අරුණි ශපීරෝ‍ වෙතින්

සමාජවාදීන් සෑම නිදහසකටම බිය වෙති

Posted in Uncategorized by arunishapiro on ජූනි 30, 2016

Bastiat

1801 දී අද වැනි දිනයක උපත ලැබූ බැස්ටියාට්ගේ අනගි කෘතිය “නීතිය” සම්පූර්ණයෙන් කියවන්නට දකුණත ඇති සබැඳියෙන් හැකියි.

“ඉතින්, මොන නිදහස ද ව්‍යවස්ථාදායකයා විසින් ජනතාවට තියාගන්නට ඉඩක් දෙන්නේ?

හෘදය සාක්ෂියට ඇති නිදහස? (ඒත් මේකට නිදහස දුන්නොත් අපිට දකින්න පුළුවන් මිනිස්සු ඔක්කොම ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන අදේවවාදීන් වෙයි කියල.)

එහෙනම්, අධ්‍යාපනයට නිදහස? (ඒත් එතකොට දෙමව්පියන් ගෙවයි ආචාර්යවරුන්ට තම දරුවන්ට දුසිරිත සහ බොරු උගන්වන්නට; අනික, … ජාතික නිදහස් අධ්‍යාපනයට ඉඩ දුන්නොත් එය තව දුරටත් ජාතික නොවේවි. අපි අපේ දරුවන්ට එතකොට තුර්කි සහ හින්දු අයගේ අදහස් කියා දේවි. මොකද දැන් අධ්‍යාපනයට තියෙන නීතිමය පරම සර්වබලධාරීත්වයට ස්තූති වෙන්නට අපිට හොඳ වාසනාව උදාවෙලා තියනවා දරුවන්ට රෝමානුවන්ගේ උතුම් අදහස් කියා දෙන්නට.)

එහෙනම්, ශ්‍රමයට නිදහස? (ඒත් ඒකෙන් ඇතිවෙන්නෙ තරඟයයි. එයින් යන්නෙ පරිභෝජනය නොකරන ලද නිෂ්පාදනයට. බංකොළොත් ව්‍යාපාරිකයන්, වඳ වී යන ජනතාව.)

සමහර විට, වෙළඳාමට නිදහස? (ඒත් හැමෝම දන්නවා වෙළඳාමට නිදහසක් දුන්නොත් එහි නියැළෙන හැම අයෙක්ම බංකොළොත් වෙනවා කියල. මේක ආරක්ෂිත තීරු බදු වෙනුවෙන් පෙනී සිටින අය නැවත නැවතත් කොතරම් වතාවක් ඔප්පු කරලා තියෙනවා ද? ඉතින් වෙළඳාමට ඇති නිදහස යටපත් කරන්න අවශ්‍යයයි සෞභාග්‍යය උදා කරගන්නට නම්.

සබඳතාවයන් පවත්වන්නට නිදහස ලබාගන්නට හැකි ද එහෙනම්? (ඒත් සමාජවාදී දහමට අනුව, සත්‍ය නිදහස සහ ස්වේච්ඡාවෙන් පවත්වන සබඳතාවයන් එකිනෙකට පරස්පර විරෝධී වූවන්. ඉතින් සමාජවාදීන්ගේ අරමුණ තමයි සබඳතාවයන්ට ඇති නිදහස යටපත් කරලා බලහත්කාරයෙන් ජනතාවට සබඳතාවයන් පවත්වන්න අණ දීලා සත්‍ය නිදහස ගෙන ඒම.)

පැහැදිලිව එහෙනම්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ට හෘදය සාක්ෂියට එකඟ වෙලා ජනතාවට කිසිම නිදහසක් දෙන්න බැහැනෙ. මොකද එයාල විශ්වාස කරන්නෙ මිනිස් සංහතියේ ස්වභාවය කියන්නෙ හැම විටෙකම අගතිය සහ විනාශය කරා යන්නා වූ හැදියවක් කියලනෙ. ඉතින් අනිවාර්යෙන්ම නීති සම්පාදකයන් ජනතාව වෙනුවෙන් සැලසුම් හදන්න අවශ්‍යයයි, ඔවුන්ව ඔවුන් වෙතින්ම බේරාගන්නට.

මේ ආකාරයෙන් කරන විචාරය අපිව ගෙන එන්නේ මේ අභියෝගාත්මක ප්‍රශ්නයටයි: ඉතින් ජනතාව කර කියා ගන්නට අපොහොසත් වූ අය නම්, ඔවුන් දුසිරිත් වලින් යුතු අය නම්, දේශපාලනඥයන් පෙන්වන තරමට නූගත් වූවන් නම්, එහෙනම් ඇයි මේ අයගේ චන්ද අයිතිය ඔය තරම් දැඩි සේ තහවුරු කරමින් ආරක්ෂා කර දෙන්නේ?”

2 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on ජූලි 1, 2016 at 3:11 ප.ව.

    මේ ලිපිය මග හැරී තිබුණා. ඔබ අවසන් වරට නගන ප්‍රශ්නය නෑසු කන් ඇතිව, නොදුටු ඇස් ඇතිව පමණක් නොව එවැනි ගැටළුවක් ගැන කල්පනාවක් නැතිව සිටින පණ්ඩිතයන් සිටිනවා නේද


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: