අරුණි ශපීරෝ‍ වෙතින්

ග්‍රාන්ඩ් ප්‍රී රේසිං -කැනඩාවේ මොන්ට්‍රෙයාල් සිට

Posted in Uncategorized by arunishapiro on ජූනි 11, 2016

IMG_4258

ලොව වේගවත්ම රෝඩ් රේසිං වාහන තරඟය ලෙස හැඳින්වෙන ෆෝමියුලා වන් ග්‍රාන්ඩ් ප්‍රී තරඟය බලන්න අපි ඇවිත් ඉන්නෙ මොන්ට්‍රෙයාල් නගරයට. නිව්යෝර්ක් ප්‍රාන්තයේ කැට්කිල්ස් කඳු සහ ඇඩිරොන්ඩැක් කඳු පහුකර හැතැප්ම 600 කට වඩා දුරක් ගෙවා මෙහෙට එන්න අපිට ගියා පැය 12 කට වඩා කාලයක්!

පැය දෙකකින් විතර අවසන් කරන, ග්‍රාන්ඩ් ප්‍රී තරඟයක් ලෙසින් රේස් එකක් හැඳින්වෙන්නේ අවම වශයෙන් සැතපුම් 190 ක් (කිලෝමීටර් 300 ක්) පමණ වත් රේසිං ධාවනය තරඟයට අයිති වෙනවා නම්. හැබැයි සෑම සාමාන්‍යයකම ව්‍යතිරේකයක් ඇත්තා සේ මෙහි ද ඊට වඩා අඩුවෙන් දුරක් දිවෙන තරඟයක් පවතිනව. ඒ මොනාකෝ ග්‍රාන්ඩ් ප්‍රී තරඟය.

1967 සිට තරඟාවලියට එක් වූ කැනේඩියන් ග්‍රාන්ඩ් ප්‍රී 1978 සිට පැවැත්වෙන්නේ මොන්ට්‍රෙයාල් නගරයේ. තරඟ දිනයට කළින් සති කිහිපයක් තුල නගර නිලධාරීන් හැකි තරමින් රේස් පිටිය අවටින් groundhog සතුන් අල්ලාගෙන වෙන පැත්තකට ගෙන යන බව අහන්නට ලැබුණ. ඒ මිලියන ගණනක වටිනාකමින් යුතු රේස් වාහනයක මේ ලොකු ලේනෙක් වැනි සතෙක් හැප්පුනොත් තරඟයෙන් ඉවත් වෙන්නට තරම් සිද්ධ වෙන හානිය ඔවුන් අත්දැක ඇති නිසාලු.

ඩොලර් මිලියනයකට වඩා වටින රේස් කාර් එක තරඟ පිටියට එන්නෙ කෑලි කෑලි හැටියට. මේ තරඟයට ගැලපෙන විදියටයි වාහනය සවි කරන්නෙ. ඊට පස්සෙ තරඟ නිලධාරීන්ගේ අධීක්ෂණය සිද්ධ වෙනව. පළමු පුහුණුවේ දී කාර් එකේ කොටස් ඔක්කොම හරියට වැඩ කරනවා ද බලන්න රේස් රියැදුරන් පිට් එකෙන් එළියට අරගන්නේම රේස් දුවන වේගයෙන්මයි. කණ්ඩායම තමන්ගේ වගකීම් හරියට ඉටු කරාවි කියන විශ්වාසයට තමන්ගේ ජීවිතය බාර දෙන්න බයක් ඇත්නම් රේස් රියැදුරෙක් වෙන්න බැහැ.

අපි නැවතිලා ඉන්න හෝටලේ තමයි රෙඩ්බුල් කණ්ඩායම නැවතිලා ඉන්නෙ. රේස් රියැදුරන් නෙමෙයි. මෙකැනික්ස්ලා සහ ඉංජිනේරුවෝ යනාදීන්. ඔවුන් හා කතා කරන්න ලැබුණම අපේ ටීම් එක වෙන එකක් වුනත් එයාලටත් සුබ පතන්න අමතක කළේ නැහැ.

රූපවාහිනියෙන් රේස් දැකලා තිබුණට, වේගය ගැන කොතරම් අහලා කියවල තිබුණට ෆෝමියුලා වන් කාර් එකක් යන්නේ කොතරම් වේගයෙන්දැයි සැබැවින්ම සිතට කාවැදෙන්නේ ඇස් දෙකෙන්ම දකින්නට ලැබෙද්දී. ඒ වගේම රූපවාහිනියෙන් තරඟය නරඹද්දී ධාවන පිටියේ ටයර් පිච්චෙන ගඳ දැනෙන්නෙත් නැහැනෙ. පුහුණුවේ දී භාවිතා කරන වාහන කොටස් තමයි රේස් දිනයේ ද භාවිතා කළ යුත්තෙ.

මායිම් පහුකරල ලක්ෂයක ජනතාවක් දැනටමත් කැනඩාවට ග්‍රාන්ඩ් ප්‍රී බලන්න ඇවිත් කියල නිවේදනයක් රේස් පිටියේ දී අහන්න ලැබුණ. අදයි හෙටයි තවත් ඒ හා සමාන සංඛ්‍යාවක් එකතු වේවි. දැනටමත් නගරයේ ලැම්බොගිනි, කෝබ්‍රා, ෆෙරාරි, කෝවෙට් යනාදිය පිරිලා. ඊයේ හවස් කාලය අපි ගෙව්වෙ හෝටලය ඉස්සහර කෙටි තාප්පය උඩ වාඩි වෙලා ඒවා රූම් රූම් ගාමින් යන හැටි බලන්නට.

ෆෝමියුලා රේස් එකට අමතරව පෝර්ෂ, ෆෙරාරි යනාදී තවත් රේස් ගොඩක් තියෙනව දවස පුරාම. සමහර අය නම් උදේ යන්නෙ මුළු දවස පුරාම ඒ ඔක්කොම බලන්න ලැහැස්ති වෙලා. සමහර රේස් කාර් ලෝලීන්ට ආසනය ළඟටම බියර් ගෙනැත් දෙනකොට ඉතින් ඉඳහිටලා හරි නැඟිටින්න හිතෙන්නෙ වැසිකිලයක් හොයාගන්න විතරයි වෙන්නැති.

අද තියන ෆෝමියුලා වන් බිස්නස් මොඩල් එක බර්නි එකල්ස්ටන් නැමැත්තාගේ. තම මහන්සියෙන් උපයාගන්නා ලද වස්තුවෙන් ධනකුවේරයෙක් වෙන එයා එංගලන්තයේ මාළුකාරයෙක්ගෙ පුතෙක්. රේස් තරඟ වලට දෙවතාවක් ඉදිරිපත් වුනාට qualifying වටයේ දී ම පරාජය වූවෙක්. ව්‍යාපාර දැනුම තිබුණට අගය කරන්න සුදුසු පුද්ගලික චරිතයක් තියන අයෙක් නම් නෙමෙයි.

ෆෝමියුලා තරඟාවලිය ලොව බොහෝ දෙනෙකුට ආදායම් උපයන හැකි අවස්ථාවක් පාදා දෙනව. එකිනෙකාගේ කුසලතාවයන් දක්වමින් කැමැත්තෙන් ගණුදෙනු කරන මහත් ජනතාවක් පැහැදිලිව දකින්න අවස්ථාවක් මෙහි දී ලැබෙනව.

සිය දක්ෂතාවයෙන්ම දිනාගන්නා ලද වස්තුවට හිමිකම් කියන්නෙක් තමයි අද ලෝකෙ ඉදිරියෙන්ම ඉන්න රේස් රියැදුරා. ඒ ලුවිස් හැමිල්ටන්. බ්‍රිතාන්‍ය ජාතිකයෙක් නිසා එයා තරඟයක් ජයගෙන පෝඩියම් එකට නඟිද්දී වාදනය වෙන්නෙ බ්‍රිතාන්‍යයේ ජාතික ගීය. ඒත් එයා ඇතුළු රේස් රියැදුරන් බොහෝ දෙනෙක් පදිංචි වෙලා ඉන්නෙ නම් ආදායම් බදු ගහන්නෙ නැති මොනාකෝ රටේ. ආදායම් බදු වලට යුරෝපීය මිනිස්සු කැමතියි කියල සමහරු හිතන නිසයි ඒක ලිව්වෙ!

Tagged with:

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: