අරුණි ශපීරෝ‍ වෙතින්

අදහස් සහ මීම්ස් පැතිර යාමට උදව් කළ වෙළඳ මාර්ග

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 14, 2015

cotton-factory

අලුත් නගර අතර වෙළඳ මාර්ග ඉතා ඉක්මණින් පටන් ගැනිණ. බූරැවන්, අශ්වයන්, සහ ඔටුවන් භාවිතයෙන් වෙළඳ ගැල් ශිෂ්ටාචාර හරහා භාණ්ඩ සමඟින් අදහස් ද රැගෙන යන ලදි. මුහුදු හරහා වෙළඳාම පිණිස නැව් නිපැදවිණ. එකට එකතු වී ගණුදෙනු කරන ජාල සහ එක තැනකට රොක් වී කරන වෙළඳාම යනාදියෙන් වැඩියෙන් සංකීර්ණ ව්‍යුහයන් නිර්මාණය වූහ. කයිරෝ හි පිරමිඩ් ද සුමේරියා හි පල්ලි ද බිහිවිය.

ක්‍රි. පූ. 2000 වෙද්දී යකඩ සොයා ගැනිණ. එයින් යුධ මෙහෙයුම් ද වැඩි දියුණු වී ශතක කිහිපයක් අක්‍රමවත් ලෙසින් ගෙවී ගියේය. ක්‍රි. පූ. 600 වෙද්දී අශ්වයන් පිට නැඟී යකඩ අවි ආයුධ ගත් මිනිස් සටන්කාමීන් අධිරාජ්‍යයන් හදන්නට පටන් ගත්හ. ක්‍රි. පූ. 500 ත් ක්‍රි. ව. 117 ත් අතර කාලයේ දී කුඩා නගර තුලින් පර්සියන් අධිරාජ්‍යය, ඇලෙක්සැන්ඩර්ගේ අධිරාජ්‍යය, හාන් චීන රාජ වංශය, සහ සංකීර්ණ දේශපාලන පද්ධති වලින් සහ දාර්ශනික අදහස් හා විශ්වාස වලින් යුතු රෝම අධිරාජ්‍යය යනාදිය බිහිවිය. යුදෙව්, ක්‍රිස්තියානි, හින්දු, බුද්ධාගම සහ ඉස්ලාම් යනාදිය ක්‍රි. පූ. 1300 සිට ක්‍රි. ව. 600 අතර කාලයේ දී ලෝකයේ මූලික ආගම් පහ බවට පත්වුණි.

වෙළඳ මාර්ග වැඩි වර්ධනය වූහ. අප්‍රිකාවෙන් ලුණු රෝමයට ළඟා විය. චීනයේ සිට ආසියාව වෙත සහල් ගමන් කළේය. කඩදාසි හදන රහස් චීනයේ සිට යුරෝපයට හුවමාරැ විය. මුල් වතාවට අරාබි වෙළෙන්ඳන් කෝපි, ලෙමන්, සහ ඔරේන්ජස් (දොඩම්) යුරෝපයට ගෙන ආහ. 800 වසරේ දී කාබන් සහ සල්ෆර් සමඟ පොටෑසියම් නයිට්‍රේට් කළවම් කිරීමෙන් චීනයේ වෙඩි බෙහෙත් සොයා ගැනිණ. 1200 වසර වෙද්දී ඉතාලි වෙළෙන්ඳෙක් වූ ලෙනාඩෝ ෆිබොනාසි ආරාබියෙන් යුරෝපයට අදත් භාවිතයට ගන්නා අංක පද්ධතියක් ගෙනෙන ලදි.

සෙසු ලෝකයෙන් වෙන් වී ඇස්ටෙක්, මායා හා ඉන්කා අධිරාජ්‍යයන් ඇමෙරිකා මහාද්වීපයේ ඇති වී තිබිණ. 1492 පටන් තුවක්කු, අශ්වයන් සහ බෝවෙන රෝග සමඟින් කොලම්බස්ගේ ගමන් යුරෝපය සහ ඇමෙරිකා මහාද්වීප එකතු කරන ලදි. අත්ලාන්තික් වෙළඳාමේ වැදගත්කම සමඟ ඊ ළඟ ශතකයන් පුරා යුරෝපීයයන් උපනිවේෂ පිහිටුවමින් ලොව ගෝලීයකරණයට පිවිසෙද්දී බලය බටහිර පැත්තට හැරෙන්නට පටන් ගැනිණ. වෙන් වී සිටි පැති දෙක නැවත එක්වීම මිනිස් වර්ගයාගේ තවත් සන්ධිස්ථානයක් බවට පත්වුණි.

මුදල් භාවිතයේ ආරම්භය

මුල්කාලීන වෙළඳාම වූයේ එක බඩුවකට තවත් බඩුවක් හුවමාරැවයි. ගවයන් විසි දෙනෙක් ටොම් සතු වූයේ නම් සහ ඉගෝර්ට කිකිළියන් අසූවක් තිබුණා නම්, සහ කිකිළියන් හතරක අගය එක ගවයෙක් හා සමාන යැයි ටොම් සහ ඉගොර් එකඟ වූයේ නම්, එවිට වෙළඳාම සිද්ධ වුණි. එහෙත් බඩු හුවමාරැවක් සිද්ධ වෙන්නට නම් දෙපාර්ශවයටම අනිකා සතු දේ අවශ්‍ය විය යුතුයි. මෙය බඩු හුවමාරැව මුහුණ දෙන ගැටළුවකි. “අහඹු ලෙසින් ඕනෑකම් ඇතිවීම” වැඩි වශයෙන් සිද්ධ වූයේ නැත. බිස්නස් හා හුවමාරැව වර්ධනය වෙද්දී මුදල් ක්‍රමයක් ඇතිවිණ. ක්‍රි. පූ. 2000 ට පෙර පුරාණ ඉරකායේ රිදී මුදු හා කැට (bars) මුදල් හැටියට භාවිතා වී ඇතැයි කියැවේ. සිප්පි කටු, දුම්කොළ, විසල් රවුම් ගල් හෝ ඇට (beads) මුදල් වෙනුවෙන් යොදා ගැනෙන ලදි.

ණය හා කඩදාසි මුදල් තවම බිහි වී නොතිබුණත්, මුදල් ක්‍රමය වර්ධනය වෙන්නට මහත් කාලයක් ගියත්, මේ වසර හාරදහසකට පෙර වූ නිර්මාණය අද අපි ජීවත්වෙන ලෝකයේ ද ඉතා වැදගත්කමක් ගන්නකි. අගය රඳවා තබාගන්නත්, හුවමාරැව පිණිසත් පිළිගැනීමට පාත්‍ර වූ මුදල් භාවිතය අපේ ලෝකය, අපේ ජිවිත, අපේ ශක්ති සම්පන්න බව සහ අපේ අනාගතය ඉතා මහත් ලෙසින් අගයෙන් වැඩි කරන ලදි.

වසර 1100 වෙද්දී, බටහිර ලෝකයේ පැවති සංස්කෘතික ක්‍රමය වූයේ වැඩවසම් ක්‍රමයයි. එය රජවරැන් සහ රදළයන්, ඉඩම් හිමියන් සහ දාසයන්, රාජධානි සහ ප්‍රාසාද තිබි ලෝකයකි. දුර බැහැර පළාත් සමඟ වෙළඳාම පැතිරෙන කාලයයි. විදේශ කුළුබඩු, ආසියාතික වස්තු, සුඛෝපභෝගී සිල්ක් යනාදිය සොයා ගැනෙන කාලයයි. වසර 350 කට පසුව, කාල මෘතය සහ සිය වසරක යුද්ධයෙන් පසුව, යුරෝපය නැඟී සිටින්නේ වෙළඳාම නව මට්ටම් වලට වර්ධනය කරමින් අද අප දන්නා තරඟකාරී වෙළඳපොල ආර්ථිකයට පිවිසෙමින්.

වෙළඳපොල නිර්මාණය

1470 කාලයේ දී ජනගහණයේ ඉක්මන් වර්ධනයක් සමඟින් නගර, වෙළඳපොල සහ වෙළඳ කටයුතු ද වර්ධනය විය. පුරාතන මෙසපොටේමියන්වරැ පටන් ගෙන තිබුණු බැංකු කටයුතු අලුත් ඉහළ මට්ටම වලට සහ සංකීර්ණ තත්වයන්ට පාත්‍ර විය. ශිල්ප ශ්‍රේණි ක්‍රමය වර්ධනය විය. ව්‍යාපාරයක් යනු අයිතිකරැවාගේ අනන්‍යතාවයෙන් බැහැර වූවක් යන්න, අකතෘර්ක වූවක් යන අදහස පැළපදියම් වන්නට පටන් ගැනිණ. නව ලෝකයෙන් ආ රීදි ආනයන වෙළඳාම තවත් පුළුල් කරන ලදි. පොත් තබන්නන් විසින් ලුකා පැසියෝලිගේ ගණකාධිකරණ දැනුම වර්ධනයෙන් ආයතන වල ගණන් තබන්නට නම ප්‍රමිති සිද්ධාන්ත නිර්මාණය කළහ. මුල් කාලීන ව්‍යවසායකයන්, වෙළෙන්ඳන් සහ ගවේෂකයන් යැයි හැඳින්වුනු අය, ප්‍රාග්ධනය එකතුවටත්, අවදානම් ගන්නටත් පටන් ගෙන ආර්ථික වර්ධනයකට උද්දීපනයක් දුන්නහ. ධනවාදය පටන් ගෙන තිබිණ.

ධනවාදී ඉතිහාසයේ මුල් කාලයේ දී, මුදල් ඉපයීමේ අදහස බොහෝ අය විසින් ලැජ්ජා සහගත වූ නොකළ යුත්තක් ලෙසින් පැවතුනකි. ක්‍රිස්තියානි පල්ලියෙන් ණය සඳහා පොලී අය කරගැනීම තහනම් කර තිබිණ. රස්සාවල් ලැබුනේ සම්ප්‍රදායිකව පැවතෙන ආකාරයට සහ කුලයට අනුවයි. නවෝත්පාදනයට ඉඩ අහුරා කාර්යක්ෂම බව බලහත්කාරයෙන් මර්ධනය කරන ලදි. සමහර විට මරණ දඬුවම පවා නියම විණ. 16 වැනි සියවසේ දී එංගලන්තයේ මහා පරිමාණ පෙහෙකම් කර්මාන්තය පටන් ගනිද්දී, ශිල්ප ශ්‍රේණී ක්‍රමයේ නියැළුණ අය උද්ඝෝෂණ පැවැත්වූහ. රෙදි වියන යන්ත්‍ර 200 කින් යුතු කාර්යක්ෂම කම්හලක් සහ වැඩ කරන අයට සේවය කළ ගෝඝාතකයා සහ බක්කරේ යන දෙදෙනාව රජු විසින් නීතිවිරෝධීන් හැටියට හඳුන්වන ලද්දේ ඔවුන්ගේ කාර්යක්ෂම බව නිසා පවතින රස්සා සංඛ්‍යාව අඩු වෙනවා කියමිනි. කමිස බොත්තම් නවෝත්පාදනය කළ අයට 1600 ගණන් අග දී ප්‍රංශයේ සෙවුම් පිරික්සුම් වලට ලක් වී දඩ නියම විණ. හැඩ දැමූ කැලිකෝ රෙදිපිළි ආනයනය කරන ලද නිසා 16,000 ක් පිරිසකට ජීවිතය පවා අහිමි වූහ.

ඒත් වැඩි කලක් යන්නට මත්තෙන්, ජීවිත යහපත් කරන, ජීවන මට්ටම ඉහළකට ගෙන යන්නට කාර්යක්ෂමතාවය සමත් වෙන බවත්, නවෝත්පාදනය හොඳ දෙයක් යැයි ලෝකය දකින්නට පටන් ගනියි. The Worldly Philosophers යන කෘතියේ රොබට් එල්. හයිල්බ්‍රෝනර් මෙසේ දක්වයි, “ප්‍රාග් ධනවාදී යුගයේ දී මුද්‍රණ යන්ත්‍රයේ උපත සිදු විය, කඩදාසි මෝල, සුළං මෝල, යාන්ත්‍රික ඔරලෝසුව, සිතියම, සහ වෙනත් නවෝත්පාදන ගණනාවක උපත සිද්ධ විය. නවෝත්පාදනය යන අදහස පැළපදියම් විය; අත්හදා බැලීම් සහ නවෝත්පාදනය ගැන මුල් වතාවට මිත්‍රශීලී ඇහැකින් බලන්නට පටන් ගැනිණ.”

ඉංග්‍රීසියෙන් කියවන්න දන්නා අයට මෙතැනින් පුළුවනි. සිංහල සටහනේ දෙවැනි කොටස මෙයයි.

5 Responses

Subscribe to comments with RSS.

  1. චතුරංග බුද්ධික said, on ඔක්තෝබර් 14, 2015 at 2:33 ප.ව.

    ලේඩි චැට(ර්)ලි තව කෙනෙක් පරිවර්තනය කරලා… ඔයා ගේ ඒක ගැන තිබුණේ මේකේ නෙමෙයි තමයි. “කිබිසිනි” කතාවේ. ඇයි ඔයා ඒ අඩවිය නතර කරේ???

    අර අමා ගැන තොරතුරක් එහෙම නැද්ද???

    • arunishapiro said, on ඔක්තෝබර් 14, 2015 at 5:54 ප.ව.

      චතුරංග බුද්ධික,

      ඔව් එතැන තිබ්බ වැරද්ද හැදුව. ස්තූතියි පෙන්වා දුන්නට. ඒ අඩවිය ආයේ පටන් ගන්න ඕන. වේලාව තමයි මදි.

      අමා ගැන තොරතුරක් මාත් දන්නෙ නැහැ.

  2. Krishna Ramanayaka said, on ඔක්තෝබර් 20, 2015 at 8:36 ප.ව.

    ධනවාදයේ ඇරඹුමත් සමගම..රජය මැදිහත් වීම පටන් ගන්නව.බොත්තම් නිෂ්පාදකයන්ට තහනම වගේම ජීවිත වලිනුත් වන්දි ගෙවල….අද වෙන කොට ඒක කොයිතරම් දුරට ගිහින්ද

    • arunishapiro said, on ඔක්තෝබර් 23, 2015 at 8:28 ප.ව.

      Krishna Ramanayaka,

      රජය කියන සංස්ථාව මැදිහත්වීම පටන් ගත්තෙ මිනිස්සු ගණුදෙනු කරන්න පටන් ගත්තම.

      හරියට ඇමෙරිකාවේ ශල්ක තෙල් ඉන්ධන වෙළඳපොලක් තියෙනව කියල ඇමෙරිකන් රජය ‘දැක්කෙ’ නැහැ වගේම, ධනවාදයත් ආරම්භ වෙලා තියනව කියල ලෝකෙ කිසිම රජයක් ‘දැක්කෙ’ නැහැ. රජයේ ආධිපත්‍ය ඒ නිසා අඩුවෙලා ගියා ඒ ධනවාදය ආරම්භ වූ මුල් කාලයේ දී. ස්වීඩනය, නෝර්වේ වැනි නොර්ඩික් රටවල් ද ඇතුළු බටහිර රටවල් සීඝ්‍රයෙන් දියුණු වූයේ ඒ රාජ්‍ය ආධිපත්‍ය අඩුවෙන් තිබිච්ච යුගයේ දී.

      කවදා හරි මේක පහදා ගන්න යම් බහුතර සමාජයකට හැකියාව ලැබෙනවා ද, අන්න එදා පටන් ඒ සමාජය වේගයෙන් දියුණුවට පා තබනව.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: