අරුණි ශපීරෝ‍ වෙතින්

ලංකා සවාරිය -පසුවදන

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 22, 2016

IMG_3468

නර්තන සවාරිය අතිශයින් සාර්ථකයි කියන්න පුළුවන්. රැඟුම් නරඹා අවසන්වීමත් සමඟ පාසැල් දරුවන් වෙතින් ලැබිච්ච ප්‍රතිචාර එයාලගේ සුන්දර හදවත්වලින්ම පිවිතුරුව පිරිනැමිච්ච අවංක අදහස්. නර්තන කණ්ඩායම ලංකාවට අරගෙන ආවට ස්තූතිය වැඩියෙන්ම ලැබුනෙ ඒ පාසැල් දරුවන්ගෙන්. එක පුංචි පැංචියෙක් ලයනල් වෙන්ඩ්ට් රංගනය දැක්කට පස්සෙ ගෙදර ගිහින් නටන්න පටන්ගෙන තව පොඩ්ඩෙන් බිත්ති පුටුවල හැපිලා නැත්නම් වැටිලා තුවාල කරගනීවි කියල තාත්තට එයාට ඩිංගක් සැරවෙන්නත් සිද්ධ වුනාලු.

ලංකාවේ රූපවාහිනිය තුලින් දකින්නට ලැබෙන බටහිර යැයි සැලකෙන නර්තනයට වඩා මෙය කොතරම් කලාත්මකදැයි දැකලා කෙනෙක් දෙන්නෙක් පුදුමය ප්‍රකාශ කළා. ලංකාවේ අය බටහිර කියල සලකන දේවල් ගැන බටහිර අයත් පුදුම වෙන හැටි ගැන කතා කරන්න නම් වෙනම බ්ලොග් එකක් ලියන්න ඕන.

සංස්කෘතික හුවමාරුවක් හැටියටත් සංචාරය සාර්ථකයි. නූතන නැටුම් සම්ප්‍රදායෙන් බිඳක් ලංකාවේ අයට උගන්වපු ඇමෙරිකන් නර්තන කණ්ඩායමට ලංකාවේ සම්ප්‍රදායික නැටුම් පියවර කිහිපයක් ඉගෙන ගන්නත් අවස්ථාවක් ලැබුණ. ළාබාල සහ වැඩිහිටි දෙගොල්ලන්ම ඉතා ඉක්මණින් තමන්ට නුහුරු ශෛලීය අල්ලා ගත්තෙ නැටුම්වලට ඇති ළැදියාවට වෙන සීමා මායිම් නැතිබව පෙන්වමින්.

බ්ලොග් ලෝකයෙන් හඳුනාගත් තඹරු විජේසේකර, මගේ කැම්පස් එකටම ගිය අමිල ගම්මුදලි මල්ලි සහ එයාගෙ අක්කා පවිත්‍රා, චාන්දි අක්කයි මහත්තයයි, වමෙන් හැරිලා ඇවිත් ලිබටේරියන් වෙච්ච ක්‍රිෂ්ණ රාමනායක! යනාදීන් හමුවන්නට ලැබීම මේ සවාරියේ දී ලැබුණු අමතර බෝනස් එකක්. ඔබේ වටිනා කාලයෙන් බිඳක් මා වෙනුවෙන් වැය කළාට ඉතාමත් ස්තූතියි.

සංචාරක සේවා සපයන රැකියාවන් බොහොමයක ප්‍රමිතිය තවමත් ඉතා ඉහළ මට්ටමකින් පවතින බව දැක්කම දුක මුසු සතුටක් තමයි දැනුනෙ. දවසෙන් දවස වැඩිවෙන නීති රෙගුලාසි අස්සෙ හිරවෙලා හිටියට ඒ සේවකයන් තම තමන්ගෙ රැකියාවේ නියැළෙන්නෙ තමන්ට ලැබුණු පුහුණුවෙන් විතරක් නෙමෙයි ඇඟෙන්ම එන ලාංකික සත්කාරක හැදියාවෙන්. රට රටවල් කොච්චරක කරක් ගැහැව්වත් පාරිභෝගිකයා සතුටු කරන්න ඇති දැඩි උවමනාව මේතරම් පැහැදිලිව දැකිය හැකි සංචාරක සේවාවක් වෙන රටක ඇත්දැයි මට සැකයි.

සංචාරක සේවයේ විතරක් නෙමෙයි මැජෙස්ටික් සිටි හි කැමරා බඩු විකුණන සේවකයෙක් වැඩි කතාබහක් නැතිව අවශ්‍ය වූ ගැජට් එකක් කඩේ නැතිවුනත් වෙන තැනකින් සොයා ගෙනැවිත් විකුණුවේ ඉතා දක්ෂ විදියට. පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයට මුල්තැන දෙන්න වෙළෙන්ඳා හරියාකාරව දන්නව. ඒ දෙන්නට නිදහසේ හුවමාරුවට අවස්ථාව දෙන්න පසුබට වෙන්නෙ අපි සියල්ලන්ම පාරිභෝගිකයන් බව අපි නොදන්න නිසා නෙමෙයි. අනෙකාට වඩා සල්ලි ටිකක් වැඩියෙන් තියෙන පුද්ගලයා යම් බඩුවක් මිල දී ගන්න සමත් වුනොත් ඌට වඩා සල්ලි ටිකක් අඩුවෙන් තියන කෙනාට ගන්න බඩු නැතිවෙනව කියන මිථ්‍යාව හැම අත පැතිරිලා ඇති නිසයි. ඉතින් හැමෝම ඉහළ යන මිල ගණන් අත්විඳිනව.

ලංකාවේ අයගේ මුහුණුවල දකින්නට ලැබෙන අව්‍යාජ සිනාව තවමත් බහුල වශයෙන් දකින්නට පුළුවන්වීම ආයෙත් සිතට දුක සහ සතුට එක හා සමානව ගෙන දුන්න. රටේ වැඩිවෙලා තියන නීති රෙගුලාසි කන්දරාව ගැන වැඩි දැනීමක් නැතිකම නිසා වැඩි දවසක් නොගිහින් ජනතාවගේ සුවසෙත නාමයෙන් තවත් බර ගොන්නක් ජනතාවට උහුලන්නට සිද්ධ වෙන බව පෙනෙන්නෙ රටේ ඉතාමත් ස්වල්ප දෙනෙකුට පමණයි. ජාතික, දේශප්‍රේමී සහ සමානාත්මතාවය වගේ අදහස්වලට රැවටිලා රටේ මහත් සේ වෙහෙසන බහුතරය බිල්ලට තියල පාලන බලයේ ඉන්න සුළු පිරිසක් ලැජ්ජා බයක් නැතිව තමන්ගෙ මඩිස්සල් පුරවා ගනිද්දී අද ලංකා වැසියන් කොහොම අත පය දිග හැර නිදා ගන්නවා ද?

විදේශිකයන් රඟන නිසාවෙන් යැයි කියා ලොකු කුට්ටියක් කපාගෙන මහජන දර්ශනයට නිකුත් කළ නියමිත අවසර පත්‍රය ලබාගෙනදැයි සොයා බලන්නටත්, ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව කොපමණක් සිටිනවාදැයි සොයන්නටත් (ටිකට්පත්වලින් ප්‍රතිශතයක් ලබාගැනීම පිණිස) රංගන ශාලාවට රාත්‍රියේ නිල වශයෙන් පිවිසීම අද රජයේ සේවකයෙක්ගෙ රස්සාවක්! ලොවෙත් නැති ධනවාදයකට බහුතරය බැන්නට කඩා වැටිච්ච කොමියුනිස්ට් රැසියාවේ වගේ තමයි ලංකාවේ වැඩ සිද්ධ වෙන්නෙ.

අපි නැවතත් ඒවි. නර්තන සංචාරයක් නොව රට බලන්න, හිතවතුන් හා නෑදෑයන් බලන්න ඒවි. එදාටත් අහිංසක මිනිසුන් ජීවිතය ගැටගසා ගන්න වෙහෙසෙන හැටි දකීවි. අධිරාජ්‍යවාදයට, ඇමෙරිකාවට, චීනයට, ඉන්දියාවට, ධනවාදයට, ආගම්වලට සහ බටහිර පන්නයට බනිමින් සිටින මිනිසුන් තම පාලකයන් කරන මෝඩ තකතීරු අමනකම් වලට රැවටී සිටින ආකාරය අපි ආයෙත් එදාටත් දකීවි.

4 Responses

Subscribe to comments with RSS.

  1. krishramanayaka71 said, on ජනවාරි 22, 2016 at 12:47 ප.ව.

    නිදහස !! ගැන ලාංකිකයාට සරල සිංහලෙන් තමන්ගෙ වැයෙන් ශක්තිය කැපකරන අරුණි ඇස් දෙකෙන් දැකගන්න ලැබීම වාසනාවකි. ඇමෙරිකාවේ හිටියට මම වගේම කොට කලු වීම ( විහිලුවක් ) සතුටක් නමුත් අමුතු ලස්සනක් තියෙන තාමත් පුංචි කෙල්ලක් වගේ ඉන්නේ හිතේ හදවතේ තියෙන නැවුම් අවංක අවයාජ නිර්භීත කම නිසාමයි කියල මම හිතනව . ඉටු කරන අමිල යුග මෙහෙවරට අනාගත පරම්පරාවන් පුදන මහත් ස්තූතිය කෙතරම් දැයි මට සිතා ගත නොහැක. ඔබේ ලිපි අදහස් කියවන සංවාද කරන ප්‍රශ්ණ කරන පිරිස දවසින් දවස වැඩිවීම ගැන ඔබ නොදත් තරම්. අන්ධකාරයේ සිටි මම වැනි තව දහස් ගණන් මිනිසුන්ට මව්බසින් ඔබ දෙන ආලෝකයට යලිත් තුති. යලිත් දවසක විවේකීව කතා කරන්නට අපට ලැබේවි.මගේ උණුසුම් සුබපැතුම් ටිකිරි දුවට සේම ජීවන සහකරුට පිළිගන්වන්න ..ඔබට ජය..ජයෙන්ම වේවා අරුණි ෂපිරෝ… !!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: