සභානුභූතියෙන් යුතු සංවිධාන වේගයෙන් නවෝත්පාදන බිහි කරයි
ඇමසොන් (Amazon) පාරිභෝගික සේවා අංකයට පසුගිය දා කතා කරද්දී, සතුටින් ප්‍රතිචාර දුන් සේවකයෙක් මෙසේ කීය, “ඔබ …. ඇමසොන් පාරිභෝගිකයෙක් වීම ගැන ස්තූතියි. ඇමසොන් වෙත ඕඩර් 2,419 ක් ඔබ ලබා දී තිබෙනවා. කොහොම ද උදව් කරන්නේ?”
මම විමතියට පත්වුනෙමි: ඕඩර් 2,419 ක්? 1997 දී සිට ඇමසොන් වෙතින් බඩු මිල දී ගත්ත ද, කවුද එදා දැන සිටියේ අපේ කඩේ යන හැදියාව වෙනස් කරන්නට ඇමසොන් සමත් වෙන හැටි?
මම මුලින් ඇණවුම් කළේ පොත්. ඒත් ඇමසොන් බලාපොරොත්තු වූවා මමත් අනෙකුත් පාරිභෝගිකයනුත් වෙනත් දේවල් මිල දී ගන්නටත් කැමති වෙතැයි කියා. පසුගිය අවුරුදු වල දී මම රෑපවාහිනි, පරිගණක, ඉලෙක්ට්‍රික් රැවුල් කපන ආම්පන්න, ප්‍රින්ටර් සඳහා තීන්ත, සපත්තු, ආහාර යනාදී විවිධ බඩු ඇමසොන් වෙතින් මිල දී ගත්ත.
ලුඩ්විග් වොන් මීසස් මිනිස් ක්‍රියාකාරකම් “Human Action” පොතේ මෙසේ ලියයි:
අනාගත තත්වයන් කළින් දැකීමට හැකියාව හැම විටකම ලාබ උපයන ප්‍රධාන උල්පත වෙයි. අනෙකුත් අයට වැඩියෙන් අනාගත සිද්ධීන් කල් තියාම අපේක්ෂා කරන්නට සමත් වූවන් සහ තමන්ගේ ක්‍රියාකාරකම් ඒ අනාගත වෙළඳපොල තත්වයන්ට අනුව හැඩගස්වා ගන්නට සමත් වූවන්, ලාබ උපයන්නට සමත් වෙති. මන්ද, මහජනතාවගේ වඩාත්ම ඉක්මණින් සපුරන්නට වූ අවශ්‍යතා තෘප්තිමත් කරන තත්වයක ඔවුන් එවිට සිටින නිසයි.
ඇමසොන් මට ගොඩක් සල්ලි ඉතිරි කර දී ඇත. කඩවල ඇවිදින පැය ගණනාවක්, වාහනයට තෙල්, වාහනයේ වැහැරීම සහ ගෙවීයාම. නගරබද පෙදෙස්වල තදබදය තිබුනත්, අන්තර්ජාලයෙන් බඩු ගැනීමට හැකිවීම වැඩිවෙද්දී ඒවා දැන් අඩුවෙන් තදබදයක් ඇති පෙදෙස් බවට පත්ව ඇත. එහි දී වාහන වලින් සිදුවන විමෝචනය ද අඩු වයි. සමහර විට මම ගෙදර සිට බඩු ගන්නා නිසා රිය අනතුරැ පවා මඟහරවා ගන්නට ඇති.
ඇමසොන් නිසා, මගේ හෙමින් විකිණෙන පොත, නායකත්වයේ ඇතුලත-මෙහෙයුම් (The Inner-Work of Leadership), වසරකට පිටපත් දෙසියයක් පමණක් හෝ විකිණුනත්, දින නියමයක් නැතිව ලබාගත හැකි පරිදි තිබෙනු ඇත. ඒත් සාම්ප්‍රදායික කඩවල් වලින් පොත විකුණා ගන්නට මම විශ්වාසය තබාගත්තා නම්, මගේ පොත කඩ වලින් ඉවත් වෙන්නේ දැනට බොහෝ කලකට පෙරයි.
ලෝකය පුරා නිපැදවෙන භාණ්ඩ සඳහා ලොව විශාලතම වෙළඳපොල හැටියට ඇමසොන් කටයුතු කරයි. ඔවුන්ගේ පාරිභෝගික සේවා නියෝජිතයන් බොහෝ විට ඉන්නේ වෙනත් රටවල් වලයි. එයින් ඉන්දියාව වැනි රටවල් වලට හොඳ රස්සා අවස්ථාවන් ලැබේ. වෙළඳාම ලෝකයේ ජීවන මට්ටම් ඉහළ යවයි.
මගේ අවශ්‍යතා හොඳින් සපුරාලන්නට ඇමසොන් සමත් වී ඇත්තේ ඇයි? අනෙක් අයට වඩා හොඳින් පාරිභෝගික අවශ්‍යතා සපුරන්නට සමත් වූ කොම්පැණිවල සාර්ථකත්වයේ රහස කුමක් ද? සමහර විට එය සභානුභූතිය (empathy) විය හැකියි.
ඔවුන්ගේ තරඟකරැවන්ට වඩා ඉක්මණින් තම පාරිභෝගිකයන්ගේ බඩු මිල දී ගැනීමේ අත්දැකීම නිර්දය ලෙසින් දියුණු කරන්නට ඇමසොන් වෙහෙසෙද්දී, ඔවුන් අන්තර්ජාලයේ සිල්ලරට විකුණන කඩ අතර ඉදිරියෙන් ඉන්නට සමත් විය. ඔවුන්ගේ සාර්ථකත්වය ගොඩනැඟී ඇත්තේ පාරිභෝගිකයන් ලෙසින් ලෝකය දකින්නට හැකියාව ඇති නිසයි. අනුන්ගේ වැඩියෙන්ම ඉක්මණින් සැපිරිය යුතු අවශ්‍යතා පිරිමසන්නට නම් සභානුභූතියක් අවශ්‍යයයි.
එහි සංවිධානය තුලින් සභානුභූතියක් පුළුල් ලෙසින් පතුරැවන්නට සහ අවබෝධයට සමත් වූ එකම කොම්පැණිය ඇමසොන් නෙමෙයි. ඔහුගේ චිත්තාකර්ශණීය පොත “උවටැන් පිණිස හැදුණු ජාලය” (Wired to Care) තුලින් දෙව් පට්නායක් විසින් කොම්පැණි ගණනාවක ඇතුලත විමසා බලයි. එහි දී ඔහු තර්ක කරන්නේ අද ආර්ථිකයේ සාර්ථකත්වය “සඳහා තම ඇජෙන්ඩාවන් පැත්තකට දමා, අනිත් අය ලොව දකින්නේ කෙසේදැයි ගැන ඇත්ත වශයෙන්ම සැලකිල්ලට ගැනීම අවශ්‍ය” බවයි.
සභානුභූතියෙන් යුතු සංවිධාන වේගයෙන් නවෝත්පාදන බිහි කරන බව පට්නායික් පහදයි:
තමන් අවට ලෝකය ගැන නිසැක වැටහීමක් යම් සංවිධානයක වූ අයවළුන්ට ඇත්තේ ද, දිනපතා ඔවුන් දහසක් හොඳ තීරණ ගනිති. අන්‍යයන් මාර්ගයෙන් ලැබෙන තොරතුරැ මත විශ්වාසය තබන අයට වඩා වේගයෙන් නව අවස්ථාවන් දකින්නට ඔවුනට හැකියාව ඇත. ප්රතිභාඥානයකින් පසක් විය යුතු දේවල් ගැන වාද කරන්නට ඔවුන් අඩුවෙන් කාලය හා මුදල් වැය කරති. ඔවුන්ගේ බිත්ති වලින් එහා සිටින ජනතාවට වැදගත් කුමක්දැයි කියන නිසා සභානුභූතිය විසින් වර්ධනය දිගින් දිගටම ඇති කරවයි.
සේවකයන්ට තිබිය යුතු “21 වැනි ශතකයේ කුසලතාවය” වනාහී සභානුභූතිය යැයි ෆෝචූන් සඟරාවේ ප්‍රධාන කර්තෘ වන ජෙෆ් කොල්වින් තර්ක කරයි. සිත් ප්‍රබෝධමත් කරවන ඔහුගේ නව පොත “මිනිසා අවතක්සේරැවට ලක් වී ඇත” (Humans Are Underrated) පෙන්වා දෙන්නේ යන්ත්‍ර විසින් යාන්ත්‍රික හා තාක්ෂණික කටයුතු කරද්දී, සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාවේ අගය වැඩිවන බවයි. සහයෝගයෙන් කටයුතු කිරීමේ කුසලතාවය සහ පාරිභෝගිකයන්ට සේවය සැපයීමේ හැකියාව රඳන්නේ “අනුන්ගේ සිතුවිලි සහ හැඟීම් තේරැම් ගත හැකියාව සහ ඒ අනුව ප්‍රතිචාර දක්වන්නට හැකිවීම” මතයි. සේවායෝජකයන් බහුල ලෙසින් රස්සාවට බඳවා ගන්නේ සභානුභූතියට හැඩ ගැසුණු මානසිකත්වයක් තියෙන අයවයි.
කෙටියෙන් කිව්වොත්, පාරිභෝගිකයන්ගේ වැඩියෙන්ම ඉක්මණින් සපුරාලිය යුතු අවශ්‍යතාවය හොඳින්ම තේරැම් ගන්නට හැකි වූ ආයතන වලට වාසි ගෙන දීමෙන් ධනවාදය විසින් සභානුභූතිය ප්‍රවර්ධනය කරයි. එසේම පාරිභෝගික අවශ්‍යතා ඍජුව වටහාගන්නට හැකි ඒකීය පුද්ගලයන්ව ආයතන වලට වැඩියෙන් අවශ්‍ය වේ.
සභානුභූතියේ වැදගත් බව තවත් දැඩිවෙන්නේ මෙසේය: සභානුභූතිය වැඩිවෙද්දී වෙළඳාම ද වැඩිවෙයි; වෙළඳාම වැඩිවෙද්දී සාමය ද වැඩිවේ. කේටෝ ආයතනයේ ඩැනියෙල් ග්රිස්වොල්ඩ් මෙසේ නිරීක්ෂණය කරයි,
වෙළඳාමේ සාමකාමී බලපෑම පෙන්නුම් කරන්නේ ඉතිහාසයයි. 1815 සිට 1914 දක්වා වූ සාපෙක්ෂ වශයෙන් පැතිරැණු ශතකයක ලෝක සාමය තුල දී ජාත්‍යන්තර වෙළඳාම, ආයෝජන හා මිනිස් සංක්‍රමණ, මහා බ්‍රිතාන්‍යයෙන් දැක්වෙන, චමත්කාරජනක වූ පැතිර යාමක් සිද්ධ විය. ඊට පටහැනි ආකාරයකින්, 1930 ගණන් වල දී ආරක්ෂණවාදයේ නැඟ ඒමත් සහ ගෝලීය වෙළඳාමේ පහළ යෑමේ ප්‍රවණතාවයත් සමඟින් ඒ පසුබිම් වලින් හටගත් සටන් නිසා ජර්මනියත් ජපානයත් තම අසල්වැසියන් හා යුද්ධ කරන්නට තල්ලු වූහ.
ආයෙත් අපි එමු මගේ ඇමසොන් දුරකතන ඇමතුමට. එය සුවිශේෂී වූ සාමාන්‍ය ඇමතුමක් පමණකි. සාමාන්‍ය යැයි කියන්නේ, මට තිබුනේ ඇමසොන් පාරිභෝගික සේවා නියෝජිතයාට බලය තිබු ලෙසකින් මිනිත්තු කිහිපයකින් විසඳාගත හැකි වූ සරල පටලැවිල්ලක් පමණක් නිසයි. සුවිශේෂී යැයි කියන්නේ, සභානුභූතියෙන් බලය ලැබී අපේ ජීවිත යහපත් කරන, බිලියන ගණනාවක් ගණුදෙනු දිනපතා පාහේ සිද්ධ වෙන බව දැකීම අපිට නිතරම මඟහැරෙන නිසයි.
අපි දැනටත් කප් රුක පාවිච්චි කරනවා. අපිට පිට රට ඉන්න නංගි මල්ලි කේක් එවන්නෙ කප් රුක හරහා.
[…] සභානුභූතියෙන් යුතු සංවිධාන වේගයෙන් න… […]
බඩු භාණ්ඩ වෙළඳාම විතරක් නෙවෙයි cloud computing පැත්තත් නග්ගල ගත්තේ ඇමේසන්. ළඟදීම බඩුව ඕඩර් කරලා එලියට ගියාම ඒක ඔළුවට වැටෙන්න සලස්වයි.
Empathy, vision, persistence, opportunity, politics… all are important factors.
obe lipi ma kiyawanawa.manovidyathmaka lipi noliyanne ai.apawa wenas kale obe piya.
lalita kumara Ranawana,
කියවන්න එනවාට ස්තූතියි. මනෝවිද්‍යාත්මක ලිපි නොලියන්නේ ඒ සඳහා වේලාවක් හොයාගන්න අසීරැ නිසයි.
“සභානුභූතියෙන්” please explain
balasooriya lansakara,
වෙන කෙනෙකුගේ හැඟීම් කෙසේදැයි ඒ අයගේ මට්ටමින් හිතා බලන්න පුළුවන් හැකියාවට තමයි සභානුභූතිය කියන්නෙ.
thanks lot.
[…] නොනිමෙන ආශාවකින් සහ සභානුභූතියෙන් ද යුතු වූවෙකි. එහෙත් ඒ ගති ලක්ෂණ නිසාම […]