අරුණි ශපීරෝ‍ වෙතින්

නාට්සි නොහොත් ජාතික සමාජවාදීන්

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 27, 2016

නාට්සි යන වචනය යෙදෙන්නේ ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ෂයටයි [Nationalsozialistische Deutsche Arbeiterpartei]. හිට්ලර්ගේ විරුද්ධ පාක්ෂිකයන් දකින්නේ Nationalsozialistische ලෙසින් එය කෙටි කළ හැකි බවයි. මන්ද නාට්සි යන්න වසර ගණනාවක් පුරා ඊට කිසිම ලෙසකින් සම්බන්ධයක් නැති පරිභව වචනයක්ව තිබෙන ලද්දකි.

විසිවැනි සියවසේ ජර්මන් විහිළුවලට ඉලක්ක කරගන්නා ලද්දේ බැවේරියාවේ පිටිසරවැසි මෝඩයන්වයි. අයර්ලන්තයේ අයිරිශ් විහිළුවලට හැම විටෙකම පැඩී නමින් වූවෙක් ගැන භාවිතා වෙන සේ බැවේරියන් විහිළුවල නාට්සි නමින් වූ පිටිසරවැසියෙක් මූලිකත්වය ගති. නාට්සි හැදෙන්නේ ඉතා බහුල ලෙසින් භාවිතා වූ ඉග්නේෂියස් යන බැවේරියන් නමේ කෙටි ආමන්ත්‍රණයෙනි.

ඉතින් හිට්ලර්ගේ පක්ෂය බැවේරියන් නොදියුණු ගැමියන් වෙතින් පිරුණ ලද්දක් යැයි කියන්නට මෙසේ විහිළුවල දී යොදා ගන්නා ලද නාට්සි වචනය යොදා ගැනීමෙන් හිට්ලර්ගේ විරුද්ධකාරයන්ට අවස්ථාව පෑදිණ.

මැද පෙරදිග ද මේ හා සමාන තත්වයක් වර්තමානයේ පවතී. ඉස්ලාමික් දේශය යැයි කියාගත්තවුන්ට විරුද්ධත්වය දක්වන අය විසින් අයිසිස් හැඳින්විය යුත්තේ දෑශ් යැයි තීරණය කර ඇත. ඒත් අයිසිස් තමන්ව දෑශ් යනුවෙන් හඳුන්වනවාට කැමති නැත. ඒ හැඳින්වීම නින්දා සහගත සහ හෑල්ලු කරන හැඳින්වීමක් හැටියට ඔව්හු දකිති. ‘ඉස්ලාමික් දේශය’ යනුවෙන් හඳුන්වා ගන්නවාට විරුද්ධ වන සංඛ්‍යාව ඔවුන්ගේ ප්‍රතිවාදීන් අතර එන්න එන්නම වැඩිවෙමින් පවතී. ප්‍රතිවාදීන් බියවෙන්නේ ඉස්ලාමික් දේශය නමින් කෙටි නමෙන් හඳුන්වා ගැනීමේ දී නීත්‍යානුකූල ආණ්ඩුවකට අයිතිය කියන්නට ත්‍රස්තවාදී කල්ලියට යම් සත්‍ය පදනමක් ලැබේ කියායි.

ඒකාධිපතියන් සහ ත්‍රස්තවාදීන්ට අප ලවා ඔවුන් ප්‍රියකරන ආකාරයෙන් පද භාවිතා කරන්නට අපිව බිය කරගන්නට ඉඩ දිය යුතු නැත.

ද එටිමොලිජිකන් හි මාර්ක් ෆෝසිත් නම් වචන ගුරා පවසන අන්දමට “ජර්මනියෙන් පළා ගිය සරණාගතයන් නාට්සි ගැන පැමිණිලි කළහ. ජර්මන් නොවන ලෝකය මෙහි දී පක්ෂයේ නිල නාමය නාට්සි යැයි සිතූහ. අද දක්වා අප අතර බොහොමයක් දෙනා නාට්සි ඔවුන්ව නාට්සි ලෙසින් හඳුන්වා ගත්තා යැයි විශ්වාස කරති. එහෙත් ඒ වචනය ඔවුන්ට කිව්වා නම් ඔබට ගුටිකන්නට සිද්ධ වනු ඇත.”

ඉහත කොටස ලිව්වේ Give the Nazis What They Want, Call Them National Socialists යන FEE වෙබ් අඩවියට B. K. Marcus විසින් ලියන ලද සටහන අනුසාරයෙන්.

ජාතිකවාදය පුරාතනයේ සිට පැවත එන්නකි. එය දේශපාලනයේ සේ ම ආර්ථික ඉතිහාසයේ ද සාධකයකි. වර්තමානයේ දී එහි හැඩය වෙනස් වී ඇත. පාලනයට හසු වූ, සැලසුම් ආර්ථිකයට හෙවත් සමාජවාදයට ද එය රිංගා ගෙන ඇත. සියළු රටවල කම්කරුවෙනි, නැගිටියව්! එකතුවෙව්! කීම දැන් සියළු රටවල කම්කරුවෙනි, මගේ රටට එන්න එපා මගේ රස්සාව උදුරාගන්න එපා, යැයි වෙනස් වී ඇත.

ආර්ථික පැත්තෙන් ජාතිකවාදය දුර්මත දෙකක් මත පිහිටයි. ජාතික ආර්ථිකයන් ඇතැයි එක දෝෂ සහගත විශ්වාසයකි. අනෙක් දුර්මතය නම් එක රටකට ආර්ථික දියුණුවක් ලැබෙන්නේ සෙසු ලෝකය පැරදවීමෙන් පමණකි යන්නයි. සම්භව්‍ය අර්ථ ශාස්ත්‍රඥයන් දෙවැන්න දුර්මතයක් යැයි පැහැදිලිව පෙන්වා දෙන්නට සමත් වුවද, ජාතික ආර්ථිකයක් පවතිනවා යන මිථ්‍යාව නැතිකරලන්නට ඔවුන් සමත් නොවූහ. දේශපාලන ආර්ථිකය ලෙසින් කොතරම් හඳුන්වා දුන්නත්, ජාතිකවාදයට එරෙහි වූ අන්තර්ගතයන් පැහැදිලිව ලියා තිබුණත්, ජාතික ආර්ථිකයක් ඇතැයි කියන මිථ්‍යාව කරපින්නා ගත් අය තවම ලොව බහුතරයයි.

ජාතික ආර්ථිකයක් හෝ ජාතික ධනයක් තරම් මායාකාරී වෙනකක් නැත. රටකට දේපල අයිතියක් නැත. රජයක් අයිතිය කියන සම්පත් ඒ රජයේ ක්‍රියාදාමය කරගෙන යෑම සඳහා භාවිතා කරන ඒවා පමණකි. රටක් ධනවත් හෝ දුප්පත් නොවේ. ධනවත් හෝ දුප්පත් වෙන්නේ ඒකීය පුද්ගලයන් පමණි.

අපි යමක් වටහා ගන්නටත් ඒ ගැන අනෙක් අය හා කතාබහේ දී අපේ අදහස, සංකල්පය හෝ දැක්ම වෙනුවෙන් පවතින පදයක් යොදාගැනීම නිතැතින්ම කරන්නකි. ඉඳහිටෙක හෝ ඒ හැඳින්වීමේ මූලාරම්භය කෙසේ වී දැයි අපි කල්පනා කර බලා තිබෙනවා ද?

ආප්ප යන වචනයට ඉංග්‍රීසියෙන් හොපර් යන්න වැටුනේ කෙසේදැයි ලංකාවේ දී සුද්දා මගෙන් විමසීය. ආප්ප හැදුනේ කේරළයෙන් එන ආප්පම් වලින් බව දැන සිටියාට හොපර් යන වචනය ආප්පවලට වැටුනේ කෙසේදැයි යන පද නිරුක්තිය (etymology) දන්නා අයෙක් හොයාගන්නට අපට නොහැකිවිණ.

7 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on ජනවාරි 28, 2016 at 8:33 පෙ.ව.

    “රටක් ධනවත් හෝ දුප්පත් නොවේ. ධනවත් හෝ දුප්පත් වෙන්නේ ඒකීය පුද්ගලයන් පමණි.“ මේ පුංචි වැකිය ඉතාම සිත්ගන්නාලෙස ඔබ ලියන මුළු ලිපියම සාරාංශ කරන බවක් මට හැඟි යනවා

    • arunishapiro said, on ජනවාරි 28, 2016 at 11:39 පෙ.ව.

      mppgunasinghe,

      ස්තූතියි mppgunasinghe. එය මගේ නෙමෙයි. මුලින්ම සම්භව්‍ය අර්ථ ශාස්ත්‍රඥයන් ද, වර්තමානයේ දී ඔස්ට්‍රියන් පාසැලේ අර්ථ ශාස්ත්‍රඥයන් විසින් නිතර පැහැදිලි කරන අදහසක්.

      • mppgunasinghe said, on ජනවාරි 28, 2016 at 9:46 ප.ව.

        මේ දැනුම් කොටස් සිංහල මාධ්‍යෙයන් පැමිණෙන විට මොනතරම් පමා වෙනවාද එහි වැඩිම හානිය සිංහල මාධ්‍යෙයන් ඉගෙන ගන්නා දූ දරුවන්ට වීමයි. කෙතරම් වෑයම් කළත් තවමත් ගම්බද පාසල්වල ඉංග්‍රීසි ඉගැන්වීම සාර්ථක වී ඇති බව පෙනී යන්නෙ නැහැ.

  2. කැලුම් said, on ජනවාරි 29, 2016 at 10:20 පෙ.ව.

    //සියළු රටවල කම්කරුවෙනි, මගේ රටට එන්න එපා මගේ රස්සාව උදුරාගන්න එපා//

    මේ කියන්නේ CEPA/ECTA වගේ ගිවිසුම් වලට ලැබෙන ප්‍රතිචාර ගැනද? ඒ නැතත් පොදුවේ පිටින් ශ්‍රමිකයන් ලංකාව (හෝ වෙනත් රටකට) ඒම ගැන අරුණිට තියෙන අදහස දැන ගන්න කැමතියි. CEPA/ECTA එකට මෙහෙ අය නම් කෑගහන්නේ දැනටමත් ඕනවට වඩා ශ්‍රමිකයන් (හෝ වෙන්න ඉන්න අය) වැඩි රැකියා වෙලඳ පොළකට පිටිනුත් එන්න ඉඩ හසර ලබා දීමයි. තවත් ඉන්දියාවෙන් ශ්‍රමිකයන් පැමිණිම තමන්ගේ වෘතියමය අගය පහල වටේ කියා සිතීම යි. අඩු හෝ වැඩියෙන් මමත් ඉන්නේ ඒ ස්ථාවරයේ තමයි. අරුණි මොකද කියන්නේ?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: