අරුණි ශපීරෝ‍ වෙතින්

බ්‍රසීල ජනතාව පාරට බසිති

Posted in Uncategorized by arunishapiro on මාර්තු 24, 2016

Brazil_protest_2016_March

බ්‍රසීල ඉතිහාසයේ දැවැන්තම වංචා දූෂණ නඩුව ආරම්භ වූයේ දැනට වසර දෙකකට පෙරයි. රටේ ජනාධිපති ඩිල්මා රූසෙෆ් ද එහි පැටලැවී සිටී. මිලියන ගණනින් බ්‍රසීල වැසියන් මහ පාරට බැස ජනාධිපතිනිය ඩිල්මා රූසෙෆ් ද්‍යෝෂාභියෝගයට ලක්විය යුතු යැයි දක්වන උද්ඝෝෂණ මේ දිනවල බ්‍රසීලය පුරා පැතිර යමින් පවතී.

කම්කරු පක්ෂයේ දේශපාලනඥයන් විසින් 2003 සිට 2010 දක්වා ප්‍රටොබ්‍රාස් නම් ජාතික ඉන්ධන කොම්පැණියෙන් අල්ලස් ගැනීමේ චෝදනා ගැන පර්යේෂණ වසර දෙකකට පමණ පෙර ඇරඹිණ. සැක කටයුතු කොන්ත්‍රාත්තු සඳහා වැය වී ඇති ඩොලර් බිලියන 22 ක ජාතික මුදල් ගැන චෝදනා සමූහයක් රටේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයන් සහ දේශපාලකයන් වෙත එල්ල වූහ. ඒ වංචා සිද්ධ වූ කාලය තුල දී වර්තමාන ජනාධිපතිනිය රූසෙෆ් පෙට්‍රොබ්‍රා හි අධ්‍යක්ෂක මණ්ඩලය නියෝජනය කරන ලද්දාය.

කළු සල්ලි ජාවාරමේ යෙදුනා යැයි පසුගිය දා චෝදනාව එල්ල වූයේ හිටපු කම්කරු පක්ෂ නායකයා වූ ද, හිටපු ජනාධිපති වූ ද, ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා වෙතටයි. චෝදනාවලට හසුවෙන පිරිස වැඩි වෙද්දී දූෂණ මර්ධන වැඩ පිළිවෙතක් ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලදි. එහෙත් ජනාධිපතිනියට සහ වර්තමාන රජයට ජනතාව දක්වන ප්‍රසාදය එන්න එන්නම පහළ බසිමින් පවතියි. රෑසෙෆ්ගේ කම්කරු පක්ෂය සහ රට පාලනයට හවුල් වී සිටින පක්ෂ සියල්ලේම අල්ලස් ගැනීමේ චෝදනාවන්ට හසුවූවන් සිටිති. ලූලාව බේරාගන්නට ඩිල්මා කළේ තම කැබිනෙට් මණ්ඩලයට ඔහුව පත්කර ගැනීමයි. දැන් ඔහුට විරුද්ධව ඇති චෝදනා විමර්ශනය කල හැකිවන්නේ සුපිරි උසාවියට පමණි.

රටක ආර්ථිකය යාන්තමට හෝ යහපත් නම් පාලනයේ සිටින දේශපාලනඥයන් ගැන පැමිණිලි අහන්නට කිසිවෙකුට ඉඩක් නොලැබේ. රටක ආර්ථිකය අවදානම් තත්වයකට එද්දී පමණක් පාලකයන්ගේ දුර්වලතා, දූෂණ සහ වංචා ගැන අහන්නට රටවැසියන්ට අවස්ථාව ලැබේ. උදාර පරමාර්ථ දෙසමින් ආර්ථික අවදානමක් කරා දීර්ඝ කාලයක් තිස්සේ රටක් ඇදගෙන යන්නට පාලකයන්ට හැකියාව තිබීම සමාජවාදයේ විශේෂ ලක්ෂණයයි. එහෙත් රටක බංකොළොත් තත්වය ඉදිරියේ දී ද, සමාජවාදී ක්‍රමයට බැන නොවදින මහජනතාව ඒ ආණ්ඩුවට බැරි වූ දැය කරන්නට වෙනත් ආණ්ඩුවක් පත්කරගත යුතු යැයි ඉල්ලා සිටිති. වැරැද්ද ඇත්තේ ක්‍රමයේ නිසා දැන්වත් ක්‍රමය වෙනස් කරමු යැයි ඉල්ලන්නට බහුතරය නොදනිති.

මේ සම්බන්ධයෙන් යමක් කරන්නට ඉදිරිපත් වී සිටින සුලුතරයක් වර්තමාන බ්‍රසීලයේ සිටිති. සංක්‍රමණික ජපන් සම්භවයෙන් යුතු දෙමව්පියන්ට දාව උපන්, බ්‍රසීල නිදහස් ව්‍යාපාරයේ සම නිර්මාතෘ වූ, ලිබටේරියන් අදහස් අගයන 20 වියැති කිම් කටාගුයිරි ඉන් එක් අයෙකි. ඩිල්මා රූසෙෆ්ව ද්‍යෝෂාභියෝගයට ලක් කිරීම බ්‍රසීල නිදහස් ව්‍යාපාරයේ පළමු අරමුණයි. බදු අඩු කිරීම, රජයේ රෙගුලාසි අඩු කිරීම, සහ ජාතික කොම්පැණි පුද්ගලීකරණය සඳහා ඔවුන් පෙනී සිටිති. ඒ හැරෙන්නට බ්‍රසීලයේ මීසස් ආයතනය ද ජනතාවගේ ආර්ථික දැනුම වර්ධනය සඳහා කැප වී සිටිති. මගේ බ්ලොග් අඩවියේ ඉඳහිට පරිවර්තනය වෙන ආකාරයෙන්, බ්‍රසීල ජනතාව වෙනුවෙන් ආර්ථික අධ්‍යාපන පදනමේ ලිපි පරිවර්තනය කරන පෝටාල් ලිබටේරියනිස්මෝ ද සැබෑ විකල්පය කුමක්දැයි කියා දෙන වැදගත් කාර්යයක් බ්‍රසීලය වෙනුවෙන් ඉටු කරමින් සිටියි.

විකිපීඩියාවෙන් ගෙන සටහනට එකතු කරන පින්තූරයේ දිස් වෙන්නේ මාර්තු 16 වැනිදා ජාතික සභාව ඉදිරියට යමින් ජන උද්ඝෝෂණයේ යෙදෙන ලද බ්‍රසීල ජනතාවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )