අරුණි ශපීරෝ‍ වෙතින්

අව්‍යාජ නිදහස් වෙළඳාමට ගිවිසුමක් අවශ්‍ය නැත

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 7, 2015

ආණ්ඩු අතර තීන්දු කෙරෙන නිදහස් වෙළඳ ගිවිසුම් වලට නිදහස් වෙළඳාම වෙනුවෙන් පෙනී සිටින අය ඉතිහාසය පුරාම පක්ෂ වූවා යැයි විශ්වාස කිරීම වැරදියි. සත්‍යය මෙහි අනිත් පැත්තයි, එය තේරැම් ගත නොහැකි විහිළුවක් ලෙස පෙනෙයි. වෙළඳාම් කරද්දී ‘පාඩුවේ ඉන්න දෙන්න’ හෙවත් laissez-faire වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනා “නිදහස්-වෙළඳාම්” ගිවිසුම් වලට සහාය දීමෙන් ආණ්ඩුව හැදූ උගුලට වැටීම කුතුහලය දනවන්නකි. කෙසේ වෙතත්, විල්ෆ්‍රේඩෝ පරේටෝ විසින් මේ ලිපියේ Trités de commerce of the Nouveau Dictionnaire d’Economie Politique (1901) සඳහන් කරන පරිදි:

අපි නිදහස් වෙළඳාම පිළිගන්නේ ද, එවිට අරමුණු වශයෙන් වානිජ්‍ය ගිවිසුම් පැවතීමට හේතුවක් අවශ්‍ය නැත. සෑම රටකටම නිදහසේ සිය භාණ්ඩ මායිම් වලින් එහා මෙහා ගෙන යන්නට ඉඩ ඇත්නම්, එවිට ඒවායෙන් හදන්නට උත්සාහ ගන්නා දේවල් තව දුරටත් නොපවතින නිසා ඒවායෙන් වැඩක් නැත. මිෂෙල් ෂැවලියෙර්ට පෙර වූ ජේ. බී. සේ සහ අනෙකුත් සියල්ලන් ඇතුළු ප්‍රංශ අර්ථ ශාස්ත්‍ර පාසැලේ ඉගැන්වීම වූයේ මෙයයි. ලියොන් සේ මෑතක දී ආදේශ කරගත්තේ හරියටම මේ ආකෘතියයි. කොබ්ඩන් දක්වා ඉංග්‍රීසි අර්ථ ශාස්ත්‍ර පාසැලේ ඉගැන්වීම වූයේ ද මෙයයි. 1860 දී ප්‍රංශය සහ එංගලන්තය අතර වූ ගිවිසුමේ වගකීම අතට ගැනීමෙන් කොබ්ඩන්, පරස්පරතාවයේ ගිවිසුම් හදන නින්දිත ප්‍රතිපත්තිය නැවත අවදි කරන්නට ළං වූයේය. සිය ජීවිතයේ මුල් භාගයේ දී වෙනස් කළ නොහැකි ලෙසින් දේශපාලන ආර්ථික ඉගැන්වීම සඳහා තරයේම පෙනී සිටි ඔහුට එය අමතක වන තැනට පිවිස සිටියේය.

1859 දී ප්‍රංශ ලිබරල් අර්ථ ශාස්ත්‍රඥයෙක් වූ මිෂෙල් ෂෙවලියෙර් ගියේ ප්‍රංශය සහ එංගලන්තය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් යෝජනා කරනු පිණිස රිචඩ් කොබ්ඩන් හමුවෙන්නටයි. 1860 දී නීතිගත වූ මේ ගිවිසුම නිදහස් වෙළෙඳුන්ට තාවකාලික ජයග්‍රහණයක් වීම සත්‍යයකි. එහෙත් වැඩි දෙනෙක් නොදන්නා හරිය නම්, කොබ්ඩන්, නිදහස් වෙළඳ ඉගැන්වීම් අනුව යමින් ඒ සඳහා සාකච්ඡා පැවැත්වීම හෝ කිසිම “නිදහස් වෙළඳ” ගිවිසුමකට අත්සන් තැබීමට මුලින් ප්‍රතික්ෂේප කළ බවයි. ඔහුගේ තර්කය වූයේ නිදහස් වෙළඳාම ඒකපාර්ශවීය (unilateral) ලෙසින් තීරණය විය යුතු බවයි. නිදහස් වෙළඳාම අඩංගු විය යුත්තේ භාණ්ඩ එන්නේ කොහෙන්දැයි කියා නොව ගිවිසුම් වල නොව ජාත්‍යන්තර වෙළඳාමේ සම්පූර්ණ නිදහස තුල බවයි.

කොබ්ඩන්ගේ සහාය ලබාගන්නට අවසානයේ දී ෂෙවැලියර් සමත් විය. එහෙත් සාකච්ඡා ගැන වූ සම්පූර්ණ රහස්‍ය භාවය ගැන කොබ්ඩන් අන්දුන් කුන්දුන්ව සිටියේය. ලෝඩ් පාමර්ස්ටන් වෙත ලිපියක් යවමින්, මේ රහස්‍ය බව යනු ප්‍රංශ රජයේ “නීර්භීත නැතිකම” යැයි ඔහු කියා සිටියේය. එයාකාරයෙන්ම, වර්තමානයේ දී ද, නිදහස් වෙළඳ සාකච්ඡා වල දී විනිවිදතාවයක් නොමැති වීම අවුලකි. ගිවිසුමක අන්තර්ගතය මොනවා වේදැයි කළින් දැනගැනීම ඉතා අපහසු වූවකි.

අද, මේ සමහර ගිවිසුම් සාකච්ඡා වලට පාත්‍ර වෙමින් පවතිද්දීම අනෙකුත් ඒ හා සමාන වූ එකඟතාවයන් නීතිගතව ඇත. General Agreement on Tariffs and Trade (GATT), Agreement on Trade-Related Aspects of Intellectual Property Rights (TRIPS), North American Free Trade Agreement (NAFTA), European Economic Area (EEA) යනාදිය උදාහරණ වශයෙන් අයෙකුට පෙන්වා දිය හැකියි.

ඒකාධිකාරයන් සහ අනෙකුත් වරප්‍රසාද ජාතික මට්ටමින් බෙදමින් වෙළඳපොලට බාධක දමන්නට කාලය වැය කරන ආරක්ෂණවාදී ආණ්ඩු, ඒත් ඇයි මේ ජාත්‍යන්තර මට්ටමෙන් වෙළඳපොල විවෘත කරන්නට යන්නේ? නිදහස් වෙළඳාම වෙනුවෙන් සත්‍යයෙන් පෙනී සිටින අයෙකුට හෝ ඕනෑම ලිබටේරියන්වාදියෙකුට මෙම ආණ්ඩු විසින් නිදහස් වෙළඳාමේ නාමයෙන් ගණුදෙනු වල යෙදීම සැක කටයුතු ක්‍රියාවක් විය යුතුයි.

අන්තර් ආණ්ඩු එකඟතා වැඩි කරන්නේ රාජ්‍ය බලයයි

මරේ රොත්බාර්ඩ් NAFTA ගිවිසුමට විරැද්ධ වෙමින් පෙන්වා දුන්නේ ඕර්වේලියානුවන් “නිදහස් වෙළඳ” එකඟතාවය යැයි හඳුන්වන්නෙහි සත්‍යය අර්ථය නම් ආර්ථිකය පුරා ආණ්ඩුවේ පාලන බලය වැඩි කිරීම බවයි. රොත්බාඩ් පැවසූ “අව්‍යාජ නිදහස් වෙළඳාමට ගිවිසුමක් අවශ්‍ය නැත,” තුලින් ආරක්ෂණවාදී ප්‍රතිපත්ති බොහෝ විට නිදහස් වෙළඳ එකඟතා අස්සේ සැඟ වී සිටින බව නිගමනය කරන්නට අපිට ඔත්තු ගණනාවක් ලැබුණි.

පළමුවැනි ඔත්තුව නම් අන්තර් ආණ්ඩු සහ උඩ සිට පහළට දිවෙන ප්‍රවේශයයි. අන්තර්ආණ්ඩුවාදය යනු තනිවම කරගන්නට නොහැකි කටයුතු සම්පූර්ණ කරගැනීම සඳහා ඒ ඒ රාජ්‍යයයන් විසින් එකිනෙකාගේ පාවිච්චියට යොදාගන්නා ක්‍රියාවලියයි. ඊට එහා යමක් එහි නැත. ඒකීය රටවල් යනු ඉතාමත් කලාතුරකින් තම බලය අත්හරින පැවැත්මකි. ඔවුන් යමකට එකඟ වෙන්නේ ඔවුන්ගේ බලය ශක්තිමත් කරගනු පිණිසයි, එය දුර්වල කරගන්නට නොවේ. එයට පටහැනිව, නිදහස් වෙළඳාම යනු ආණ්ඩුවේ රෙගුලාසිකරණයේ බලය අඩු කිරීම අවශ්‍ය වූවකි.

එසේම, නිදහස් වෙළඳාම යනු අන්තර් රටවල් අතර සහයෝගතාවයක් අවශ්‍ය වූවක් නොවේ. එයට පටහැනිව, නිදහස් වෙළඳාම යනු ඒකපාර්ශවිකව කළ හැකි එසේ කළ යුතු වූවකි. නිදහස් භාෂණය සඳහා අන්තර්ජාතික සහයෝගයක් අවශ්‍ය නැතිවා සේ, විදේශිකයන් හා වෙළඳ ගණුදෙනු පැවැත්වීමට ද ආණ්ඩු හෝ ගිවිසුම් අවශ්‍ය විය යුතු නැත. එයාකාරයෙන්ම, අනෙක් අය එසේ කරන නිසා, අපේ ආණ්ඩුව සමාගම්වාදී සහ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති වලින් තම ජනතාව මංකොල්ල කෑ යුතු ද නැත. යම් අයෙක් නිදහස් වෙළඳාම විශ්වාස කරනවා ද ඔහු ඒකීයපාර්ශවීයවාදයට බිය විය යුතු නැත. අන්තර් ආණ්ඩු එකඟතාවයන් තුලින් ස්ථාපනය කරන ලද නීතිමය රාමුවට බැහැරින් පවතින ජාත්‍යන්තර ආර්ථිකයක් දකින්නට රාජ්‍ය නිලධාරීන්ට සහ දේශපාලනඥයන්ට නොහැකියාව යන සරල කාරණය පමණක්ම ඔවුන් තුල ඒකීය පුද්ගලයන්ගේ නිදහස ගැන අවිශ්වාසයක් ඇතැයි පෙන්වීමට ප්‍රමාණවත්ය. අව්‍යාජ නිදහස් වෙළඳපොල අරමුණු සඳහා නොව රාජ්‍ය බලයෙන් යුතු වානිජ්‍යවාදී ඉලක්ක සඳහා මේ ගිවිසුම් දියත් වෙනවා යැයි අපගේ විශ්වාසය මින් තහවුරැ වෙයි.

අපේ මායිම් වලට බැහැරින් රෙගුලාසිකරණයේ පාලනයන් පැතිරීම

මේ එකඟතා වල දී දකින්නට ලැබෙන ඉහළ මට්ටමක වූ රීත්‍යානුකූලත්වයෙන් යුතු ආණ්ඩු අතර ඇති දැඩි ගැටුම් දෙවැනි ඔත්තුව සැලකිල්ලට ගනියි. බහුපාර්ශවීයත්වය කිසිත් සිද්ධ නොවන තත්වයකට පාර කපන බව ඉතිහාසය පෙන්වයි. දෝහා සංවර්ධන කවයේ අසාර්ථකත්වයෙන් ද්වීපාර්ශවික සහ කලාපීය උත්සාහයන් වැඩියෙන් හටගති. ආණ්ඩු අතර එදිරිවාදී සබඳතා එන්නේ යම් රටවල් අන්තර්ජාතික එකමුතු ක්‍රියාවලියකින් තම පිළිවෙත් අනෙකුත් රටවල නිෂ්පාදකයන්ට උගන්වන්නට යද්දීය. නමුත් මෙය නිදහස් වෙළඳාමේ සහමුලින්ම විරැද්ධ පැත්තයි. ආර්ථික න්‍යාය අපිට පෙන්වන පරිදි, හුවමාරැව සහ ශ්‍රම විභජනය යනු, සමානාත්මතාවය සහ එකමුතුබව මත පදනම් වූවක් නොවේ. එය විවිධත්වය සහ අසමානතාවය මත බිහි වූවකි. තව දුරටත් කිව්වොත්, නිදහස් වෙළඳ එකඟතාවයන් වටා ඇති රහස්‍ය හා රීත්‍යානුකූලත්වය වැඩියෙන් වාසි ගෙනෙන්නේ රාජ්‍ය බලයෙන් යුතු වානිජ්‍යවාදයට සහ ආරක්ෂණවාදයටයි. මන්ද ඒ රීත්‍යානුකූල රෙගුලාසිකරණය භාවිතා වෙන්නේ දේශපාලනීය කුළුපග සම්බන්ධතා ඇති කරගත් නිෂ්පාදකයන්ට නිසායි.

Trans Pacific Partnership (TPP) යනු මේ බල තුලනය පහදන්නට කදිම උදාහරණයකි. එය මුලින්ම රටවල් හතරක් අතර වූ එකඟතාවයකි (බෲනෙයි, නවසීලන්තය, සිංගප්පූරැව, සහ චිලේ). ඔවුන් උත්සාහ කළේ අසල්වැසියන්ගේ වානිජ්‍ය බලපෑම්, විශේෂයෙන්ම චීනයේ, යටපත් කරන්නටයි. අනතුරැව ඇමෙරිකාව එකතු වී ඔස්ට්‍රේලියාව, මැලේසියාව, පෙරෑ, වියෙට්නාම්, කැනඩාව, මෙක්සිකෝව සහ ජපානය ද සාකච්ඡා සඳහා කැමති කරවා ගති. මේ බොහෝ රටවල් ඒ වෙද්දීත් ඇමෙරිකාව සමඟ කලාපීය සහ ද්වීපාර්ශවික එකඟතාවයන් වලින් යුතු වූ බව අපි සැලකිල්ලට ගනිමු. මේ ක්‍රියාවලියට චීනය ඇතුල් කර නොගන්නා ලදි. මේ රෙගුලාසිකරණයේ ආධිපත්‍යයක් සඳහා ගත් ආණ්ඩුවේ වෑයම පැහැදිලි ලෙසම නිදහස් වෙළඳාමෙන් සහමුලින් වෙනස් වූවකි. නිදහස් වෙළඳාම යනු පාරිභෝගිකයන්ට සාමකාමී ලෙසකින් තමන්ට උවමනා නිෂ්පාදන තෝරාගැනීමට ඉඩ දීම මිසෙක ආණ්ඩු නිලධාරිවාදයේ බලහත්කාරකමෙන් ජනතාවට ලැබිය යුතු දේ තීරණය කිරීම නොවේ.

ඒකාධිකාරයන් ඒකාබද්ධ කිරීම

දශක ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර මට්ටමකින් “බුද්ධිමය දේපල” යැයි කියැවෙන්න සඳහා තවත් දැඩි නීතිමය රාමුවක් පනවන්නට ජවයෙන් යුතුව ආණ්ඩු කටයුතු කිරීම තුන්වැනි ඔත්තුවයි. මේ සඳහා මුල් උත්සාහයන් ඇති වූයේ 1883 දී සහ 1886 දී කාර්මික දේපල සඳහා ආරක්ෂණය වෙනුවෙන් පැරිස් සම්මේලනය සහ සාහිත්‍ය සහ කලා කටයුතු ආරක්ෂණය වෙනුවෙන් බර්න් සම්මේලනය යනාදියෙනි. විසිවැනි සියවසේ කිහිප වතාවක් සංශෝධනයට බඳුන් වූ මේ උත්සාහයන් අනුපිළිවෙලින් 176 ක් හා 168 ක් රාජ්‍යයන්ට අදාළ වේ. මේ ගිවිසුම් වැටෙන්නේ ලෝක බුද්ධිමය දේපල සංවිධානය (WIPO) යටතටයි. එය 1974 දී එක්සත් ජාතීන් සමඟ අන්තර්ජාතික නිලධාරිවාදයට එකතු වී තිබෙන්නකි. ලෝක වෙළඳ සංවිධානය (WTO) යටතේ පරිපාලනය වෙන බුද්ධිමය දේපල අයිතීන්ගේ වෙළඳ කටයුතු ගැන වූ අංශයන් සඳහා එකඟතාවය (TRIPS) අත්සන් කිරීමත් සමඟින් 1994 දී මෙය සන්ධිස්ථානයකට පිවිසුණි. එය දැන් නීතිගත වී ඇත්තේ ජාත්‍යන්තර වෙළඳාමේ අත්‍යවාශ්‍ය කොටසක් හැටියට ලෝක වෙළඳ සංවිධානයේ සම්බාධක යාන්ත්‍රණයෙන් වාසි ලබන්නක් හැටියටයි.

2012 දී අපේ ආණ්ඩුවෙන් අපිට දරාගන්නට සිද්ධ වූ, බුද්ධිමය නිර්මාණයන් බිහිකිරීමට හා ඒවා බෙදාගැනීමේ නිදහසට කප්පාදුවක් වූයේ ව්‍යාජානුකරණ-විරෝධී වෙළඳ එකඟතාවයයි (ACTA). මේ වෙළඳ එකඟතාවයන්ට අවසර ලැබෙන සාකච්ඡා දිහා අපි බැලුවොත්, ඔවුන් “බුද්ධිමය දේපල” අයිතීන් තහවුරැ කිරීම ගැන පරිච්ඡේදයක් ද ඇතුල් කර ඇති බව අපිට දැකිය හැකියි. බුද්ධිමය දේපල යනු ජාත්‍යන්තර ආර්ථිකයේ ප්‍රධාන සංකල්පක් බවට පත් වී ඇත. ඒත් එයින් එහි අවජාතකත්වය සැඟවිය යුතු නොවේ.

විල්ෆ්‍රේඩෝ පරේටෝ කියූ අන්දමට, “ආරක්ෂණවාදියාගේ දැක්මෙන් බලද්දී වානිජ ගිවිසුම් යනු රටක ආර්ථික අනාගතයේ වැඩියෙන්ම වැදගත් වූවයි.” අලුත් “නිදහස් වෙළඳ” ගිවිසුමක් ගහන සැම වතාවක්ම පාහේ, දැකිය හැකි වූව නම් තීරැ බදු බාධක ක්ෂමාකරණයයි. ඒත් දැකිය නොහැකි වූව නම් තීරැ බදු නොමැති බාධක වැඩිවෙමින් සහ එකතුමුතු වෙමින්, පාරිභෝගිකයාගේ කර මතින් නිදහස් ව්‍යවසායකත්වය යටපත් කරමින්, ඒකාධිකාරයන් නිර්මාණය කරමින්, ජාත්‍යන්තර මට්ටමකින් වැඩිවීමයි. අව්‍යාජ නිදහස් වෙළඳාමට කාලය උදා වී ඇත.

2015 ඔක්තෝබර් 7 වැනිදා Mises Daily වෙනුවෙන් Ferghane Azihari සහ Louis Rouanet ලියූ No More “Free Trade” Treaties: It’s Time for Genuine Free Trade සටහනේ පරිවර්තනයයි.

7 Responses

Subscribe to comments with RSS.

  1. Krishna Ramanayaka said, on ඔක්තෝබර් 8, 2015 at 2:45 පෙ.ව.

    //..laisses-faire // නියම වචනය

  2. indranathathenuwara said, on ඔක්තෝබර් 8, 2015 at 3:19 පෙ.ව.

    මගේ ඔලු කළඳට මේව බොහොම බර වැඩියි..
    ඒත් බොහෝ දෙනෙකුගේ අවධානයට පාත්‍ර වේවා කියල පතනවා…!

  3. M. Dissanayake said, on ඔක්තෝබර් 9, 2015 at 2:48 පෙ.ව.

    Very nice article Aruni. Your blog is one of the best around in the blog space. Sorry I don’t have the luxury of replying in Sinhala. All the best to you and please keep writing. We are always here to read, though we won’t comment often.

    In the mean time, do you know what happen to Mr. Nihal Gurusinghe who was writing the Yatharthawadiya blog? It was a simple and interesting blog and haven’t seen updated in a while. Just thought you’d have heard from him since both of you are living in the US.

    God bless to you and your family!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: