අරුණි ශපීරෝ‍ වෙතින්

ලංකාවේ දී අපි හමුවෙමු!

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 8, 2016

Screen Shot 2016-01-06 at 11.27.08 PM

‘සී ලෙග්ස්’ නර්තන කණ්ඩායමේ ශ්‍රී ලංකා සවාරිය පිණිස අද අපි ඩෙලවෙයාර් වෙතින් පිටත් වෙන්නෙමු. ඇමෙරිකාවේ නොයෙකුත් නගරවලින් පැමිණ මෙහි දී එකතු වූ මේ ප්‍රවීනයන් 12 කින් යුතු කණ්ඩායම රැගෙන එන්නේ ඉතා කලාතුරකින් ලාංකික රසිකයන්ට දැකගන්නට ලැබෙන උසස් ප්‍රමිතියකින් යුතු නර්තන කලාවයි. නර්තනය හදාරන හෝ ඒ ගැන උනන්දුවක් ඇති අයට පංතියකට හෝ දෙකකට සහභාගී වන්නට ද අවස්ථාව ඇත.

සංදර්ශන පැවැත්වෙන ස්ථාන හා වේලාවන් මෙසේය:

ජනවාරි 13 වැනිදා මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ දී දහවල් 12-1 දක්වා පාසැල් දර්ශනය, පස්වරු 1:30 ට නර්තන පුහුණු පංතිය සහ සවස 6:30 ට මහජන දර්ශනය. ටිකට් රුපියල් 750, 500, 300 වශයෙන් පලයාකාට්ස් මෙගා ස්ටෝර් වෙතින් ලබාගත හැකියි. වැඩි විස්තර සඳහා 0714 145 775

විශාඛා විද්‍යාලයේ පාසැල් දර්ශනයේ දිනය වෙනස් වී ඇත. එය පැවැත්වෙන්නේ ජනවාරි 14 වැනිදා දහවල් 12:30 ටයි.

ගාල්ල සාහිත්‍ය උළෙලේ අංගයක් හැටියට ජනවාරි 14 වැනිදා Halle de Galle ශාලාවේ රාත්‍රී 8-9 දක්වා රංගනයක් නොමිලේ නරඹන්නට අවස්ථාව ලැබේ.

සසකාවා ශාලාවේ දී ජනවාරි 15 වැනිදා උදේ 10 සිට සවස 2 දක්වා පැයක කාලයකින් යුතු පංති හතරක් පැවැත්වේ. කුඩා දරුවන්ට විශේෂිත නැටුම් පංතියකට සහ යෝගා පංතියකට ද එහි දී සහභාගී විය හැකියි.

ජනවාරි 16 වැනිදා සවස 7:30 ට ලයනල් වෙන්ඩ්ට් වේදිකාවේ දී මහජන දර්ශනයක් පැවැත්වේ. ටිකට් රුපියල් 2500, 2000, 1500, සහ 750 යනාදී වශයෙන් මිල කර ඇත.

වැඩි විස්තර සඳහා දර්ශන් විජේසූරිය අමතන්න: 0777 777 111

මේ සෑම ස්ථානයක දී ම පාහේ මමත් සිටින්නෙමි. එහෙනම් ඉතින් ලංකාවේ දී අපි හමුවෙමු!

2 Responses

Subscribe to comments with RSS.

  1. deshakaya said, on ජනවාරි 10, 2016 at 11:55 ප.ව.

    හමු වෙමු..


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: