙ.ව.

        මම කියන බොරුව මොකද්ද? ඔබ කියන්නේ ඔබ මීට කලින් මාව ඔබේ බ්ලොගයෙන් වාරණය කළේ නැහැ කියලද? ඇත්තටම ඔබ මගේ අන්තිම කමෙන්ටුව පළ නොකරයි කියලා කල්පනා කරලයි ඒ කමෙන්ට් එකත් දැම්මෙ. මේ කමෙන්ටුවත් පළකරයි ද කියලා මට විශ්වාසයක් නැහැ. ඔබේ ඔය ඔබ්ජෙක්ටිවිස්ට් ප්‍රවාහයම තනිකර cult එකක්. ප්‍රතිවිරුද්ධ අදහස් නොඉවසන ගතිය අනිත් හැම cult සාමාජිකයෙක්ට වගේම ඔබටත් තියනව.

        ඇත්තටම මම කියන බොරුව මොකද්ද? Donald Trump මේ පාර Rand Paul ගේ butt එක kick කරලා නෑ කියලද කියන්නේ? නියම libertarian අපේක්ෂකයෙක්ට ඇමරිකන් ජනාධිපති වෙන්න පුලුවන් කියලද ඔබ කියන්නේ? අඩුම තරමින් Rand Paul වත් libertarian නෙවෙයි. එහම නැත්තම් ඔහු සමලිංගික විවාහයට විරුද්ධ, අමුතුම වර්ගයේ, ෆුල් ආතල් libertarian කෙනෙක්.

        එහෙම නැත්තම් 1913 කලින් ඇමරිකාව නියම libertarian රටක් කියලද කියන්නේ? පළවෙනි දේ තමයි ඒක එහෙම උනත්, ඇමරිකාව ලෝක ඉතිහාසයේ කවදාවත් නොදැක්ක තරම් ආර්ථික හා යුධමය බලවතෙක් වුනේ 1913 ට පස්සේ. දෙවෙනි දේ තමයි 1913 ට කළින් ඕක එහෙම නියම libertarian රටකුත් නෙවෙයි. ඕක ඔහොම පට්ට libertarian රටක් වෙලා තිබුණානම් Pacific Railroad Acts, Morrill Land-Grant Act එහෙම පාස් වෙන්න ඇත්තේ වෙන රටක වෙන්න ඇති. ඒවගේම ඔය වහල්ලු හිටියෙත් ඔය පට්ට libertarian රටේ. තුන්වෙනි දේ තමයි, දැන් ඔබතුමිය කියන්නේ 1850 ඇමරිකාව 1995 ඇමරිකාවට වඩා සැපයි කියල ද?

        ඒ ඔක්කොටම වඩා වැදගත් දෙයක් තියනවා. ඒ තමයි ඇමරිකාවට අද තියන ආර්ථික මට්ටමට එන්න අවුරුදු 300 ක් ගියා. ඇමරිකාවේ ධනවත් නගරවලට වඩා ඉහළ ආදායමක් තියන සිංගප්පුරුව ඒක එක පරම්පාරාවක් ඇතුලත කළා. ඒක දැකලත් ඔබතුමිය තාමත් කියන්නේ ආණ්ඩු මැදිහත්වීමක් වෙනවනම් වේගවත් ආර්ථික සංවර්ධනයක් කරන්න බැහැ කියලද? ඒත් එක්කම ඔබතුමිය කියන්නේ 1950 සිංගප්පුරුව 2015 සිංගප්පුරුවට වඩා සැපයි කියලද?

        Global warming කියල දෙයක් නෑ කියල මැරෙන්න හදන, ප්‍රධාන ධාරාවේ macroeconomics අමු පච කියලා Austrian ප්‍රවාහය ආගමක් වගේ අදහන libertarian නෝනල මහත්තුන්ට නොතේරුනාට අනික් හැමෝටම තේරෙන දෙයක් තමයි දුප්පත් මිනිහෙක්ට අනික් හැමදේටම වඩා වැදගත් වඩා ධනවත් වෙන එක කියන එක. ඒකට රටේ සමස්ත ආර්ථිකය වර්ධනය වෙන්න ඕන. ඒත් රට ඇතුලේ ඒකට ඕන ප්‍රාග්ධනය නැත්තම් ඒ ආර්ථිකයට පිටින් හරි ප්‍රාග්ධනය ගෙතන් ආර්ථිකය kick start කරන්න පුළුවන් ආණ්ඩුවක් වගේ දැවැන්ත, බලවත් ආයතයකට විතරයි. සිංගප්පුරුව, මැලේසියාව, වියට්නාමය, චීනය ආදී මෑත කාලේ ආර්ථික වර්ධයනයක් අත් කරගත්ත එකම ආසියනු රටක් වත් ඒක කළේ libertarian පල් හෑලි අහලා නෙවෙයි. දියුණු ධනවාදය නැති තැනක දි‍යුණු ධනවාදයක් හදන්නත්, වෙළදපලක් නැති තනක අලුතින්ම දැවැන්ත වෙළදපොල ආර්ථිකය හදන්නත් ආණ්ඩුවකට කරන්න පුළුවන් කියල ඔවුන් කරලම ඔප්පු කරලා තියනව.

        කොහම උනත් ඇත්ත කතාව මේකයි. ඔබතුමිය මැරෙනකම් ඔය libertarian පල්හෑල්ලේ එල්ලිලා ඉදියි. නමුත් කවදාවත් නියම libertarian රටක් හැදෙන්නේ නෑ. ඔය Keynes ට බැණ බැණ හරි ඉල්ලුම වැඩිකරන්න වියදම් කරන එකත්, social security, food stamp, medicare, medicaid පවත්වාගේන යෑමත් හැමදාම වෙනවා. ඒක නවත්තන්න බෑ. කොච්චර උත්සහ කළත් ආයේ අඩුමගානේ obamacare එකවත් නවත්තන්න ඕගොල්ලන්ට බෑ. ඒ වගේම චීනය පට්ට currency manipulation එකක් එක පැත්තකින් කරද්දි free market free market කිය කිය ඉන්නත් ඕගොල්ලන්ට බෑ.ඕගොල්ලෝ කියයි, ඒත් මොකෙක්වත් ගණන් ගන්නේ නෑ. ඒවගේම චීනය, රුසියාව වගේ යුධමය වශයෙන් බලවත් රටවල් තියෙද්දි, ඒකට හරිහන්න හමුදා වියදම් වැඩි කරන එකත් නොකර ඉන්න බෑ. ඒකටත් අඩ අඩ හරි බදු ගෙවන්න ඕගොල්ලන්ට සිද්ධ වෙනවා. ඉතින් ඇත්තම කියනවනම්, කියන්න තියෙන්නේ සොරි තමයි කියලා.

        • arunishapiro said, on අගෝස්තු 17, 2015 at 6:49 පෙ.ව.

          Sharanga,

          මේ බ්ලොග් එකේ Sharanga දමා ඇති කමෙන්ට් කොපමණක්දැයි කියා අවශ්‍යතාවයක් ඇති ඕනෑම අයෙකුට සොයා බලන්න හැකියි.

          මෙයාගේ සහ අනෙක් අයගේ ප්‍රතිවිරැද්ධ අදහස් කොතරම් පළ වී ඇත්දැයි කියා දැයි සොයා බැලිය හැකියි.

          එහෙත් අර්ධ සත්‍යයක් බොරැ අතිශෝක්තියෙන් දෙගුණ දෙගුණ කරමින් වැල් වටාරම් වලින් පාඨකයාගේ කාලය නාස්ති කරන කමෙන්ට් වලට ඉඩ දීම නවතන ලද්දේ මේ අඩවියේ කමෙන්ට් ක්ෂණයෙන් පළ කරන්නට ඉඩ දී තිබුණු කාලයේ ඒවා මහත් විශාල ප්‍රමාණයක් වැටෙන්නට පටන් ගනිද්දී.

          අනුන්ගේ මෝඩ කතා ලියාගන්නට ඔවුන්ට බ්ලොග් එකක් පටන් ගත හැකියි. ඊට මගේ තැනේ ඉඩක් දීම ප්‍රතිවිරුද්ධ අදහස් වර්ජනය යැයි සිතන්නා පුද්ගලික අයිතිය නොදන්නා අයෙකි.

          ප්‍රතිවිරැද්ධ අදහසක් නොවන අනාගත් අවුලක සිටින බව පෙන්වන හොඳම උදාහරණය මෙසේය:
          තෝමස් ජෙෆර්සන්, බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් සහ ජෝර්ජ් වොෂිංටන් අනුගමනය කරන රෑන්ඩ් පොල් කියා සිටින්නේ සමලිංගික විවාහ යනු ආණ්ඩුවේ නීතියක් නොවිය යුතු බවයි. පුද්ගලික අයිතිය නොදන්නා අයෙක් ලිබටේරියන් හි ප්‍රධාන මූලය නොපිළිගැනීම පුදුමයක් නොවේ. ජනාධිපතිවරයෙක් වෙතින් සියල්ලන්ටම පොදුවේ බලපාන අහිතකර නීති ගෙන එන්නට බලය ලබා ගැනීමට මේ බ්ලොගය පෙනී සිටිනවා යැයි ද එසේ වරදවා ගත් වටහා ගැනීමකි.

          ඇමෙරිකාවේ දියුණුව යැයි ලිබටේරියන් අයෙක් දකින්නේ ඒකීය මිනිසාට කොතරම් පහසුවෙන් සහ කොතරම් සීමා නොමැතිව තමන් අපේක්ෂා කරන දියුණුව සාක්ෂාත් කරගැනීමට ඉඩ තිබීමයි. රෝම අධිරාජ්‍යය කඩා වැටුනේ කෙසේද ඕනෑම බලවත් රාජ්‍යයක් එසේ කඩා වැටෙනු ඇත. Sharanga සේ සිතන අය මහා බලවත් ආණ්ඩු නිර්මාණය පිණිස ආණ්ඩුවේ බලහත්කාරකම් කරත හැකි බලයෙන් වෙහෙසෙද්දී, ලිබටේරියන් අය ආණ්ඩුවේ බලය යොදා නොගෙන මෙවැනි වූ ඒකීය පුද්ගල උත්සාහයන් වලින් ජනතාව දැනුවත් කරන්නට, ජනතාවගේ උවමනා පිරිමසන්නට සහ ජීවිත සුවපහසු කරන්නට ක්‍රම සහ විධි එදත් සොයාගත්හ. අදත් සොයා ගනිමින් සිටිති. ඔවුන් හෙට ද ඒ උත්සාහය නවත්වන්නේ නැත.

          Sharanga වැනි අයට ඉවසාගත නොහැකියේ අපට මහා බලවත් නායකයෙක් සහ මහා බලවත් ආණ්ඩුවක් නැතිව ඉතා සතුටින් ජීවත්විය හැකියාව ඇතැයි අපි දිනපතා ඔප්පු කර පෙන්වීමයි.

  2. mppgunasinghe said, on අගෝස්තු 16, 2015 at 3:52 පෙ.ව.

    pdf ගොනුව බාගත කරගත්තා ගොඩක් ස්තුතියි. විවේකීව කියවා බලන්නෙමි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: