අරුණි ශපීරෝ‍ වෙතින්

ලිබටේරියන් සමාජයේ ඡායාරූප ශිල්පියා ජඩ් වයිස්

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 8, 2016

Judd Weiss photographලිබටේරියන් දැක්මෙන් යුතු අයගේ කළු සුදු ඡායාරූප ගනිමින් ඔවුන් අතර සුප්‍රසිද්ධ වෙන ඡායාරූප ශිල්පියා ජඩ් වයිස් නමින් වෙයි. මේ සටහනට එකතු කරන අපගේ ඡායාරූපය ගන්නා ලද්දේ ඔහු විසිනි. නිදහස් ව්‍යාපාරයේ ජනප්‍රියම ඡායාරූප ශිල්පියා ලෙසින් හැඳින්වෙන ඔහුගේ ඡායාරූපයකට හසුවීම අතිශයින්ම විනෝදජනක භාග්‍යයකි.

ලිබටේරියන් සමාජයේ හමුවීම්වලට ජඩ් වයිස් සිය කැමරාවත් රැගෙන පැමිණ ඡායාරූප ගන්නට පටන් ගත්තේ තමන්ගේ මුදලින් විය හියදම් දරාගෙනයි. පාසැල් වියේ දී අයින් රෑන්ඩ් ලියූ ‘ඇන්තම්’ පොත කියවා ඔහු ලිබටේරියන් අදහස් ගැන උනන්දුවක් ඇති කරගන්නා ලද්දෙකි. එතැනින් නොනැවතී දැනුම පසුපස හඹා යන ඔහු ලුඩ්විග් වොන් මීසස්, මරේ රොත්බාඩ් යනාදීන්ගේ පොත් පත් සහ ලියකියැවිලි තුලින් දැනුම වඩවා ගන්නට සමත් විය.

ඇමෙරිකාව පුරා පැවැත්වෙන ලිබටේරියන් සම්මන්ත්‍රණ හා උත්සව සෑම එකක දී ම පාහේ පින්තූර ගන්නට ඔහු මේ වෙද්දී සමත් වී ඇත. ඔහුගේ අරමුණ මේ හමුවීම්වලට විවිධාකාර අදහස් කරපින්නා ගෙන එන විවිධාකාර පුද්ගලයන්ව ලිබටේරියන් නොවන සමාජයට දැකුම්කළු ආකාරයකින් හඳුන්වා දීමයි. ඔහු විසින් ගන්නා ලද කළු සුදු ඡායාරූපයක් සමාජ වෙබ් අඩවියකින් බෙදා ගැනීමේ දී එය දැකීමෙන් ලිබටේරියන් අදහස් නොමැති අය පවා ඒ ගැන උනන්දුවක් දක්වනු ඇතැයි ද මේ විවිධ විෂම වූ අපූරු පුද්ගලයන් ඉතා සතුටින් එකතු වී ඇත්තේ කුමක් සඳහා දැයි ප්‍රශ්න කරනු ඇතැයි යන්න ඔහුගේ අභිප්‍රායයි.

ඡායාරූප ශිල්පය ජඩ් වයිස්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය නොවේ. මුලින් තමන්ගේ මුදලින් විය හියදම් ගෙව්ව ද, වර්තමානයේ දී ඔහුගේ ගමන් හා ඉඳුම් හිටුම් සඳහා ඒ ඒ අවස්ථාවන් සංවිධානය කරන ආයතන විසින් ගෙවති. එහෙත් ඔහුගේ ඡායාරූප සඳහා වැයවන කාලයට ගෙවීමක් ඔහුට ලැබෙන්නේ නැත. ඒ නිසා වරක් ලිබටේරියන් අය අතරින්ම ඒ සඳහා උත්සාහයක් පටන් ගැනිණ. ඔහුගේ ඡායාරූපයන්ට පෙනී සිටි පුද්ගලයන් වෙතින් මුදල් ආධාර එකතු කරමින්, අප්‍රේල් 23 වැනිදා ජඩ් වයිස්ට ප්‍රශංසා කරන දිනය යැයි නිවේදනයක් නිකුත් විය. එක් ලිබටේරියන් චින්තකයෙක් ඔහුට යවන සෑම ආධාර මුදලකට හා සම මුදලක් තම ද යවන්නට ඉදිරිපත් විය. ඔහුගේ ඡායාරූප අගය කරන්නන්ට ඇමෙරිකන් ඩොලර්වලින් පමණක් නොව බිට්කොයින්වලින් ද ඒ ආධාර යවන්නට හැකියාව ලැබිණි.

ලිබටේරියන් අදහස් ඇති අය එකතුවෙන සම්මන්ත්‍රණ, වැඩමුළු හා හමුවීම් දැන් ලොව පුරා පැතිර යන්නට පටන්ගෙන ඇත. ඇමෙරිකන් ලිබටේරියන් ව්‍යාපාරය ඡායාරූපවලින් වාර්තා කරන ජඩ් වයිස් මෙන් ලිබටේරියන් අයව දක්ෂ ලෙසින් කැමරාවට හසුකරගන්නට සමත් ඡායාරූප ශිල්පීන් වෙනත් රටවලිනුත් බිහිවේවි ද?

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on පෙබරවාරි 8, 2016 at 11:20 ප.ව.

    සිත දිනාගන්නා සේයා සටහනක් ! දෙදෙනාට සුබපැතුම් පිරිනමමි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: