අරුණි ශපීරෝ‍ වෙතින්

ව්‍යවසායකත්ව සමාජයක් උදෙසා

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 13, 2015

earlytrade

ව්‍යවසායකත්වය කැමැත්තෙන් පිළිගන්නා සමාජයක වැඩියෙන් රස්සා බිහිවෙයි. වැඩියෙන් ධන සම්පත් බිහිවෙයි. එසේම එවැනි සමාජයක දී ඒකීය පුද්ගලයන්ට සිය නිර්මාණශීලී කුසලතාවයන් උරගා බලන්නට අවස්ථාව පෑදේ.

නිදහස් වෙළඳපොල ආර්ථිකයක් යනු නිදහස් වෙළඳාම නමින් ලේබලයක් අලවා සුළු පිරිසක් විසින් සමස්ත ජනතාව වෙනුවෙන් ගන්නා තීරණ යැයි වරදවා ගන්න එපා. දිනන්නේ කවුදැයි සහ පරදින්නේ කවුදැයි රජයක් තීරණය නොකරද්දී ඇත්තේ නිදහස් වෙළඳපොලකි. එවැන්නක දී පමණක් ව්‍යවසයාකත්වයට අත් පා දිගහරින්නට ඉඩකඩ පෑදේ.

සමාජයක් හැඩගැසෙන්නේ එහි සාමාජිකයන් කැමැත්තෙන් බාරගන්න පරමාදර්ශ අනුවයි. ව්‍යවසායකත්වය හොඳ දැයක් යැයි සලකනවා නම් තව තවත් ව්‍යවසායකත්වය දිරිගැන්විය යුතුයි. එය කළ හැකි වනුයේ ආර්ථික නිදහසට ඉඩක් දීමෙන් පමණි.

හොඳ ව්‍යවසායකයෙක් වන්නට නම් තරඟකාරී වෙළඳපොල ආර්ථිකය හටගත්තේ කෙසේදැයි ගැන වැටහීමක් ද තිබිය යුතුයි.

ඉංග්‍රීසියෙන් දන්නා අයට මෙතැනින් කියවන්න පුළුවනි. සිංහලෙන් එය කොටස් වශයෙන් මෙහි පළ කරමි.

වෙළඳාමේ සම්භවය

ලොව මුල් ව්‍යවසායකයන් මුදලාලිලා සහ තොග වෙළෙන්ඳන් වූහ. ක්‍රි. පූ. 17,000 පමණ දී නිව් ගිනි පැත්තෙන් පැමිණි මුල්ම වෙළෙන්ඳන් ගැන අහන්නට ලැබේ. සතුන් දඩයම් කරන්නට උල් පතුරැ වශයෙන් ගත් ඔබ්සීඩියන් නම් කළු වොල්කැනික් වීදුරැ වර්ගයක් සහ වෙනත් අවශ්‍ය දේවල් සඳහා මේ අය වෙතින් රටේ වැසියන් බඩු හුවමාරැ කරගත්හ. මේ මුල් කාලීන ව්‍යවසායකයන් එක භාණ්ඩයක් සඳහා තව භාණ්ඩයක් හුවමාරැ කරගත් අයයි.

ක්‍රි. පූ. 15,000 කාලයේ දී ලොව මුලින්ම සත්ව පරිපාලනය පටන් ගැනෙමින් තිබිණ. ක්‍රි. පූ. 10,000 වෙද්දී බෝග වගාවන් හි ආරම්භය සිද්ධ විණ. මිනිස් වර්ගයාගේ දියුණුවට මේ කෘෂිකාර්මික පියවර ඉතා වැදගත් වුණි. ආහාර එකතු කරගන්නට සහ දඩයම් කරන්නට අලුත් තැන් හොයාගෙන නිතර සැරිසරනවා වෙනුවට මිනිසාට එක තැනක පදිංචියට අවස්ථාව ඉන් පෑදිණ.

ශිෂ්ටාචාරයේ පදනම වූ, එක තැනක විශාල සාමූහිකයකට පැවතීමට අවස්ථාවක් කෘෂිකර්මය විසින් පාදා දුනි. කෘෂිකර්මය නිසා මිනිස් වර්ගයාට ස්ථාවර ජනගහණයක් ඇති කරගන්නට ඉඩ ලැබීමෙන් ලෝක ජනගහණය මිලියන 15 සිට බිලියන 7 ක් දක්වා වැඩිවෙන්නට අවස්ථාව උදාකරන ලදි.

මේ ස්ථාවර සමාජයන් කරා වැඩි වැඩියෙන් ජනතාව ඇදී යද්දී, විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇතිවීම යන වැදගත් ප්‍රගතිය හට ගැණින. එක එක ගෝත්‍රය තම තමන්ගේ ආහාර එකතුව සහ දඩයම් කරගැනීම වෙනුවට එක ගෝත්‍රයක සිටින විවිධ ඒකීය පුද්ගලයන්, ගොවිතැන, දඩයම, එකතුව, මසුන් මැරීම, ආහාර පිසීම, ආම්පන්න හැදීම, වාසස්ථාන හැදීම, ඇඳුම් නිමාව වැනි යම් යම් දේවල් සඳහා විශේෂඥයන් බවට පත්වූහ. හැමෝම තමන්ගේ වැඩ සියල්ල කරගන්නවාට වඩා මෙසේ ඒ ඒ වැඩ සඳහා විශේෂඥයන් බිහිවීමේ වැදගත්කම ගැන කොතරම් කිව්වත් ප්‍රමාණවත් නොවේ. යම් ක්‍රියාවක් වෙත වැඩියෙන් අවධානයක් යෙදවීමේ දී ඒ ඒකීය පුද්ගලයා එය වැඩියෙන් හොඳින් කරන්නට සමත් විය. එයින් නවෝත්පාදනයේ වේගය සීඝ්‍ර විය. විශේෂ ප්‍රාගුණ්‍ය නිසා විවිධ පිරිස් ඒවාට වැඩියෙන් සුදුසු වූවන් වෙද්දී, විවිධ වූ භාණ්ඩ හා සේවා අනෙකුත් අය සමඟ හවුමාරැ කරගන්නට පටන් ගනිද්දී සියල්ලන්ගේම යහපත වැඩි වර්ධනය විය.

කෘෂිකාර්මික ක්‍රම දියුණු වෙද්දී, පළමු ගම් නගර දකින්නට ද ලැබිණ. ආහාර සැපයුම් නොවරදවාම ලැබෙද්දී එක පළාතක පදිංචි වී ස්ථිර නිවහන් ඉදි කරන්නට ඔවුනට අවස්ථාව ලැබිණ. පදිංචියට එන පිරිස් වැඩිවෙද්දී ආගමික ස්ථාන, උසාවි සහ වෙළඳපොලවල් යනාදිය ද බිහි වූහ. ගම් හැදීම නිසා වෙනත් විශේෂ ප්‍රාගුණ්‍යයන් එළිබහින්නට පටන් ගති. ආම්පන්න හදන, වළං පිඟන්, වඩුවැඩ, වූල් හැදීම, මේසන් වැඩ යනාදී රස්සාවල් බිහි වූහ. එක පවුලක් තනිවම සියල්ල හදාගන්නවාට වඩා ඉක්මණින් සහ වැඩි අනගිත්වයකින් ඒ ඒ දේවල් නිර්මාණයට විශේෂඥයා සමත් වීම නිසා සියල්ලන්ගේම ජීවන මට්ටම් ඉහළ යන ලදි.

ක්‍රි. පූ. 8,000 වසර පමණ දී අන්තිම අයිස් යුගය අවසන් වෙද්දී, ධ්‍රැවයන් දිය වී, මුහුදු මට්ටම් ඉහළ යද්දී සයිබීරියාව සහ උතුරැ ඇමෙරිකාව දෙපැත්තකට වෙන් කරන ලදි. මේ වෙන් කිරීම නිසා, යුරෝපීයයන් 15 වැනි සියවසේ දී නැවතත් ඇමෙරිකාවට ළඟා වෙන තෙක්, එනම් වසර දහ දාහක් පමණ යනතුරැ මිනිස් ශිෂ්ටාචාරය එකිනෙකාගෙන් වෙන් වූ කොටස් දෙකක් වූහ.

මුල් නගර

මැදපෙරදිග සරැ අඩ සඳක් වැනි සේ පිහිටන ලද ටිග්‍රිස් සහ ඉයුෆ්‍රෙටීස් ගංඟා අතර වූ සරැ බිම පැළෑටි සහ සත්වයන් නිසි මිශ්‍රණයකින් ශිෂ්ටාචාරයේ පදනම බිහි කරන්නට දායක විය. ක්‍රි. පූ. 4,000 පමණ වෙද්දී මධ්‍යම ආසියාවේ ජනතාව අශ්වයන් හීලෑ කරගන්නට සමත් වූහ. එයින් ඔවුනට කෘෂිකාර්මික කටයුතු වල දී මෙන්ම යුද්ධ වල දී ද වැඩි වාසියක් අත් කරගන්නට හැකියාව ලැබිණ. ක්‍රි. පූ. 3,000 වෙද්දී, සුමේරියා (වර්තමාන ඉරාකය) හි මුල් වාසස්ථාන සහ නගර නිර්මාණය වූහ. මේ කාලය තුල දී ඉයුෆ්‍රේටීස් ගංඟාවේ ඉවුරැ දිගේ උරැක් නම් නගරය 50,000 ජනතාවකට වාසස්ථානය සලසන ලදි. ඊට කළින් එවැනි ඉඩකඩක ජීවත්වීමට හැකි වූයේ එක දඩයක්කාරයෙකුට පමණි. තම සමාජය වෙනුවෙන් ආහාර නිෂ්පාදනයටත් ඉන්ධන සැපයීමටත් මිනිසා වඩා කාර්යක්ෂම වෙන්නට පටන් ගති.

නයිල්, ටීග්‍රිස් සහ ඉයුෆ්‍රෙටීස්, ඉන්දු, යෙලෝ සහ යැන්ග්ට්සි වැනි ගංඟා අසල මිනිස් ශිෂ්ටාචාරයන් උපත ලැබූහ. මේ පළමු නගර වල දී ලිවීම බිහිවූයේ අස්වනු ගැන සටහන් තබාගැනීම පිණිසයි. මේ කාලයේ දී පළමු හමුදා බිහි වී පළමු නගර ආණ්ඩු ද හදා ගැනිණ. කෘෂිකාර්මික වාසස්ථාන මිනිස් වර්ගයාව වේගයෙන් දියුණු වූ මාර්ගයක විද්වත් සහ විද්‍යාත්මක ප්‍රගතිය කරා ගෙන ගියහ.

2 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on ඔක්තෝබර් 13, 2015 at 9:52 ප.ව.

    ඔබෙන් සිදුවෙන්නේ විශාල මෙහෙයක් සිංහලෙන් මේ දැනුම ලබාගැනිමේ දුෂ්කරතාව ජයගන්නට ලොක් උදව්වක්. ස්තුතියි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: