අරුණි ශපීරෝ‍ වෙතින්

අතීතය ආවර්ජනා

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 2, 2016

ඒ දවස්වල සුදු අප්පුහාමි ‘බටහිර ජර්මනියේ’ පදිංචි ඇමෙරිකන් පුරවැසියෙක්. මම කැනඩාවේ ඉගෙන ගන්න ලංකාවේ පුරවැසියෙක්. අපි දෙන්න ඇමෙරිකාවේ දී විවාහය නීත්‍යානුකූලව ලියාපදිංචි කරන්නේ 1989 අගෝස්තු මාසේ වුනාට නෑදැයන් සහ යහළු මිත්‍රාදීන් එක්ක එකතුවෙලා උත්සවය තිබ්බෙ අප්‍රේල් 2 වැනිදා. අප්‍රේල් 1 වැනිදා තියන්න ඕන වුනත් අපිව දන්න අය ඒක මෝඩයන්ගෙ දිනේට කරන විහිළුවක් කියල හිතල නොඑන එක ගැන සිතන්න වුණා!!!

අරුණි ශපීරෝ‍ වෙතින්

අතීතය ආවර්ජනා කරමි. පුද්ගලිකය එහෙත් රහසිගත නැත. දන්නෝ දනිති. එහෙයින් පිට දුන්නාට කමක් නැත. ඩුබායි වට්ටක්කා කියන ලුණු ඇඹුල් ටිකක් දාන්න නම් අතපසු නොකරන ලදි. වැප්ට මෙන් කම්මැලිකම නැතුවාට එය ලියූ තරම් රසවත්ව ලියනු නම් බැරිය. එහෙත් කතන්දරකාරයා දැක්වූ බයිලා කියන අයට මාත් අයිති දැයි තීරණය ඔබට බාරයි!!

සුපුරුදු සිසු අරගල නිසා විශ්ව විද්‍යාලය වසා දමා තිබුණ කාලයක, දේශකයෙකු ලෙස විශ්ව විද්‍යාලයෙන් මාසයකට රුපියල් 700 ක් පමණ පඩියක් පංති පවත්වද්දී පමණක් ලැබූ මම, විශ්ව විද්‍යාලයෙන් අහක් වෙලා පුද්ගලික ආයතනයක මාසයකට රුපියල් 1200 ක පඩියකට රැකියාවක් හොයාගත්ත. ඒ දැන හැඳුනුම් කිසිවක් නැතිව පත්තරයක දැන්වීමක් දැකලා සම්මුඛ පරීක්ෂණයට ඇවිදගෙන ගිහින්. මේ ආයතනයේ අයිතිකරුවාට මා නොදත් සැලැස්මක් තිබුණ. ඒ ආයතනය හා සබැඳි පිටරට ආයතනයේ සුද්දව ලංකාවේ නතර කරගන්න. හොඳම ක්‍රමය එයා හිතුවෙ ලංකාවෙන් කෙනෙක් සුද්දට විවාහ කරලා දෙන එක. මගේ අරමුණ ඒ කාලේ වැඩිදුර අධ්‍යාපනයට පිටරට යන්න. කොහේවත් ගිහින් අධ්‍යාපනයක් ලබන්න මුදල් නැහැ. ඉතින් ශිෂ්‍යත්වයක් හොය හොයා ඉන්නවා.

මම ආයතනයේ විධායක කළමනාකරුවා-අයිතිකාරයාගේ සහායකයා…

View original post 1,002 more words

2 Responses

Subscribe to comments with RSS.

  1. krishramanayaka71 said, on අප්‍රේල් 3, 2016 at 10:10 පෙ.ව.

    මම ඔයා එක්ක කොච්චර කතා කලත් ඇත්තටම ඔයාගෙ පුද්ගලකි දේවල් මම දන්නෙ ඉතාම අඩුවෙන් සමහර විට දන්නෙ නැති තරම් . මට ඒක එච්චර අවශ්‍ය නැති නිසා සහ ඔයාගෙ වටිනාකම මට තියෙන්නෙ වෙනත් දේවලින් නිසා. මේ ලඟදි මගෙන් යාලුවෙක් ඇහුව අරුණි ෂපිරෝ කියන්නෙ ඇයි බං ? කියල හුටා දීපන්නො දැන් උත්තර මම කිව්ව තාත්ත නම් සමරසිංහ සර්නේම් එක ෂපිරෝ මම හිතන්නෙ එයාගෙ නමේ කෑල්ලක් වෙන්ටැ බන් .කියල ..අනේ බන් උඹ ලිබටේරියන් ගැන දන්නෙ මොනවද …අඩු ගානෙ අරුණිගෙ නම වත් හරියට දන්නෙ නැතුව….! කියල මූ මට කියපි. ෆොරිනන් කෙනෙක් බැඳල ඉන්නෙ දුවගෙ වාන්සින් ඉවෙන්ට් එකකුත මම බැලුව කියල මම කිව්වම මූ මට අර කතාවම ආයෙ කිව්ව…මම ඇහුව ඈ බන් මම මගුලටද අනුන්ගෙ මගුල් හොයන්නේ මට අරුණිගෙ අදහස් මතවාද තමයි වැදගත් කියල අන්තිමට කිව්ව එයාගෙ පුද්ගලික ජීවිතය එයාට අවශ්‍ය වෙලාවක එයා කියුවොත් මම ඒක දැනගන්නම්. කියල ..ඇත්තටම මේකෙ මුල් සබැඳිය මම ඉස්සර කියෙව්ව උනාට ඒක ඔලුවෙ තියාගත්තෙ නෑ ආයෙ කියෙව්වෙ දැන්….!! අපේ මිනිස්සු අනවශ්‍ය දේවල් පැත්තක තියෙද්දි බොහෝ අනවශ්‍ය දේවල් හොයන්න දක්ෂයි අරුණි අක්කා ඔයාට ජය !! ඔයාගෙ සුදු අප්පුහාමිටත් ඔයාගෙ සුදු/කලු ලස්සන දක්ෂ දුවටටත් ( කලු කිව්වට එයා සුදුම සුදුයි ) මගේ ආදර සුබ පැතුම් !!

    • arunishapiro said, on අප්‍රේල් 4, 2016 at 6:47 පෙ.ව.

      krishramanayaka71,

      ස්තූතියි. වාසගම, හමේ පාට වැනි බාහිර දේවල් වැදගත් ගෝත්‍රික මානසිකත්වයට මිසක් ලිබටේරියන් අදහස්වලට නෙමෙයි. කෙනෙකුට වැදගත් අදහස් ආකල්ප මොනවාදැයි වටහාගන්න උත්සාහයක් ගන්න අය ලෝකෙ අඩුයි. සමහර අය තමන්ගෙ අදහස් ආකල්ප මොනවාදැයි කියල තමන්වත් හරියට නොදන්න අය. එහෙම ලෝකයක තමන් කැමති අදහස්වලට ඇත්තෙන්ම කැමති, ඒ අදහස් මොනවාදැයි හරියටම හඳුනාගත් තවත් අය ඉන්නවා කියල දකිද්දී ඇතිවෙන්නෙ සැබෑ සතුටක්! හිතුවාට වඩා විශාල පිරිසක් ලෝකය පුරා මේ අය අතර ඉන්නවා. අපි තනි නැහැ🙂


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: