අරුණි ශපීරෝ‍ වෙතින්

කෙලොග් කතාව

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 21, 2015

IMG_0925

1907 ගිම්හානයේ දී නිව් යෝර්ක් වැසියන් මවිත කරමින් ඇමෙරිකාවේ උදේ ආහාර හැදියාව සහමුලින් වෙනස් කරන දැන්වීම් වැඩ සටහනක් මිචිගන් හි බැටල් ක්‍රීක් නගරයෙන් දියත් කරන ලදි. “බදාදා යනු නිව් යෝර්ක් හි ‘ඇස් ගහන දිනයයි’ යන්න ඒ වැඩසටහන විසින් ඉදිරිපත් කරන ලද සිත් ඇදගන්නා සුළු තේමාව විය.

ඒ යුගයේ දී පවා හිරි ඔතප් වලට අනුකූල නොවෙන daring (නිර්භීත හා සමාන අදහසක්) යැයි සැලකෙන ලද ඒ වැඩ සටහන, යම් ගෘහණියක් කඩේ ගොස් වෙළෙන්ඳාට ඇසක් ගැසුවේ නම් -බදාදා දිනයේ දී පමණක්- කෝන් ෆ්ලෙක්ස් පෙට්ටියක් නොමිලේ සපයන්නට පොරොන්දු විය.

මේ උත්සාහය පිටුපස සිටි මිනිසාට ටික කලකින් සෑම නිවසකටම පාහේ හුරැ පුරැදු වෙන නමක් තිබුණි. ඒ නම විල් කෙලොග්. අඥයවාදීන් ඔහුට උපදෙස් දී තිබුනේ නිව් යෝර්ක් හි දැවැන්ත වෙළඳපොල අල්ලා ගත නොහැකි නම් ඔහුගේ මේ නව ආහාර අදහස පැතිර නොයන බවටයි. දක්ෂ දැන්වීම් ව්‍යාපාරය අපේක්ෂා කළ ලෙසින් සාර්ථක විය. වසරක් යද්දී ඔහු සෑම මාසයක දී ම නිව් යෝර්ක් නගරයට දුම්රිය පෙට්ටි 30 ක් පිරෙන්නට කෙලොග් කෝන් ෆ්ලෙක්ස් සැපයුවේය.

ඔහුගේ සාර්ථකත්වයට පෙර, විල් කෙලොග් යනු ඒ සියවසේ ධනවත්ම ඇමෙරිකන්කාරයෙක් වෙතැයි කිසිවෙක් නොසිතූ අයෙකි. වයස 13 දී ඔහු පාසැල හැර දමා යන ලද්දෙකි. ඔහු මන්ද බුද්ධික තත්වයකින් යුතු යැයි ඔහුගේ ගුරැවරයෙක් විසින් හඳුන්වන ලද්දෙකි. ගැටවර වියේ දී ඉදල් විකුණන්නට ගිහින් අසාර්ථක වූවෙකි. තවත් වසර 30 ක් යනතෙක් කිසිදු ව්‍යාපාර උත්සාහයක් පටන් නොගත්තෙකි. ඒ කාලය තුල දී ජෝන් හාර්වි නොහොත් ජේ.එච්. යැයි හැඳින්වුන ඔහුගේ සහෝදරයාට අයත් බැට්ල් ක්‍රීක් හි පිහිටන ලද මානසික ලෙඩ්ඩු සඳහා වූ සේවා ස්ථානයක ඔහු සතියකට ඩොලර් 25 ක වේතනයකට රස්සාවක් කරන ලද්දෙකි. ඔහුගේ කාර්යයන් අතර සිත් උද්දාමයට පත් කරන ලද්දකට වූයේ මානසික රෝගියෙක් පළා යද්දී හඹා ගොස් අල්ලා ගැනීමයි.

සමහර අවස්ථාවල දී විල් ආහාර පිළියෙල කරන්නට ද සහාය දුන්නේය. තිරිඟු පිටි මෝලියක් විශාල තැටි මත තෙරපා හතරැස් කැබලි වලට කපා පිළිගන්වන රසවත් වියළි නොවන උදේ ආහාරයක් නිර්මාණයට ඔහු සහාය දුන්නේය. දෛවය අනුව එක් රාත්‍රියක දී ඔහුට පිටි මෝලිය වසන්නට අමතක විය. පසුදා උදෑසන එය වියළී තිබුණි. එය මතින් පිටි රෝල් කරන පොල්ල ගෙන යද්දී ඒවා කැබලි කැබලි වලට කැඩී යන ලදි. කැබලි වූ ෆ්ලේක්ස් විසි කරනවා වෙනුවට ඔහු ඒවා භාජන වලට දමා ආහාරයට පිළිගැන්වීය. රෝගීන් ඒ කෑලි හැපෙන ආහාරයට අධික රැචියක් දක්වා වැඩි වැඩියෙන් ඉල්ලන්නට පටන් ගත්හ.

හදිසියේම විල්ගේ ඔළුවේ අදහසක් පහළ විය. රෝගීන් ගෙදර ගියාට පසුව ඔවුන්ට ආහාර තැපෑලෙන් යවන්නට ඔහු ව්‍යාපාරයක් පටන් ගත්තේය. 1896 දී එනම් මානසික රෝහලෙන් බැහැරව සිටින අයට, සම්පූර්ණ වසරක් පුරා, ඔහු ඒවා අලෙවි කරන ලද ප්‍රමාණය රාත්තල් 113,400 ක් විය.

එහි දී විල්ට බාධකයකට මුහුණ පාන්නට සිද්ධ වුණි. විල්ගේ සහෝදරයා මේ සිරියල් ආහාරය මහජනතාවට අලෙවි කරනවාට විරෝධය පෑවේය. විල් ඊට සීනි එකතු කළේය. එයින් ජේ.එච්. තවත් කුපිත වූයේය. ‘ජේ.එච්.ගේ හෙංචයියා’ නමින් හැඳින්වුණු මිනිසා 1906 දී වයස 46 දී තමන්ගේම බොස් වී තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගත්තේය. දශක දෙකක් යද්දී ඔහු ඇමෙරිකාවේ ධනවත්ම 20 දෙනා අතරට එක්වන්නට සමත් විය.

ඊ ළඟ සැරේ පෙට්ටියේ ‘කෙලොග්’ නම ගසා ඇති යමක් ආහාරයට ගනිද්දී, අතේ දොයිතුවක් ඇති මිනිසෙකුට එය අදහසක් හා එකතු කිරීමෙන් විශිෂ්ඨ ව්‍යාපාරයක් බවට හරවන්නට හැකියාව ඇති මෙය කොතරම් විශිෂ්ඨ රටක්දැයි කියා හිතන්න. පංති සටන්කාමීන් සහ ඔවුන්ගේ දේශපාලන හිතවතුන්ට ඔවුන් කැමති පරිදි කරන්නට ඉඩ ලැබුනොත්, මෙවැනි දේවල් ගැන ඉගෙන ගන්නට අපට කෞතුකාගාර වලට යන්නට සිද්ධ වෙනු ඇත.

Lawrence Reed විසින් The Kellogg story නමින් 2012 මාර්තු 3 වැනිදා Times_Herald.com හි පළ කරන ලද ලිපියේ පරිවර්තනයයි.

7 Responses

Subscribe to comments with RSS.

  1. විරාජ් said, on ඔක්තෝබර් 21, 2015 at 9:38 පෙ.ව.

    නියම කතාවක්

  2. චතුරංග බුද්ධික said, on ඔක්තෝබර් 23, 2015 at 2:24 ප.ව.

    මගේ මතකය හරි නම් මේ වගේ ඒවා ඔයා බ්ලොග් අඩවිය පටන් ගත්ත දවස් වලත් දැම්මා…
    හිතුණු විදිහට නම් ඒවා ඔයාගේම අදහස්…
    ඒත් සෑහෙන කාලෙකින් මේ වගේ ඔයාගේ නිර්මාණයක් දැක්කේ නෑ…
    පරිවර්තනයක් වුණත් අද මේක දැකලා සතුටු හිතුණා…
    අතරින් පතර හරි මේ වගේ ඒවා දාන්න…
    අතරින් පතර කියලා අදහස් කරේ අර ආර්ථික විශ්ලේෂණ දාන අතරේ කියන එක…
    ජය වේවා…!!!

    • arunishapiro said, on ඔක්තෝබර් 23, 2015 at 8:16 ප.ව.

      චතුරංග බුද්ධික,

      ඔව්. ඒ කාලේ මම කියවන සඟරා පොත් පත් වලින් තමයි විස්තර එකතු කරල ලිව්වෙ. දැන් ගොඩක් අය මේවා ගැන ලියනවා, ගොඩක් සටහන් අන්තර්ජාලෙට දිනපතා එකතු වෙනවා. මටත් ටිකක් වැඩ වැඩි නිසා පරිවර්තනයක් හරි දාන්න උත්සාහ කරනව. ස්තූතියි.

  3. රාජ් said, on ඔක්තෝබර් 24, 2015 at 2:54 පෙ.ව.

    ෂහ් මරු කතාවක්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: