අරුණි ශපීරෝ‍ වෙතින්

Sea Legs නර්තන කණ්ඩායමේ ලංකා චාරිකාව

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 28, 2015

IMG_3285

මීට වසර 12 කට පෙර සාමාජිකයන් හතළිස් ගණනකින් යුතු ඇමෙරිකන් නර්තන කණ්ඩායමක් ලංකාවට මම කැඳවාගෙන ආවෙමි. ඒ රැඟුම් නරඹන්නට පැමිණි සියල්ලන් පාහේ (සමහර අවස්ථාවල දී ඔවුන් තුල වූ ඇමෙරිකන් විරෝධය ද පැත්තකට දමමින්😀 ) නර්තන රසවින්ඳනයෙන් ලද සතුට ප්‍රකාශ කළහ. එවැනි නර්තන විලාසයන් නැරඹීමට තමනට දුර්ලභ අවස්ථාවක් ලබාදීම ගැන ස්තූතිය පළ කරන්නට ගම් පළාත් බලා ආපහු දුර ගමන් යන්නට තිබිය දී පවා සංදර්ශනය අවසන දී මඳක් නැවතී සිටි අය වූහ. එක් නර්තන ගුරුවරයෙක් ගාල්ලේ පුරහලේ පැවති සංදර්ශනය නරඹා පසුව ලයනල් වෙන්ඩ්ට් වෙත ද පැමිණියේ සටහන් පොතක් සමඟයි. තම නර්තන ඉගැන්වීම් සඳහා අලුත් අදහස් මහත් රාශියක් එකතු කරගන්නට හැකිවූ බව හෙතෙම කීවේය.

2016 ජනවාරියේ 10-17 දක්වා වූ ලංකා චාරිකාව සඳහා නර්තන පුහුණුව අද ඩෙලවෙයාර් ප්‍රාන්තයේ දී ආරම්භ විය. මේ කණ්ඩායමේ පින්තූර සහ ඒ සම්බන්ධ වෙනත් තොරතුරු දැනගන්නට කැමති අයට මෙතැනින් ඒ සඳහා විවෘත කරන ලද Facebook පිටුව හා සම්බන්ධ විය හැකියි.

Sea Legs යනුවෙන් හැඳින්වෙන්නේ රැල්ලට එහා මෙහා පෙරළෙන මුහුදු ගමනක යෙදෙන අයෙකු ඊට හුරු පුරුදු වෙමින් මුහුණ දෙන තත්වයකි. කණ්ඩායම සැකසෙන්නේ ඇමෙරිකාවේ විවිධ පැතිවලින් එන ක්‍රමවත් පුහුණුව ලද වර්තමානයේ දී රංගනයේ යෙදී සිටින තරුණ පිරිසක් වෙතින්. ඒ ඒ සංදර්ශන සඳහා විවිධ නැටුම් ශිල්පීන් සමඟ එකතු වෙන බැවින් මේ කණ්ඩායමේ දීර්ඝ කාලීනව සිටින නිල සාමාජික පිරිසක් නොමැත. මේ ලංකා සංචාරයට ‘සී ලෙග්ස්’ සමඟ එකතුවෙන නර්තන ශිල්පියා රැඟුම් දැක්වෙන ස්ථානය අනුව හා ප්‍රේක්ෂකයන් අනුව නර්තනයට හැඩගැසිය යුතුවේ.

ලංකා සංචාරය වෙනුවෙන් මෙම රැඟුම් කණ්ඩායම තෝරා ගන්නා ලද්දේ අන්තර්ජාලයෙන් නර්තන ශිල්පීන් ගැවසෙන වෙබ් අඩවියන්හි පළ කරන ලද දැන්වීම් මාර්ගයෙන්. ඉල්ලුම් පත්‍රයකින් තම පුහුණුව සහ නර්තන පළපුරුදුකම් ද, විඩියෝ පටියකින් තම රංගන දක්ෂතා ද ඔවුන් ඉදිරිපත් කළහ. අයදුම්පත් රාශියකින් තෝරාගත් පිරිසක් සමඟ ස්කයිප් සම්මුඛ පරීක්ෂණ අනතුරුව සිද්ධ විය. රට වටෙන් එකතු වෙන ඔවුන් ප්‍රථම වතාවට සියල්ලන්ම එකිනෙකාව හමුවෙන්නේ මෙසේ සංචාරයට සති දෙකකට පමණ පෙරයි. තෝරාගන්නා ලද ඔවුන් සියල්ලන්ම ප්‍රධාන ඇමෙරිකන් නර්තන කණ්ඩායම්වල සිය රංගන දස්කම් දක්වන නැටුම් ශිල්පීන් වෙති. වසර පුරා විවිධ සංදර්ශනයන්හි රංගනයේ යෙදෙන ඔවුන් මේ ලංකා සංචාරයේ යෙදෙන්නේ ඔවුනට ලැබෙන එකම නිවාඩු කාලය ඊට යොදවමිනි.

නර්තන ඉතිහාසයත් අනෙක් සෙසු ඉතිහාසයන් මෙන්ම දුක් කම්කටොළු මැදින් ආ ගමනකි. ඔවුන්ට ප්‍රවාහනය සහ ආහාර පාන සපයන අතරතුරේ දී බ්ලොග් සටහන් කිහිපයක් තුලින් ඒ ආශ්‍රිත විස්තර ටිකක් ගෙන එන්නට උත්සාහ කරන්නම්.

Sea Legs රැඟුම් දැකගන්නට ඔබට හැකි ස්ථාන:

විශාඛා විද්‍යාලයේ සිසුවියන් සඳහා විශේෂ පාසැල් දර්ශනයක් ජනවාරි 12 වැනිදා පැවැත්වේ. විශාඛාවෙනි, එදාට නොවැරදීම ඉස්කෝලේ යන්න මතකයේ තබාගන්න!!!

ගාල්ලේ සාහිත්‍ය උළෙලේ අංගයක් හැටියට ජනවාරි 14 වැනිදා Halle de Galle ශාලාවේ රාත්‍රී 8 සිට 9 දක්වා රංගනයක් නොමිලේ පැවැත්වෙයි.

ජනවාරි 16 වැනිදා සවස 7:30 ට ලයනල් වෙන්ඩ්ට් වේදිකාවේ දී සම්පූර්ණ දර්ශනය පැවැත්වෙයි. ඊට ටිකට් පතක් ලබාගත යුතුයි.

වැඩි විස්තර සඳහා අමතන්න දර්ශන් විජේසූරිය 0777 777 111

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: