අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකන් ප්‍රථ්‍යස්ථිතියේ අපූර්වත්වය

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 19, 2015

Screen Shot 2015-10-17 at 9.51.05 AM

21 වැනි සියවස මුල දී බිහි වූ වඩාත්ම වැදගත් නවෝත්පාදන පිළිබඳව 2050 දී තම සිසු සිසුවියන්ට කියාදෙන ආර්ථික ඉතිහාසඥවරියක් ගැන සිතන්න. හෙන්රි ෆෝර්ඩ්ගේ මොඩල් ටී වාහනය සහ රයිට් සහෝදරයන්ගේ අහස් යානා ගමන් සහ පෙනිසිලින් වලට සමාන අපේ කාලයේ නිර්මාණ ගැන කියද්දී ඇයගේ ලැයිස්තුවට මොනවා අයිති වේවි ද?

නිතැතයෙන්ම ෆ්‍රැකින් ගැන ඇය කියනු ඇත. කෙටියෙන් ෆ්‍රැකින් යැයි නම් කරන එය තිරස් ලෙස කරන හෑරීමක සහ ද්‍රාව බිඳීමක එකතුවකින් හැදෙන ක්‍රමයකින් ලෝකයේ ප්‍රධානතම ඉන්ධන තෙල් සහ ස්වභාවික ගෑස් නිෂ්පාදකයාගේ තැනට ඇමෙරිකාව ගෙන එන්නකි. තුර්කියේ රිසෙප් තයිප් අර්ඩොගාන් වැනි ඒකාධිපතියන්ගේ සහ මා වැනි දෙමව්පියන්ගේ උදහසට ලක් වූ සෝෂල් මීඩියා ගැන ද එහි දී සඳහන් කෙරෙනු ඇත. මොබයිල් ඇප්? හරි. නැඟී එන විද්‍යාවේ දියුණුවෙන් පිළිකා නිර්මුක්තයට ප්‍රතිකාර? ඇඟිලි බැඳගෙන එය බලාපොරොත්තු වෙමු.

මේ ලැයිස්තුව හැදුවාට පසු අපේ ඉතිහාසඥවරිය ඒ හැම නවෝත්පාදනයක්ම පාහේ “ඇමෙරිකාවේ හදන ලදි” යැයි ලියා තිබෙනවා නිරීක්ෂණය කරනු ඇත. හරි පුදුමයි, ඇය සමහර විට කියනු ඇත, තම පාසැල් වල අසරණ තත්වයන් ගැන නිතර දෙවේලේ දොස් දෙවොල් තබන බොහෝ ඇමෙරිකන් අයත්, ඔවුන්ගේ අප්‍රාණික ස්වභාවයෙන් යුතු දේශපාලනයත්, ඔවුන්ගේ දිනෙන් දිනම ඉහළ යන මහජන ණය බරත් සහ එන්න එන්නම පරිහානියට යතැයි කියැවෙන අනාවැකි හමුවේත් එසේ වූයේ කෙසේදැයි ඇය පුදුමයෙන් කියනු ඇත.

ඇමෙරිකන් සාර්ථකත්වය සහ ඔවුන් ඔවුන්ව දකින ආකාරය ගැන විසංදියක් ඇතැයි මට හැමදාම හිතුනේ සමහර විට මම පිටරක හැදුණු වැඩුණු ඇමෙරිකන් අයෙක් නිසා වෙන්නට ඇති. ඇමෙරිකාවේ දී කරාමයෙන් එන වතුර කෙළින්ම බොන්නට හැකියාව තිබීම, පොලිස් නිලධාරියෙක් කිසිම විටෙක “ගතමනාවක්” නොඉල්ලීම, මගේ බඩුමල්ල කිසිවිටෙක සොරකම් නොවීම, කිසිවෙක්ව කප්පම් සඳහා පැහැර නොගැනීම, නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ හැරෙන්නට මාඕ-ලෙසින් දේශපාලන ශුද්ධ කිරීම් සිද්ධ නොවීම යනාදිය ගැන අදත් මම මවිත වෙමි.

අනාගත ආර්ථිකයන් ලෙස ගෝල්ඩ්මන් සැක්ස් පණ්ඩිතයෙක් විසින්, අභිෂේක ලත් බ්‍රික් රටවල් යැයි හඳුන්වන ලද බ්‍රසීලය, රැසියාව, ඉන්දියාව හෝ දකුණු අප්‍රිකාව පිළිබඳව දිනපතා ජීවිතයේ දී මේ දේවල් එසේම වෙනවා යැයි කිව හැකිද?

නැවතත් අපේ අනාගත ඉතිහාසඥවරිය වෙතට එමු. ඉතා දැවැන්ත නවෝත්පාදන වලට එද්දී ඇමෙරිකාව තමා හා සමාන අනිත් රටවල් පරදවන්නට සමත් වූයේ මන්දැයි සමහර විට ඇය තම සිසුන්ගෙන් අහන්නට පුළුවනි.

මේ කතාවට හොඳ උදාහරණයක් හැටියට ෆ්‍රැකින් ගන්නට පුළුවනි. ඒ විප්ලවය ඇමෙරිකාවේ සිද්ධ වූයේ භූවිද්‍යාත්මකව අතිශය වාසියක් ඇති නිසා නොවේ. චීනයේ, ආජන්ටීනාවේ සහ ඇල්ජීරියාවේ ද ශල්ක (ෂේල්) සම්පත් විශාල ලෙසින් පිහිටා ඇත. එය එසේ වූයේ ඇමෙරිකාවේ විසල් ඉන්ධන කොම්පැණි වලට සුවිශේෂී කුසලතාවයන් හෝ දැනුම හෝ මුදල් යහමින් තිබි නිසා ද නොවේ. එක්සොන්මොබිල් කොම්පැණියේ 2004 වාර්ෂික වාර්තාවේ “ෆ්‍රැක්චරින්” හෝ “තිරස්” හැරීම ගැන කිසිත් සඳහනක් නැත.

නැහැ, එය ෆෙඩරල් නිලධාරි පද්ධතිය තුල හෝ ජාතික පර්යේෂණාගාර වල සේවකයන් අනාගතය දිහා බලන්නට ගත් උත්සාහයකින් සිදු වූවක් ද නෙමෙයි. ඔවුන් බොහෝ විට වැඩියෙන් අවධානය යොමු කරන ලද්දේ තාක්ෂණික වශයෙන් ඵලක් නැති සෙලියුලොසික් එතනෝල් වැනි දේවල් ගැනයි.

ෆ්‍රැකින් ඇමෙරිකාවේ සිද්ධ වූයේ ලොව අද්වීතිය ලෙසකින් ඇමෙරිකන් අයට තමන්ට අයිති ඉඩම් වල ඛනිජ සම්පත් අයිතිය හිමිකම නිසයි. එසේම ෆෙඩරල් ආණ්ඩුව ඒ ගැන කිසිත් අවධානයක් නොදක්වන ලද නිසයි. ඒ ඒ ප්‍රාන්ත වලට තමන් කැමති ලෙසකට පවත්වාගෙන යන්නට ෆෙඩරල්වාදයෙන් ඉඩ ලැබුණ නිසයි. හැමෝම විද්වතුන් යැයි සලකන අයගේ මතය නොසලකා, රැල්ලට එරෙහිව පිහිනන ජෝර්ජ් මිචෙල් සහ හැරල්ඩ් හැම් වැනි ව්‍යවසායකයන් සිටින නිසයි. අපේ සියුම් නුවණැති ප්‍රාග්ධන ආයෝජන වෙළඳපොල ඒ විද්වතුන් යැයි කියාගත්තවුන්ට එරෙහිව ඔට්ටු අල්ලන්නට කැමති නිසයි.

“මම විදේශිකයන් හා කතා කරද්දී, ඔවුන් බහුතර ඇමෙරිකන් අයට වඩා මේ පුනරුදය ගැන විස්මයට පත්වෙනවා,” යැයි සඟරා වලට ලියන මගේ සගයෙක් වූ, “ද ෆ්‍රැකර්ස්” නම් පොතේ කර්තෘ වූ, ග්‍රෙගරි සකර්මන් කියයි. “ඔවුන් දන්නවා එය සිද්ධ වෙන්නට හැකියාව ඇත්තේ ඇමෙරිකාවේ පමණක් බව.”

ඉන්ධන වෙළඳපොල කිබිසිනි කරන්නට ෆ්‍රැකින් සමත්විය. පෙට්‍රෝලියම් ආඥාදායකන් වට්ටන්නට සමත් විය. ඔපෙක් තක්බීරි කරන්නටත්, උතුරැ ඇමෙරිකාවේ ආර්ථික බැඳීම් වැඩි කරන්නටත්, හරිතාගාර වායූ විමෝචනය 1995 සිට පවතින අඩුම මට්ටම් වලට ගෙනෙන්නටත්, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපාර අවසන් කරන්නටත් සමත් විය. අපේ අනාගත ඉතිහාසඥවරිය දකින පරිදි කෙසේ වෙතත් අපිට ඒ පිල්ලිය මරා දමන්නට නම් නොහැකි වනු ඇත.

ෆ්‍රැකින් යනු එක කර්මාන්තයකි. කාලයාගේ ඇවෑමෙන්, ඒ තාක්ෂණය පුළුල් ලෙසින් පැතිර යද්දී ඇමෙරිකාවට එයින් ලබා දුන් වාසි මැකී යනු ඇත. එවිට ඊ ළඟ දැයෙන් වාසිය ලැබෙනු ඇත. ඒත් එයත් ඇමෙරිකන් ප්‍රභවයකින් හා නිර්මාණයකින් වූවක් යැයි නිර්භයව කිව හැකියි.

ඉතින් එහෙනම්, අපේ අනාගත ඉතිහාසඥවරිය තම සිසු සිසුවියන්ට කියාදෙන පුළුල් පාඩම මෙයයි: නවෝත්පාදන බිහිවෙන්නේ යම් විශේෂ අදහස් වර්ධනයට වැඩියෙන්, නවෝත්පාදනයට වැඩෙන්නට අවශ්‍ය පුළුල් ඉඩකඩ පාදා දීමෙනි. ඒකාධිපති රාජ්‍යයන්ට චෙස් චැම්පියන්ස්ලා, පියානෝ ප්‍රවීඥයන්, න්‍යෂ්ටික ඉංජිනේරැවන් යනාදීන් ඇතිදැඩි කළ හැකියි. ඔවුන්ගේ 1% ක මුදුන් පෙළේ අය ලවා යම් කර්ත්‍යවයක් කරවන්නට උත්සුක කරවන්නට පුළුවනි. එහෙත් ඒකාධිපතියන්ගේ සිත් දෙගිඩියාවට පත් කරවන්නේ ඉතිරි 99% ලවා කුමක් කරවනවා ද යන්නෙනි. පාලනය, නියෝගය හා මර්ධනය හැරෙන්නට ඔවුන්ට ඒ සඳහා වෙනත් පිළිතුරක් නැත.

නොදන්නා පුද්ගලයන් මිලියන ගණනක් වෙත සහ දකින්නට නොහැකි දේවල් මත කුඩා ඔට්ටු තබන්නට කැමැත්තෙන් ඉදිරිපත් වෙන නිදහස් සමාජයක මේ ප්‍රශ්නය හට ගන්නේ නැත. එය ශක්තිමත් බවේ සත්‍ය විභාගය දැඩි බවක් නොවන සුනම්‍යතාවයයි. සාර්ථකත්වය යන ප්‍රතිඵලය යනු සැලසුම් වලින් ලැබෙන්නක් නොව අත්හදා බැලීම් වලින් ලැබෙන්නකි. හැඩගැසීමට ලැබෙන ඉඩකඩ අනුව අසාර්ථකත්වය දරාගත හැකියි.

ඇමෙරිකන් රහස මෙයයි. අපිට බොහෝවිට එය අමතක වෙන්නේ වෙනත් විදියකට එය සිතන්නට අපිට නොහැකි නිසයි. විශේෂයෙන්ම, කමකට නැති ජනාධිපතිවරැන් සහ මෝඩ ප්‍රතිපත්ති අපිට තිබුණත්, අපි ඉදිරියට එද්දී අපි ටිකක් පුදුම වෙන්නේ මේ නිසයි.

අපේ නායකයන්ට වඩා අපි විපුල වෙමු. අපේ දේශපාලනයට වඩා අපි හොඳ වෙමු. අපේ සංස්කෘතියට වඩා අපි ප්‍රඥාවන්ත වෙමු. අපේ අදහස් වලට වඩා අපි බුද්ධිමත් වෙමු. නිවාඩු සමය සතුටින් ගෙවන්න.

Bret Stephens ලියූ The Marvel of American Resilience නමින් The Wall Street Journal හි පළ කරන ලද ලිපිය මෙතැනින් ඉංග්‍රීසියෙන් කියවන්නට නම් ඒ පුවත්පතේ දායකත්වය දැරීම අවශ්‍යයයි. මේ එහි පරිවර්තනයයි.

3 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on ඔක්තෝබර් 19, 2015 at 10:15 ප.ව.

    //අපේ නායකයන්ට වඩා අපි විපුල වෙමු. අපේ දේශපාලනයට වඩා අපි හොඳ වෙමු. අපේ සංස්කෘතියට වඩා අපි ප්‍රඥාවන්ත වෙමු. අපේ අදහස් වලට වඩා අපි බුද්ධිමත් වෙමු. නිවාඩු සමය සතුටින් ගෙවන්න.// මේ වාක්‍ය දෙක බොහෝ කාලයක් සිතේ රැඳේවි

  2. Krishna Ramanayaka said, on ඔක්තෝබර් 22, 2015 at 9:10 ප.ව.

    තමන්ගෙ ගෙපොලෙ පස් ටිකක් කපාගන්නත් බැරිව නීතියෙන් එය තහනම් රටක සිටින අපි මේවා වෙනත් ග්‍රහලෝකයක සිදුවීම් වැනිය


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: