අරුණි ශපීරෝ‍ වෙතින්

මතිග්‍රාහී තීරණ ගැනීම් -2 වැනි කොටස

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 23, 2015

පළමු කොටස මෙතැනින්. ඔබ ඉගෙන ගත් දැයක්, නමක් එතැන් පටන් නිතර හඳුනාගන්නට පෙනෙන්නට පටන් ගැනීමත් මිනිසා තුල පවතින මතිග්‍රාහී හැදියාවකි. අලුතින් වාහනයක් ගත්තාම ඒ වාහනය වැනි වාහන හැම තැනක දී ම වැඩියෙන් ඇසට හසු වේ.

අයෙක් වැරදි නිගමනයකට එළඹෙන්නේ එසේ විය හැකි බව තමන්ට මතක්කර නොගනිද්දීය. මිනිසා තුල ස්වභාවයෙන් පවතින යම් ලක්ෂණයක් හඳුනාගැනීමෙන් පසුව සහජයෙන් දක්වන ප්‍රතිචාරය වෙනුවට විචාරශීලීත්වයෙන් දක්වන්නකට වෙනස් කරගන්නට බොහෝ අයට පුළුවනි.

පහත ලැයිස්තුවේ ඇති ඒ ඒ මතිග්‍රාහී හැදියාවන් අඩුවැඩි වශයෙන් තමන්ට ඇතැයි හඳුනාගැනීමෙන් තමන් කරන තෝරාගැනීම්වල දී දෝෂ සහගත තීරණ ගැනීමෙන් ගැලවෙන්නට හැකියාව ලැබේ.

අයෙක් තුල ඇති හොඳ ලක්ෂණ දැකීම නිසා එයා ගැන වූ හැම දෙයක්ම ධනාත්මක ලෙසින් දැකීම.

පහසු ගැටළු ගැන පමණට වඩා වැඩියෙන් විශ්වාසයක් තැබීම සහ දුෂ්කර ගැටළු වල දී අවශ්‍ය පමණින් විශ්වාසය නොතිබීම.

බැටළුවන් මෙන් රැලේ දුවන හැදියාව. විශේෂයෙන්ම තීරණ ගැනීමට දුෂ්කර වූ හෝ අවිනිශ්චිත තත්වයන් හමුවේ දී අන්‍යයන් අනුගමනය.

සිද්ධ වී ඇති දෙයක් දුටු විට එය එසේ වෙනවාමයි තමන් සිතූ බව කියන හැදියාව.

සතියකින් ලැබෙන රුපියල් පන්දාහ වෙනුවට අද ලැබෙන රුපියල් 500 ගැනීමේ හුරුව හෙවත් පසුව ලැබෙන ලොකු ලාබයට වඩා දැන් ලැබෙන සුළු ලාබය බාරගැනීමේ හුරුව.

දුක අදහසක් පහළ වීමෙන් තමන්ටත් නොදැනීම කඳුළු වැගිරවීම වැනි පිටතින් පෙනෙන භෞතික ප්‍රතිචාරයක් දැක්වීමට හුරුවී සිටීම.

සිද්ධීන් පාලනයට හැකියාවක් තමනට ඇතැයි සිතීමේ හැදියාව. තමන් කැමති ක්‍රිකට් පිලට ජයග්‍රහණය ලැබීමට තමන් යම් පාට ඇඳුමක් ඇඳගෙන යාමෙන් පුළුවනැයි ද, සුදු ඇඳගෙන ගියාම නඩුවෙන් ජය ලැබෙනවා යැයි ද වැනි දේවල් සිතීමට පෙළඹීම.

දුර්වල එහෙත් සංස්ථායී (consistent) දත්ත වලින් විශ්වාසයෙන් යුතුව අනාවැකි කියන්නට පෙළඹීම.

තමන් ගන්නා ක්‍රියාවට කිසිත් බලපෑමක් සිද්ධ නොවෙද්දී පවා තොරතුරු එක්කාසු කරන හැදියාව. වැඩියෙන් තොරතුරු තිබීම හැම විටම වැඩියෙන් හොඳ වෙන්නේ නැත. එසේම දැනුම අඩුවෙන් ඇති විටෙක වැඩියෙන් නිවැරදි අනාවැකි කියන්නට හැකි යැයි විශ්වාසය.

අපේ කල්ලියේ අයව හැම විටම වෙනත් කල්ලියක අයට වඩා වෙනස් ලෙසකින් දැකීම.

වැඩියෙන් මුදල් හෝ සම්පත් කළින් කරන ලද ආයෝජනයක් අනුවම නැවතත් කිරීම. එය මෙවර කළ නොයුතු යැයි දැක දැකත් එසේම කරන්නට පෙළඹීම.

‘හොඳට වඩා නරක ශක්තිමත්’ යන හැඟීමෙන් යුතු සමහර අය ඵලදායී අවස්ථා දකිනවා වෙනුවට ඕනෑම තත්වයක් හමුවේ පවතින තර්ජන වැඩියෙන් දකිති. ඔවුන් ධනාත්මක අත්දැකීම් වෙනුවට තම ඍනාත්මක අත්දැකීම් ගැන වැඩියෙන් අවධානය යොමු කරති. මෙහි දී අලාබ මඟහරවා ගැනීමේ ප්‍රයත්නයන්ට යොමු වීමෙන් ලාබ උපයාගත හැකි ප්‍රයත්නයන් දැකීම මඟහැරී යන්නට පුළුවනි.

බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය මන්දැයි කියා කළින් තීරණය කර ඇති විටෙක එය ඉබේටම එසේ සිද්ධ වීමට ඉඩකඩ වැඩිවෙන සේ තමන් කටයුතු කිරීම.

හානිකර ක්‍රියාමාර්ගය එතරම් පමණින්ම හානිකර වූ කිසිත් නොකර සිටීමට වඩා වැඩි යැයි තක්සේරු කිරීමේ හැදියාව.

අනතුරුදායක වූ හෝ ඍනාත්මක තොරතුරු හමුවේ දී ඔස්ට්‍රිච් කුරුල්ලා සේ එය නොදකින්නට ඔළුව සඟවා ගැනීමට තීරණය කිරීම.

තීරණය ගනිද්දී එහි අනගිත්වය ගැන නොසලකා එයින් ලැබෙන බව දන්නා ප්‍රතිඵලයෙන් පමණක් තීරණයේ හොඳ නරක මැනීම. ඒ ප්‍රතිඵලය ලැබීමට ඇති වාසනාව ගැන මෙහි දී සැලකෙන්නේ නැත.

තම හැකියාවන් ගැන පමණට වඩා විශ්වාසයක් ඇත්නම් ද දිනපතා වැඩි අවදානම් ගන්නට ද පෙළඹේ.

හටගත හැකි අනතුරුදායක හා ප්‍රචණ්ඩත්ව තත්වයන් සඳහා සූදානමක් නොමැතිව ලෝකය පවතිනවාට වඩා හොඳ තැනක් යැයි විශ්වාසයෙන් තමන් අනතුරු වලට ගොදුරු විය හැකි තත්වයන් හමුවට ගෙන යෑම. එහි අනිත් පැත්ත ඍනාත්මක තත්වයන් ඇතිවිය හැකි යැයි සිතා තමන්ගේ හා අනුන්ගේ කටයුතු වලට ඒ අනුව බලපෑම් ඇති කිරීම.

යමක් ගැන විශ්වාසය තැබූ පමණින් එය ඇති කරන්නට හැකියාව ඇතැයි විශ්වාස කිරීම. තමන් කොටස් වෙළඳපොල කොටස් ගත් නිසා ඒ විශ්වාසය එසේ තබමින් තවත් අය ද කොටස් වෙළඳපොල කොටස් ගෙන කොටස් මිල ඉහළ යාවි යැයි සිතීම.

යමක් කරන්නට කොපමණ කාලයක් යාවිදැයි අවතක්සේරු කිරීම. දහයට එන්නම් කියා පොරොන්දු වී ගෙදරින් දහයට පිටවෙන්නේ මේ අයයි!

මිල දී ගත්තාට පසුව මුදල් ගෙවූ නිසා එහි වටිනාකම එතරම් යැයි තරයේ විශ්වාස කිරීමට පෙළඹීම.

නවෝත්පාදනයක් වෙනුවෙන් පෙනී සිටින්නා එහි අගය හා ප්‍රයෝජනවත්බව ගැන පමණට වැඩියෙන් අගය කරමින් එහි සීමාවන් අඩුවෙන් දැක්වීම.

අනාගත වෙනුවෙන් ආයෝජනය වෙනුවට මේ මොහොත වෙනුවෙන් ක්‍රියා කිරීම.

තම තෝරාගැනීමේ නිදහස ඔප්පු කරනු පිණිස අයෙක් තමන් බලාපොරොත්තු වෙන දෙයට විරුද්ධ වූව කරන්නට ඇති කැමැත්ත.

පරණ දත්ත වලට වඩා වැඩියෙන් තැනක් දෙමින් නව තොරතුරු අගැයුම් කර බැලීම.

ආර්ථික සහ/හෝ අනෙක් කැමැත්තන් හි දී නොවෙද්දී පවා අනෙක් අගයන් වලට වැඩියෙන් ඉහළ තැනක් සාධාරණත්වය ගත යුතු යැයි විශ්වාසය.

අසාමාන්‍ය තත්වයකට ප්‍රතිචාරයක් හැටියට ක්‍රියාවක් ඉටු කරන පුද්ගලයන් තත්වය එතරම් අසාමාන්‍ය නොවූ විට ද වෙනසක් ගෙනාවා යැයි එහි කීර්තිය තමන්ට හිමිකර ගනිති. බොහෝවිට තත්වය ඉබේම සාමාන්‍ය තත්වයට නැවත පැමිණෙන්නට ඉඩ වැඩියෙන් තිබිණ.

පෙළඹවීම හමුවේ තමන්ව හික්මවා ගත හැකියාව ගැන පමණට වඩා වැඩියෙන් විශ්වාසයක් තැබීම.

පුද්ගලයෙකුගේ හෝ සංකල්පයක ඉතාමත් පහසුවෙන් හඳුනාගත හැකි ලක්ෂණ ගැන අවධානය යොමු කිරීමේ හැදියාව.

තමන් ලෝකය දකින ආකාරයෙන් තමන්ගේ අපේක්ෂාවන්ට බලපෑම් එල්ල වීමට ඉඩ දීම.

තමන්ගේ අසාර්ථක උත්සාහයන්ට වැඩියෙන් තම සාර්ථක වෑයම් බෙදාගන්නට සැවොම ඉදිරිපත් වෙති. සත්‍ය තත්වය ගැන වැරදි දැක්මක් ලැබීම සහ තත්වයන් නිවැරදිව තක්සේරු නොකිරීම සඳහාත් මෙයින් යොමුවේ.

එයාකාරයෙන්ම තත්වයන් පවත්වා ගැනීමට ඇති කැමැත්ත. මෙය ලාබ සොයනවාට වැඩියෙන් අලාබ මඟහැරීමේ හැදියාව මෙනි.

පුද්ගලයෙක් ගැන සත්‍ය තොරතුරු නොමැතිව පුද්ගලයා හෝ පිරිසක් තුල යම් ගුණාංග තිබිය යුතු යැයි බලාපොරොත්තු වීම.

නොනැසී ඉන්නා උදාහරණ වලට පමණක් සිත යොමු කිරීම නිසා පවතින තත්වය දෝෂ සහගතව විනිශ්චය කිරීම. අසාර්ථක වූ ව්‍යවසායකයන් ගැන අසා නැති බැවින් ව්‍යවසායකයෙක් වීම හරි ලේසි දෙයක් යැයි සිතීම. මේ හැදියාව නිසාම වාසනාව සහ වෙනත් සාධක වල වැදගත්කම නොසලකා හැර නොනැසී සිටීම අපමණ හොඳ බවකින් සැලකීම.

යම් භාණ්ඩයක අන්තර්ගත වූ සුදුසු යැයි කියන, සියල්ලන් පිළිගත් ආකාරයෙන් යම් ප්‍රශස්ත ඒකකයක් ප්‍රමාණයක් ඇතැයි විශ්වාසයක් පැවතීම. වැඩියෙන් විශාල ආහාර පිඟානක් ලැබෙද්දී වැඩියෙන් අනුභව කරන්නේ මේ නිසයි.

වැඩි අවදානම් තත්වයක දී සැලකිල්ල අඩුකිරීම එතරම් නොකළත්, කුඩා අවදානමක දී එය අවදානමක් නොමැති තත්වයකට අඩු කිරීම. කුඩා දේවල් වල දී සම්පූර්ණ පාලනයට කැමති වීම දකින්නට ලැබුණත් විශාල වූ ප්‍රතිඵලය කුමක්දැයි අවිනිශ්චිත අවස්ථාවන් හී දී සම්පූර්ණ පාලනය බාර ගැනීමට කැමති නොවීම.

සටහන 2013 අගෝස්තු 23 වැනිදා Gus Lubin විසින් Business Insider හි ලියූ 57 Cognitive Biases That Screw Up How We Think ඇසුරිනි.

2 Responses

Subscribe to comments with RSS.

  1. චතුරංග බුද්ධික said, on නොවැම්බර් 24, 2015 at 3:57 ප.ව.

    මාර වැඩේනේ අනේ… මේ එකක් එකකට දෙන්ට උත්තර මගේ ළඟ තියෙනවා…
    කම්මැලියි ටයිප් කරන්ට…
    මුලින්ම,
    දොස්තරලා මට පිටි කෑම, තෙල් කෑම, මිරිස් කෑම වගේ ඒවා තහනම් කරා…
    ඒත් ඒ වගේ කෑම වල රස ජාති දකින කොට කන්ට හිතෙනවා…
    අකාල මරණං බැරිනම් කාලා මරණං කියලා මම ඒවා කනවා…
    ඒක “මතිග්‍රාහී” තීරණයක් ද???

    \\අයෙක් තුල ඇති හොඳ ලක්ෂණ දැකීම නිසා එයා ගැන වූ හැම දෙයක්ම ධනාත්මක ලෙසින් දැකීම.//
    මම ගොඩාක් වෙලාවට මේ දේ කරනවා… ඒ වගේම අනික් පැත්තට නරක ලක්ෂණ දකින කොට ධන පැත්තට නැතුව හිතනවා… ඒ වුණාට මම අනික් අයට කියන්නේ එහෙම කරන්ට එපා කියලා… ඒ කියන්නේ කෙනෙක් ගේ හොඳ ලක්ෂණ තිබුණු පලියට එයා ගැන ධන පැත්තටම හිතන්ට එපා කියලා තමයි මම අනික් අයට කියන්නේ…

    අපොයි… මේක හරියන වැඩක් නෙමෙයි…
    මම සමහර වෙලාවට මේවා හැම එකටම වගේ එකඟයි…
    සමහර වෙලාවට මේවා හැම එකටම වගේ එකඟ නෑ…

    1. ඒකට මොකෝ කරන්නේ???

    2. ඔයා මොනවද මෙතන තියෙන දේවල් වලින් අදහස් කරන්නේ??? ඒ කියන්නේ කෙනෙක් කොහොමද ඒ දේවල් කරන්ට ඕනේ???
    උදාහරණයක් විදිහට 500 5000 ලාභ කතාවේ මම ගන්ට ඕනේ මොන පැත්තද??? 500 පැත්තද??? 5000 පැත්තද???
    පුළුවන් නම් පෝස්ට් එකක් දාලා හරි ඒ දේවල් එක එකක් විස්තර කරන්ට වේ වෙනම…


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: