අරුණි ශපීරෝ‍ වෙතින්

ව්‍යවසායකයා තීරණ ගත යුත්තේ කෙසේද?

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 17, 2015

භීෂණයෙන් ලොව කැළඹෙද්දී, විශේෂයෙන්ම එවැනි දාමරික ක්‍රියා නිතර දකින්නට නොමැති පළාතක එය සිදුවෙද්දී, තත්වය හට ගැනුනේ බලතණ්හාධිකයන් රටක ජනතාව අතර සාමකාමී ගණුදෙනු වලට බාධා ගෙනෙන ලද නිසාම යැයි වටහා නොගන්නා අය හිඟයි. එවැනි අවස්ථාවන්හි දී කාර්යාල හා කඩ සාප්පු වසා දැමීමෙන් නිවාඩු පාඩුවේ සිටින මැදිහත්වීම් රුචි පුද්ගලයන් බලතණ්හාධිකයන්ට තවත් මැදිහත්වීම් කරත හැකි ක්‍රමවේද හදා දීමට යෝජනා කරති.

ව්‍යවසායකයා හමුවේ නිතර පවතින ගැටළුවලට දැන් අලුත් ගැටළු රාශියක් එකතු ඇත. නරක් වී විසි කරන්න සිද්ධ වෙන ආහාර පාන බේරාගන්නට ක්‍රමයක් ඇත්ද, කඩ සාප්පු වසා දැමුවාම සේවකයන්ට පඩි ගෙවන්නේ කෙසේද, සාමකාමී ගණුදෙනුවලට අලුතින් එකතුවෙන බාධා සඳහා නව විසඳුම් සොයා ගැනීම යනාදිය ඒවා අතර තිබෙන හනිකට තීරණ ගෙන විසඳිය යුතු ගැටළු වෙති.

හොඳ තීරණ ගැනීමට හැකියාව ව්‍යවසායකයෙකු සතු වැදගත් කුසලතාවයකි. හොඳ තීරණ ගැනීම වාසනාව නිසා පෑදෙන හැකියාවක් නොවේ. මනස වෙහෙසවිය යුතු කරුණු කාරණා රාශියක් සැලකිල්ලට ගෙන කළ යුතු ක්‍රියාවකි. හොඳ තීරණ ගැනීමේ හැදියාව පුහුණු කරගන්නට නම් ව්‍යවසායකයා තමන් තීරණ ගන්නා ආකාරය ගැන විපරමින් සිට ඒ ගැන දැනුමක් වර්ධනය කරගත යුතුයි.

ගත යුතු තීරණය කුමක් ගැනදැයි කියා මුලින්ම පහදා ගැනීම අවශ්‍යයයි. සමහර විට තීරණ රාශියක් ඉදිරියේ එක තීරණයක් වැඩියෙන් ප්‍රධාන වූවයි. ඒ තීරණය අනුව අනෙක් තීරණ පහසු, පැහැදිලි සහ සරල වෙති. තීරණයක් ගත යුතු කාරණය කුමක්දැයි පහදා ගත්තාට පසු තමන් විසින් ගත යුතු තීරණයේ ස්වභාවය ගැන හැකි තරම් පැහැදිලි බවක් තමන් වෙනුවෙන්ම සකස් කරගන්නට අවශ්‍යයයි.

බොහෝ තීරණ ගැනීම සඳහා අවශ්‍ය වූ තොරතුරු යම් ප්‍රමාණයක් ඇත. තමන් තුලින්ම සමහර තොරතුරු ලබාගත යුතු අතර තව පොත පතින්, අනිත් අය වෙතින් හා වෙනත් මාර්ග වලින් ලබාගත යුතු තොරතුරු ද පවතී. ඒවා සියල්ල එකතු කරගන්නට කාලයක් මිඩංගු නොකරන්නාට නිවැරදි තීරණයට එළඹෙන අවස්ථා අඩු වේ.

ඒ තොරතුරු එක්රැස් කරගනිද්දී විසඳුම සඳහා විකල්ප රැසක් නැති වුවත් ගත හැකි මාර්ග කිහිපයක් දකින්නට ඔබට ඉඩ පෑදෙනු ඇත. මේ අවස්ථාවේ දී වැඩියෙන් කැමති වූ පමණක් නොව කළ හැකි ඒවා සියල්ල සටහන් කරගැනීම තීරණය ගන්නට පහසුව සලසයි.

එක්රැස් කරගත් තොරතුරු සහ තමන් තුල පවතින ආවේගයන් තුලින් ඒ ඒ ක්‍රියා මාර්ගය නැත්නම් තීරණය ගැනීමත් එයින් ඇතිවන ප්‍රතිඵලය ගැනත් කල්පනා කර බැලීම වැදගත්. ගත යුතු තීරණය කුමක්දැයි ඔබ පළමුවෙන්ම පහදා ගත්තේ නම් දැන් මේ විකල්ප තුලින් එයින් හොඳම විසඳුම හෝ වැඩියෙන්ම ඵලයක් ලැබෙන්නේ කුමකින්දැයි අගැයුමක් කර බැලිය හැකියි. එසේම ඒ විකල්ප අතරින් තමන් සම්පූර්ණයෙන්ම ක්‍රියාවට නංවන්නේ කුමක්දැයි කියාත් සැලකිල්ලට ගන්න අමතක නොවේ.

සියළු සාධක සලකා බලා වැඩියෙන්ම සුදුසු වූව තෝරාගැනීමට ඔබ දැන් සූදානම්.

තෝරාගත් තීරණය ක්‍රියාවට නැංවීම ද ඔබ විසින් කළ යුත්තකි.

හැම විටම තමන් ගත් තීරණයකින් අනතුරුව එහි ප්‍රතිඵලය තමන් අපේක්ෂා කරන ලද ප්‍රතිඵලය වූවාදැයි සොයා බලන්නටත් කාලයක් මිඩංගු කරන්නට මතක තබා ගැනීම වැදගත්. වැරදි හදා ගන්නට ලැබෙන්නේ එසේය. පළමු පියවරෙන් විසඳුමක් සඳහා ගත යුතු වූ තීරණය පහදා ගැනීම කරන ලද නිසා, එය විසඳී ඇත්නම් තීරණයේ දිගටම සිටින්නට ඔබට හැකියි. එහෙත් තීරණයෙන් හඳුනාගත් අවශ්‍යතාවය ඉටු වී නැත්නම්, එවිට නැවතත් පළමු පියවරට ගොස් ආපසු වෙනත් තීරණයක් තෝරාගන්නට කටයුතු කළ යුතු වේ.

මූලික සිද්ධාන්ත එසේම තිබිය දී තීරණයක් ගැනීම සඳහා භාවිතා කරන ක්‍රමවේද විවිධාකාර වෙති. මේ අතරින් කිහිපයක් මෙසේය:

තීරණයේ සියළු තෝරාගැනීම් අගැයුමට ලක් කරන වගුවක් හදාගන්න. පළමු තීරුවේ සියළු තෝරාගැනීම් ද, ඒ තීරණය නිසා ලැබෙන ඵලවිපාක සියල්ල පළමු පේළියේ ද සටහන් කරගන්න. හැම තේරීමකටම අගයක් දෙමින් වැඩියෙන් වැදගත් මොනවාදැයි සලකා බැලීම සිදු කෙරෙයි. මුළු ලකුණු විමසා බැලීමේ දී වැඩියෙන්ම හොඳ තීරණය සොයාගන්නට හැකියාව ලැබේ.

තීරණ ප්‍රස්තාරය භාවිතයට ගන්නේ තෝරාගැනීම් වල ධන සහ ඍන තත්වයන් මැන ගැනීම සඳහායි. එහි දී සියළු ධන සහ ඍන අගයන් එකතුව සැලකිල්ලට ගැනීමෙන් තීරණය තෝරාගැනේ.

තීරණ ගහ යනු ද එවැනිම ඒ ඒ තෝරාගැනීම සහ ඒ ඒ ප්‍රතිඵලයෙන් සලකා බලන්නට හදා ගන්නා ලද අකෘතියකි. සංඛ්‍යානමය විශ්ලේෂණයක් ද මේ ක්‍රමවේදයෙන් කළ හැකියි.

තීරණ විශාල සංඛ්‍යාවක් ගන්නට සිද්ධ වෙද්දී පරෙටෝ විශ්ලේෂණය භාවිතා කරගැනෙයි. වැඩියෙන්ම මුළුමනින් බලපෑමක් ඇතිවෙන්නේ කුමක්දැයි අනුව මුලින්ම ගත යුතු තීරණය සොයාගන්නට හැකියාව ඉන් ලැබේ.

ආර්ථික පැත්තකින් තීරණයට සහායක් ලබාගැනීම සඳහා ඒ ඒ ප්‍රතිඵලය සඳහා වූ ඒ ඒ විකල්පය සඳහා පිරිවැය ප්‍රතිලාබයන් මැන බැලීම සිද්ධ කෙරෙයි.

සංයුක්ත විශ්ලේෂණයේ දී පාරිභෝගික කැමැත්ත අනුව තීරණ ගැනීම සිද්ධ වේ. ස්ටාර්බක්ස් කොම්පැණිය බොහෝවිට මෙයාකාරයෙන් තීරණ ගන්නා ආයතනයකි.

විශේෂඥයන් ද මිනිසුන් නිසා ඔවුන්ටත් අනෙක් අයට සේ ම පක්ෂග්‍රාහීත්වයන් ඇති නිසා තීරණ ගැනීමේ දී විශේෂඥ මතයට පමණට වඩා වැඩියෙන් වැදගත්කමක් දෙන්නට එපා යැයි කියැවේ.

තමන්ගේ හිත කියන්නට සවන් දෙන්න යැයි එසේ නොකිරීම තීරණ ගැනීමේ දී කරන ලොකුම අත්වරැද්ද යැයි ද කියැවේ.

මෙම විස්තර Chad Brooks විසින් Business News Daily සඳහා ලියූ Decision-Making Techniques and Tools සටහන ඇසුරිනි.

මිනිස් හැදියාවේ පවතින පක්ෂග්‍රාහීත්වයන් ගැන සටහනක් ඊ ළඟට.

One Response

Subscribe to comments with RSS.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: