අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකන් ටෙඩ් ෂෝන්ගේ සිංහලීස් ඩෙවිල් ඩාන්ස්

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 31, 2015

Photography: Stephen Delas Heras

Photography: Stephen Delas Heras

අද සමහර වේදිකා සංදර්ශනවල දී එය ලයිට් ෂෝ එකක් ද නැත්නම් කලා දස්කම් පෙන්වන රංගනයක්දැයි පහදා ගැනීම පහසු නැත. මෙයට එක අතකින් වගකිව යුත්තේ රසායනික ක්‍රම යොදාගෙන වේදිකා ලයිට් නිර්මාණය ආරම්භ කරන ලද්දවුන්. නූතන යනුවෙන් හැඳින්වෙන නර්තන සම්ප්‍රදාය පටන් ගන්නට එක්වෙන Loie Fuller වේදිකාවට ලයිට් සපයන තාක්ෂණයට ද මුලින්ම පිවිසෙන ලද්දියකි. තමන්ගේම ශෛලියකින් නර්තනය දියුණු කළ ඇය සිල්ක් රෙද්දෙන් නිම කරන ලද වස්ත්‍ර හැඳගෙන විවිධ පාටින් වේදිකාවට ආලෝකය ගෙනෙන අලුත් ක්‍රම අත්හදා බලන ලදි. වේදිකා ලයිට් තාක්ෂණය සඳහා ඇය ලද පේටන්ට් බලපත්‍ර කිහිපයකි.

නූතන නැටුම් සම්ප්‍රදාය නිර්මාණයට එකතු වූ අනෙකුත් නර්තන ශිල්පිණියන්ට ද ලෝ ලෝ ෆුලර් නම් සුරතල් නාමයෙන් හැඳින්වනු ඇය සිය නොමඳ සහාය දුන්නාය. ඉසදෝරා ඩන්කන් ඇයගේ සහාය ලද සුප්‍රසිද්ධ නර්තන ශිල්පිණියකි. ඉසදෝරා ඩන්කන් හිස සහ ගෙල ආවරණය කරන සිල්ක් සළුවක් නොමැතිව ගමනක් ගියේ කලාතුරකින්. එහෙත් එය තම මරණය කැඳවාවි යැයි ඇය අපේක්ෂා නොකළාය. ප්‍රංශ සංචාරයක දී වාහනයේ පසුපස රෝදයේ ඇයගේ සළුව පැටලී ගිය හෙයින් ඇය බෙල්ල කැඩී මිය යන ලදි.

සුදු හමැති අය ආරම්භ කරන ලද නිසා ඔවුනට පමණක් රංගන දස්කම් පාන්නට සීමා වූ බැලේ නර්තන සම්ප්‍රදාය තුල වර්තමානයේ විවිධ ජාතීන් නියෝජනය වීම දකින්නට පුළුවන්. නාට්සි ජර්මනියේ දී යුදෙව් නර්තන ශිල්පීන්ව රහසේ සඟවා ජීවිත බේරාගන්නට විදේශයන්ට පිටමං කර යැවුනේ සෙසු කලාහිතකාමීන්. සුප්‍රසිද්ධ නර්තන ගුරුවරියක් වූ මේරි විග්මන්ට නාට්සි අණට යටත් වී නැටුම් ඉගැන්වූ යුදෙව්වන් සියල්ලම ඇයගේ නැටුම් පාසැලේ සේවයෙන් ඉවත්කර දමන්නට සිද්ධ විණ.

ප්‍රධාන ඇමෙරිකන් බැලේ කොම්පැණියක ප්‍රධාන නර්තන ශිල්පිණිය සේ සිය දස්කම් පෙන්වන්නට කළු ඇමෙරිකන් අයෙකුට ප්‍රථම වතාවට අවස්ථාවක් පෑදෙන්නේ 1955 දී ය. ඇයගේ නම රේවන් විල්කින්සන්. විල්කින්සන් වෙතින් ලැබෙන මඟ පෙන්වීම යටතේ තවත් කළු ඇමෙරිකන් නර්තන ශිල්පිණියකට ‘ඇමෙරිකන් බැලේ තියටර්’ නම් බැලේ කණ්ඩායමේ වසර 75 ක ඉතිහාසය වෙනස් කරන්නට හැකියාව ලැබේ. ඒ හපන්කම කරන්නේ මිස්ටි කෝප්ලන්ඩ් නැමැත්තියයි. ප්‍රධාන නර්තන ශිල්පිණිය හැටියට කළු හමක් ඇති අයෙකු පුරා වසර 75 ක් එහි දී දකින්නට නොලැබිණ. ඇය එම ස්ථානය ලබාගන්නේ මේ වසරේ එනම් 2015 ජූනි මාසයේ දී ය.

එනමුත් ප්‍රංශ රජ වාසල පිණිස පටන් ගත් බැලේ සම්ප්‍රදායෙන් වෙනස්ව කාලයට අනුව හැඩගැසෙන ‘නූතන නර්තන සම්ප්‍රදාය’ එහි ආරම්භයේ පටන්ම විවිධ ජාතීන්ට තම නැටුම් දස්කම් පෙන්වන්නට ඉඩ දුන්හ. කළු ඇමෙරිකන් බිල් ටී. ජෝන්ස් සහ ලෙස්ටර් හොර්ටන් දෙදෙනා මේ සම්ප්‍රදාය තුලින් ජනාදරයට සහ කීර්තියට පත් පුරුෂයන් දෙදෙනෙකි.

නූතන සම්ප්‍රදාය ආරම්භයට දායක වන තවත් අපූරු පුද්ගලයෙකි ටෙඩ් ෂෝන්. නර්තනය වෘත්තියක් කරගන්නා බහුතරය කාන්තාවන් වෙද්දී ඔහු පිරිමි පමණක් නටන නර්තන කණ්ඩායමක් පිහිටුවා ගත්තේය. පිරිමි දෘශ්ටි කෝණයකින් නර්තනය ගෙනහැර පාන්නට අවස්ථාවක් ලබාදීම ඔහුගේ අරමුණ විය. ඔහු පදිංචියට ගිය පළාතේ නර්තනය නරඹන්නට එන ප්‍රේක්ෂයකයන් නොසිටි බැවින් ඔහු කළේ වයසක කාන්තාවන්ට තේ සහ කේක් සංග්‍රහ පවත්වමින් නර්තන උත්සවයක් හැටියට තම පිරිමි නර්තන කණ්ඩායමේ නැටුම් ඉදිරිපත් කිරීමයි.

එසේ පටන්ගෙන 1933 දී ඔහුගේ ප්‍රථම මහජන නර්තන සංදර්ශනය ලෝකයට නුහුරු අලුත් තේමාවන් යටතේ එතෙක් නැටුම් ප්‍රේක්ෂයක් අත්දැක නොමැති වූ නව නැටුම් විලාසිතා රැසකින් ඉදිරිපත් කරන්නට ෂෝන් සමත් වූයේය. ටෙඩ් ෂෝන්ගේ ඒ ආරම්භක දර්ශනයේ එක අංගයක් නම්කර ඇත්තේ ‘සිංහල යක් නැටුම්’ කියායි. එහි ඡායාරූපයක් ෆ්ලෝරිඩා විශ්ව විද්‍යාලයේ ස්මාර්තර්ස් පුස්තකාලයේ ඇති බව සඳහන්. කඩවසම් කොල්ලෝ නටනවා බලන්නට වයසක ආච්චිලා දායකත්වය සැපයූ නිසා අද ‘ජේකොබ්ස්ගේ කොට්ටය‘ නමින් එය වාර්ෂිකව පැවැත්වෙන මහා නාට්‍ය උළෙලක් බවට පත් වී තිබේ.

ඉතින්, නූතන නැටුම් කලාව 1933 ගණන්වල දී ලංකාවෙන් ද ආභාෂයක් එකතු කරගත් අතර අනතුරුව මාර්තා ග්‍රැහැම් වෙතින් 1956 දී ලංකාවට නැවත පැමිණි බවත් පෙනී යයි.

අද සටහනට එකතු කරන්නේ ටිකිරි ශපීරෝ විසින් නිර්මාණය කරන ලද ‘කිස් ද ඩ්‍රැගන්’ නමින් ඇය නිර්මාණය කරන ලද නර්තන අංගයේ පින්තූරයකි. මෙය මුල් වතාවට රඟ දක්වන ලද්දේ 2015 සැප්තැම්බර් මාසයේ නිව් යෝර්ක් නගරයේ දී ය. ඇමෙරිකාවේ පැවැත්වුන ද ලංකාවේ පැවැත්වුන ද එම නැටුම් අංගයේ දී වේදිකාව මත මකරෙක් හෝ වෙන කිසිම අයෙක්ව සිපගන්නා අවස්ථාවක් නොමැති බව කරුණාවෙන් සලකන්න.

2 Responses

Subscribe to comments with RSS.

  1. deepika lakshmi said, on ජනවාරි 4, 2016 at 5:44 පෙ.ව.

    අරිම අපූරු ලිපියක් අරුණි අක්කේ, මට අක්කගෙන් පොඩි
    උදව්වක් ඕනෙ. මම​ 2016 වර්ෂයේදී අ.පොස​. උසස් පෙළ විභාගයට පෙනී
    සිටීමට නියමිත සිසුවියක් වෙමි. උසස් පෙළ විභාගය සඳහා
    අවශ්‍ය වන කණ්ඩායම් හා කේවල ව්‍යාපෘති වල මා මේ දිනවල​
    නියැලෙමින් සිටී.මා කේවල ව්‍යාපෘතිය සඳහා “මුද්දර​” පිළිබඳව​
    විස්තරයක් අඩංගු පොතක් නිර්මාණය කිරීමට තීරණය කර ඇත​.
    නමුත් එම පොත නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කරන විස්තර​
    අඩංගු ප්‍රමානවත් මූලාශ්‍ර මා සතුව නොපවතී.හැකිනම් ඔබගේ
    මෙම වෙබ් පිටුව තුළ​ හරහා මුද්දර පිළිබඳව​
    ප්‍රමාණවත් කරුණු අඩංගු ලිපියක් පළ කරන්නේ නම් එය මහත්
    අස්වැසිල්ලකි. අවශ්‍ය කරන තොරතුරු පහත දැක්වේ.

    1. මුද්දරයේ ඉතිහාසය​
    2. ලොව ප්‍රථම මුද්දරය​
    3. මුද්දර කලාව සෙසු රටවල් කරා ව්‍යාප්තව ගිය අන්දම​
    4. ලොව වටිනාම මුද්දර වර්ග​
    5. දේශීය මුද්දර කලාව​
    6. මුද්දර වලින් ඇති වාසි
    7. මුද්දර බදු


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: