අරුණි ශපීරෝ‍ වෙතින්

සාන්තුවරයන්ගේ කඳවුර

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 21, 2015

3 great books

යුද්ධයකින් දකුණු සුඩානයේ ගම විනාශයත් සමඟ වෙනත් රටක් වෙත පා ගමනින් ගිය දහස් ගණනක අනාථ කොල්ලන් ගැන කියැවෙන ප්‍රබන්ධය ඇතුළුව සරණාගතයන් ගැන ලියැවුන පොත් ලොව බොහොමයකි. සරණාගතයන් ගැන ‘සාන්තුවරයන්ගේ කඳවුර’ නමින් පොතක් ලියන්නේ ශෝන් රස්පායෙල් විසිනි.

යුරෝපයට පැන ගන්නට උත්සාහ කරන ජනතාවෙන් සෑහෙන පිරිසකට දැන් හංගේරියා/සර්බියා මායිමේ කිලෝමීටර් 175 ක් දුරක ඉදිකරන කටුකම්බි වැටක් ළඟ නතර වෙන්නට සිදු වී ඇත. එහෙත් සරණාගතයන් දැනටමත් වෙනත් මාර්ග පාදා ගන්නට සමත්ව සිටිති.

ජර්මනියේ 96% ක් කැමැත්ත දක්වා තිබුනේ සරණාගතයන්ට ඇතුල් වෙන්නට අවසර දිය යුතු යැයි කියායි. එහෙත් නොකැඩී එන ජනතාව හමුවේ වැඩි දවසක් නොගිහින් ඒ කැමැත්ත 59% ක් දක්වා පහත බසින ලදි. ජර්මනියේ සංක්‍රමණිකයන් රඳවන්නට යැයි සූදානම් කරන ලද ගොඩනැඟිල්ලක් ඊයේ අබිරහස් ලෙසකින් හදිසියේ ගිනිගති.

ඇමෙරිකාව, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව ඇතුළු දියුණු රටවල සංක්‍රමණිකයන් සඳහා දැඩි ඉල්ලුමක් පවතී. ඒ සංක්‍රමණික දැනුම හා සමාන වූ දැනුමක් ඇති අය මේ රටවල නැති නිසා යැයි වැරදියට සිතන අයත් සිටිති. සංක්‍රමණිකයන් සිය රටවල් හැර දා මෙහි පැමිණ වැඩ කරන වේතන මට්ටමට මේ රටවල අය වැඩ කරන්නට පොරකන්නේ නැතිබව ඔවුන් කිසිවිටෙකත් සලකා බලන්නේ නැත. මල් පාත්ති හදන, එළවළු පළතුරැ නෙළන රක්ෂා සඳහා ද වෙහෙසෙන්නට පොරකන අය දියුණු රටවල හිඟ වෙති. වරායේ බඩු බාන වැනි යුනියන් රක්ෂා වලට හොරෙන් පැනගත් සංක්‍රමණිකයන්ට ඇතුල් වෙන්නට අවසර නොදෙන්නේ පීඩිතයන්ගේ තත්වය ඉහළ දාන්නට යැයි කැපවී සිටින අයම වෙති.

සුළු ව්‍යාපාරයක නියැළෙන්නා සිය ස්වාධීනත්වය කොතරම් අගයනවා දැයි දකින්නට හැකියාව නිසා රටට ඇදී එන සංක්‍රමණිකයන් ඉක්මණින් එවැනි ව්‍යාපාර පටන් ගනිති. එහෙත් ඔවුන් අතර ඉතා සුලුතරයක් පමණක් එවැනි නිදහසක් පවතින්නේ කෙසේදැයි අවබෝධ කරගනිති.

කෙටියෙන් කිව්වොත් නීත්‍යානුකූලව සහ හොරෙන් ඇදී එන සංක්‍රමණික හා සරණාගතයන් අතර ඔවුන් හැර දා එන රටවල් සහ ඔවුන් ඇදී එන රටවල් අතර වෙනසට හේතුව මන්දැයි අවබෝධයට හැකියාවක් නැත. තමන් ආ රටේ අදහස් කරපින්නාගෙන ගිහින් ඒ දැක්ම අනුවම ජීවත් වුවහොත් පැනගත් රටවල් ද හැර දා ගිය රටවල් තත්වයටම පත්වෙනු ඇති බව ඔවුන්ට දැනගන්නට හැකි අවස්ථා ඉතාමත් හිඟයි.

සාන්තුවරයන්ගේ කඳවුර ලියැවෙන්නේ 1973 දී. අද යුරෝපයේ ජනගංඟාව ගැන අනාවැකියක් එදා රස්පායෙල් ප්‍රබන්ධයකින් ගෙතුවේය. රස්පායෙල්ගේ කතන්දරේ කියැවෙන්නේ ඉන්දියාවෙන් නැව් නඟින සරණගාතයන් ගැන. මග දිගට නැව තම තම රට පසුකර යද්දී ඒ ඒ රටවල ජනතාව සැනසුම් සුසුම් හෙළන ලද හැටි කතාවේ කියැවිණ.

ඔවුන් ඉතාලියේ ලැම්පඩූසා වෙතට ළඟාවෙන හැටි ගැන රස්පායෙල් ලියන ලදි. උතුරැ අප්‍රිකා රටවල් වලින් ඇදී එන ජනයාගෙන් ලැම්පඩූසා දිවයින පිරී ඉතිරී යෑම මෑතක සිට නිතර පාහේ දකින්නට ලැබුණකි.

ගලා එන ජන ගඟ ඇදෙන්නේ කුමක් සොයාගෙන ද යන්න රස්පායෙල් සිය කෘතියෙන් පාඨකයාව හිතන්නට යොමු කරයි.

නිදහසේ ගණුදෙනු කරන්නට වැඩියෙන් ඉඩ ලැබෙන රටවල් සොයා මිසෙක සංක්‍රමණිකයන් සහ සරණාගතයන් ඇතුල් වෙන්න දඟලන්නේ සමාජවාදී රටවල් තුලට නොවේ. නමුත් ඒ ගැන ඔවුන් පවා හිතා බලන්න උත්සුක නොවෙති.

මායිම් නොමැතිව, අධ්‍යාපනය හෝ කුසලතා සැලකිල්ලට නොගෙන කැමති අයට කැමති දේශයකට සංක්‍රමණයට අවසර ලෝකයේ ඇත්නම් මිනිස් වර්ගයාගේ යහපත ඉතා වේගයෙන් සිද්ධ වනු ඇති බව පෙන්වන්නේ ඉතිහාසයයි.

නමුත් ගමන් බලපත්‍ර පෙන්විය යුතු මායිම් දමාගෙන, කටුකම්බි වැටවල් ගසාගෙන, රටවල් ඇතුලට එන්නට ඉඩ නොදෙන්නේ සුබසාධන වලින් රටේ වාසය කරන පුරවැසියන්ගේ පහසු ජීවිත වලට කෙළවෙන නිසයි. සුබසාධන වලට පක්ෂපාතී වූ අයම සරණාගතයන් සහ සංක්‍රමණිකයන්ට දියුණු රටවල් වලට ඇතුල්වීමට අවසර දිය යුතු යැයි කියමින් හැබැයි එය නියාමනය උවමනා යැයි කියති. ඉතින් තවත් කාලයක් තිස්සේ නියාමනය කළ නොහැකි වූවක් නියාමනයට දන්නවා කියාගත් අය අතින් පීඩිතයන් තවත් පීඩිත වෙන හැටි අපි දකිමින් සිටිමු.

මෙය වටහා නොගත් මහත් ජනකායක් නිදහසේ ජීවිකාව උපයන්නට භූමියක් සොයා සැරිසරද්දී නියාමන රිසි වූවන් ඒ අය ගැන අනේක විධ තියරි ලියමින් සිටිනු ඇත. වෙළඳපොල යනු සියල්ලන් වෙතින්ම සැකසුන ලද්දකි. එය යම් දැක්මකට අනුව වෙනස් කරන්නට නොහැකියාව නැවත නැවතත් ඇස් පනාපිට ඔප්පු වෙද්දී තවත් කාලයක් ඊට උත්සාහ ගනිමින් සිටිනු ඇත.

කොළඹ පොත් ප්‍රදර්ශනයේ වට්ටම් දීමනා නිසා පොතක ඇත්ත මිල කුමක්දැයි ගැන කතාබහක් දුටුවෙමි. ඇත්ත මිල යනු පාඨකයා පොත මිල දී ගන්නට කැමති මිල වේ.

සාන්තුවරයන්ගේ කඳවුර පොතට මේ දිනවල ඇමේසන් වෙබ් කඩේ ඉහළ ඉල්ලුමක් ඇත. ඩොලර් තිහකට අඩුවෙන් වසර දහයකට පමණ පෙර විකුණන ලද පොතේ පාවිච්චි කළ පොතක් පවා දැන් ඩොලර් තුන්සීයයකටත් වඩා ඉහළ ගොස් ඇත. ඉතින්, පොතක ඇත්ත මිල යනු පාඨකයා පොත මිල දී ගන්නට කැමති මිල වේ.

මිල දක්වන්නේ කුමක්දැයි වටහා ගන්නට හැකි නම්, සංක්‍රමණිකයාට ලැබෙන රක්ෂාව මෙරට වැසියෙකුගෙන් උදුරා නොගත්තක් බවත් වැටහෙනු ඇත. ඒ රක්ෂාවට සුදුසු අයෙක් රටේ නොසිටීම නොව ඒ පඩියට වෙහෙසෙන්නට කැමති අයෙක් රටේ නොසිටීම බවත් වටහා ගත හැකියි.

නියාමන රිසි වූවන් සත්‍ය ලෝක ස්වභාවය ප්‍රතික්ෂේප කරමින් එය වෙනස් කරන්නට කොතරම් උත්සාහ කළත් වෙළඳපොල යනු නියාමනය රිසි වූවන් ද ඇතුළුව ඔබේ කැමැත්ත පිළිබිඹු කරන්නයි.

මේ පොත ගැන මම 2012 දී කළ සඳහන මෙතැනින් කියවන්න පුළුවන්.

8 Responses

Subscribe to comments with RSS.

  1. indranathathenuwara said, on සැප්තැම්බර් 21, 2015 at 9:12 පෙ.ව.

    හැමදාමත් ඔබේ ලිපි කියවන්න කැමතියි.
    ඒත් භාෂාව ගැන තව ටිකක් අවධානය යොමු කරනවානම් හොඳයැයි මට සිතේ. මන්ද සමහර වාක්‍යය මටවත් තේරුම් ගන්නට බැරි නිසා ය…!!

    • arunishapiro said, on සැප්තැම්බර් 21, 2015 at 9:14 පෙ.ව.

      indranathathenuwara,

      තේරැම් ගන්නට බැරි වාක්‍යයක් පෙන්වා දෙන්න, එවිට එය පැහැදිලි කරන්නට උත්සාහ කරන්නම්🙂

      • indranathathenuwara said, on සැප්තැම්බර් 21, 2015 at 9:33 පෙ.ව.

        සමහර ඒවයෙනම් මුලු ලිපිය ම පළ කරන්න වෙනවා එහෙනං.. :p

        • arunishapiro said, on සැප්තැම්බර් 21, 2015 at 9:39 පෙ.ව.

          indranathathenuwara,

          ඒක ඇත්ත වෙන්න පුලුවන්. ඒත් බැරි ද පැහැදිලි නැති එක වාක්‍යයක් පෙන්වන්න?

          • indranathathenuwara said, on සැප්තැම්බර් 21, 2015 at 10:24 පෙ.ව.

            මේ ඔබේ අවසාන වාකයය.
            අනිත් ඒවනම් පෘෘෆ් රීඩ් කරගෙන ම කියෙව්ව..
            // නියාමන රිසි වූවන් සත්‍ය ලෝක ස්වභාවය ප්‍රතික්ෂේප කරමින් එය වෙනස් කරන්නට කොතරම් උත්සාහ කළත් වෙළඳපොල යනු නියාමනය රිසි වූවන් ද ඇතුළුව ඔබේ කැමැත්ත පිළිබිඹු කරන්නයි.//
            ඒ වාක්‍යෙය් තියෙන්නෙ ඉතා ම සුලු අඩුවක්.

  2. Survivor said, on සැප්තැම්බර් 25, 2015 at 4:14 පෙ.ව.

    අරුණි, මේක ලිපියට අදාල දෙයක් නම් නෙවෙයි. ඔබ එල්ලුම් ගස නැවත නීති ගත කිරීම ගැන කාලෙකට කලින් ලිපියක් ලිව්වා නේද? එයට පාර පෙන්වන්න පුලුවන්ද?

    තවත්, Martin Shkreli ගේ ඖෂද මිල දැමීම ගැන ඔබගේ අදහස දන ගන්ටත් කැමතියි.

    • arunishapiro said, on සැප්තැම්බර් 25, 2015 at 12:18 ප.ව.

      Survivor,

      මේක ද හෙව්වෙ “අලුගෝසුවා – මොරිස් ඔග්ඩන්“?

      මේ 1984 දී තාත්තා ලියපු එකක්. නව රටේ නායකයා පත්වීම සමඟින් නැවතත් කරලියට එන මාතෘකාවක්.

      මාටින් නොසන්ඩාල කතාබහෙන් හා හැසිරීමෙන් යුතු බව ඔහුව දන්නා හඳුනන කාගෙත් පිළිගැනීමයි! නමුත් නොසන්ඩාලයෙක් වුවත් ඖෂධ කර්මාන්තය ගැන ඔහු කියන තිත්ත ඇත්ත සත්‍යයක්. ඉතාමත් දුර්ලභ රෝග වලට ඇති ඖෂධ ප්‍රතිකාර ඉතාමත් ඉතා වැඩි වියදමකින් යුතු නොවේ නම්, ඒ ඖෂධ හා ප්‍රතිකාර සමාජයේ කාටවත් ලැබෙන්නෙ නැහැ. වෙනත් ඖෂධ කොම්පැණි එවැනි දුර්ලභ බෙහෙත් එවැනි ලෙසකින්ම ගණන් ඉහළ දාලා තියෙනවා, කාටවත් වැඩිය නොකිය හොරෙන්ම වගේ. ඇත්ත වුනත් නොසන්ඩාල විදියට කියපු නිසා එයාව කොම්පැණියෙන් අයින් කළා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: