අරුණි ශපීරෝ‍ වෙතින්

රටේ සුගතිය පෑදෙන්නේ බද්දක් ගැහීමෙන් ද?

Posted in Uncategorized by arunishapiro on මැයි 31, 2016

IMG_7092

ඉකේයා ගෘහ භාණ්ඩ නිර්මාණයෙන් ලොව විශාල වෙළඳපොලක් අල්ලා ගත් එහි නිර්මාතෘ, 89 වියැති ඉන්ග්වාර් කැම්ප්‍රැඩ් 2015 දී ලෝකයේ අටවැනි ධනවත්ම පුද්ගලයා යැයි හැඳින්වුණි. ඔහුගේ වත්කමේ අගය ඇමෙරිකන් ඩොලර් බිලියන 43.2 ක් පමණ වේ යැයි කියැවේ. ඔහු ස්වීඩනයේ සියළු නීති රෙගුලාසි වලට කැමති වූවත් එහි බදු වලට අකමැති වූ බව පෙන්වන ලිපියක් Forbes පුවත්පතට ලියන්නේ රොබට් ඩබ්ලිව්. වුඩ් විසිනි. මේ සටහන එම ලිපිය ඇසුරිනි.

ස්වීඩනයේ බදු වලට ඔහු කොතරම් අකමැති වූවා ද යත්, වසර 40 ක් පුරා පුද්ගලිකව සහ කොම්පැණියේ ආදායම් වලින් ද, හැකි තරම් අඩුවෙන් බදු ගෙවන්නට සැලසුම් කරන ලද්දෙකි. වසර 40 කින් පසුව තම මාතෘභූමියට එන ඔහු මෙතෙක් නොගෙවන ලද බදු ගෙවා දමන ලදි.

ඉකේයා වෙළඳසැලකට ඔබ ගොඩවී ඇත්නම් එහි විකුණන සෑම නිෂ්පාදනයකම ස්විඩිශ් නමකින් හැඳින්වෙන බව දැකිය හැකියි. එසේම අපේ පැත්තේ ඇති කරන කුකුල් මස් ද මිල දී ගෙන අහල පහල නගරවල ඇති ඔවුන්ගේ වෙළඳසැල් හි ආපනශාලාවල විකුණන්නේ ස්වීඩිශ් රෙසිපි අනුව පිළියෙල කරන ලද කෑමයි.

ස්විඩිශ් වූ සෑම දෙයක්ම වෙනුවෙන් පෙනී සිටින මේ ධනකුවේරයා තමන් උපන් භූමිය හැර දමා ගියේ වසර 40 කට පෙර. 2014 දී යළිත් ස්වීඩනය වාසස්ථානය කරගන්නා වූ ඔහු තමන් උපන් බිමේ ස්විඩිශ් ක්‍රෝන මිලියන 17.7 ක ආදායම් බදු ගෙව්වේය. කොම්පැණියේ ද බදු ගෙවන ලද පසුව සම්පූර්ණයෙන් ස්විඩිශ් ක්‍රෝන මිලියන හයක පමණ බදු ගෙවන ලදි.

1973 දී ඉකේයා අයිතිකරුවා ගත් පියවර ඔහුගේ ව්‍යාපාරය ගෝලීය මට්ටමින් තරඟකරුවෙකු වෙන්නට හැකියාවට පාර හදා දුනි. 2014-2015 ෆිස්කල් වසරේ ඔවුන් ලැබූ ආදායම් යුරෝ බිලියන 31.9 ක් යැයි කියැවේ.

ඉකේයා අයිතිකරුවාට ස්වීඩනයේ ඉහළ බදු මට්ටම් ගෙවන්නට අවශ්‍ය නොවීය. තම ව්‍යාපාරය පුළුල් කරන්නට අදහස් කළ ඔහු ස්විට්ස්සර්ලන්තය වාසස්ථානය කරගති. ස්විට්ස්සර්ලන්තයේ ද ඔහු බදු ගෙවන ලද්දේය. එහෙත් ඒ බදු ස්වීඩනයේ තරම් ඉහළ මට්ටම්වලින් නොවුණි. 1970 ගණන් වල දී ඔහු ස්වීඩනයේ ඉහළ බදු ගැන අප්‍රසාදය ප්‍රසිද්ධියේම කියා තිබුණි.

වයසට යෑමත්, නෑදෑයින් සිටීමත් අමතරව අද ආපසු ස්වීඩනයට ඔහු එන්නට එක හේතුවක් වී ඇත්තේ එහි බදු මට්ටම් පහළ ගිහින් තිබීමත් සහ සමාජ සුබ සාධන දීමනා ප්‍රතිසංස්කරණ වී තිබීමත් ය. 1970 ගණන් වලට වඩා අද ආදායම් බදු අඩුකර ඇත. එසේම ධනවත් අයට ගහන බද්ද අහෝසිකර ඇත.

ඉකේයා ව්‍යාපාරය පාලනය වෙන්නේ වසර 70 කට පෙර එය පටන් ගත් ඔහුගේ පවුලේ අය වෙතිනි. ඉකේයා සමාගම විසින් ද බදු නොගෙවා සිටින්නට නීත්‍යානුකූලව ගත් පියවරයන් ඇත. මහා බ්‍රිතාන්‍යයේ බදු නොගෙවන්නට ඔවුන් සහෝදර සමාගමකට ලාබ යවා ඇති බව එංගලන්තයේ ගාර්ඩියන් පුවත්පත වාර්තා කරන ලදි. ඔවුන්ගේ පවුලට වාසි ලැබෙන ආකාරයෙන් බදු බිල අවම කරන්නට මුල්‍ය වත්කම් එහා මෙහා කළ බව ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව වාර්තා කරන ලදි.

බදු ඉහළ යෑම නිසා නගර, ප්‍රාන්ත, සහ රටවල් ද හැර දමා යන ජනතාව සිටිති. එසේ යන්නේ ඉහළ ආදායම් උපයන්නට දන්නා මිනිසුන් වෙති. 2015 වසරේ දී ඇමෙරිකාවේ පුරවැසිකම නැත්නම් වාසස්ථානය හැර දමා ගිය මිනිස්සු ද බොහෝ වෙති. අනුන්ගේ ආදායමෙන් කොටසක් තමන්ට අයිතියි කියා හිතන අය, මිනිසා වනාහී චෙස් ලෑල්ලක ඉත්තෙක් සේ හසුරුවන්නට බැරි සතෙක් යැයි ඇඩම් ස්මිත් කියූ දේ ගැන කල්පනා කරන්නේ නැත.

Robert W. Wood ලියූ How IKEA Billionaire Legally Avoided Taxes From 1973 Until 2015 ලිපිය මෙතැනින් කියවත හැකියි.

ඉකෙයා වෙළඳසැලට ගිය මගේ සටහන මෙතැනින් කියවත හැකියි.

3 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on මැයි 31, 2016 at 11:38 පෙ.ව.

    පාලකයෝ ඉගෙන ගන්න ඕන නැතිනම් ඉගෙනගත්තු අය පාලකයන් වෙන්න ඕන.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )