අරුණි ශපීරෝ‍ වෙතින්

සමාජයීය ‘පොදු අරමුණු” මිථ්‍යාව -ක්‍රිෂ්ණ රාමනායක විසින්

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 13, 2016

IMG_1461

මාක්ස්වාදි අබිං ගුලිය ගිල්ල බොහොමයක් චින්තමය වහලුන් අදහන තවත් බරපතල මිත්යාවක් නම් සමාජයීය පොදු අරමුණු කතාව. ඔවුන්ගේ මෙම අදහස දෙස බැලීමේ දී එම අදහස වඩාත් සමීප වනුයේ අතිශය සංකීර්ණ වෙළඳපොලකින් යුතු වූ වර්තමාන සමාජයට නොව මිනිසා මුල් අවධියේ ජීවත් වූ ගෝත්රික සමාජයට බවයි.

පොදු (එකම) අරමුණකින් කටයුතු කල මිනිසා අතීතයක දී සිටියේය. ඒ ගෝත්රික සමාජයේය. එම සමාජයේ තිබි සීමිත අවශ්යතා පිරිමසා ගන්නට ඔවුන්ගේ මුළු සමාජයම එකසේ ක්රියාකරන්නට ඇත. හැම ගෝත්රිකයාටම පාහේ තිබුනේ ආහාර පිළිබඳ අවශ්‍යතාවය නම් සියලු දෙනාගේ ඒකායන මහන්සිය, කැපවීම, බලාපොරෙත්තුව තිබුනේ ආහාර සොයාගැනීම වෙතටය. දඩයම වෙතටය. අල මුල් හාරා ගැනීම වෙතටය. ගෝත්රික නායකයාටත් එම ගෝත්‍රයේ සිටි සාමාජිකයන්ටත් තිබුනේ එකම උවමනාවන් වූහ. ඒ නිසා ඔවුන්ට එකිනෙකාගේ ඕනැ එපා කම් පිළිබඳ නිවැරදි ව සහ සරල ව ද දැන ගත හැකි විය. මන්ද සැම දෙනාටම අවශ්යව තිබුනේ සරල සහ මූලික අවශ්යතාවයන් පමණක් වූ නිසාය.

මෙම සරල අවශ්යතාවයන් අභිබවා සමාජය විකාශනය වෙත්ම වඩ වඩාත් සංකීර්ණ තත්ත්වයක් හටගත්තේය. මිනිසාගේ අත්යවශ්යම දෙයක් වූ ආහාර පමණක් වුවද ගල් යුගයේ හෝ ගෝත්රික යුගයේ තිබි ආහාර මෙන් නොව අද ඇත්තේ සිතා ගත නොහැකි තරම් අතිශය සංකීර්ණ තත්ත්වයකය. එම නිසා එදා ගෝත්රික යුගයේ නායකයාට සහ එහි සාමාජිකයනට තම ගෝත්‍රයේ සිටින එකිනෙකාගේ උවමනාවන් හා අවශ්යතා දැන ගැනීමට සරලව තිබූ හැකියාව අද නැත.

අඩුම තරමේ එකම පවුලේ ජීවත්වන නිවැසියන්ට වුව ඇති අවශ්යතා සහ රුචියන්, ආශාවන්, බලාපොරොත්තු අතිශය වෙනස්ය. සංකීර්ණයය. ඒ අනුව පැහැදිලි වනුයේ තව කෙනෙකුගේ එවන් කැමැත්තක් පිටින් ඉන්නා අයෙකුට කිසිසේත්ම දත නොහැකි බවයි.

මිනිසා තාක්ෂණික අතින් මෙතරම් දියුණු යුගයක සිටින නමුත් වෙනත් කෙනෙකුගේ හිත දැනගැනීමට (ටෙලිපති වැනි) ක්‍රමයකින් සමත්, අනුන් සිත් කියවන යන්ත්රයක් තවම හදා නැත. එහෙයින් එවැනි යන්ත්රයක් ලොව බිහිවන තෙක් අපට අනුන්ගේ අවශ්යතා රුචි අරුචි ආශා හැකියා යනාදී ඒ කිසිවක් ගැන විනිශ්චය කල නොහැකි බව තේරුම් ගත යුතුය.

මිනිසා සමාජයීය සත්ත්වයෙක්ය යන්න ඇත්තකි. එහෙත් ඒ මීමැස්සන් මෙන් හෝ ගව පට්ටියක්, බැටළු පට්ටියක් වැනි මෙන් නොව පුද්ගලිකත්වයන් සහිතව සිටින මිනිසුන් සහිත වූවක් බව අප වටහා ගත යුතුය. වර්තමාන සමාජය හැදී ඇත්තේ ගිනිය නොහැකි තරම් වූ ශ්රම විභජනයක් සහිතවය. මාක්ස්වාදින් සමාජය යනු තනි ඒකකයක් ලෙසට ඊනියා සමාජයීය ශ්රමය නමින් වූ විකාරක් වෙතට ඌණනය කරන විට ඔවුන්ව ඉතා ලාබ ගනයේ විකටයන් සේ අපට පෙනෙනුයේ මේ නිසාය.

සමාජය තුල ජීවත්වන ඒ ඒ මිනිසා සමාජයට සම්බන්ධව සිටිනුයේ ඊනියා පොදු අරමුණකින් නොවේ. තම පුද්ගලික අවශ්යතාවයට අදාල ගණුදෙනුවේ එක් පාර්ශවයක් ලෙසය. තම අවශ්යතාව ඉටු කරගැනීමට යාම තුල යම් අයෙක් ඔහු අන් පාර්ශවයේ අවශ්යතාවය ද තෘප්තිමත් කරයි. දෙදෙනාගේ මෙම අනෝන්‍ය ගණුදෙනුව සාර්ථකවීමට නම් දෙදෙනාගේම අවශ්යතාව ඔවුන් බලාපොරොත්තු වෙන තත්ත්වයන්ට සැලකිය යුතු ලෙසින් ආසන්න විය යුතුය. සාර්ථකව ඉටුවිය යුතුය. කොටින්ම තම සතුට, රුචිය, අවශ්යතාව සම්පූර්ණ විය යුතුය. එසේ වීමට නම් දෙදෙනා අතර පරතරය හැකි තරම් අවමවීම අනිවාර්ය සාධකයකි. එනම් ගණුදෙනුකරුවන් ඒ ඒ ගණුදෙනුවලට අදාල පාර්ශවයන් ගැන වඩාත් සමීප විය යුතුයි. රජයක්, සංස්ථාවක්, මධ්යගත සැලසුම් මණ්ඩලයක්, යනාදිය ඊට අපොහොසත් වනුයේ ඔවුන් තුල ඇති දුරස්ථ භාවය නිසාමයි. ඔවුන් යහපත සලසන්නට ඉලක්ක කරගත් පුද්ගලයන්ගේ හිත දැන ගැනීමට ඇති නොහැකියාව නිසාමයි.

පාන් විකුණන්නා පාන් විකුණනුයේ කාගේවත් බඩගින්නක් නිවීමට නොව තමාගේ පවුල නඩත්තු කිරීම සඳහාය. එය පාන් විකුණන්නාගේ පුද්ගලික අභිලාෂයයි. අනෙක් අතට පාන් මිලදී ගන්නා එය මිලදී ගනුයේ පාන් විකුණන්නාගේ පවුල නඩත්තු කිරීමට නොව තමාගේ බඩගින්න නිවා ගැනීම සඳහාය. මෙය පාන් මිලදී ගන්නාගේ පුද්ගලික අභිලාෂයයි. දෙදෙනාගේ හුවමාරුව තුලින් දෙදෙනාම තෘප්තිමත් වෙති. එය එසේ නොවන්නේ නම් ඔවුන් අතර ගණුදෙනුවක් සිදු නොවේ. මේ පාන් පිළිබඳව ගත් උදාහරණය ඔබ කැමති තරම් භාණ්ඩ හා සේවා වලට යොදා බලන්න. සමාජයීය මිනිසා පුද්ගලිකත්වය පදනම් කරගෙන සමාජයට බැඳී ඇති අයුරු එවිට ඔබට අපූරුවට පෙනේවි. සමාජයක් ක්රියා කරන්නේ මාක්ස්වාදින්ගේ හිත් තුල තියෙන විදිහට හෝ මාක්ස්ගේ හිස් දර්ශනය තුල වූ විදිහට නොවන බැව් එවිට ඔබට පසක් වේවි.

අනන්ත වූ ශ්රම විභජනයන් තුල සංකීර්ණව පවතින මිනිස් සමාජයෙහි සෑම ගණුදෙනුවකම පාහේ ඇත්තේ පුද්ගලිකත්වයේ සංකලනයන්ය. පොදු බව නම් රූපය වනාහි එම පුද්ගලිකත්වයන්ගෙ ඓක්යයයි. සංකලනයයි.

සමාජය තුල ජීවත්වන ඒකීය පුද්ගලයින්ගේ කැමැත්ත මත එකඟතාවයෙන් යුතුව කරන කිසිම පොදු වැඩක් නැති බව ඉහත කතා කල කිසිම කරුණකින් ප්රතික්ෂේප නොවේ. ක්රිඩා තරඟයකදි තම පිලේ ජය වෙනුවෙන් ක්රිඩා කරන එකම පිලේ ක්රිඩකයන් සේ ම එම පිලේ ජයග්‍රහණය පතන ක්රිඩා ලෝලීන් ද සිටිනුයේ පොදු හැඟීමකිනි. එහිදී පවතිනුයේ පුද්ගලික අපේක්ෂාවන්වල සංකලනයකි. එසේම අනෝන්‍ය කැමැත්ත මත දරුවන්ට උදව් කරන සමිති සමාගම් පොදු අපේක්ෂාවෙන් පිහිටුවා ගැනීම ද මෙවැනිම කරුණකි. ඒ හැම තැනකම පොදු බව යන්න අතිරේක කරුණක් මිස සමස්තය නොවන බව වටහා ගත යුතුව ඇත. වෙන රටක් විසින් තම රට ආක්රමණය කරන විට රට ගැන ඒ ඒ පුද්ගලයා තුල ඇතිවන ‘පොදු හැඟීම’ අතිරේක හා සුවිශේෂි කරුණක් වන අතර එය වනාහී සමාන්ය ජන ජීවිතයේ පවතින සාමාන්ය ස්වභාවය නොවේ. බහුතරයක් වූ රටවැසියන්ට රට ගැන පොදු හැඟීම යුධ කාලය තුල තිබිය හැකි වුවත් සාමකාමී කාලයකදී ඔවුන් තම පුද්ගලික ස්වාර්ථයට ප්‍රවේශවීම සරල සත්යයකි.

අප කතා කරනුයේ ආර්ථිකයක සාමාන්ය ලෙස පවතින ජන ජීවිතයේ ස්වභාවයයි. ව්යතිරේඛයන් ගැන නොවේ. සාමාන්‍ය තත්ත්වයක් තුල පොදු අරමුණකින් මිනිසා ක්රියා නොකරන බවත් ශ්රම විභජනයෙන් සෑදී ඇති සමාජයක දී මිනිසුන් පුද්ගලිකත්වය තුලින්ම පමණක් එම ක්රියාවලියට සම්බන්ධ වේ.

—-
ක්‍රිෂ්ණගෙ අනගි සටහනට එකතු කරන පින්තූරය ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ කඩ දාමයක විකුණන වියළි වරකා චිප්ස් පැකට් එකක්. ඇමෙරිකාවේ කාටද අවශ්‍ය වියළි වරකා චිප්ස් කන්න? ඒක තීරණය කරන්නෙ කවුද? තමන්ගෙ සල්ලි වලින් වරකා චිප්ස් මිල දී ගන්න කෙනා ද? නැත්නම් හැමෝම කන්න ඕන මොන වගේ දේවල්දැයි තීරණය කරන්න යන මධ්‍යම සැලසුම්කරුවන් ද? සමාජීය පොදු අරමුණු වෙනුවෙන් කැපවී සිටි සැලසුම්කරුවන් වසර ගණනාවක් පාලනය කළ වෙනෙසියුලාවේ අද කඩ රාක්ක හිස්. අද මූලික අවශ්‍යතාවන් පියවා ගන්නවත් ඔවුනට හැකියාවක් නැහැ. ඒත් අවසානවක මහත, ක්‍රිෂ්ණගෙ සරල සටහන වටහාගන්නට බැරි අයයි තවමත් ලෝකයේ වැඩියෙන් ඉන්නෙ.

14 Responses

Subscribe to comments with RSS.

  1. Lankika Sithuwili said, on පෙබරවාරි 13, 2016 at 9:40 ප.ව.

    අරුණි,

    //මාක්ස්වාදින් සමාජය යනු තනි ඒකකයක් ලෙසට ඊනියා සමාජයීය ශ්රමය නමින් වූ විකාරක් වෙතට ඌණනය කරන විට ඔවුන්ව ඉතා ලාබ ගනයේ විකටයන් සේ අපට පෙනෙනුයේ මේ නිසාය.//
    මාක්ස් වාදය ගැන මගේ එතරම ප්‍රසාදයක් නොතිබුනත්, මාක්ස් වැඩි චින්තනය ඉතා සර්ථකව යොදාගන්නා අවස්ථාවක් මට මුණගැසුන මේ ගැන ලියපු ලිපියයි මේ
    http://lankasithuwili.blogspot.com/2016/01/mondragon.html
    ඉහත Link එක පල කිරීම හෝ නොකිරීම ඔබේ කැමැත්ත, ඇමරිකාවේ මහාචර්ය රිචර්ඩ් වුල්ෆ් විසින් මෙය කදිමට විස්තර කරනවා, මා සිංහලට නගා ඇත්තේ ඔහු ඉදිරිපත් කරන කැරුණේ සාරන්ශයයි.
    මා මෙහි දැක්කේ මාක්ස් වැඩි චින්තනය ඉතා සින්කිර්ණ ලෙස නවීන ලෝකයේ යොදාගත් අවස්ථාවක් ලෙසයි.

    • arunishapiro said, on පෙබරවාරි 14, 2016 at 1:04 ප.ව.

      Lankika Sithuwili,

      මහාචාර්ය රිචඩ් ෆුල්ෆ්ගේ සුප්‍රසිද්ධ ගෝලයා ජෝර්ජ් පපාන්දෲ සමාජවාදී අර්ථ ශාස්ත්‍රඥයෙක් හැටියට තමාව හඳුන්වා ගනිමින් 2009 දී ග්‍රීසියේ අගමැති වුණා. එහෙම වෙන්නෙ ජනතාවට බෙදන සහනාධාර පිළිවෙත් කපා හැරීම ග්‍රීසියේ ආර්ථික අර්බූදයට පිළියමක් නොවේ කියමින්. ඒත් අගමැති වුනාට පස්සේ ග්‍රීසියේ එතෙක් දැඩිම වූ සහනාධාර පිළිවෙත් කප්පාදුව සිද්ධ වෙන්නෙ ඔහු යටතේ.

      අනුන්ගේ වෙහෙසට අයිතිය කියන්න ඉදිරිපත් වෙන අය ඕන තරම් ලෝකෙ ඉන්නව. ඒත් තමන්ගෙ වෙහෙසෙන් අනුන් ඉල්ලන විදියට ඒ අයව රකින්න කැමති අයෙක් ලොව නැහැ. ඒ වෙනස් කළ නොහැකි මිනිස් ස්වභාවය සත්‍යයක් කියල පිළිගන්නට මාක්ස්වාදීන් අකමැතියි. ඒ නිසා අර නායකයාට බැරි වුනාට, ඒ රටට බැරිවුනාට අපේ නායකයාට, අපේ රටට පුළුවන් කියල හිතනව.

      කාල් මාක්ස්ගේ චින්තනය නවීන ලෝකයේ නෙමෙයි මිනිසුන් වාසය කරන කිසිම ලෝකයක ක්‍රියාත්මක කළ නොහැකි වූවක්. සමාජවාදී දේශපාලන බලයක් ලැබිච්ච ඔස්ට්‍රියාවේ 1897 දී එක හේමන්තයකින් සමාජවාදී ක්‍රමය කඩා වැටුණ. ඒ සම්පූර්ණ සමාජයක් සමාජවාදී වෙන්න දැඩි කැමැත්තෙන් සිටිය දී. වියානාවෙන් පටන් ගෙන 1919 රුසියාවේ සිට අද දක්වා ලොව සෑම සමාජවාදී ආර්ථිකයක්ම බංකොළොත්වීම ගැන තුට්ටුවකට හෝ සලකන්නෙ නැතිකම කාගේ අවාසනාව ද?

      • Lankika Sithuwili said, on පෙබරවාරි 14, 2016 at 2:30 ප.ව.

        අරුණි,
        මට වැදගත් වුයේ මහාචාර්ය රිචඩ් ෆුල්ෆ් ඉදිරිපත් කල මේ Mondragon සමුපකාරය ගැන ඔබේ අර්ථකථනය දැන ගන්න, මෙම වියාපර ජාලය ස්පානයේ 7 වැනි විශාලම ආයතනය වන ආතර ඉතා අපහසු කාලවලදී එකදු රැකියාවක් නැතිකිරීමට ඔවුන්ට උවමනා නොවුනේ අදාළ සේවකයන් ඉල්ලුම ඇති නිෂ්පාදන සදහා යොමු කිරීමෙන්.
        අනෙක් කාරණය මෙය වසර 60කට වඩා පැරණියි. නමුත් වාමාංශික විතරක් නෙමෙයි දක්ෂිනාංශික ලෝකයේත් මේ ගැන විස්තර වනවා අඩුයි.
        මෙය අද ලෝකයේ තිබෙන ඇති නවීන තක්ෂණය යොදාගන්න වියාපාර ජාලයක් හිමි වෙනවා.
        මේ ඒගැන කල විස්තරයක් https://www.youtube.com/watch?v=8bcNfbGxAdY
        මෙය පොදුජනයාට සහන දෙන අප බොහෝදෙනා දනනා මාක්ස් වාදී ක්‍රමයට වඩා ඉතා දියුණු ආර්ථික වැඩපිළිවලක් තියනවා . ඔවුන් නිපදවන්නේ ඉල්ලුමක් ඇත්නම් පමණයි ඉල්ලුම නැතිවුනොත් ඔවුන් තම සේවකයන් ඉන්ලුම ඇති අංශ වලට යොදවනවා.
        ඔබට විවේක විට මෙය තව විස්තර කල හැකිනම් හොදයි

        • arunishapiro said, on පෙබරවාරි 15, 2016 at 9:32 පෙ.ව.

          Lankika Sithuwili,

          මා සොයා බැලූ විස්තර වලින් දැනගත්තේ ඔබ මේ කියන සමූපාකාරය පදනම් වී ඇත්තේ වෙළඳපොල ‘මිල ගණනය’ අනුවයි. එය ලාභයක් ඉපැයීමට කරන ව්‍යාපාරයක්. එහි පාලනය එහි ශ්‍රමිකයන්ට සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී වූ බවකින් පැවරිලා නැහැ. එහි කළමනාකරණයට ශ්‍රමිකයන්ට නැති බලතල තියෙනව. ශ්‍රමිකයන් බඳවා ගැනීමේ දී ඔවුන් එන හැම කෙනෙක්ම ගන්නේ නැහැ ඔවුන් කැමති තෝරාගැනීමක් කරනව. අනෙකුත් සියළු ශ්‍රමිකයන්ට වැඩි බලපෑමක් හා බලතල ඇති සභාපතිවරයෙක් ඉන්නව. ඉතින් එතැන මාක්ස්වාදයක් කෝ?

          කියවන්න කාලයකට පෙර මා ලියූ ‘මම, තක්කාලි‘. මෙවැනි ව්‍යාපාර ඕනෑ තරම් අද දකින්නට ලැබෙනවා.

  2. LKM said, on පෙබරවාරි 14, 2016 at 12:07 පෙ.ව.

    මේවට උත්තර ලියන ඵකත් අපරාදේ………
    වෙනසියුලාවේ කඩ සාප්පු හිස් නම් ඵ් ඈමරිකාව නිසායි.ඈමරිකන් කාරයෝ වෙනිසියුලාවේ තෙල් කොල්ලකන්න මොන දාන්ගෑටෙද නොදෑම්මේ?

    අනික ඔය කියන තනි පුද්ගල ආර්තික දියුනුව මාරයි නම් ඈමරිකාව මොකද තමුන්ගෙ ආර්තික ක්‍රමය අනුගමනය නොකරන රටවලට සම්බාන්දක දාන්නේ?

    ඈමරිකන් පෙරේතයො ඔච්චර ලිබරල් නම් ඵ් රටවලට නිදහසේ තමුන්ගේ ආර්තික් ක්‍රමය කරගෙන යන්න අයිතිය දෙන්න ඔන් නේද?
    ඈමරිකාව කරන්නේ සම්බාදක දාලා වට්ටලා,මිනී මරල කුමන්ත්‍රන කරලා රටවල් හිරකරලා, දෑන් අපේ ක්‍රමය හරියි කියන ඵක තමා……………හරියට ඩික්ටෙටර් කොමඩි ෆිල්ම් ඵ්කේ අලාවුදීන් වගේ………….

    • arunishapiro said, on පෙබරවාරි 14, 2016 at 1:05 ප.ව.

      LKM,

      වෙනෙසියුලාවේ තෙල් කොල්ලකෑවේ උගෝ චෑවේස්. 1998 බලයට ආපු එයාගේ ආණ්ඩුවේ සමාජවාදී ප්‍රතිපත්ති නිසා තෙල් නිෂ්පාදනය 33% ක් බැස්ස. ඩොලර් බිලියන 32 කින් තෙල් නිෂ්පාදන පාඩු වින්ඳ. තෙල් කොම්පැණි දේශපාලන අරමුණු වලින් පිරෙව්වෙ චෑවේස්. තෙල් කැනීම් අඩු කරල මිනිස්සුන්ට ගොවිතැන් කරන්න යැයි නියම කළේ චෑවේස්. මිල පාලනයක් ගෙනාවේ චෑවේස්. සමාගම් ජනතා සතු කරලා කොයි රටට තෙල් විකුණන්න පුළුවන් ද බැරි ද කියන එක, කියුබාවට දිනකට බැරල් 90,000 ක් පමණ තෙල් තෑගි කරන එක තීරණය කළේ චෑවේස්. චෑවේස්ට හොරෙන් තෙල් වෙළඳාම් කළොත් වෙනෙසියුලාවේ වැසියන්ගේ දේපල රාජ සන්තක කළා. උගෝ චෑවේස්ගේ දියණියක් වූ මරියා ගාබ්රියෙලා චෑවේස් තමයි අද වෙනෙසියුලාවේ ධනවත්ම කාන්තාව. ඩොලර් බිලියන 4.2 ක්. නියමයි නේද සමාජවාදය?

      මිල පාලනය සමාජවාදීන්ගේ ප්‍රියතම ක්‍රමය. මුදලාලිලා මුදල් හම්බකරන්නෙ පාරිභෝගිකයාගේ උවමනාවන් සපුරාලන්න දක්ෂ නිසා බව දකින්න බැරිකම නිසා සමාජවාදීන් හිතන්නෙ මිල පාලනයක් ගෙනාවාම ඕන කෙනෙක්ට බඩු ගන්න හැකියාව ලැබෙනව කියල. සල්ලි වැඩියෙන් තියෙන අයට වැඩි මිලට බඩු ගන්න ලැබෙන නිසා සල්ලි අඩුවෙන් තියන අයටත් තමන් කැමති මිලට බඩු ගන්න හැකියාව ලැබෙන හැටි ගැන නැත්නම් ආර්ථිකයක් ඕපපාතිකව වැඩ කරන ආකාරය ගැන කිසිත් දැනුමක් නැහැ. සමාජවාදීයා කුලප්පු වෙන්නෙ ඊර්ෂ්‍යාවෙන්. සමාජයක් වැඩ කරන ආකාරය හෝ සියළු මිනිසුන් හිතන පතන ආකාරය ගැන අවධානයක් යොමු කරල නෙමෙයි.

      කිරි වැනි මූලික ආහාර පවා උගෝ චෑවෙස්ගේ මිල පාලනයෙන් බැට කද්දී, කළුකඩකාරය බිහිකළේ තම ප්‍රතිපත්ති වලින් කියල සමාජවාදීන් පිළිගන්නෙ නැහැ. 2003 ට කළින් වෙනෙසියුලාවේ සිල්ලර බඩුවලට කළුකඩයක් තිබුනෙ නැහැ. මිලිටරිය යොදවා තමන්ම බිහිකරන ලද කළුකඩකාරයන්ගේ දේපල රජයට උදුරාගැනීම සමාජවාදියාට කමක් නැහැ. ප්‍රතිඵලය කිරි ඇතුළු බොහෝ ආහාර නිෂ්පාදනයෙන් ව්‍යවසායකයා අයින් වීම. ප්‍රතිඵලය අද වෙනෙසියුලාවේ පාලන මිලට සලාකයට දෙන කිරි ගන්න පෝලිමට උදේ පාන්දර 4 ට නැගිටලා යන මිනිස්සු සිටීම. ප්‍රතිඵලය අද කන්න බොන්න නැතිව වෙනෙසියුලාවේ වැසියන් බිරාන්ත වී සිටීම.

      වෙළඳපොල ‘මිල’ දක්වන්නේ මිනිසුන් මිල දී ගැනීමේ හා නොගැනීමේ කැමැත්ත. මිනිසුන් තමන්ගෙ ශ්‍රමය වෙහෙසීමේ හා නොවෙහෙසීමේ කැමැත්ත. ඒක සලකා බැලීම පැත්තකට දාලා බටහිර කුමන්ත්‍රණ අධිරාජ්‍යවාදයට සහ ඇමෙරිකාවට බනිමින් තමන්ගෙ රටේ ආර්ථිකය බංකොළොත්වෙන හැටි නොදකින්න ඇස් පියාගෙන ඉන්න.

      • LKM said, on පෙබරවාරි 14, 2016 at 2:22 ප.ව.

        වෙනිසියුලාවේ තෙල් සම්පත කොල්ලකෑවෙ චාවේස්ලු.අනේ ඈන්ටි පිස්සුද හෑබෑට?
        චාවේස්ට ඈමරිකාවත් ඵක්ක ඵකතුවේලා තෙල් සම්පත මoකොල්ලකෑවනම් චාවේස් අදත් බොහොම සෑපට ජීවතුන් අතර.ඵක අතින් මෑරුම්කන්න වෙන්නේ නෑ.
        මුලු ලෝකෙම සම්පත් මoකොල්ලකන්නේ ඈමරිකාව මිසක් වෙනිසිල්යුලාව නෙවෙයි.
        සදාම් හුසේන්ගෙන් වෑඩ අරගෙන පස්සේ ඵ්ක මදි උනහාම ඉරාකය ආක්‍රමනය කරලා තෙල් සම්පත කොල්ලකාලා සිද්ද කරපු ඈමරිකාව සිද්දකරපු විනාශය අමතකද?ඵ්ව කලේත් චාවේස් ද?
        කියුබාවට නිකන් තෙල් දුන්නේ නෑ.ඵ් වෙනුවට කියුමානු ද්ස්තරලා,තාක්ශන ශිල්පියෝ දහස් ගනනක් සේවය ලබාදුන්නා වෙනිසියුලාවට.අනික කියුබාවට තෙල් දෙනවද නෑත්ද කියලා තීරනයකරන්නේ වෙනිසියුලාව මිසක් ඈමරිකාව නෙවෙයි න්.
        දොස්තරලා තාක්ශනය වෙනුවට තෙල් හුවමාරුකරගත්තට මොකද?
        ඈමරිකාව සත පහක්වත් නොදී මුලු ලෝකෙම සම්පත් මoකොල්ල කනවනේද?

        වෙනිසියුලාවේ ආහර අර්බුදය ඈමරිකාව කෘතිමව මවපු ඵකක්.
        ලතින් ඈමරිකානු රටවල ගොඩක් ක්ශේත්‍ර පාලනය කරන්නේ ඈමරිකානු සමාගම්.ලoකාවට තාම ඵහෙම වෙලා නෑ ලoකාව දුරින් තියන රක් නිසා.නමුත් ඈමරිකාව ලතින් කලාපය ග්‍රහනයට අරගෙන ඉවරයි.ඵ්ම සමාගම් ජනතාවාදී ආණ්ඩුවක් පත් වුනහාම නිශ්පාදන හoගලා මිල වෑඩිකරලා ජනතාව පීඩාවට පත්කරලා මෑතිවරනයකදී ඵ් වාසිය විපක්ශයට දෙනවා………..
        ඊට අමතරව ඈමරිකන් රජය සම්බාදක දානවා…………..
        ආහාර අර්බුදය ඈතිවෙන්නේ ඵ් නිසයි.
        ඵහෙම තත්වයක් උඩ කලුකඩ කියන ඵ්වා ඈතිවෙනවා.ඔවා ඔක්කොම ඈමරිකන් ප්ලෑන්.
        ඈමරිකාව ඔච්චර ප්‍රජාතන්ත්‍රවාදී නම් මොකටද සම්බාදක දාන්නෙ?
        ඈමරිකාව නින්දිත විදියට රටවල් වලට සම්බාදක දාලා බහුජාතික සමාගම් ඵක්ක ඵකතුවෙලා ඵ් රටවල් වල ආර්තිකම වට්ටලා ඊටපස්සේ කලුකඩ තියෙනවෝ කියල කෑගහනවා.ඔය කලු කඩ ඈතිවෙන්න හේතුව ඈමරිකාවේ නින්දිත වෑඩපිලිවෙල කියලා අපි දන්නන්වා.

        වෙනිසියුලාව විතරක් නෙවෙයි………ගිය අවුරුද්ද වෙනකම් දනවාදී රටක් වුන ග්‍රීසියට මොකද වුනේ?ඵ්වා කලේත් චාවේස්ද?

        ඈමරිකාව රුසියාවටත් වෙනිසියුලාවට කලදේ කරන්න තමා සම්බාදක දෑම්මේ ගිය අවුරුද්දේ.

        මේවගේ කුමන්ත්‍රන ඈමරිකාවට අලුත් දේවල් නෙවෙයි.1950 දසකයේ ඉරානයේ මොසඩෑක්ව වට්ටපු තෑන ඉදන්ම ඈමරිකාව ගෑහෑව්වේ මේ වගේ ගේම් තමයි.

        ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වුනු ආණ්ඩුවලට ඵරෙහිව හමුදා කුමන්ත්‍රන කරලා බෑරිවුනහාම ඈමරිකාව නින්දිත විදියට සම්බාදක දාලා ආර්තිකය වට්ටලා ආර්තිකය ඉඅව්‍රයි කියලා කෑගහනකොට ඈමරිකාවේ කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන ඵක අරුනි ඈන්ටිට අමතකවෙනවා.

        ඈත්තම කතාව මුලු ලෝකයේම ආර්තිකය වෙලදාම පාලනය කරන්නේ බහුජාතික සමාගම් විසින්.උන් ඔනම රටක ජනතාවාදී පාලනයක් ආපුගනම් සම්බාදක දාල කුමන්තරන කරලා ආර්තිකය වට්ටනවා.මිලපාලනය ඈතිවෙන්නේ ඔන්න ඔතනදි.
        ඵ්හෙම නෑතිව මිල පාලනය කියන්නේ සමාජවාදයේ කොටසක් නෙවෙයි.ඵහෙම හිතන් ඉන්නවානම් අරුනිගෙ නොදන්න කම.

        ඔය මොන සෙල්ලම් දාලත් වෙනිසියුලානු විපක්ශය චන්දෙ දින්නේ අමාරුවෙන්.
        අනික මුලු ලතින් ඈමරිකාවම රතට හෑරිලා ඉවරයි.
        දෑන් ලෝක බලවතා සමාජවාදී චීනයයි.
        ඉස්සරහාට ඵන්නේ ආසියානු සියවස.
        ඈමරිකන් ජනතාව වෑඩ්වෑඩියෙන් ජනතාවාදී වෙනවා.ඔවුන් වේගයෙන් තත්වයන් අවබෝදකරගනිමින් ඉන්නවා.ඈමරිකාවේ බහුතරය ලිබර්ටේරියන් පිස්සො නෙවෙයි.
        අනාගතය සුබවෙයි.

        ඈහෑට පේන සත්‍ය වහන්න බෑ අරුනී.ඈමරිකාවේ යුද ආර්තික පිලිවෙත කොච්චර කෑතද නින්දිතද කියලා අපිට උදේ හවා පේනවා…………අපි අත්දකිනවා.ඈමරිකන් හෙලුව වහන්න ලිබර්ටේරියන් සීතාම්බර පට සලුවෙන් නම් බෑරි වෙයි අරුනි ඈන්ටි.

        • arunishapiro said, on පෙබරවාරි 15, 2016 at 9:24 පෙ.ව.

          LKM,

          ඇමෙරිකාවේ ආර්ථික සම්බාධක, වෙළඳ ගිවිසුම්, යුද ආර්ථික පිළිවෙත් යනාදියට ඉඩකඩ ලැබෙන්නේ සමාජවාදයෙන් පිරිච්ච අයගෙන්. අනුන්ගේ ශ්‍රමයේ ඵලදාව බදු හැටියට උදුරා ගන්න ක්‍රමය අනුන්ගේ කැමැත්ත කුමක්දැයි තමන් දන්නවා යැයි කියමින් අනුන්ට සැලසුම් ගහන රුචි වූ සමාජවාදයෙන්. සත්‍යය සමහර විට ඇහැට පෙන්නෙ නැතිව ඇති ටිකක් කල්පනා කරල බලන්න වේවි! අපි නම් මාක්ස්වාදය විවේචනය කරන්නෙ ඒක හදාරල. ලිබටේරියන් කුමක්දැයි කියාවත් නොදැන ඒ ගැන කතා කරන්න යන උත්සාහය නිෂ්ඵලයි.

          • LKM said, on පෙබරවාරි 23, 2016 at 2:44 පෙ.ව.

            දෑන් ඈමරිකාව පාලනය කරන්නේ සමාජවාදියොද?
            ඔබාමා හිලරි ක්ලින්ටන් ඵහෙම මාක්ස්වාදියො වෙන්න ඈති නේද?

            කබරගොයා ටූ තලගොයා නි‍යාය.

            අපි ඈමරිකාව රෙද්ද කඩනකොට මෙයාලට ඈමරිකාවත් සමාජවාදී රටක් වෙනවා……………අනේ පවු ඵක කියන්නේ පට්ට විප්ලවවාදී, රතු හමුදාව වගේ ඵකක් වෙන්න ඈති නේද???????

            අනේ ඉතින් සමාජවාදී රාජ්‍යක තියන මූලික ලක්ශන ඵකක් වත් ඔය තක්කඩි රට ඈතුලේ තියනවාද?තමුන්ගේ ගෑලවීම සදහා සමාජවාදයෙන් නයට ගත් සුබසාදනවාදී කර්මය හෑර……………….

            පිස්සුද මන්ද?කියන්න දෙයක් නෑත්නම් නිකන් ඉන්න ඔහොම මෝඩ කතා කියනකොට අපිටත් ඵක්ක ලෑජ්ජයි.

  3. krishramanayaka71 said, on පෙබරවාරි 15, 2016 at 5:52 පෙ.ව.

    දුප්පත් මිනිස්සු වැඩියෙන් ඉන්න රටවල නායකයන් දුප්පත් නැ වගේම ඔවුන් ඉන්නේ පොහොසත් වර්ඩ් රෑන්ක් එකෙත් ඉහල.. රටේ මිනිස්සු දුප්පත් වෙන්නෙ ඇමරිකාව හින්ද කියන එක ජනප්‍රිය උනාට ඇයි ඒ රටේ මිනිස්සු දුප්පත් උනාට රජය සහ නායකයන් පොහොසත් කියන එක හොයන අදහස් ජනප්‍රිය නෑ.පොදු ශ්‍රමය .වගේ ඒව හිට් වෙන්නයි වෙලදපොල නිදහස අරුචි වෙන්නයි හේතුව ඕකයි

    • arunishapiro said, on පෙබරවාරි 15, 2016 at 9:38 පෙ.ව.

      krishramanayaka71,

      දුප්පත් රටවල විතරක් නෙමෙයි ඇමෙරිකාව සහ යුරෝපය ඇතුළු බොහෝ රටවල එහෙමයි. රට පාලනයේ සිටින නායකයන් නැත්නම් දේශපාලන පංතිය පොහොසත් වෙලා තියෙන්නෙ සමාජවාදය නිසයි. ඒ අය බෙදන බලය ව්‍යවසායකයන්ට නොදී දේශපාලන පංතියට දීලා ඊට පස්සෙ නැති වෙළඳපොල නිදහසකට බැන බැන ඉන්නව.

      ආර්ථික මාර්ගය සහ දේශපාලන මාර්ගය

  4. krishramanayaka71 said, on පෙබරවාරි 15, 2016 at 9:49 ප.ව.

    LKM ලිබටේරියන් කියන්නෙ මොකක්දැයි කෙටියෙන් පහදන්න පුලුවන් නම් අගෙයි…ඊට පස්සෙ අනික්ව කතා කරමු

    • LKM said, on පෙබරවාරි 23, 2016 at 2:48 පෙ.ව.

      ලිබර්ටේරියන්………

      ඈයි ඈමරිකාවේ තුන්වන පන්තියේ පුරවෑසියන් විතරක් දන්න දෙයක් කියා හිතුවාද?

      මා දකින ලිබර්ටේරියන්…………..

      සල්ලිකාරයන් බහුතර දුප්ප්තුන් සූරාකන විට, සල්ලිකාරයන්ගේ ඉතුරු බිතුරු වලින් සප්පායම් වී ඵ්ම සූරාකෑමේ සුන්දරත්වය පිලිබද කවිපද ගායනාකිරීම හා සමාජවාදය පිලිබද බිල්ලන් මෑවීමය.

      මා නියතව කියන දෙයනම් ලිබර්ටේරියන් කියා දෙයක් ලොව නෑති බවය…………..ඔබලා කරනේ සල්ලිකාරයන්ගේ දන්කුඩ කා සූරාකෑම සාදාරණය කිරීමය.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: