අරුණි ශපීරෝ‍ වෙතින්

ගෙදර සිනමාවෙන් ‘ඇගේ ඇස අග’ නැරඹුවෙමි

Posted in Uncategorized by arunishapiro on ජූලි 1, 2016

IMG_4328

ගිම්හානය යනු විනෝදාස්වාදය සඳහා ඇති තෝරාගැනීම් පිළිබඳ ආවස්ථික පිරිවැය නැත්නම් විකල්ප වියදම ගැන මනා ලෙස පහදා දෙන කාලයකි. මුහුදු වෙරළේ ගෙවන්නට හැකි කාලය සිනමා ශාලාවක් තුල ගෙවීම කෙසේ තෝරාගන්නේ ද? ඉතින් ගිම්හානයේ දී එළිබහින සිනමා කෘති තරඟ කරන්නේ අනෙක් සිනමා කෘති සමඟ පමණක් නොවේ.

අශෝක හඳගමගේ “ඇගේ ඇස අග” අන්තර්ජාලයෙන් කුලියට ගෙන මගේ ගෙදර බිත්තියක් “රිදී තීරයක්” බවට හරවා ගන්නට මට අවස්ථාව සකස් කර දෙන්නේ ගෝලීය වෙළඳපොල තුලින් පුද්ගලික ව්‍යවසායකයන් විසිනි.

ඇමෙරිකන් වෙළඳපොලේ ‘බ්ලොක්බස්ටර්’ නමින් කුලියට සිනමාව ගෙදරට ගෙන එන හැකි ව්‍යාපාරය ඇරඹුනේ 1985 දී ය. හතු පිපෙන්නා සේ එය රට වටා පැතිර ගියේ 2004 දී ය. කඩ නම දාහක් සහ සේවකයන් හැටදාහක් පමණ එයට එවක ඇමෙරිකාවේ තිබිණ. තව වසර හයක් යද්දී බ්ලොක්බස්ටර් බංකොළොත් වූහ.

ඕනෑම අයෙකුට ව්‍යවසායකත්වය පුහුණු කරන්නට හැකි යැයි සිතන අය සහ ඕනෑම ව්‍යාපාරයක සාර්ථකත්වයට කේක් හදනවා වැනි රෙසිපියක් ඇතැයි සිතන අය බොහෝ වෙති. නමුත් පාරිභෝගිකයා කෙසේ සිතන්නේ ද, පාරිභෝගිකයා සතු සුවිශේෂී වූ පරිස්ථානිය දැනුම ඔහු භාවිතා කරන්නේ කෙසේදැයි දැනගන්නට කිසිත් හැකියාවක් සියල්ලන්ටම වැඩ සටහන් හදන්නට දන්නවා කියාගත් අයට නොමැති බව අවබෝධයට හැකියාව ඇත්තේ ස්වල්පයකට පමණි. බ්ලොක්බස්ටර් බංකොළොත් වූයේ ඔවුන් දෙවැන්නට අවධානයක් යොමු නොකළ නිසයි.

බ්ලොක්බස්ටර් අසාර්ථක වූයේ ලාබ උපයද්දී දිගටම එසේම කරගෙන යා හැකි යැයි තමන් සිතූ මොඩලය වෙනස් කරන්නට එහි නායකත්වයේ සිටියවුන් අකමැති වූ නිසයි. බ්ලොක්බස්ටර් අසාර්ථකත්වය සමඟින් කුලියට ගෙන සිනමාව නරඹන්නට කැමති ප්‍රේක්ෂකයන් නව මාර්ග හරහා ලොව නන් දෙසින් එන නිර්මාණ රසවිඳින්නට ක්‍රම සහ විධි පාදා ගත්හ.

ගෝලීය වෙළඳපොලේ දී සිනමා කෘතියක් නිකුත් කරන අශෝක හඳගම තරඟ කරන්නේ ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ අලුත් සීසන් එක සමඟ පමණක් නොවේ, ගිම්හානයට පිවිස ඇති අත්ලාන්තික් මුහුදු වෙරළත් සමඟයි.

ධනවාදය ලොව කොතරම් දුරකට කප්පාදු වී ඇතත්, ඒ නිසාම ජීවිතය රැකගන්නට උදේ හවා වෙහෙසෙනවා වෙනුවට ඉන්දියන් සාගරයේ මුහුදු වෙරළක පහස ලබන්නට මහාචාර්යවරයාටත් කැම්පස් කෙල්ලකටත් ඉඩ ලැබුනේ යැයි අවබෝධයට හැකි සුළු පිරිසක් හෝ ඇතැයි යන්න මතක් වී ‘ඇගේ ඇස අග’ බලද්දී හිතට සතුටක් දැනුණි.

ලංකාවේ නිර්මාණය වෙන සිනමා කෘති ලොව ඕනෑම තැනක සිට කුලියට ගෙන නරඹන්නට අවස්ථාව තව වැඩියෙන් පෑදේවා යැයි මගේ පැතුමයි!!!

3 Responses

Subscribe to comments with RSS.

  1. krishramanayaka said, on ජූලි 2, 2016 at 2:33 පෙ.ව.

    අරණිගේ සටහන් දියමන්ති සේ නොව ඊටත් වඩා බෙහෙවින් අගනේ යැයි සිතන නමුදු මගෙ නම් ලංකාවේ අකමැතිම සිනමා කරුවෙක් තමා හඳගම …!! කෙසේ නමුත් සටහනේ පාඩම එහි සඳහන් නමින් බැහැර කර උකහා ගත්තෙමි.

    • arunishapiro said, on ජූලි 2, 2016 at 11:33 පෙ.ව.

      krishramanayaka,

      මම මෙසේ වෙළඳපොලෙන් හඳයාගේ සිනමාව කැමැත්තෙන් කුලියට මිල දී ගත්ත. නිදහස් වෙළඳපොල වෙනුවෙන් පෙනී සිටිනවා නම්, කැමති සහ අකමැති දේවල් ඔක්කොම අතරින් ඒ ඒ අයට තම තමන් කැමති දේවල් පමණක් තෝරාගැනීමේ නිදහස සඳහා ද පෙනී සිටිය යුතුයි. මිල දී ගත යුත්තේ හඳයාගේ නිර්මාණ පමණක් යැයි කියා කාටවත් බලහත්කාරකමක් නැහැ. ඒ වගේම හඳයාගේ නිර්මාණය මගෙන් හෝ ඔයාගෙන් උදුරාගත්තු බදු මුදල් වලින් හැදුනේ ද නැහැ. අකමැති අය නොගෙන ඉන්නවා. කැමති අය ගන්නව. නිදහසේ ආශ්චර්යය එයයි.

      ක්‍රිෂ්ණයි මායි ලිබටේරියන් නිසා, නිදහස් වෙළඳපොල අගයන නිසා කියල අපේ කලා, සාහිත්‍ය, සහ කෑම බීම රසාස්වාදයන් වුණත් එකම වෙන්නේ නැහැනේ. මිනිස් සත්වයාගේ අපූර්වත්ය එයයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: