අරුණි ශපීරෝ‍ වෙතින්

“කළු ජීවිත වැදගත්” ව්‍යාපාරය

Posted in Uncategorized by arunishapiro on මැයි 19, 2016

මෙවසරේ පෙබරවාරි අග දී ෆේස්බුක් මූලස්ථානයේ දැන්වීම් බිත්තියක ලියැවුණු “කළු ජීවිත වැදගත්” යන කියමන කපා හැර “සියළු ජීවිත වැදගත්” යැයි ලියන ලද්දේ එහි සේවයේ යෙදුණු අයයි. මාර්ක් සකර්බර්ග් විසින් ඔවුනට එසේ නොකරන්න යැයි නිවේදනයක් නිකුත් කිරීම නිසා කතාව මූලස්ථානයෙන් එළියට පනින ලදි.

කළු ජීවිත වැදගත් යන්න මුලින්ම ආරම්භ කරන ලද්දේ කළු දිවියන් කියාගත් කල්ලියක් වෙතින්. මෑතක දී යළිත් එළිබහින මෙය ඒ කළු දිවියන්ගේ පොයින්ට් 10 ක වැඩ සටහන අකුරටම කොපි කරන ලද්දකි. සියල්ල එළියට එන අන්තර්ජාල යුගයේ එය හෙළිදරව් වීමත් සමඟින් ඔවුන් සිය පිටුවෙන් මේ අකුරටම කොපි කරන ලද්ද ඉවත් කරගෙන ඇත.

අදහස් ප්‍රකාශයට ඇති අයිතිය නිසාම මහත් ආදායම් උපයන ෆේස්බුක් ඇයි සිය සේවකයන්ගේ අදහස් ප්‍රකාශයට ඇති නිදහස කප්පාදුවට ගියේ? සියළු ජීවිත වැදගත් කියනවාට වඩා කළු ජීවිත වැදගත් යන කියමනට මාර්ක් සකර්බර්ග් ප්‍රිය කරන්නේ ඇයි?

මිසූරි ප්‍රාන්තයේ ෆර්ගර්සන් නගරයේ මයිකල් බ්‍රවුන්ට පොලීසිය විසින් වෙඩි තැබීමත් සමඟ (2014 අගෝස්තු) මේ ව්‍යාපාරය පණගැන්විණ. අද ඇමෙරිකාවේ ජීවත්වන කළු තරුණයන්ගේ ජීවිතවලට දැඩි ලෙසින්ම අනතුරුදායක තර්ජනය එන්නේ ජාතිවාදී පොලීසියෙන් යන්න ඔවුන්ගේ දැක්ම වේ. මේ දැක්ම නිසා උද්ඝෝෂණ, මැරුණු ලෙසකින් වැතිරගත් සත්‍යග්‍රහ (die-in), පොලිස් නිලධාරීන්ව ඝාතනය කිරීම සහ ඝාතනයට තැත් කිරීම, පොලීසිය විසින් කරන ලද අපරාධයක දී මහා ජූරිය අහෝසි කිරීමේ යෝජනා සහ ප්‍රතිපත්ති සැකසීම සඳහා විශේෂ ජනාධිපති කමිටුවක් පිහිටුවීම වැනි දේ ඇරඹිණ.

යටත් වෙන්නට හදද්දී මයිකල් බ්‍රවුන්ට වෙඩි තැබුවා යන්න බොරුවක් යැයි ඇමෙරිකන් අධිකරණ දෙපාර්තමේන්තුව පැහැදිලිවම පෙන්වා දී ඇතත් මේ අයට බ්‍රවුන් යනු තවමත් මෘතවීරයෙකි. තතු සොයා බලනවා වෙනුවට සකර්බර්ග් වැනි රැල්ල යන අතට පිහිනන අය වැඩි නිසා, අද පොලිස් නිලධාරීන් කළු ජීවිත ආරක්ෂාව වෙනුවට එම කර්තව්‍යයෙන් පසුබසිති. එහෙයින් කළු ජීවිතවලට අවශ්‍යම වූ රැකවරණය අද ඔවුනට නොලැබී යයි.

සියල්ලන්ටම ආචාරශීලී සහ ගෞරවයෙන් සලකන්නට වගකීමක් පොලීසියට ඇත. එසේම ඔවුන් නීතියේ සීමාවන් තුල සිය බලය පාවිච්චි කළ යුතුයි. අපරාධකරුවන් හා වරදකරුවන් හා දිනපතා ගැටෙන පොලීසිය මේ වගකීම් පැහැර හරින අවස්ථා ඇති බව සත්‍යයකි. ඒ නිසාම වරදක් නොකළ විට දී අත්අඩංගුවට ගැනීම හෝ සුළු මාර්ග නීතියක් කැඩීමේ දී දඩ කොළයක් ලිවීම වැනි අවස්ථාවක දී, පුද්ගලයෙක් කෝපාවිෂ්ට වීම ද, ලැජ්ජා වීම ද, නැත්නම් භීතියට පත්වීම ද සත්‍යයකි. අවි නොගත් පුරවැසියෙකුට පොලීසිය විසින් කරන අසාධාරණ වූ සෑම වෙඩි තැබීමක්ම නීතිය රකින ක්‍රමය ගැන අපගේ විශ්වාසය දෙදරවන්නට සමත් වෙන්නක් බව ද සත්‍යයකි.

ඇමෙරිකන් ඉතිහාසයේ ජාතිවාදී අරගල සහ ඒවායේ දී දකින්නට ලැබුණු පොලීසියේ භූමිකාව නිසා පොලිස් වෙඩි තැබීම් සහ විශේෂයෙන්ම කළු පිරිමියෙකුට පොලීසිය වෙඩි තැබීම යනු සිත් දොම්නස් කරවන්නකි. එහෙත් ඵලදායී ලෙසින් වැඩ කරන ක්‍රමයක් වූ මහා ජූරි අහෝසි කිරීම නොව අපි කළ යුත්තේ රටේ ව්‍යවස්ථාව ගැන, ආචාරශීලීත්වය ගැන පොලීසියට වැඩියෙන් ඉගැන්වීම හා පුහුණුව ලබාදීමයි. නමුත් පොලිස් මෙහෙය ගැන කතා කිරීම, අපරාධ හා ජාතිය ගැන කතා කිරීමට ඉඩක් ප්‍රධාන මාධ්‍ය වෙතින් පාදා ගත නොහැකියි. ඒ ගැන ෆේස්බුක් වැනි මාධ්‍යයක් ද බියවෙයි.

සුදු අය විසින් කළු අයට කරන අපරාධ ගැන කතා කරන බොහොමයක් දෙනා, කළු අය විසින් කළු අයට කරන අපරාධ ගැන නිහඬ වෙති. නමුත් පොලිසියේ මෙහෙය ගැන අවබෝධයට නම් කළු අය කළු අයව මරාගන්නවා යන්න අද සිද්ධ වන්නේ යැයි පිළිගත යුතුයි.

සෑම වසරක දී ම ඇමෙරිකාවේ කළු අය හයදාහක් පමණ ඝාතනය වෙති. මෙය ඝාතනයට ලක්වෙන සුදු හා හිස්පැනික් එකතුවෙන් හැදෙන සංඛ්‍යාවට වැඩියි. රටේ ජනගහණයේ ඉන්නේ කළු අය 13% ක් පමණකි. එහෙත් සුදු හා හිස්පැනික් අයට වඩා හය ගුණයකින් කළු අය ඝාතනයට ලක්වෙති. ලොස් ඇන්ජලීස් නගරයේ පමණක් වයස 20-24 කළු තරුණයන් ජාතික මධ්‍යන්‍යයට වඩා විසි තිස් ගුණයකින් මරණයට පත්වෙති.

කවුද ඒ අයව මරන්නේ?

පොලීසිය නොවේ. සුදු පුරවැසියන් ද නොවේ. අනිත් කළු අයයි.

මේ ඝාතනය නිසා මරුමුවට පත්වෙන කළු ජීවිත සංඛ්‍යාව කළු අපරාධ මට්ටම් වලින් පැහැදිලිව දැකිය හැකි වූවකි. සුදු හා හිස්පැනික් එකතුවට වඩා දහ ගුණයකින් වයස 14-17 අතර කළු තරුණයන් මිනිස් ඝාතනයේ යෙදෙති. සෑම වයසකම ඉන්නා කළු අය සුදු සහ හිස්පැනික් එකතුවට වඩා අට ගුණයකින් මිනිස් ඝාතනයේ යෙදෙති. සුදු අය පමණක් සැලකුවහොත් ඔවුනට වඩා 11 ගුණයකින් ඝාතනයේ යෙදෙති.

ඇමෙරිකාවේ පොලීසිය එක මධ්‍යම කාර්යාලයක අධීක්ෂණයක් යටතේ පවතින්නක් නොව ඒ ඒ ප්‍රාන්ත සහ නගර අධීක්ෂණ යටතේ මෙහෙය වෙන්නකි. 2015 වසරේ දී ඇමෙරිකාවේ පොලීසිය විසින් පුරවැසියන් 987 ක් මරා දමා ඇතැයි වොෂිංටන් පෝස්ට් පුවත්පත කියයි. එයින් 493 නැතහොත් 50% ක් සුදු අයයි. එයින් 258 ක් නැතහොත් 26% ක් කළු අයයි. පොලීසිය විසින් මරා දමන ලද ඒ අයගෙන් බහුතරය අවිගත් හෝ යම් විදියකින් පොලිස් නිලධාරීයාගේ ජීවිතයට තර්ජනයක් එල්ල කරන ලදි.

2009 වසරේ ඇමෙරිකාවේ විශාලතම දිස්ත්‍රික්ක 75 ක, හොරකම් නඩුවල 62% ක් කළු අය වූහ. ඝාතන නඩුවල 57% ක් කළු අය වූහ. පහරදීම් නඩුවල 45% ක් කළු අය වූහ. ඒත් ඒ දිස්ත්‍රික්ක ජනගහණයෙන් කළු අය වූයේ 15% ක් පමණි.

Law and Order නමින් දකින්නට ලැබෙන රූපවාහිනි ටෙලිනාට්‍ය තුල කළු අපරාධකරුවන් දකින්නට ලැබීම ඉතා අඩුයි. ඔවුන් වරක් ප්‍රේක්ෂක මතය සොයා බැලීම සඳහා නිව් යෝර්ක් නගරයේ අපරාධකරුවන් නියෝජනය වන ආකාරයෙන් එපිසෝඩ් කිහිපයක් නිකුත් කළහ. ඇත්ත දේවල් බැලීමේ රසය කුමක්දැයි එය එසේ පෙන්වීමට විරුද්ධ වූ පාඨක ප්‍රතිචාරය විය.

නිව් යෝර්ක් නගරයේ ජනගහණයෙන් 23% ක් කළු අය වෙති. එහෙත් ඔවුන් නගරයේ සියළු වෙඩි තැබීම් වලින් 75% ක යෙදෙති. සියළු සොරකම් වලින් 70% ක යෙදති. සියළු දරුණු අපරාධ වලින් 66% ක යෙදති. හිස්පැනික් අය වෙතින් සිද්ධ වෙන වෙඩි තැබීම් ද එකතු කළහොත් එවිට නගරයේ නීති විරෝධී තුවක්කු පත්තුවෙන් 98% ක් සමන්විත වෙයි. සුදු අය නගරයේ ජනගහණයෙන් 33% ක් පමණි. සියළු වෙඩි තැබීම් වලින් ඔවුන් යෙදෙන්නේ 2% කටත් වඩා අඩුවෙනි. සියළු සොරකම් වලින් 4% කි. සියළු දරුණු අපරාධ වලින් 5% කි.

වැඩි කළු ජනගහණයක් සිටින බෲක්ලින්හි බ්‍රවුන්ස්විල් පළාතේ ප්‍රතිශීර්ෂ වෙඩි තැබීම් ළඟ ආසියානු සහ සුදු වැඩියෙන් සිටින බේ රිජ් පළාතට වඩා 81 ගුණයකින් වැඩියි. මේ නිසා පොලීසිය බේ රිජ් වලට වඩා වැඩියෙන් සිටින්නේ බ්‍රවුන්ස්විල් පළාතේය. ඒ ජාතිවාදයක් නිසා නොව මරාගැනීම් අඩුකරන අපේක්ෂාවෙනි. නීතිය රකින පුරවැසියන්ට ආරක්ෂාව සපයන්නටයි.

පසුගිය දශකයේ පොලීසිය අතින් වැඩියෙන්ම ඝාතනයට ලක්වෙන්නේ සුදු සහ හිස්පැනික් මිනීමරුවන්ය. සුදු සහ හිස්පැනික් මිනීමරුවන් 12% ක් පොලීසිය අතින් ඝාතනය වෙද්දී කළු මිනීමරුවන් ඝාතනය වෙන්නේ 4% ක් පමණි. ඒත් මේ ගැන “කළු ජීවිත වැදගත්” යැයි කියාගන්නා ව්‍යාපාර වලින් හෝ ප්‍රසිද්ධ මාධ්‍යයන් වෙතින් අහන්නට ලැබෙන්නේ නැත.

(තවත් කොටසක් ඉක්මණින්.)

The Danger of the “Black Lives Matter” Movement ඇසුරිනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: