අරුණි ශපීරෝ‍ වෙතින්

හැමෝටම සමවැටුප් තීරණය කළ ඩෑන් ප්‍රයිස්

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 25, 2015

ග්‍රැවිටි පේමන්ට්ස් කොම්පැණියේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරියා, ඩෑන් ප්‍රයිස් නමැති 31 වියැති ඇමෙරිකන් ව්‍යවසායකයෙකි. හේ 2014 වසරේ ව්‍යවසායකයා හැටියට ව්‍යවසායකත්ව සඟරාව 2013 දී නම් කරන ලද්දායි. 120 ක් සේවකයන් සිටින ඔහුගේ කොම්පැණිය ක්‍රෙඩිට් කාඩ් ගණුදෙනු සඳහා සේවා සපයයි.

මේ වසරේ අප්‍රේල් මාසයේ දී එහි සියළු සේවකයන්ගේ අවම වැටුප ඩොලර් හැත්තෑදාහ දක්වා ඉහළ යවමින් වසර තුනක කාලයක් ඇතුලත දී වැටුප් සමානාත්මතාවයට ගෙන ඒමට ඔහු තීරණය කළේය. ඒ තීරණය ඔහු ගන්නා ලද්දේ මනෝවිද්‍යා සඟරාවක පළ වූ ලිපියකින් ඒ හා සමාන වැටුපක් ලැබෙද්දී සේවකයන්ගේ සතුට වැඩි විය හැකි බව කියන පර්යේෂණ ප්‍රතිඵල කියැවීමෙනි.

ඔහුගේ නිවේදනය අසා අත්පොළසන් දුන් ජය ඝෝෂා කළ සේවකයන් ඒ වැඩි වූ වේතනයෙන් කරන දේවල් ගැන අදහස් ඔහු සමඟ බෙදා ගත්හ. අයෙක් තමන්ව බලන්න එන්නට මවට ගුවන්ගමන් ටිකට් පතක් ගන්නට දැන් අවස්ථාව ලැබෙන බව කීය. පවුලක් හදන්න දැන් හැකියාව ලැබෙනවා යැයි තවකෙක් කීය.

එක් එක් පුද්ගලයාගේ සතුට වැඩිවෙන්නේ කෙසේදැයි නිශ්චිතවම දක්වත හැකි සේ කියන පර්යේෂණ ප්‍රතිඵලයක් ලොව නැත. ‘විය හැකියි’ යන්න නිශ්චිතවම එසේ සිද්ධ වෙනවා යන්නෙන් වෙනස් බව බොහෝ අයට නිති මඟ හැරෙන්නකි. සතුට ලැබෙන්නේ මුදල් නිසා නෙමෙයි යන්නට පක්ෂපාතී වූවන්ම අවම වැටුප් වැඩි කරන්න යැයි ඉල්ලීමත් බහුල වශයෙන් දකින්නට ලැබේ.

ඩෑන් ප්‍රයිස්ගේ අවම පඩිය ඩොලර් හැත්තෑදාහක සම වැටුප් කරන තීරණය නිසා කොම්පැණිය පිළිබඳ මහත් ප්‍රසාදයක් ඇමෙරිකාවේ සමාජවාදීන් සහ අර්ථ ශාස්ත්‍රය නොදන්නා අය අතර වේගයෙන් පැතිර ගියේය. සමහර අය ඔහුව වීරයෙක් ලෙසටත් සලකන්නට පටන් ගත්හ.

මුලින් මේ අදහසට පාක්ෂික වූ සේවකයන් පවා අනෙකුත් අය දිහා විපරමින් බැලීමට ගියේ මාස තුනක් වැනි සුළු කාලයකි. 26 වියැති මේසි මැක්මාස්ටර් කොම්පැණියේ වසර පහක් සේවය කරන ලද්දේ මුල්‍ය කළමනාකාරියක් හැටියටයි. අනිත් අයට වැඩියෙන් දිනපතා වැඩ සඳහා කාලයක් කොම්පැණියේ සේවයට ඇය යොදවන ලද්දේ එහි වූ සමාජවාදී වාතාවරණය ගැන තිබි ප්‍රසාදය නිසාමයි.

සමවැටුප් තීරණය වීමෙන් ඇය වැනි සමහර අයට යාන්තම් පඩි වැඩිවෙද්දී අනෙක් අයගේ පඩි තෙගුණයකින් ඉහළ යෑම සිද්ධ විය. නමුත් තෙගුණයකින් පඩි වැඩි වූ අය කොම්පැණියට එතරම් ලාබදායක අන්දමින් සේවයක් සපයන්නේ නැති බව අනිත් අයට පෙනෙන්නට පටන් ගති. පැමිණි බව සටහන් තබන්නට පමණක් වැඩට එන සේවකයා සහ ඵලදායී වැඩක් ඉටුකරන සේවකයා අතර වෙනසක් වේතනයේ දී සැලකිල්ලට නොගැනීම අසාධාරණ යැයි පසක් වූ සේවකයන් (මේසි මැක්මාස්ටර් ඇතුළු) කොම්පැණිය හැර දා ගියහ.

රැකියාවක් ආරම්භයට අලෙවි නියෝජිතයෙක් ලෙසින් කොම්පැණියට එකතු වී කුසලතාවයක් වර්ධනයට සහ පළපුරුද්දක් ලබාගන්නට වෙහෙසෙන සේවකයාට වඩා වැඩි පඩියක් වසර ගණනක් සේවය කළ කුසලතා වර්ධනය කරගත් සහ පළපුරුද්ද සතු ජේෂ්ඨ කළමනාකරුවෙකුට නොලැබිය යුතු ද?

මෙය ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක් නොව පුද්ගලික කොම්පැණියක් නිසා වැඩි පඩි ගෙවීම සඳහා ඩෑන් ප්‍රයිස්ට තමනට ලැබුණු අමතර දීමනා පවා අඩු කරන්නට සිද්ධ විය. ඔහුත් සමවැටුප් හැටියට ඩොලර් හැත්තෑදහසක් පමණක් ලබාගත්තේය. එපමණක් නොව පඩිය අඩුවෙද්දී සිය පුද්ගලික වියහියදම් දරාගන්නට ඔහු සිය නිවස කුලියට දෙන ලදි. ඔහුගේ වර්තමාන වත්කම ඩොලර් මිලියන 3 ක් යැයි කියැවේ.

මෙවැනි සේවා සපයන ව්‍යාපාර ඒ ඒ ගණුදෙනුවෙන් මහා ලාබ උපයන්නේ නැත. ගණුදෙනු සංඛ්‍යාව වැඩිවෙද්දී පමණක් ලාබ වැඩියෙන් උපදවන්නට සමත් වෙති. ඒ සඳහා ව්‍යාපාරයට දක්ෂ සේවක පිරිසක් සහ ඒ දක්ෂයන්ගේ ඵලදායීත්වය දිරිගන්වන කාර්යාල වාතාවරණයක් තිබිය යුතුයි.

ඉතින් මේ ව්‍යවසායකයා සේවකයන් 120 කට පඩි ගෙවමින් එය ලාබ උපයන කොම්පැණියක් බවට පත් කරන්නට සමත් වූයේ නම් ඔහු මෝඩයෙක් යැයි කිව නොහැකියි. නමුත් මේ ව්‍යවසායකයාගේ සමවැටුප් තීරණය නිසා කොම්පැණිය බංකොළාත් වූවොත්, එහි දී ඔහු අතින් සමාජයට අගයක් එකතුවීම එනම් ගැටළු විසඳීම සහ වස්තු සම්පත් නිර්මාණය වීම නැවතෙයි. එවිට මේ තීරණය ගැනීමෙන් ඔහු උදව් කරන්නට ගිය ඔහුගේ සේවකයන් සතුටු වෙන්නේ ද නැත. 2017 තෙක්, එනම් සේවකයන් සියල්ලන්ටම අවම සම වැටුප වූ ඩොලර් හැත්තෑදාහ ලැබෙන වසර තෙක් කොම්පැණිය පවතීවි ද?!!

3 Responses

Subscribe to comments with RSS.

  1. චතුරංග බුද්ධික said, on නොවැම්බර් 25, 2015 at 11:03 පෙ.ව.

    මෙතන ලොකු තනතුරු වල ඉන්න අයගේ මාන්නය ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා මට හිතෙනවා…
    මේසි මැක්මාස්ටර් වගේ අය එහෙම…
    එක අතකට ඒකේ වරදක් නෑ වගේ…
    ඒත් අනික් අතට ඒකේ වරදක් තියෙනවා වගේ…
    මේසි මැක්මාස්ටර් වගේ අය “මට මොකෝ අනික් අයගේ දේ…? මගේ ගණන මට ලැබෙනවා නම් ඇති” කියලා හිතුවා නම් හරි නේද???
    මොකද ඊට පහළ අයගේ ගණන කොච්චර වැඩි වුණත් එයාගේ ගණනත් වැඩි වුණා නේ…

  2. Lankika Sithuwili said, on නොවැම්බර් 27, 2015 at 1:34 පෙ.ව.

    අරුණි,

    ඔව් ඔඅබ මෙතැනදී නිවරදී, අදාළ පුද්ගලයා ආයතනයට ලබාගෙන දායකත්වය මත තමයි දිරිගැන්වීමක් ලැබියයුත්තේ.
    මෙම ප්‍රශ්නය දැකගතහැකි තැනක් තමයි ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය.
    ලගදි කච්චේරියක වැඩකළ ඝනකාදිකාරී මහතකු මට පැවසුවේ පසුගිය රජය කිසි හේතුවක් නැතිව වැඩිකළ
    සේවකයන් නිසා දැන් කිසිම වැඩක් කිසිම කෙනෙක් පිලිවලකට නොකරන බවයි!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: