අරුණි ශපීරෝ‍ වෙතින්

පෝකමාන් ගෝ

Posted in Uncategorized by arunishapiro on ජූලි 11, 2016

13652782_10154353588926663_1974145253_n

පහුගිය බදාදා එලියට ආපු අලුත්ම සෙල්ලම. මිලියන ගණනක් ජනතාව ගෙවල් වලින් එළියට අරගෙන ඇවිද්දවන්න, තවත් අය හා කතාබහ කරවන්න සමත් වෙච්ච ඇප් එක.

iOS සහ ඇන්ඩ්‍රොයිඩ් උපකරණ වලින් සෙල්ලම් කරත හැකි, නොමිලේ බාගන්න පුලුවන් පෝකමාන් ගෝ දැනට ගූගල් මැප් ඇති රටවල් කිහිපයක දී පමණයි ලබාගන්න හැකියාව ඇත්තෙ. 1990 කාලයේ පුංචි දරුවන් සඳහා ඉදිරිපත් වූ පෝකමාන් Pokéman ගැන දන්නවා නම් සෙල්ලම ලේසියි. මොකද මේ ක්‍රීඩාවේ රීති ගොඩක් හැදිලා තියෙන්නේ ඒ ආශ්‍රයෙන්.

90 ගණන් මුල ඇමෙරිකාවේ පුස්තකාල වල දී පෝකමාන් කාඩ් වලින් සෙල්ලම් කරන්න ළමයි එකතු වුණා. ජපානයෙන් බිහිවෙලා ලෝකයේ පැතිරිලා ගිය මේ විනෝදාංශය පෝකමාන් සත්තු 151 කින් විතර පටන් ගත්තෙ. මේ පෝකමාන් ගෝ ඇප් එකෙත් ඉන්නේ ඒ මුල් සත්තු 151.

ඇප් එක දාගෙන යද්දී ඔව් අපේ ගමන් බිමන් ගැන තොරතුරු සියල්ල ඔවුන් මේ මාර්ගයෙන් එකතු කරගන්නවා. ඒත් ඒ අපි කැමැත්තෙන් දෙන ඒවා මිසක් බලහත්කාරයෙන් අපෙන් ගන්න තොරතුරු නෙමෙයි!!!

අපි ඉන්න පළාත මුහුද ආසන්නව. නගරයේ දී අල්ලා ගන්න හැකි ගලින් හැදුනු නැත්නම් රොබොට් පෝකමාන් වෙනුවට අපේ පැත්තෙ වැඩියෙන් ඉන්නේ කුරුල්ලෝ, හාවෝ, නරියෝ යනාදිය. ජිම්, පුස්තකාල, පල්ලි පැත්තෙන් යද්දී තමයි පොකෝ බෝල කියල උන්ව අල්ල ගන්න ගහන ඒවා ලබාගන්නේ. සෑහෙන්න දරුණුවට සෙල්ලමේ පිස්සුව හැදිච්ච අයට ඒවා මිල දී ගන්න පුලුවන්.

මේ සෙල්ලම් කරන්න පාරට බැහැලා ඇවිදින අය නිතර හමුවෙන්න පටන් ගෙන. මොකද ඇවිදින දුර අනුව පෝකෝ බෝල ගන්නයි සත්තු අල්ලගන්නයි අවස්ථාව ලැබෙන්නෙ. බලාගෙන ගියාම මගේ වාහනේත් පෝකමාන්ල ඉන්නවා!!!

13643821_10154353589051663_2096634272_n

13644107_10154353589081663_2125247010_n

13650624_10154353588971663_1686121568_n

13664463_10154353589061663_744161202_n

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: