අරුණි ශපීරෝ‍ වෙතින්

පුස්තකාල ගැන

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 2, 2015

පොත්වලට ළැදි අයට හඳුනාගන්න සහ ඒ පැත්තක ගියොත් ගොඩ වැදෙන්න අමතක නොකළ යුතු ලෝකයේ විශිෂ්ඨතම පුස්තකාල කිහිපයක් ගැනත් මීට කළින් පුස්තකාල සම්බන්ධයෙන් ලියූ සබැඳි කිහිපයක් අඩංගු සටහනක් මේ.

Admont Abbey Libraryඔස්ට්‍රියාවේ ඇඩ්මොන්ට් පුස්තකාලය

ඇල්ප්ස් කඳුවැටිය පාමුල එන්ස් ගංඟාව අසල පිහිටන මේ ලොව පැරණිතම පුස්තකාලය බෙනඩික්ට් නිකායේ ආශ්‍රමයක්. මේක තමයි ආශ්‍රමයක ඇති ලෝකයේ විශාලතම පුස්තකාලය හැටියට සැලකෙන්නෙ. ඇඩ්මොන්ට් කියන්නේ ලතින් හුරැවෙන් කන්ද අසල කියන අර්ථය. ඩිස්නි චිත්‍රපටියක් වූ ‘බියුටි ඇන්ඩ් ද බීස්ට්’ පුස්තකාලය ඇඳලා තියෙන්නේ මේ පුස්තකාලයේ ඇත්තටම දකින්න තියන බරොක් කියන ගෘහ නිර්මාණ ශිල්ප විලාසිතාව විදියට. 1776 දී ජෝසෆ් හූබර් කියන නිර්මාණ ශිල්පියාගේ වැඩක්. එළිය ලැබෙන ජනේල 48 ක් තියෙනව. මෑතක දී එය පසුබිම් කරගෙන නිරෑපිකාවන්ගේ ඡායාරෑප ගන්න ගිය අයෙක් චිත්‍රවල තියෙන සුදු සහ රත්තරන් පාට පිටතින් එන එළියෙන් දිළිසෙන නිසා අන්තිමේ දී ඡායාරෑප අරන් තියෙන්නෙ රාත්‍රියේ දී කෘතිම ලයිට් වල ආධාරයෙන්.

ඇමෙරිකාවේ බල්ටිමෝර් හි පිහිටන ජෝර්ජ් පීබොඩි පුස්තකාලය

1816 දී එංගලන්තයෙන් බර්ටිමෝර් නගරයට වාසස්ථානය පිණිස පැමිණෙන ජෝර්ජ් පීබොඩි නම් ව්‍යවසායකයාගේ පරිත්‍යාගයකින් ඉදි කෙරෙන මෙහි විශේෂ ලක්ෂණය තමයි යකඩ වැටවල් ගහලා වටේටම පොත් රාක්ක පේන තට්ටු පහක් දකින්න හැකි පරිදි හදලා තියෙන පොත් වලට ආදරේ කරන අයගේ සිත් කුල්මත් කරන අලංකාර ආලින්දය (atrium).

ඩෙන්මාර්ක් රටේ කෝපෙන්හේගන් හි රාජකීය පුස්තකාලය

1906 සිට පවතින පුස්තකාලයකට කොටසක් එකතු කරන්න 1999 දී ඉදිවෙන මෙය “කළු දියමන්තිය” යනුවෙන් හැඳින්වෙනව. ඇතුලත අමුතු හැඩ වලින් නිමැවී තිබෙනව. පිටත කළු ග්‍රැනයිට් සහ වීදුරැ වලින්. ආලින්දයේ වීදුරැ වලින් පිටත පේන වතුර නිසා පාඨකයාට නිස්කලංක පරිසරයක් ලැබෙනව. වැඩිහිටියන්ට ඩෙන්මාර්ක් ක්‍රෝන 60 ක් අය කරල පුස්තකාලය නරඹන සංචාරක ගමන් එක්කන් යනව.

ජපානයේ ටෝකියෝ හි මුසාශීනෝ කලා විශ්ව විද්‍යාල පුස්තකාලය

ලෝකයේ සරලම පුස්තකාලය හැටියට සැලකෙන මෙය නිර්මාණය ජපන් ගෘහ නිර්මාණ ශිල්පී සු ෆුජිමොටො විසින්. වීදුරැ වලින් හැදෙන පිටත සහ ඇතුලත තනිකරම හැදෙන්නේ අඩි විස්සක් උස පොත් රාක්ක බිත්ති සහ ඒවා යා වෙන පාලම් වගේ පොත් කියවන ඉඩකඩ වලින්.

මැසචූසෙට්ස් හි බොස්ටන් මහජන පුස්තකාලය

ඇමෙරිකාවේ දෙවැනි විශාලතම මහජන පුස්තකාලය හැටියට සැලකෙන මෙහි මිලියන 23 ක් පමණ කියවන්නට දේවල් පවතිනව. බේට්ස් හෝල් ගොඩක් චිත්‍රපටි වල දර්ශනයන්ට භාවිතා වූ ශාලාවක්. බොස්ටන් නගරයේ ළඟක දී සංචාරය කරද්දී චිත්‍රපටියක් රෑගත කරනවා දකින්නත් ලැබුණ. 2007 දී තිරගත වූ පින්ක් පැන්තර් 2 හි බොස්ටන් මහජන පුස්තකාලයේ දර්ශන අඩංගුයි.

Stuttgart-City-Library-1ස්ටාඩ්ට්බිබ්ලියොතෙක් ස්ටුට්ගාට් (නගරසභා පුස්තකාලය)

මේ පුස්තකාලය හැදෙන්නේ තරඟයකින් දිනපු කොරියන් ගෘහ නිර්මාණ ශිල්පියෙක් අතින්. පිටතින් බලද්දි කියුබ් එකක පෙනුමක්. ඇතුලත තට්ටු පහක් මැද්දේ පවතින ආලින්දයට ආලෝකය එන්නේ උඩ වහලේ තියන සුවිසල් ජනේලයෙන්. පුස්තකාලය යන වචනය ඉංග්‍රීසියෙන් බටහිර බිත්තියේ, ජර්මන් වලින් උතුරැ බිත්තියේ, කොරියන් වලින් නැගෙනහිර බිත්තියේ සහ අරාබි වලින් දකුණු බිත්තියේ ලියලා තියෙන්නේ රිදී පාටින්ලු.

වොෂිංටන් ප්‍රාන්තයේ සියෑටල් නගරයේ මධ්‍යම පුස්තකාලය

පොත් ගැන ඩිංගක් විතර අමතක වෙලා පුස්තකාලයේ සිරි නරඹන්න කාලයක් මම වැය කරපු තැනක්. තට්ටු 11 කින් යුතු වීදුරැ සහ යකඩ වලින් නිමැවුන මෙය විවෘත වූයේ 2004 දී. හමුවීම් සහ ප්‍රදර්ශන ශාලා ඇති එක තට්ටුවක් රතුම රතු පාටයි. මංගල ඡායාරෑප ගන්න ආව අයත් දකින්න ලැබුණ එතැන දී.

නිව් යෝර්ක් මහජන පුස්තකාලය

ලෝකයේ තෙවැනි විශාලතම පුස්තකාලය හැටියට සැලකෙන මෙහි ප්‍රධාන කියැවීමේ ශාලාව නිව් යෝර්ක් නගරයේ ඉඩම් කොටස් (city blocks) දෙකක් තරම් විශාලයි. අඩි 297 දිග අඩි 87 ක් පළල එහි දිග ඕක් ලීයෙන් තැනූ මේස 42 ක් තියලා තියෙනවා වාඩිවෙලා පොත් කියවන්න. ගිම්හානයේ උණුසුම මැද්දේ පොඩ්ඩක් සීතලේ ඉන්න කැමති පොත් කියවන්නේ නැති අයත් ඇවිත් නිදි කිරනවා දකින්න පුළුවන්.

අතීතයේ දී දාපු හාවඩ් විශ්ව විද්‍යාලයේ වයිඩ්නර් පුස්තකාලය ගැන මෙතැනින්. ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ අයිසන්හවර් පුස්තකාලයේ පින්තූරයක් මෙතැන. මැසචූසෙට්ස් හි කොන්කෝර්ඩ් ගමේ විශාලතම ගොඩනැඟිල්ල වූ මහජන පුස්තකාලයේ පින්තූරයක් මෙතැන පින්තූර අතරේ තියනව. නිව් යෝර්ක් නගරයේ අන්ඩර්ග්‍රවුන්ඩ් මහජන පුස්තකාලය කියන්නේ නම් පොත් කියවන අය ඉන්න උමං දුම්රියට.

7 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on සැප්තැම්බර් 2, 2015 at 9:26 ප.ව.

    මහඟු සම්පතක් වූ යාපනය පුස්තකාලය සිහිවුනා

  2. Pra Jay said, on සැප්තැම්බර් 3, 2015 at 4:51 පෙ.ව.

    Bodleian?

  3. madhawaranga said, on සැප්තැම්බර් 3, 2015 at 10:04 පෙ.ව.

    පුස්තකාලෙකට ගිය කාලයක් මතක නෑ. මගෙ පුඟ්ගලික පුංචි පුස්තකාලෙ පැත්තෙත් අවුරුද්දකින් විතර ගියෙ නෑ.😥

  4. kosala handapangoda said, on සැප්තැම්බර් 4, 2015 at 1:37 පෙ.ව.

    mama wasara gana naawaka idan obe lipi kiyawanawa.
    ea atharin mema lipiya smaga badunu harward sarasaviya gana lipiya apurui
    ehi comment magin oba amarikaanu badu krmaya adyapanaya gana sadahan kala aakaraya apita ithamath prayojanawath
    kelaniya sarasaviye igenuma labana shishyeku lesa nidahas adyaapanye siduviyayuthu wenaskam mayeen lipiyak obata pala kiriimata haki nam eya watina deyak lesa maa salakanawa.
    sthuthi…


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: