අරුණි ශපීරෝ‍ වෙතින්

චීනයේ බුබ්බුල-පුපුරායෑම් ආර්ථිකයේ දත්ත පිටුපස ඇති යථාර්ථය

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 2, 2015

ඇමෙරිකාවට වඩා වැඩියෙන් නිෂ්පාදනයට චීනයේ ආර්ථිකය සමත් වී ඇතැයි GDP සහ PPP දත්ත වලින් පෙන්වන IMF වාර්තාවක් පසුගිය වසරේ ලෝකය අන්දුන් කුන්දුන් කරවන්නට සමත් වුණි. චීන ජනතාව වැඩියෙන් භාණ්ඩ නිර්මාණය කරන්නටත්, ඒවා වැඩියෙන් මිල දී ගැනීමේ හැකියාවෙන් ද යුතු යැයි එනම් සමෘද්ධියේ සම්භව්‍ය ලක්ෂණයක් වශයෙන් පෙන්නුම් කරන ලදි. ඒ සමගාමීව 2014 ඔක්තෝබර් සිට ෂැන්හයි කොටස් වෙළඳපොලේ කොටස් එකතුව අගයෙන් දෙගුණයකටත් වඩා වැඩිවිය. මේ වර්ධනය හා ගමන් කළේ ලෝකය දුටු අසමසම පශ්චාත්-අවපාත ඉදිකිරීම් බුබ්බුලයකි. 2011-2013 දක්වා වසර තුන දී චීනයේ ආර්ථිකය සිමෙන්ති පරිභෝජනය කරන ලද්දේ ඇමෙරිකාව සම්පූර්ණ විසිවැනි සියවස තුල දී පරිභෝජනය කරන ලද ප්‍රමාණයට වඩා වැඩියෙනි. පසුගිය වසර පහළොවක් තිස්සේ දේශපාලන පරෙක්ෂාවලිය හරහා අහන්නට ලැබුනේ දැඩි වේගයෙන් නැඟ එන්නා වූ ද, ලෝකයේ පවතින ඇමෙරිකන් ආර්ථික සහ සංස්කෘතික බලපෑම් වලට අභියෝගයක් කරත හැකි වූ ද, චීන අධි බලයයි. චීනයේ රාජ්‍ය-නායකත්වයෙන් නිර්මාණය වූ “රතු ධනවාදය” අගය කළ යුතු සහ අනුකරණය කළ යුතු ආදර්ශකයක් හැටියට දැක්වුණි.

එහෙත් දැන් 2015 දී අපි, චීන රජයේ සහායෙන් නිකුත් කරන ණය හා බැඳුම්කර වලින් චීන මධ්‍යම බැංකුව ද්‍රවශීලතාවය නිර්මාණයට ගන්නා අසාර්ථක උත්සාහයන් හමුවේ චීන කොටස් වෙළඳපොල කඩා වැටෙන හැටි නරඹමු. චීනයේ සෙකියුරිටි ෆයිනෑන්ස් කෝපරේෂන් විසින් රජය වෙනුවෙන් කුඩා හා තරමක ප්‍රමාණයේ කොම්පැණි මිල දී ගන්නා මහා මෙහෙයුමක් දියත් වුවත්, ජූනි මැද සිට චීන සාමාන්‍ය කොටස් (equities) සියයට තිහකට වඩා පහළ බැස ඇත.

ඒත් මේ සිදුවීම් කිසිවෙකුත් පුදුමයට පත් නොකරයි. මන්ද ඒ චීනයේ දැවැන්ත කොටස් වෙළඳපොල බුබ්බුලය යනු සත්‍ය අගයන් හි වැඩිවීමක හෝ කොටස් වෙළඳපොල ආයෝජනයන්හි වත්කම් නිෂ්පාදනයක වැඩිවීමක හෝ ප්‍රතිඵලයක් නොවන නිසයි. බුබ්බුලය හටගත්තේ චීන මධ්‍යම බැංකුවෙන් ණය මහත් ප්‍රමාණයක් යොදවන ලද නිසයි.

චීනයේ නිවාස හා ඉඩම් බුබ්බුලය

චීන කොටස් වෙළඳපොල ඉහළ ගිය ලෙසින්ම, ඉදිකිරීම් බුබ්බුලය ද හටගත්තේ කෘතීම ලෙසින් අඩු ණය චීනයේ මධ්‍යම බැංකුව විසින් සැපයීම නිසයි. නව මහල් නිවාස ගොඩනැඟිලි, මාර්ග, නගරබද ගම්, වාරිමාර්ග සහ අපද්‍රව්‍ය ගලා යන පද්ධති, උද්‍යාන සහ වානිජ කේන්ද්‍රයන් ඉදි වූයේ පුද්ගලික ණයකරැවන් සහ ව්‍යවසායකයන් විසින් සීමිත සම්පත් පාරිභෝගික ඉල්ලුම තෘප්තිමත් කරන්නට යොදවන ලද නිසා නෙමෙයි. මධ්‍යම බැංකු නිලධාරීන්, දේශපාලනඥයන්, පුද්ගලික සමාගම් හා සමීප සබඳතා ඇති කුළුපග මිතුරන් ජාලයකින් ඒවා නිර්මාණය වූහ.

සුඛෝපභෝගී මහල් නිවාස මිලියන 70 කට ආසන්න ප්‍රමාණයක් හිස් ව පවතී. මේ ව්‍යාපෘති වලින් “හොල්මන් නගර” වසංගතයක් නිර්මාණය කරන ලදි. මිලියන ගණනකට ඉදිකළ ඒ නගර වල දහස් ගණනක් පමණක් වාසය කරති. සියවස අවසානයේ දී, චීන ආර්ථිකයේ නොගෙවූ ණය ඩොලර් ට්‍රිලියන එකකි. වසර පහළොවක් සහ හොල්මන් නගර කිහිපයක් අවසන ඒ ණය විශ්වාශ කළ නොහැකි ඩොලර් ට්‍රිලියන 25 ක් දක්වා ඉහළ ගිහින් ඇත. එවැනි ණයක් දරාගත ආකාරයට නිෂ්පාදනයක් කළ නොහැකි යැයි ධනවාදී වෙළඳපොල අවබෝධ කරගත්තා වූව දැන් චීන වෙළඳපොල මරණය අබියසට පැමිණ අපිට අත්දකින්නට සලස්වා ඇත.

GDP සහ අනෙකුත් රළු ආර්ථික මිනුම් නොමඟ යවන සුළු ඒවා වෙති

යම් සීමාවක් තුල සියළු ගණුදෙනුවල සාමූහික අගය නියෝජනය කිරීම GDP කාර්යය හැටියට සැලකේ. රටක සත්‍ය අනගිත්වය ගැන ප්‍රයෝජනවත් හා නිරවද්‍ය වූ තොරතුරැ ඉතා අඩුවෙන් මේ මිනුම් දණ්ඩ පෙන්නුම් කරයි. කුලී නොගෙවන නිවාස හිමියෙකුගේ එකතුවන ‘අගය’ වැනි ආරෑඪ කිරීම් වලින් GDP යනු කෘතීම ලෙසින් ප්‍රසාරණයට ලක් වෙන්නකි. ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක් පරිගණක මිල දී ගත්තාම වැනි- GDP යනු ආණ්ඩුවේ වියදම් ද දක්වන්නකි. එවැනි ගණුදෙනුවකින් සිද්ධ වෙන්නේ, පාරිභෝගික ඉල්ලුමක් ඍජුවම වඩා හොඳින් තෘප්තිමත් කිරීම හෝ අමතර නිෂ්පාදන හැදීම වෙනුවට ශ්‍රමය සහ අමුද්‍රව්‍ය වෙනතක යැවීම පමණකි. ආණ්ඩුවේ වැය “අපක්ෂග්‍රාහී” (නියුට්‍රල්) නැත. එය කාර්යක්ෂම ලෙසින් විනාශකාරී වූවකි. වෙළඳපොලේ අනෙකුත් ක්‍රියාකරැවන් ලෙසින් එකම රීති වලට අනුව ආණ්ඩුවේ මිල දී ගැනීම් සහ අලෙවි කිරීම් කටයුතු කරන්නේ නැත. අලුතින් අච්චු ගසන ලද මුදල් වෙළඳපොල සංඥා කිසිත් නොමැතිව වැය කරන හැදියාවෙන් මුසුපත් වූ රටකින් එන GDP සංඛ්‍යා දිහා බලද්දී, ඒවා ගැන අපි වැඩි විශ්වාසයක් තබාගත යුතු නැත.

ලොවම පුදුමයෙන් ආකූල කරන්නට සමත් වූ චීනයේ වර්ධනය ගැන කියූ IMF වාර්තාව හා එය වැදගත් ලෙසින් බාරගත්ත අය GDP ගණනයන් දැඩි සේ සැලකිල්ලට ගත් අයයි. චීන සහ ඇමෙරිකන් ආර්ථිකයන් දිහා GDP වැනි රළු මිනුමකින් මනින්නට උත්සාහ ගැනීම හරියට පුද්ගලයන් දෙදෙනෙක් අතර ක්‍රීඩා කෞශල්‍ය මනින්නට ඔවුන්ගේ සිරැරැ වලින් වහනය වන දහදිය මැනීම හා සමානයි. එක ආර්ථිකයක් ගූගල්, බොයිං, කොස්ට්කෝ සහ ජෙනලර් ඉලෙක්ට්‍රික් වැනි කොම්පැණි බිහිකරද්දී, තවත් ආර්ථිකයක් හිස් නිවාස ඉදි කරනවා නම්, එවිට GDP වැනි මිනුමකින් අපට කියන්නේ මොන වැදගත් තොරතුරු ද? කෙන්සියානුවාදීන්ගේ මානභංගයට හේතු වුවත්, සියළු වැය එක හා සමාන ලෙසින් නිර්මාණය වී නැත.

වැඩි ඈතක දී නොව, මේ “රතු ධනවාදය” යන අවතාරයෙන් නොව අපිව හොල්මන් කරන ලද්දේ සෝවියට් යුනියනයේ කොමියුනිස්ට්වාදයයි. වසර පහනකට පෙර, සෝවියට් බලයේ නැඟී ඒම ගැන ප්‍රධාන මාධ්‍ය අර්ථ ශාස්ත්‍රඥයන් නොනැවතී කටමැත දෙඩූහ. ජනප්‍රිය බුද්ධිමත් මතය වූයේ, ඇමෙරිකන් ධනවාදී ආර්ථිකයේ නෛසර්ගික ලක්ෂණ වන “අහඹු” සහ “ව්‍යාකූල” අකාර්යක්ෂ සහ ආර්ථිකය අඩාල කරන ලක්ෂණයන් සමහර අයව ප්‍රසාද වලටත් අනික් අයව බංකොළොත් බවටත් යවන ස්වභාවය කළමනාකරණය වූ සෝවියට් ආර්ථිකයේ නැති බවයි. බොහෝ දෙනෙක් කියවූ Economics: An Introductory Analysis යන කෘතියෙන් නොබෙල් ත්‍යාගලාභී අර්ථ ශාස්ත්‍රඥයෙක් වූ පෝල් සැම්එල්සන් අනාවැකි කියුවේ සෝවියට් GDP ඇමෙරිකාවෙන් බාගයක් බවත්, ඒත් 1984 වෙද්දී (සහතිකයෙන්ම 1997 වෙද්දී) සෝවියට් ආර්ථිකයේ ශක්තිය ඇමෙරිකාව අබිභවා යන බවයි.

සෝවියට් යුනියනය කඩා වැටුණි. විශේෂඥයන් රළු මිනුම් මත බලාපොරොත්තු තබා ගනිද්දී ඔවුන්ට වැරදීම ගැන අපි පුදුම විය යුතු නැත.

2001 සිට 2007 දක්වා කෘතීම අඩු පොලී අනුපාතිකයන් වලින් කෘතීම බුබ්බුලයක් ඇමෙරිකන් ෆෙඩරල් රිසිව් හොවත් මධ්‍යම බැංකුව විසින් නිර්මාණය කරන ලදි. ඔවුන් දැනුදු එය කරගෙන යති. ෆෙඩරල් රිසව් මඟින් නිර්මාණය කරන දෝෂ සහගත සංඥා යටතේ ව්‍යවසායකයන් නිවාස අංශයට ඩොලර් බිලියන සිය ගණනින් මූලික වශයෙන් මුල්‍ය වැඩියෙන් යොදවන අහිතකර ආයෝජනයන් හි යෙදුණහ. ඒ බුබ්බුලයට අපි ගෙවන ලද්දේ මිලියන ගණනින් අහිමි වූ රස්සා, අපතේ ගිය ශ්‍රමය, හා නාස්ති වූ සම්පත් වලිනි. ෆෙඩරල් රිසව් හි මහා විනාශයෙන් චීනයේ මධ්‍යම බැංකුව කිසිත් ඉගෙන ගත්තේ නැත. ඔවුන් ද අස්වනු හැටියට එවැනිම ප්‍රතිඵල නෙලාගනු ඇත.

චීනයේ බුබ්බුල-පුපුරායෑම් ආර්ථිකයේ දත්ත පිටුපස ඇති යථාර්තය- යොනතන් ඇම්සෙලෙම්, මීසස් ඩේලි, ඔක්තෝබර් 2, 2015

නගර සංවර්ධනය සඳහා ව්‍යාපෘති ලංකාවේ නැවතත් පටන් ගන්නට යන අවස්ථාවක, මේ පාඩම් කිසිවක් අපේ දේශපාලකයන් ඉගෙන නොගත්තාට අඩු ගානේ රටවැසියන්ට හෝ ඒ ගැන දැනගන්නට මෙසේ ලියා තබමි. තිරසර දියුණුවක් සඳහා නගරයක් සංවර්ධනය විය යුත්තේ පුද්ගලික ආයෝජන වලින් වෙළඳපොලේ ඇති පාරිභෝගික ඉල්ලුම සපයන්නටයි. රජයක් ඒ කුමක්දැයි දන්නේ නැත.

6 Responses

Subscribe to comments with RSS.

    • krishna ramanayaka said, on ඔක්තෝබර් 3, 2015 at 2:15 ප.ව.

      තිරසර දියුණුවක් සඳහා නගරයක් සංවර්ධනය විය යුත්තේ පුද්ගලික ආයෝජන වලින් වෙළඳපොලේ ඇති පාරිභෝගික ඉල්ලුම සපයන්නටයි. රජයක් ඒ කුමක්දැයි දන්නේ නැත.//

  1. mppgunasinghe said, on ඔක්තෝබර් 2, 2015 at 10:12 ප.ව.

    දැඩිසේ සැලකිලිමත්ව අවධානයට ලක්විය යුතු කාරණයක් ඔබ විසින් මතු කර පෙන්වයි

  2. මහසොහොන් පිල්ලිය said, on ඔක්තෝබර් 3, 2015 at 9:43 ප.ව.

    Its really hard to read a post written using මහප්රාණ සිංහල on economics. Anyways ..
    Bubbles come, expand and burst. its part of economic life cycle. Yes I feel China did not properly regulate its construction boom , but then again , they were doing everything “right” so far , so I would prefer keeping my mouth shut and watch for couple of more years to see how they ride out of this economic downturn.

    I’m sure they will do it well knowing that the majority Chinese people are patriotic, central government is strong and doesn’t take shit from anyone.

    //තිරසර දියුණුවක් සඳහා නගරයක් සංවර්ධනය විය යුත්තේ පුද්ගලික ආයෝජන වලින් වෙළඳපොලේ ඇති පාරිභෝගික ඉල්ලුම සපයන්නටයි. රජයක් ඒ කුමක්දැයි දන්නේ නැත.//

    By the way, economic stimulation and expansion through government initiated construction projects is a tried and tested method through out the world. No need to be sarcastic on that when SL does it. If done right it works well. An intelligent government can anticipate growth opportunities or stimulate growth areas by using innovative policies and procedures. If Eisenhower would have listened to people like you , US highway system would have never been constructed.

  3. magenama said, on ඔක්තෝබර් 5, 2015 at 12:27 පෙ.ව.

    ඉදිකිරීම් මඟින් ආර්ථිකයට තල්ලුවක් ඒ කියන්නේ මුදල් ප්‍රවාහයන්ගේ විදීමක් කරන එක කෙටි කාලීනව ආණ්ඩුවකට හරිම ශෝයි අත්දැකීමක්.මොකද විසාල ගොඩනැගිලි හැදුවාම අපි වැඩක් කරා කියලා මිනිස්සුන්ට පෙන්නන්න පුළුවන්නේ.ඒත් මේක මඟින් රටේ නිෂ්පාදනය වැඩි දියුණු වෙන්නේ නැත්නම් ඒ ව්‍යාපෘති සුදු අලියෙක් විතරයි.සරල සිංහලෙන් කියනවා නම් නැව් එන්නෙ නැති වරායක් හැදුවම ඒක නිසා රටේ නිෂ්පාදනය අංක වලින් නඟිනවා.ඒත් ඒක බුබුලක් විතරයි.මොකද පසු කාලීනව රටේ නිෂ්පාදනය නංවන්න ඒක දායක වෙන්නේ නැ හින්දා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: